මර්වින් රිටිගල මහ කැලේ
kohomada ada kale marketing tricks
kohomada ada kale marketing tricks
මර්වින් රිටිගල මහ කැලේ මෛත්‍රී භාවනාවේ !' යන ප්‍රධාන ශිර්ෂ පථයෙන් යුතුව 'සත්හඬ' සති අන්ත ජාතික පුවත්පත අද වෙළඳ පොලට නිකුත්කර ඇත.
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා මෙසේ භාවනායෝගීව සිටින්නේ එම පුවත්පතේ ප්‍රචාරක දැන්වීමක් වෙනුවෙනි.
ආන්දෝලනාත්මක දේශපාලන චරිතයක් වන මර්වින් සිල්වා මහතා කලා ක්ෂේත්‍රයට ද සම්බන්ධ අතර, ඔහු පුවත්පත් දැන්වීමක් වෙනුවෙන් පෙනී සිටින පළමු අවස්ථාව මෙයයි.
සත්හඬ පබ්ලිෂර්ස් ආයතනය විසින් ප්‍රකාශයට පත්කරන 'සත්හඬ' පුවත්පතෙහි ප්‍රධාන කතුවරයා වන්නේ, පෙරටුගාමී පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න මහතායි.
ප්‍රභාත් වීරරත්න එහි නියෝජ්‍ය කතුවරයා ලෙසත්, සුභාෂ් ජයවර්ධන ප්‍රවෘත්ති කර්තෘ ලෙසත්, විමල් කැටිපේආරච්චි විශේෂාංග කර්තෘ ලෙසත් කටයුතු කරයි.
එම පුවත්පත සමග ප්‍රකාශයට පත් කරන 'කැදැල්ල' පුවත් සඟරාවේ සංස්කාරක වන්නේ, ශාන්ත බණ්ඩාර ජයවර්ධන මහතාය.
එමෙන්ම තරුණ තරුණියන් වෙනුවෙන් ම එම පුවත්පත සමග ප්‍රකාශයට පත් කෙරෙන 'Like' පුවත් සඟරාවේ සංස්කාරක වන්නේ, සංජක ප්‍රසාද් දොලේවත්ත ය.
මර්වින් සිල්වා මහතා පෙනීසිටින 'සත්හඬ' ප්‍රචාරක දැන්වීමේ වීඩියෝව පහත දැක්වේ.

