මර්වින් තහනම : වතුර බැසයන්නේ පහත් තැනෙනි

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මර්වින් තහනම : වතුර බැසයන්නේ පහත් තැනෙනි

    ඊයේ (10-08-2010) හවස් වෙනවිට තුඩ තුඩ රැව් දුන් හොට්ම හොට් නිවුස් එක වුනේ මර්වින් තහනමයි.

    " මර්වින් නියෝජ්‍ය ඇමතිකමින් ඉවත් කරයි-පක්ශ සාමාජිකත්වයත් අත් හිටුවයි! - ලක්බිම (බදාදා)"

    " නියෝජ්‍ය ඇමතිධූරයෙන් මර්වින් සිල්වා ඉවත්කරයි - ගස් බැඳීමේ සිද්ධිය උඩ ජනපති පියවර ගනී! - ලංකාදීප (බදාදා)"

    අයි.ටී.එන් එකේ බ්‍රේකින් නිවුස් එකක් ලෙස කියන්නටත් කලියෙන් ලංකාවේ තරුණ දේශපාලන සත්වයින් වැඩිපුරම සම්බන්ධවෙන ෆෝරමයේ නිවුස් එක දමා තිබුණි. ඒවන විටත් කොමෙන්ට් දුසිම් දෙක තුනකි. මහින්දවාදීන් බොහෝ දෙනෙක් ජනපතිගේ කාලෝචිත පියවර නියම එළකිරි වැඩක් බවත්, එතුමා මාර ග්‍රේට් බවත් ලෝබ නැතුව කියා තිබුණි. යූඇන්පී කාරයන්, ජේවීපීමල්ලිලා, ෆොන්සේකාවාදීන් "යාන්තම් ඇති දැන්වත් ඕක කොලා..." යයි සැනසුම් සුසුම් හෙලා තිබෙනු දකනට ලැබිණි. ඉඳහිට එක වාචාලයෙක් දෙන්නෙක්, "ඔකෙ බොරු සෙල්ලමක් විතරයි, ඔය රස්නෙ අඩුවුනාම මැරවියා ආපහු එයි.." යනුවෙන් යථාර්තවාදීව කියා තිබුණේ ජනපතිතුමාගේ ගේම් ගැන දන්න නිසා වන්නට ඇති.

    කොහොමවුනත් පොදුවේ හැමෝම මැරවියාට කෙළවීම ගැන සතුටෙන් සිටිනබව පෙනේ. ඒත් ඇත්තටම මැරවියාට (කැළණියේ ආචාරියා, ප්‍රේතාචාරියා) මෙහෙම කෙලීම හරිද? ජනපති ගත්තේ නිවැරදි තීරණයක්ද?

    මේ වෙලාවේ මට, පොඩිකාලේ සරදියෙල් ගැන අසාතිබුණු කතාවක් මතක් වෙනවාය. ඒ, පෝරකයට නියමවුනු සරදියෙල් සිය මවගේ කන සපාකෑම පිලිබඳ කතාවයි. සරදියෙල් එහෙම කලේ, පොඩිකාලේ ලඟ තිබුණු හේනකින් වම්බටු ගෙඩි කිහිපයක් හොරකම් කරගෙන ඇවිත් අම්මාට දුන් විට, අම්මා තරවටු කරනු වෙනුවට ඒවා රසට උයාදීම මගින් තමාගේ හොර මැර ජීවිතයට අඩිතාලම දැමුවා යයි තරහින්ය. "මම අද පෝරකයට යන්නේ අම්මා එදා මා කල හොරකමට තරවටු නොකල නිසා නේදැයි" සරදියෙල් සන්තාපයට පත්වෙන්නට ඇත.

    මැරවියාටත් මෙහෙම හිතෙනවානම් පුදුමයක් නැත. " අද ලොක්කා මාව ඇමතිකමෙනුත් පන්නලා, පක්සෙනුත් තාවකාලිකව පන්නලා. ඇයි මට මෙහෙම කරන්නේ? මම එදා ඉඳ කරපු හැම සක්කිලි වැඩක්ම අනුමත කරපු, උල්පන්දන් දීපු, කිසිම දඬුවමක් නොදීපු, මං ලව්වා සියලු අසික්කිත වැඩ කරවාගත්ත ලොක්කයි එයාගෙ මල්ලිලායි අද මාව පන්නන්නේ ඇඟ බේරාගන්න නේද?"

    කොහොමත් දේශපාලන අවලමෙකු වුනු මැරවින් චන්ද්‍රිකාගේ කාලේ පාර්ලිමේතුවේ කුණු හරුප කියනවා ඇරෙන්නට වැඩිමනත් යමක් කලේ නැත. පාවිච්චි කලේ කාණු කට විතරය. මර්වින් ඉගිලෙන්න ගත්තේ මහින්ද ආවාට පස්සේය. දැඩි චන්ද්‍රිකාවාදියෙකු වුනු මැරවින් එක් රැයෙන්ම දැඩි මහින්දවාදියෙකු වුනේය. වාසි ගන්නට ඕනෑම පහත් පෙලේ සක්කිලි, පක්කලි, වැසිකිලි වැඩක් කරන්නට සැදී පැහැදී සිටින මර්වින් මහින්දට හොඳ බලල් අතක් වුනේ, සුදු පිරුවට ඇඳගෙන මිස්ටර් ක්ලීන් වගේ පෙනීසිටින ගමන් මැරවියා ලව්වා කැත වැඩ සියල්ලම කරවා ගන්න පුලුවන් වුනු නිසාය. මිනිස්සු මර්වින්ට බනිද්දි මහින්දගේ හොඳ කීහ. දෙන්නා නියමෙට පෑහුනේය.

    මේ දේශපාලන හොර සහවාසය කොතරම් දුරදිග ගියේද යත්, ජනපති මහින්ද වේදිකාවේ තියාගෙන මහින්දගේ සතුරන්ට අමු තිත්ත කුණුහරුපෙන් බනින්නට පටන්ගත්තේ මහින්දගේ කටින් කියවාගන්නට බැරි ඒවා තමුන්ගේ කටින් පිටකරමිනි. මහින්දද කිසිදු පිළිකුලකින් තොරව සිනා සෙමින් ඒ කතා අසා සිටියේ මටත් වඩා හොඳට මූ මට ඕනෑ ටික කියවා නේදැයි සිතමිනි.

    මාතරදී මංගල ගැනත් ඔහුගේ පවුල ගැනත් කියූ මේ තිත්ත කුණුහරුප රටටම ඇසෙන්නට සම්පූර්ණයෙන් නොදැම්මා කියන තරහටයි මරවියා පාතාලයෝ දෙතුන් දෙනෙක් එක්ක රූපවාහිනියට කඩාපාත්වී, යකා නටා මුත්‍රා නාගෙන ගියේ. ශ්‍රිලනිපය පවා මුලුමනින්ම ප්‍රතික්ශේප කල මේ ගහල ක්‍රියාවට දඬුවම් කිරීම ජනපති ප්‍රතික්ශේප කලේ "ඒ මිනිහාට අරුන් හොඳටම ගහලා, මුත්‍රා නාවලා, තව මොන දඬුවම් දෙන්නද?" යයි අසමිනි. මහින්ද මුකුත් නොකල නිසා මැරවියා තමන්ට ගැසු සේවකයින් හඳුනාගනිමින් ඔවුන්ට් පිහිපහරවල් දෙන්නටට පටන්ගත් අතර එය නැවතුනේ රූපවාහිනි සේවකයින් ජනපතිට කියා බැරිම තැන බැසිල්ට පමිණිලි කිරිමෙන් පසුවයි. බැසිල් බැනවැදීමෙන් පසු මේ පිහි ඇන්ණුම් නතරවුනු බව රටම දනී.

    රූපවාහිනි සිද්ධියෙන් පසු මර්වින්ට ඒත්තු ගියේ ජනපති කිසි දිනක තමාට අත නොතියන බවයි. ඒ නිසා මුත්‍රා නා මට්ටුවනවා වෙනුවට මුත්‍රාබී සූර් වී හොඳටම යකා නටන්නට පටන් ගත්තේ ඉන් පසුවයි. සිරසට බෝම්බ ගැසීම, පිරිත් දාගෙන ගල් ගැසීම, කැළණියේ බාර් තහනම වගේ මොනවා කලත්, මහින්ද ඇස් කන් පියාගෙන සිටියේ කෙරෙන්නේ තාමට ඕනෑ දේවල් නිසාම වන්නට ඇති.

    මැරවින්ට දෙවන මට්ටුව ලැබුණේ බැසිල් යටතේ තිබෙන, ශ්‍රිලනිපයේ පාබල සේනාව මෙන් වුනු සමුර්ධි නියාමකයෙකු ගස් බැඳීමෙනි. මර්වින්ගේ ගණන්බැලීම වැරදුනේ මෙතැනය. වෙන මොන ඇමතියාගේ අමාත්‍යාංශයට කෙලියත් ජනපතිට බය නිසා උන් කරබාගෙන ඉන්නා බව මැරවින් දනිතත්, සමුර්ධි නිළධාරීන් බැසිල්ගේ බව මැරවියාට අමතක විය. සමෘධි සංගම් මොනව හරි කරන්න කියා බලපෑම් කරද්දි නිවටයෙක් වගේ ඉන්නට බැසිල්ට බැරිවිනි. නිහඬව සිටියොත් බැසිල්ටත් කරන්න පුලුවන් දෙයක් නෑ, බලයක් නෑ යන සිතුවිල්ල තම අමාත්‍යාංශවල පැතිරෙන බව බැසිල් හොඳින්ම දැන සිටියේය. අනිත් එක මහින්දට කොන්ද පාත්කරන්නට බැසිල්ට ඇති අවශ්‍යතාවයක් නැත. ෆොන්සේකාගේ ආගමනයෙන් නනත්තාරවී සිටි මහින්ද ආයෙත් ජනපති පුටුවේ ඉඳගත්තේ බැසිල්ගේ ජිල්මාට් නිසාය.

    ඒ නිසා මහින්දට බැසිල්ද, මර්වින්ද යන තෝරාගැනීම් දෙකෙන් එකක් කරන්නට සිදුවිය.

    මැරවින් මහින්දගේ කුණු දන්නා බව ඇත්තය, ඒත් කරන්නට දෙයක් නැත්තේ ෆොන්සේකාව හිරේදාපු එකේ ඕනෑනම් මැරවින්ව පෝරකයට යවන්නත් කරුණුකාරනා එයාම සිද්දකරගෙන තිබෙන නිසාය.

    මැරවින් පාවිච්චිකලේ එතුමාගේ බලයයි, මැරවින් පිම්බුනේ එතුමාගේ ආරක්ශාව නිසයි, මැරවින් වැඩිපුරම කලේ එතුමාට කොරන්නට ආස එහෙත් තත්වය නිසා බැරි ඒවායි එහෙත්,අවසානයේ එතුමා ආයෙත් වීරයා වී මැරවින් තාවකාලිකව හෝ විසිවිය. කුණු වතුර මර්වින්ගේ හිසමතින් බැස ගියේය. එතුමා තවමත් ග්‍රේට් ලීඩර් කෙනෙකි. හැබැයි ආණ්ඩුවේ නියම කෙරුමා බැසිල් බව යලිත් තහවුරුවිය.

    Source : http://sinhala-nazi.blogspot.com/2010/08/blog-post_11.html