මරා බි‍්‍රතාන්‍යයේදී අත්අඩංගුවට ගනීවිද &

Plain Truth

Member
Aug 13, 2010
531
78
0
මරා බි‍්‍රතාන්‍යයේදී අත්අඩංගුවට ගනීවිද &

අත්අඩංගුවට ගනීවි යන බියෙන් MR බි‍්‍රතාන්‍ය සංචාරය අවලංගු කළ බව ‘ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා- බි‍්‍රතාන්‍ය’ වෙබ් අඩවිය කියයි දේශීය 2010 නොවැම්බර් 05 වෙනි සිකුරාදා, 16:34
The_Times_of_India.jpg
බි‍්‍රතාන්‍ය නීතිය යටතේ යුද අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනීවි යන බිය නිසා ශ‍්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය බි‍්‍රතාන්‍ය සංචාරය හදිසියේ අවලංගු කර ඇති බව ‘ටයිම්ස් ඔෆ් ඉන්ඩියා- බි‍්‍රතාන්‍ය’ වෙබ් අඩවිය අද (05) වාර්තා කර ඇත.

ඔක්ස්ෆර්ඩ් සරසවියේ ශ‍්‍රී ලාංකීය ශිෂ්‍ය සංගමයෙන් ලැබුණු ආරාධනාවක් මත දේශනයක් පැවැත්වීමට ජනාධිපතිවරයා ඉදිරි දිනවලදී ලන්ඩන් බලායාමට නියමිතව සිටි අතර ශ‍්‍රී ලාංකික දෙමළ සංවිධාන කීපයකට අයත් ඔක්ස්ෆර්ඩ් සරසවියේ ඉගෙනුම ලබන පිරිසක් එරට අධිකරණයට ගොස් ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ නියෝගයක් ලබාගැනීමට උත්සාහ ගන්නා බව එම වෙබ් අඩවිය වාර්තා කර ඇත.


ජාත්‍යන්තර මානව හිමිකම් නීතිරීති යටතේ යුද අපරාධ හෝ මානව හිමිකම් අපරාධවලට සම්බන්ධව චෝදනා ලද අයෙක් එම අපරාධ බි‍්‍රතාන්‍ය තුළ සිදුනොවුවත් බි‍්‍රතාන්‍යයේදී අත්අඩංගුවට ගෙන නඩු පැවරිය හැකි බව පැවසේ.


මීට පෙර චිලියේ ඒකාධිපති පාලකයා වූ ඔගස්ටෝ පිනෝෂේ 1998 වසරේ ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසිය විසින් ලංඩනයේදී අත්අඩංගුවට ගනු ලැබ තිබුණේද 17 වසරක පාලන කාලය තුළ ප‍්‍රංශ ජාතිකයන්ට එරෙහිව ඔහු සිදු කළ අපරාධ හේතුවෙනි.


ආගමික නිදහස කඩ කිරීමේ චෝදනාවලට ලක්වූ ඉන්දියාවේ ගුජරාට් ප‍්‍රාන්ත මහඇමැති නරේන්ද්‍ර මෝඩි ද මානව හිමිකම් ක‍්‍රියාකාරීන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ඊශ‍්‍රායලයේ විදේශ, ආරක්‍ෂක හා බුද්ධි ඒකක භාර ඇමැතිවරුන්ටද එරෙහිව අධිකරණ නියෝග ලබාගැනීම හේතුවෙන් ඔවුන් සිය බි‍්‍රතාන්‍ය සංචාරයන් අත්හිටවූ බව එම වෙබ් අඩවිය විසින් වැඩිදුරටත් වාර්තා කර ඇත.
 
  • Like
Reactions: IveyStyle

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
මහින්දට, ගෝතාභයලට, බැසිල්ලට සෑහෙන්න ලොකු ප්‍රශ්නයක් මේක.එරික් සොයිල්හයිම්ව ගෙන්වලා මේක ෂේප් කරගන්න යන්නේ.නැත්නම් මේ ගොල්ලන්ට බටහිරට යන එක ප්‍රශ්නයක් වේවී
 

flag au:

Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    nae ban ,dan government ekata public kamatha adui.......famous wana karapu wadhak wena pluwan....SF wa thamai mulinama gana monawa hare waradhak una nam apa army ekan......