මඩවල ඝාතන සැකකරු රට පනිද්දී අත්අඩංගුවට
January 8, 2013 at 9:51 am | lanka C news
පසුගිය 05 වනදා සිය නිවෙස ඉදිරිපිටදී හිසට වෙඩි තබා මරා දමන ලද කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතාගේ ඝාතනයේ රංගන නම් පුද්ගලයෙකු ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
රටින් පිටව යාම සඳහා කටුනායක ගුවන් තොටුපලේ රැුඳී සිටියදී ඔහු මෙසේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සිංගප්පූරු සරත් නැමැති සැකකරු රංගන්ගේ ඥාතියෙකු බවද අනාවරණය වී ඇත. ප්‍රධාන සැකකරු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ ආධාරකරුවෙකු බවද පොලීසියට තොරතුරු ලැබී ඇත.
මේ සම්බන්ධයෙන් දැනට පුද්ගලයක් පස් දෙනෙකු අත්අඩංගුට ගෙන ඇති අතර ඔවුන් අතර ඇමති සම්බන්ධිකරණ නිලධාරින් දෙදෙනෙක්, සංවිධායක වරයෙක්ද වේ.
වෙඩි තැබීමට යොදාගත් ගිනි අවි දෙකක්, යතුරු පැදිය, ඔත්තු බැලූ ත්රීවිලරයද අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රධාන සැකකරු සිංගප්පූරුවට පලා යාමට සූදානම්ව සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
වෙඩි තැබූ මි.මි. 9 ගිනි අවියට අමතරව ටී.ඒ.ටී. වර්ගයේ අවියක්ද සොයාගෙන ඇත