මරියානා ආගාධයෙන් මතු වූ අමුතු සත්තු

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,035
    3,728
    113
    මරියානා ආගාධයෙන් මතු වූ අමුතු සත්තු

    දැනට ලෝකයේ ඇති ගැඹුරුත ම ස්ථානය ලෙස සැලකෙන්නේ මරියානා ආගාධය යි. බටහිර පැසිෆිස් සාගරයේ මරියානා දූපත් සමූහයෙන් නැගෙනහිරට වන්නට පිහිටා ඇති මරියානා ආගාධය කොතරම් ගැඹුරු ද කිවහොත් එහි ගැඹුර සමග සැසඳීම සඳහා එවරස්ට් කඳු වැටිය පවා අපොහොසත් වෙනවා.

    මරියානා ආගාධය දැනට ලෝකයේ සොයාගෙන ඇති මිනිසාට දැක ගත හැකි ගැඹුරු ම ස්ථානයක් ලෙස සැලකෙන ග්‍රෑන්ඩ් කැනියම මෙන් පස් ගුණයක මෙන් ගැඹුරකින් යුක්ත යි.

    හිරු එළියට අඩි 3,280 ක දුරකට වඩා ජලය හරහා ගමන් කළ නොහැකි නිසාවෙන් මරියානා ආගාධයේ පතුල දැක ගැනීමට මිනිස් ඇසකට හැකියාවක් නැහැ. එසේ ම භූ කාරක තැටි දෙකක් ආසන්නයේ පිහිටීම හේතුවෙන් මෑතක් වන තුරු ම විද්‍යාඥයින්ට මරියානා ආගාධයේ සිටින සත්ත්ව විශේෂයන් ගැන හරි හමන් හෝඩුවාවක් තිබුණේ නැහැ.

    Picture-2-6-e1490177672376.jpg


    මරියානා ආගාධයේ පතුලේ මොන ම ආකාරයේ හෝ ආලෝකයක් නොමැති අතර ජලය ද මිදෙන තරමට ම දැඩි ශීතලකින් යුතු යි. එසේ ම එහි පීඩනය මුහුදු මට්ටමේ දී ඇති පීඩනය මෙන් ආසන්න වශයෙන් දහස් ගණනකින් වැඩි බව යි සැලකෙන්නේ. මේ නිසා එම පීඩනය දරා ගත හැකි ලෙසට විශේෂයෙන් ම සකසන ලද ද්‍රව්‍ය හැරුණු විට මිනිසා විසින් ගොඩ නගන ලද අනෙකුත් සියලු ම ද්‍රව්‍ය මරියානා පතුලේ දී විනාශ වී යාම අතිශය සාමාන්‍ය දෙයක්.

    කෙසේ හෝ සාගර විද්‍යාඥයින්ගේ නොපසුබට උත්සාහය මධ්‍යයේ පසුගිය වසර කිහිපය තුළ මිනිසුන් රහිත සහ සහිත යාත්‍රා කිහිපයක් ම මරියානා ආගාධය තුළට ඇතුළු වූයේ එහි ජීවත් වන සත්ත්ව විශේෂ ගැන සොයා බැලීම සඳහා යි. එවැනි පර්යේෂණවල දී හමු වූ අමුතු ම ආකාරයේ සත්ත්ව විශේෂ කිහිපයක් ගැන තොරතුරු යි මේ.

    Sarcastic Fringehead

    Picture-3-6-e1490177707225.jpg


    සාමාන්‍යයෙන් අඟල් 10 කට හෝ 12 කට වඩා නොවැඩෙන මෙම මත්ස්‍යාගේ විද්‍යාත්මක හඳුන්වන්නේ Neoclinus blanchardi ලෙස යි. ප්‍රමාණයෙන් කුඩා වුණත් සිරුරට සාපේක්ෂ ව ඉතාමත් ආක්‍රමණශීලී මත්ස්‍ය විශේෂයක් වන මොවුන් තර්ජනයක් එල්ල වූ විටෙක හැකිතාක් පළල් ලෙස මුඛය විවර කර තමන් වෙතට එන අනෙකුත් විලෝපිකයන් ව ගිල දැමීමට උත්සාහ කරනවා. මෙය ඉතාමත් සාර්ථක ආරක්ෂක උපක්‍රමයක් බව යි සාගර විද්‍යාඥයින්ගේ අදහස වන්නේ.

    Frilled Shark

    Picture-41-5-e1490177741391.jpg


    ඇතැම් අවස්ථාවල දී ‘පණ ඇති ෆොසිලයක්’ ලෙස හඳුන්වන මෙම ආදි කල්පික මත්ස්‍යයා ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට අඩුවෙන් ම පරිණාමනය වූ සත්ත්වයෙක් ලෙස සැලකෙනවා. Chlamydoselachus anguineus යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මොවුන් මිහිමත බිහි වී ඇත්තේ අදින් වසර මිලියන 80 කට පමණ පෙර යි.

    සාමාන්‍යයෙන් අඩි 5,000 ක් පමණ ගැඹුරු මුහුදේ දී හමු වන මෙම මසුන් ආඳෙකු මෙන් දිගින් යුතු වන අතර පේළි 25 ක් ලෙස පිහිටි තියුණු දත් 300 ක් පමණ ඔවුන් සතු වෙනවා. ඉතාමත් ගැඹුරු මුහුදේ ජීවත් වන නිසා මොවුන්ගේ සාමාන්‍ය චර්යාව පිළිබඳ ව තවමත් සාගර විද්‍යාඥයින් නිවැරදි තොරතුරු අනාවරණය කරගෙන නැහැ.

    Deep-Sea Dragonfish

    Picture-5-6-e1490177777738.jpg


    අඩි 6,000 ක් පමණ ගැඹුරු මුහුදේ දී හමු වන ආදි කල්පික පෙනුමක් ඇති තවත් මත්ස්‍ය විශේෂයක් ලෙස මොවුන් හැඳින්විය හැකි යි. ගැඹුරු මුහුදේ සිටින දරුණු විලෝපිකයෙකු වන මොවුන් සාමාන්‍යයෙන් අඟල් 6 ක පමණ දිගකින් යුක්ත වනවා.

    මෙම මසුන්ගේ තිබෙන විශේෂත්වය වන්නේ රසායනික ක්‍රියාවලියක් හරහා සිරුරෙන් ආලෝකය නිපදවීමට හැකි වීම යි. මරියානා ආගාධය පතලේ වාසය කරන මත්ස්‍යයෙක්ට එය ඉතාමත් වැදගත් බව නම් නොරහසක්. මෙසේ නිපදවන ආලෝකය නිවි නිවී දැල්වීම මගින් කුඩා මසුන් ආකර්ෂණය කර ගෙන ඔවුන් ව ගොඳුරු කර ගැනීම මොවුන් විසින් සිදු කරනු ලබනවා.

    Dumbo Octopus

    Picture-6-6-e1490177847740.jpg


    ලෝකයේ මෙතෙක් හඳුනාගෙන ඇති බූවල්ලන් විශේෂ අතරින් මුහුද ගැඹුරේ ම ජීවත් වන බූවල්ලන් විශේෂයක් වන මොවුන් ව සොයා ගත හැක්කේ මරියානා ආගාධයේ අඩි 13,000 ක් පමණ ගැඹුරේ දී යි. ඩිස්නි කාටූන් හි එන Dumbo නම් අලි පැටියාට තරමක සමානකමක් දක්වන මොවුන් වර්ණවත් පැහැයන්ගෙන් යුක්ත වන අතර එය ආහාර සොයා ගැනීමේ උපක්‍රමයක් ලෙස ද භාවිතා කරනු ලබනවා.

    මෙම බූවල්ලන්ගේ ග්‍රාහිකාවන් අනෙක් බූවල්ලන්ගේ මෙන් දිගු නොමැති අතර ඒ හේතුවෙන් අන් බූවල්ලන් මෙන් තම ආහාර කොටස්වලට කඩා ආහාරයට නොගෙන සම්පූර්ණයෙන් ම ගිල දැමීමට මොවුන් පුරුදු වී තිබෙනවා.

    Deep-sea Hatchetfish

    Picture-7-5-e1490177885463.jpg


    කෙටේරියක හැඩයෙන් යුක්ත මේ මත්ස්‍ය විශේෂයේ ඇති සුවිශේෂී ලක්ෂණයක් ලෙස අවශ්‍ය පරිදි වෙනස් වෙනස් ස්වරූපයන් ගැනීමට ඇති හැකියාව හැඳින්විය හැකි යි. මරියානා ආගාධයේ අඩි 5,000 ක් පමණ ගැඹුරේ වාසය කරන මොවුන්ට එහි වසන බොහෝමයක් මත්ස්‍යයින්ට මෙන් ම රසායනික ක්‍රියාවලියක් මගින් අලෝකය නිපද වීමේ හැකියාව පවතිනවා.

    Argyropelecus hemigymnus යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මොවුන් සාමාන්‍යයෙන් අඟල් 6 ක පමණ දිගකින් යුක්ත වෙනවා.

    Seadevil Anglerfish

    Picture-8-6-e1490177916831.jpg


    මරියානා ආගධයේ දී වුවත් ඉතාමත් කලාතුරකින් දැකිය හැකි මත්ස්‍ය විශේෂයක් වන මොවුන් ප්‍රමාණයෙන් අඟලක් තරම් වන බව යි සඳහන් වන්නේ. නිශ්චිත හැඩයක් නොමැති සිරුර, තියුණු දත් සහ විශාල ඇස් නිසා මොවුන්ට හිමි වී ඇත්තේ භයානක පෙනුමක්.

    එසේ ම ඉතා අස්වාභාවික ප්‍රජනන ක්‍රමවේදයක් හිමි සත්ත්ව කොට්ඨාසයක් ලෙස ද මොවුන් ප්‍රසිද්ධ යි. ප්‍රජනනයේ දී පිරිමි මත්ස්‍යා පරපෝෂිතයෙකු මෙන් ගැහැනු මත්ස්‍යාගේ සිරුරට බද්ධ වන අතර ක්‍රමයෙන් ඔහුගේ ඇස්, දත් සහ අනෙකුත් අවයව වියැකී ගොස් සම්පූර්ණයෙන් ම ගැහැනු මත්ස්‍යයාගෙන් යැපෙන්නෙකු බවට පත් වෙනවා.

    Telescope Octopus

    Picture-9-6-e1490177954782.jpg


    Amphitretus pelagicus යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මොවුන් අවර්ණ බූවල්ලන් විශේෂයක් වන අතර දුරේක්ෂ වැනි හැඩයෙන් යුක්ත ඇස් මොවුන් සතු විශේෂ ලක්ෂණයක් ලෙස හැඳින්විය හැකි යි.

    සාමාන්‍යයෙන් අඩි 6,500 ක් පමණ ගැඹුරු මුහුදේ ජීවත් වන මොවුන්ට විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීම සඳහා දුරේක්ෂ හැඩැති ඇස් මහත් සේ උපකාරී වෙනවා.