මලක්‌ නැසූ පවිටා

signshop

Well-known member
  • May 30, 2011
    12,177
    8,890
    113
    Dubai
    මලක්‌ නැසූ පවිටා

    මලක්‌ නැසූ පවිටා

    දියතලාව ඇල්ලෙගම අට හැවිරිදි දැරියක තලාපෙලා විනාශ කර දැමූ උණුසුම පහව යන්නටත් පෙර ඒ ආසන්නයේම වැලිමඩ බොරගස්‌ ප්‍රදේශයේදී අවුරුදු එකයි මාස දෙකක දැරියක්‌ ඊටත් ඩවා කුරිරු අන්දමින් මෙලොවින් තුරන් කර තිබිණ.

    දිනෙන් දින සිදු වන්නා වූ විවිධාකාර අපචාරවලින් දෙකක්‌ පමණක්‌ නොව දරුවන් ඇති අම්මලාටත් මෙම සිද්ධීන්වලින් ඉගෙන ගතයුතු අමතක නොවන පාඩම්ද ඒවාට පාදක වී තිබේ.

    හල්දුම්මුල්ලේ එම්. ජයචිත්‍රාගේ පළමු විවාහය දෙදරා ගියද ඇයට එයින් දියණියන් දෙදෙනකු ඉතිරි වි සිටියහ.

    වැඩිමහල් දියණියගේ වයස අවුරුදු පහකි. බාල දියණිය අනුෂා සඳුනිට මාස හයක්‌ පිරී තිබියදී අග හිඟකම් ජයචිත්‍රාට වැඩි වන්නට විය.

    එහිදී ඇය දියණියන් දෙදෙනා මවගේ රැකවරණයේ තබා වරකාපොල ප්‍රදේශයේ නිවසක වැඩට ගියාය.

    වරකාපොල නිවසේ ඇය සමග තවත් පිරිමි සේවකයෙකුද සිටියේය. ඔහු නමින් සූරසේනය. තිස්‌අට හැවිරිදි ඔහු ජයචිත්‍රා සමග අනියම් සබඳතාවයකට පැටලී තිබුණේද එහිදීය. එහෙත් ඒ සම්බන්ධය නිවෙස්‌ හිමියන් දැනගත් විගස දෙදෙනාටම එම නිවසෙහි දොර වැසිණ.

    මාසයක්‌ තුළ ජයචිත්‍රාට හා සූරසේනට මේ නිසා සූරසේනගේ උපන්ගම වූ උඩපුස්‌සැල්ලාවේ රක්‌වාන වෙත ඒමට සිදුවිණ. මෙහිදී මාස හයක කුඩා දැරිය අනුෂා සඳුනිද උඩපුස්‌සැල්ලාවට තම මවගේ රැකවරණයෙන් මුදාගෙන හල්දුම්මුල්ලේ සිට ජයචිත්‍රා රැගෙන ආවාය.

    පසුව එම ප්‍රදේශයේ ඔවුන් තිදෙනාට ජීවත් වීමට තරම් ආදායමක්‌ එන මගක්‌ නොමැති නිසා ඔවුහු වැලිමඩ බොරගස්‌ ප්‍රදේශයට ගියහ. ඒ මීට මාස එකහමාරකට පමණ පෙරදියි. එහි කුලී වැඩ කරමින් ජීවත් වූ ඔවුන් පසුගිය 16 දින ජයචිත්‍රාගේ අසනීපයක්‌ නිසා වැලිමඩ මූලික රෝහලට ඇතුළු වූවාය. ඉන්පසු සූරසේන හා අනූෂා සඳුනි පමණක්‌ නිවසේ තනිවූහ.

    17 දින අලුයම සූරසේන සිඟිති දියණියද තුරුලු කරගෙන වැලිමඩ රෝහලට පැමිණියේ දැරියටද අසනීප බව පවසමින්ය.

    රෝහලට ඇතුළු කළ දැරිය වෛද්‍යවරුන් විසින් පරීක්‍ෂා කරන විටත් මියගොස්‌ සිටියාය. මේ සිද්ධියෙන් පසු සූරසේනද අතුරුදන් විය.

    මේ අතුරුදන් වීම හා දැරියගේ මරණය පිළිබඳ ඇතිවූ සැකය නිසාම වැලිමඩ මහෙස්‌ත්‍රාත් නියෝගයක්‌ මත වෛද්‍ය වාර්තා ලබා ගැනීමට බදුල්ල මහ රෝහලට යෑවිණ.

    ජයචිත්‍රා සූරසේනට ශාප කරමින් රෝහල දෙවනත් කළාය.

    මේ වන විට 19 දින බදුල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒ. ටී. අයි. විඡේවීර මහතාගේ නිගමනය වූයේ දැරියගේ හිසට පහර දීමෙන් මොළය තුළට ලේ ගැලීමෙන් වූ මරණයක්‌ බවයි. එසේම දැරියට බරපතළ ලිංගික අපයෝජනයක්‌ සිදුව ඇති බවද වාර්තා කළේය.

    දැරියගේ දෙපා කලව ප්‍රදේශයේ තලා පෙළා සිගරට්‌ කොටවලින් පුළුස්‌සා තිබූ බවද හෙලිවිණ. එනිසා ඇගේ සිරුර රෝහල්ගත කරන විට නිල්පැහැ ගැන්වී තිබිණි.

    මේ නිගමනය ලද විගස වැලිමඩ පොලිස්‌ ස්‌ථානාධිපති බුද්ධික ඒකනායක මහතා වැලිමඩ පොලිසියේ අපරාධ අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක තුසිත් කුමාර මහතාගේ උපදෙස්‌ මත සැරයන් චන්ද්‍රපාල ඇතුළු පිරිසක්‌ සූරසේන අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක්‌ දියත් කළහ.

    මාස අටක්‌ ජයචිත්‍රා සූරසේන සමග අනියම් ඇසුරක්‌ පවත්වා තිබුණද ඔහුගේ නම ගම තොරතුරු කිසිවක්‌ම ඕ නොදැන සිටියාය.

    මේ කරුණ අපේ අනෙක්‌ අම්මලාටත් හොඳ පාඩමක්‌ය.

    මේ දිනවලදීම වස පානය කළ පුද්ගලයෙකු උඩපුස්‌සැල්ලාව රෝහලේ සිටින බවට වැලිමඩ පොලිසියට තොරතුරක්‌ ලැබිණ. ඒ අනුව සොයා බැලීමේදී ඔහු සූරසේන බව වැලිමඩ පොලිසිය එහි ගොස්‌ කළ පරීක්‍ෂණවලදී හෙළිවිය.

    පසුව මෙම දැරියගේ මරණය පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ සඳහා සූරසේනව උඩපුස්‌සැල්ලාව රෝහලින් අත්අඩංගුවට ගෙන වැලිමඩ මූලික රෝහලට මාරු කළේය.

    පොලිසියේ වැඩිදුර ප්‍රශ්න කිරීම් හමුවේ සූරසේන සිදුවූ සියලු කරුණු මෙසේ හෙළි කළේය.

    මම 16 දින ජයචිත්‍රාව වැලිමඩ මූලික රෝහලේ නවතලා දැරියත් රැගෙන බොරගස්‌ කුලී නිවසට ගියා.

    රාත්‍රියේ මැදියම වන තුරුම මා ඇයට විවිධ ලිංගික අපයෝජන කළා.

    එහිදී දැරිය යටිගිරියෙන් කෑගසන්න වූවා. මා අහළ පහළ අයට ඇසේවි කියලා මිට මොලවලා දරුවාගේ හිසට ටොකු තුනක්‌ පමණ හයියෙන් ඇන්නා.

    දැරිය එවිට නිහඬ වෙලා නිදා ගත්තා.

    රාත්‍රි දෙකට විතර දැරියගේ සිරුර ශීතල වී තිබුණ නිසා ඒ වෙලාවේ දැරිය රැගෙනවිත් වැලිමඩ මූලික රෝහලට දීලා මා උඩපුස්‌සල්ලාවේ ගියා.

    මගේ විවාහ දෙවරක්‌ම කඩා කප්පල් වූ නිසා මාත් සිත කල කිරීමෙනුයි මේ සියලු දේ කර ගත්තේ. ඔහු එසේ පාපොච්චාරණය අවසන් කළේය.

    කෙසේ වුවද මහ පොළොව පවා නුහුලනු ලබන මෙවැනි පාපතරයන්ට සමාවක්‌ නම් නොලැබෙනු ඇත.


    anusha1.jpg


    anushamawa.jpg


    Source: http://www.divaina.com/2013/08/24/provin02.html

    ලංකාවට මොකද මෙ වෙන්නෙ. අපෙ රටේ මහ එවුන්ට මෙ වෙන දේවල් පේන්නෙ නැද්ද? මහ ලොකු දැයෙ දරුවන්ගෙ පියා කියා ගන්නා මහ එවුන්ට මේවා පේන්නෙ නැද්ද? මොන හෙන ගෙඩියක්ද මෙ ලංකාවෙ මිනිස්සුන්ට පාත් වෙලා තියෙන්නෙ? මේ වගේ අහින්සක කිරි සප්පයෙකුටවත් ජීවත් වෙන්න දෙන්නෙ නැති පව්කාරයොන්ට සෞදියෙ ශරියා නීතිය තමයි හරි යන්නෙ. ඒවට බැන්නට මේ වගේ සක්කිලියොන්ට සලකන්න ඔන ඒ වගේ නීතියකින්ම තමයි. තවම එල්ලුම් ගහවත් ක්‍රියාත්මක කරන්නෙ නැත්තේ මහ එකෙක්ගෙ පොඩි දරුවෙක්ට දෙයක් උනෙ නැති නිසා වෙන්න ඇති. ඇත්තටම මේ රටේ මේ වගේ කාලකන්නි එක්ක අපි ඉපදුන එකත් අපේ පෙර කරුමයක් වෙන්න ඇති..
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ලංකාවේ එල්ලුම් ගහ තිබ්බට වැඩක් නැහැනේ..ඉතින් ඔය අපරාද නවත්තන්න හම්බ වෙන්නේ නැහැ.:no:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,177
    8,890
    113
    Dubai
    මේ වගේ කරන එකෙක් දෙන්නෙක් ප්‍රසිද්දියේ දස වද දීලා එල්ලලා දැම්මා නම් සම්පූර්නයෙන්ම නතර නොවුනත් නිකන්ම මේවා අඩු වෙනවා. එහෙම නැතුව මේ වගේ පාහරයින්ව හිරේ දාගෙන ජීවිත කාලෙටම කන්න බොන්න දිදී ඉදලා හරි යනවද? මුන් වගේ එවුන් හුරතල් කරලා හරි යන්නෙ නෑ. ජීවිත කාලෙටම විදවලා මැරෙන්න දෙයක් කරන්න ඔන
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    mata hithena widihata machan oya serama enne rate arthika thathwaya deshapalana thathwaya saha neethiya matha. harima kanagatui wena dewal dakkama. daham pasal yana, maha sanskruthiyakata himikam kiana, deshapremaya overflow wena, harakek wenuwenuth siya divi nasa ganna samajayaka podi patav dooshanaya karala marala danawa.
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ෂරියා නීති ඕන නැහැ තියෙන නීති හරියට ක්‍රියාත්මක කරනවනම්.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,177
    8,890
    113
    Dubai
    හරකෙක් නිසා පැට්‍රොල් දාගෙන ගිනි තියා ගෙන මැරෙන රටක මල් වලටත් වඩා අහින්සක මේ ලොකෙ ගැන කිසිම දෙයක් නොදන්න කිරි දරුවො මේ විදියට අමානුශික පහත් තිරිසන් විදියට දූශනය කරලා මරන එක ගැන කතා කරන්න එක පර බල්ලෙක් නැ. මමත් හොද බෞද්දයෙක්. මේ පොඩි කාල සීමාවක් ඇතුලත මේ සිද්දි කීයක් වාර්තා වුනාද? කො එක සංගමයක් මේ ගැන කතා කරාද?
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේ වගේ කරන එකෙක් දෙන්නෙක් ප්‍රසිද්දියේ දස වද දීලා එල්ලලා දැම්මා නම් සම්පූර්නයෙන්ම නතර නොවුනත් නිකන්ම මේවා අඩු වෙනවා. එහෙම නැතුව මේ වගේ පාහරයින්ව හිරේ දාගෙන ජීවිත කාලෙටම කන්න බොන්න දිදී ඉදලා හරි යනවද? මුන් වගේ එවුන් හුරතල් කරලා හරි යන්නෙ නෑ. ජීවිත කාලෙටම විදවලා මැරෙන්න දෙයක් කරන්න ඔන

    දැන් නීතියක් කියල දෙයක් නෑනේ බං. ඉතින් අසාදාරනයක් වෙච්ච මිනිස්සුත් දැන් නීතිය ගැන විශ්වාසයක් තියන්නේ නෑ. නීතිය අතට ගන්න සිද්ද වෙනවා. නිකමට හිතපන් අපිට ඔය වගේ දේකට මුණ දෙන්න වුනොත් අපි නීතියෙන් දඬුවම් දෙනකන් බලන් ඉන්නවද බං. ඒක කවදාවත් හරියට සාදාරන විදියට වෙන්නේ නෑ කියල දන්නවනේ. ඉතින් අපිටත් සිද්ද වෙන්නේ හිරේ යන්න බලාගෙන නීතිය අතට ගන්න.
     

    jaliya83

    Junior member
  • Sep 16, 2006
    365
    12
    18
    Melbourne
    machanla mata hithana widiyata me buwa manasika athathiyen idala thiyenawa.wena ratawal wala nam minissunta upades denna manasika doctors la innawa. mona unath mu karapu wede weradi.ape ratawal walatath mental consultants la awashyai. RIP sanduni....
     
    May 19, 2013
    1,864
    81
    0
    මේ වගේ කරන එකෙක් දෙන්නෙක් ප්‍රසිද්දියේ දස වද දීලා එල්ලලා දැම්මා නම් සම්පූර්නයෙන්ම නතර නොවුනත් නිකන්ම මේවා අඩු වෙනවා. එහෙම නැතුව මේ වගේ පාහරයින්ව හිරේ දාගෙන ජීවිත කාලෙටම කන්න බොන්න දිදී ඉදලා හරි යනවද? මුන් වගේ එවුන් හුරතල් කරලා හරි යන්නෙ නෑ. ජීවිත කාලෙටම විදවලා මැරෙන්න දෙයක් කරන්න ඔන
    මේ වගේ උන්ට මරණ දඩුවම ඇත්තටම හොඳ වැඩියි.
     
    ගෑනු සිය ගානක් දුෂනය කරපු, විදේශික කාන්තවක් දුෂනය කරල පෙම්වතාව මරපු, සහ එකී මෙකී නොකී රජාගෙ ආණ්ඩුවට සම්බන්ද උන්ට දඬුවම් දුන්නේ නැති එක කොච්චර වැරදි පුර්වාදර්ශයක්ද
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    පිස්සු පුසා;15500059 said:
    ගෑනු සිය ගානක් දුෂනය කරපු, විදේශික කාන්තවක් දුෂනය කරල පෙම්වතාව මරපු, සහ එකී මෙකී නොකී රජාගෙ ආණ්ඩුවට සම්බන්ද උන්ට දඬුවම් දුන්නේ නැති එක කොච්චර වැරදි පුර්වාදර්ශයක්ද

    2013_08_24_104843.png
     

    mama gona

    Banned
    Aug 21, 2013
    223
    9
    0
    man kalinuth kiwwa wage mewage wada wenna nuugath,moda gam pathi wela..
    gas gal adahana nugaththun innakan owa hadanna ba....:sorry::no:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ කලියුග කාලෙ මිනිස්සු පිරිහෙනව මනුස්ස ගති නැතිවෙනව ආයුස පිරිහෙනව දුසිරිත රජ කරනව මෙව හින්ද පරමායුෂ අවුරුදු 10 යනව මේ වගේ දේ වලට තියෙන්නෙ සම්බුද්ධ දේශනාවන් විතරයි.:(:(
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    මේ වගේ කරන එකෙක් දෙන්නෙක් ප්‍රසිද්දියේ දස වද දීලා එල්ලලා දැම්මා නම් සම්පූර්නයෙන්ම නතර නොවුනත් නිකන්ම මේවා අඩු වෙනවා. එහෙම නැතුව මේ වගේ පාහරයින්ව හිරේ දාගෙන ජීවිත කාලෙටම කන්න බොන්න දිදී ඉදලා හරි යනවද? මුන් වගේ එවුන් හුරතල් කරලා හරි යන්නෙ නෑ. ජීවිත කාලෙටම විදවලා මැරෙන්න දෙයක් කරන්න ඔන

    eken ma machan eka thama karanna one.mewage dewal karana kota lankawata mokak da wenne. me wage dewal issarahata apita ahanna wena eka aniwa wadi wei