ගහළයා
“ මම හිටියේ ගහළයාගේ කාර්යාලයේ. ගහළයා දේශපාලනයමය වශයෙන් මෙන්ම රාජකාරියමය වශයෙන් බලවත් පුද්ගලයෙලක්. ඔහු ඉදිරියේ හමුදා නිලධාරීන් , රාජ්‍ය නිලධාරීන් හැසිරුනේ බයාදු විදිහට. මම විතරක් නිහඬ ව කෙලින් හිටගෙන සිටියා. ඔහු මා දෙස බැළුවා. මම නිසොල්මන්ව ඔහුගේ දෙනෙත් දෙස එක එල්ලයේ බලා සිටියා. කිසිම කෙනෙක් ගහළයා ඉදිරිපිට ඔහුගේ ඇස් දෙක දිහා බලන්නේ නැහැ. බැලුවොත් බලන්නෙ හිස නවාගෙන. ගහළයාට මගෙන් වැඩක් නැහැ. මම නිකම් විශ්ව විද්‍යාලයක උපාධියක් තියන පුද්ගලයෙකු විතරයි. මට වඩා උගත් මිනිසුන් ගහළයා ළඟ දණ ගහනවා.
එක් නිලධාරියෙක් ෆයිල් එකක් අරගෙන ආවා. ෆයිල් එක දැහැත් වට්ටියක් භික්ෂුවකට දෙනවා වගේ අත් දෙකෙන් දුන්නා. සර් තිස් දෙකේ වත්තේ ප්‍රොජෙක්ට් එක කරගන්න විදිහක් නැහැ මිනිස්සු ප්‍රොෙටස්ට් කරනවා කිව්වා. තිස් දෙකේ වත්ත කියන්නේ මුඩුක්කුවක්. මේ මුඩුක්කු ටික කඩලා මෙතන තරු පහේ හෝටලයක් ඉදි කිරීමට තමයි සැලැස්ම. ගහළයාගේ මුහුණට කෝපය ආවා. අයිසේ ඔය මුඩුක්කු ටිකට ගිනි තියනවා කිව්වා. ප්රශ්නය එතනින් හමාරයි. තවත් හමුදා නිලධාරියෙක් ආවා. රිපෝට් එකක් පෙන්නුවා එක මාධ්‍යවේදියෙක් ගැන. මිනිහට වී.අයි.පී. ට්‍රීට්මන්ට් දෙනවා කිව්වා. ඒ කියන්නේ කැපුට් නොහොත් මරණය.
හවස මම ටීවී බලන කොට දැක්කා තිස් දෙකේ වත්තේ හදිසි ගින්නක් ඇති වෙලා නිවාස සීයක් විතර අළු වෙලා. සුන්බුන් අතර කුඩා පාසල් යන වයසේ ළමයෙක්. ඒ ළමයා තමන් ගේ පාසල් පොත් හොයනවා. මුහුනේ අසරණකම දුක පිරිලා. නමුත් පාසල් පොත් අළු බවට පෙරලිලා. ඒ සමගම හදිසි ප්‍රවෘත්තියක්. මාධ්‍යවේදියෙකුට වෙඩි තියලා මරලා. මාධ්‍යවේදියාගේ පවුල පොළවේ හැපී හැපී අඬනවා. මම ටීවී එකෙන් දෑස් මොහොතකට ඉවතට ගත්තා. අද දිනය ඇතුලත ගහළයා මම ඉදිරියේ පාප කර්ම දෙකක් කරලා. මට ගහළයා ගැන පිළිකුලක් ඇති උනා. යළිත් මම ටීවී එකට නෙත් යොමු කලා. පන්සලක පින්කමක් පෙන්වනවා. ගහළයා තමයි ප්‍රධාන අමුත්තා.සංඝ නායක ධාතු කරඬුව ඔහුගේ හිස මත තැබුවා. මම දුටුවා ගහළයාගේ මුහුනේ වූ ශාන්ත ස්වභාවය. ගහළයා කිසිම වරදකරී බවක් නොමැතිව සන්සුන් ලෙස ධාතු කරඬුව හිස් මත තබාගෙන ඉන්නවා. ඔහු දක්ෂයෙක් අනිවාර්යෙන්ම දක්ෂයෙක්. මෙවැනි පුද්ගලයන් තමයි රෝමය නිර්මාණය කලේ. අප වගේ ස්වයං වරදකාරී බව නිසා තිගැස්සෙන නිතරම හෘධ සාක්ෂියට සවන් දෙන බියසුල්ලෙක් නොවෙයි ඔහු. ගහළයා උදාර පුරුෂයෙක්. මේ වගේ පුරුෂයන් තමයි ලෝකයට අවශ්‍ය. අනුකම්පාවකියන්නේ දුර්වළයාගේ චරිත ස්වභාවයේ මූලික ප්රකාශනය. නීට්ෙෂ් ගේ සුපිරි මිනිසා පිලිබඳ භාෂිතය වෙනස් කරලා තමන්ට අවශ්‍ය සුපිරි මිනිසුන් නිර්මාණය කල Wewelsburgඑස් එස් පාසල මට සිහියට ආවා. Wewelsburg පාසල බිහි කලේ ගහළයා වගේ ශක්තිමත් මිනිස්සු. අපි වගේ දුර්වළ මිනිසුන් ස්වභාව ධර්මය විසින් ක්ෂය කරලා දමනවා. අපට පැවැත්මක් නැහැ.
(පරිකල්පනික අතික්‍රමණය )