අපේ පන්තියේ හිටිය අති පණ්ඩිතයෙක්...
නිකන් නෙවි ඌට එක එක උනවල් තිබුනා...
කරාටි උන එයින් එකක්...
කරාටි පන්ති ගිහින් ඇවිත් මට අල්ලාගෙන ගහනවා එක එක ක්රම වලට...
ඉතින් මුගේ වදේට අපි ගියා මූ එක්කම කරාටි පන්ති..
රුපියල් 100 ගාස්තු..
ඉතින් හවස ඇවිත් මූ මරු කියවනවා...
අපි තුන් දෙනෙක් අල්ලාගෙන ගැහුවා පුකෙන් දුන් යන්න...
මූ හොඳ එකා...
තරහ උනේ නැහැ..
ඉතින් ඒ කරාටි පන්තියට කෙල්ලොත් එනවා....
මූ එතන ගිහින් බලෙන් ඩිප්ස් ගහනවා, දුවනවා එක කෙලියයි...
මාස්ටර් නැති වෙලාවක මූ කෙල්ලෝ ඉස්සරහට වෙලා අපිට පෙන්වනවා නිවැරදිව ඩිප්ස් ගහන්න ඕන හැටි....
උපරිම 2යි ගහන්න පුළුවන් උනේ...
අන්තිමට පපුව බිම ගෑවෙන්න ඕන එකට බිම වදින්නේ බඩ...
කට පියන් ඉන්න බැරි කමට මම කිවුවා
ඕක ඉතින් පුරුදු කරන්න දෙයක් නෙවිනේ බං,
බැන්දට පස්සේ කොහොමත් කරන්න වෙනවනේ කියලා...
මුට හිනා ගියා..
හිනා ගිහින් ඩිප්ස් කෙසේ වෙතත් දඩොන් ගාල මූනත් බිම ඇනගත්ත....
කෙල්ලෝ ඉස්සරහ නොන්ඩි උනත් ලොකු කම අඩු උනේ නැහැ....
මම දවසක් කිවුවා අපි සේරම එකම කිට් එකක් මහගමු පුරුදු වෙන වෙලාවට අඳින්න කියලා..
අපි සල්ලි දාල නියම බොටම් ටිකක් ගත්තා...
අරුගේ උන සනීප කරන්න අපි එකතු වෙලා පිජාමා දිග කලිසමක් මස්සවල දුන්න....
හොඳ වෙලාවට මූ දන්නේ නැහැ ඒවා අඳින්නේ නිදාගන්නකොට විතරයි කියලා...
අපි කිවුවේ අපිව එක්කන් ගියපු නිසා ගරු කිරීමට අපි අරන් දුන්න කියලා....
පස්සෙන්ද මූ ඒ කලිසම ඇඳගෙන ඇවිත් අපිට කිවුව යමන් අද මම උඹලට වෙනද පෙන්වපු නැති ෂොට් පෙන්වන්නම් කියලා...
අපේ එකෙක් කිවුව මචං උමේ කික් අපි දැකල නැහැනේ,
උඹට ඒවා පුලුවන්ද කියලා..
දැන් මූ කොර වෙලා කියනවා දෙන්නම් උඹලට බ්රුස්ලි ආව වගේ පෙන්න කියලා...
අපි එතකොට හිටියේ 10 වසරේ...
ඉතින් අපේ එකෙක් කිවුව මචං යටට හිර වෙන්න ඇඳගෙන කික් කරද්දී ඇටේ තැලුනොතින් උඹ ළමයි හදල ඉවරයි ඒ නිසා ජොකා ගලවල පලයන් කියලා...
ඔවු බං මටත් එක හිතුනා කියලා මූ ජොකා ගලවල ආව....
දැන් අපිට තේරෙනවා මූට හදිස්සියේ කෙල්ලොන්ට මුගේ කලිසම පෙන්වන්න....
එදත් මාස්ටර් එන්න ටිකක් පරක්කු උනා.....
මූ ඉස්සරහට ගිහින් පන්ච් වර්ග කියල දුන්න...
අන්තිමට අපිට කිවුව කික් එකක් ගහද්දි කියාස් කියල සද්දෙත් එක්කයි ගහන්න ඕන කියලා,
මූ ගැහුවා කික් එකක් කියාස්,
කියනවා විතරයි ඇහුනේ බරාස් ගාල සද්දයක් එක්ක හොඩවැල එලියට පැන්න...
අපි හූ කියා කියා හිනා වෙනවා...
අපේ එකෙක් ඇවිත් මට 5ක් දැම්මා...
කෙල්ලෝ මුහුණ වහගෙන හිනා වෙනවා...
කලිසම හෙන පලාතක් ඉරිලා...
අරු අත් දෙකින්ම වහගත්තත් ඒ වෙද්දී පොඩි එවුන් පවා දැක්ක....
මම ඇහුව මචං කියාස් නෙවි බරාස් නේද කියලා...
තොගේ අම්මට හූ@#$න කැ# වේ$ගේ පුතා,
මාව කෑවා ...
කියලා කරාටි වලට ගහන්න ගෙනාපු පොල්ලක් ඇරගෙන මගේ පස්සෙන් එලවන්න ගත්තා.....
මම පැනල දිවුවා...
අරු ගාන්ටාරේ වදින්න වගේ දෙපැත්තේ වැදී වැදී දුවනවා..
පොඩි එවුන් හූ කියද්දී අයිත් අත් දෙකින් වහගන්නවා...
හොඳ වෙලාවට පස්සෙන්ද මට කොළඹ යන්න උනේ කෝස් එකකට....
නැත්නම් තවම ගුටි කනවා උගෙන්..
ළඟදිත් හම්බ උනා....
මාව දැක්කත් නොදැක්ක වගේ යනවා..
ඕන නම් පුළුවන් බරාස් ගාන්න...
ඒත් ඕන නැහැනේ විහිලු දුර ගෙනියන්න
බරාස්









