මලක්_වගේ_පේන_ගල්_මල්[කොල්ලො ටික වරෙව්]
මේ මාතෘකාව ගැන ගොඩ දවසක ඉඳලා මේකට දාන්න හිටියත් මේක ලියන්න අවශ්‍යය වෙච්ච ලිපිය මගේ අතින් පොඩ්ඩක් මිස් ප්ලේස් වුන නිසා පරක්කු වුනා
ආයේ කනාවට හම්බුන පාර පොඩ්ඩක් මේක ගැන දාන්න හිතුනා. කොල්ලෝ/කෙල්ලෝ කියවලාම බලන්න. ඇත්ත නැත්ත ගැන කතා කරමු. කියවන්න කලින් කියන්න ඕනේ. මෙතන තියෙන්නේ බහුතරයක් කෙල්ලන් ගැන මිසක් හැම කෙල්ලගෙම ගති ගැන නෙමෙයි. මෙහෙම නොවන කෙල්ලොත් ඉන්නවා ඇති වෙනකන් 
නැත්තම් අන්තිමට මට බනියි 

මේ ලඟකදි අහන්න ලැබුණා ලංකාවේ ප්‍රසිද්ධ ගැහැණු පාසලක 8 වසරේ ගෑණු ළමයි තුන් දෙනෙක් කනේරු ඇට කාලා කියලා. තුන් දෙනාගෙන් එක්කෙනෙක් මැරුණා. දෙන්නෙක් ජීවත් වුනා. හේතුව තමා ලවු හුටපට. මෙච්චර පොඩි වයසට ඒ වගේ මෝඩ තීරණ ගන්න එක ගැන කාට චෝදනා කරන්නද? සමාජෙටද? මාධ්‍යයටද? එහෙමත් නැත්තම් ඒ අයටද?
ජීවත් වීම, ආදරය කිරීම, ආදරය සමඟ ජීවත් වීම කියන්නේ එකිනෙකට වෙනස් කාරණා තුණක්. ඔය කාරණා වලින් පළවෙනි කාරණා දෙක ගැන විතරක් සලකන අයට තමා ගොඩක්ම ප්‍රශ්න එන්නේ. ඒ එකම දෙයක් මත්තේ නැහෙන නිසයි. එහෙම නෙමෙයි. හැමදේකම ගාණක් තියෙන්න ඕනේ. ආදරය නැති වුනා කියන්නේ ජීවිතේ නැති වුනා කියන එක නෙමෙයි. ඒ නිසා ජීවත් වෙලා වැඩක් නෑ කියලා සියදිවි හානි කරන්න එක මෝඩම වැඩක්. මොළේ ඇති කෙනා කරන්නේ ඔය දෙකම හරි විදියට බැලන්ස් කරන් යන එක. ඒ කියන්නේ ආදරය සමඟ ජීවත් වීම කියන එක. කෙනෙක්ට කියන්න පුලුවන් ඔය කතා හරියන්නේ හුදෙක්ම සෛද්යාන්තික පැත්තෙන් විතරයි කියලා. නැහැ. සිද්ධ වෙන්න පුලුවන් වැරදි ගොඩක් අවම කරගන්න පුලුවන් මේ දේවල් ගැන හරියට හිතුවොත්. ගොඩක් දෙනෙක් කරන්නේ මොකක් හරි ගොන් වැඩක් කරලා ඇයි කරේ කියලායි, නැතුව මේ දේ කරොත් මේ මේ ප්‍රතිඵල ලැබෙනවා කියන න්‍යායෙන් නෙමෙයි.
තරුණ කාලේ හැමෝම (බහුතරයක්) ආදරේට ලෝබ වෙනවා. දකින දකින කෙල්ලො හැමෝටම නැතත් හත් අට දෙනෙක්ට හරි ලවු කරනවා. පොඩ්ඩක් හරි ගට තියෙන එකා හරි යන එකක් හරියාවේ කියලා අහනවා. සමහර අයට හාවා හඳ දකිනවා වගේ අහන එකම එකක් කැමති වෙනවා. තවත් සමහරුන්ට සිකුරට වගේ අහන අහන කෙනා කැමති වෙනවා. ඒ වුනාට මේ කාලෙදි ජීවිතේ බරක් පතලක් තේරෙන්නේ නෑ. දෙන්න එක්ක අතන මෙතන රස්තියාදු වෙනවා. අනේ අපිට ප්‍රයිවසි ඕනේ කියලා රූම් යනවා. එක්කෝ ෆිල්ම් හෝල් එකකට රිංඟයි. ඒ මොකුත්ම නැත්තම් කොළඹ නුවර ඒසී බස් එකකට හරි නඟිනවා. ගොඩක් අය අතට හම්බෙන හැම තුට්ටුවම වියදම් කරනවා. ගෙදර අම්මා පොල් සම්බෝලයි බතුයි කද්දි කෙල්ලට වෙට් නැප්ස්, නේල් පොලිශ්, ලෝශන් අරන් දෙනවා. එක්ස්පෙන්සිව් ගිෆ්ට්ස් ගෙනිහින් දෙනවා. තරුණකාලේ කියන්නේ ඉක්මනට ගෙවිලා යන දෙයක්. පාසලෙන් අයින් වුනාට පස්සේ කසාද බඳිනකන් වගේ මේ තරුණ කාලේ ඉතාමත් කෙටි අවුරුදු 4,5 කට සීමා වෙනවා. මේ කාලේදි කෙනෙක් ගන්න තීරණ මත ඒ කෙනාගේ මුලු ජීවිතේම වෙනස් වෙනවා. ඒ කාලේදි කරන ගොඩක් දේවල් වලට විඳවන්න වෙන්නේ පසුවට. ඒ නිසා තරුණ කාලේ ඔබ සොයා ගන්නා ගැහැණු දරුවා ගැන ඔබ ඉතාමත් පරිස්සමට සොයා බලන්න ඕන. මොකද බැන්ඳට පස්සේ ඔය දාන සෙල්ලම් එකක් වත් දාන්න බෑ. හිතූ හිතූ සෙල්ලම් දාන්නත් බෑ. ගොඩක් අය හිතන් ඉන්නේ බැන්ඳට පස්සේ පුරුෂාධිපත්‍යය නිසා අවුලක් යන්නේ නෑ කියලයි. බිරිඳගේ අල්ලේ නටන්න වෙනකන්ම ඒ දේ තේරුම් ගන්නේ නෑ.
අද කාලේ ගොඩක් කොල්ලෝ රැවටෙන්නේ පිට ඔපේට සහ බාහිර ආටෝප හැසිරීම් වලට. වැඩිම ඉල්ලුමක් තියෙන්නේ එහෙව් දේවල් වලට. කොටින්ම කියනවා නම් ට්‍රෙන්ඩ්ස් කීයක් නම් එනවාද සැරින් සැරේ. ඒ නිසාම වත්මන් සමාජයේ යුවතිය, තරුණිය කියන සංකල්පය ඉතාම ආකර්ෂණිය සරුංගල් පාට එකක්. ඇගේ ආයිත්තම්, රූපලාවන්‍යය, ඇඳුම් පැලඳුම්, ගමන් විලාසය, හැසිරීම පවා හැඩ ගැහිලා තියෙන්නේ කොල්ලන්ව පිස්සු වට්ටන විදියට තමා. MC එක පැත්තේ, ලිබර්ටි එක පැත්තේ, යුනිටි එක පැත්තේ, කැරකුනොත් මේ කියන තත්වේ ගැන වටහා ගන්න පුලුවන්. එහෙම් පිටින්ම මල් ගොඩයි. පාට, සුවඳ, පෙනුම, හැසිරීම සුරංඟනාවන්ට දෙවෙනි නෑ. නමුත් ඔවුන් ඇත්තටම සුරංඟනාවියොන්ද? නෑ. ඒ එදා දවසේ ඔවුන් රඟපාන චරිතය තමා. ගල් කැටයක් පෑඟුනොත් ඌයි කියනවා, ටයර් ගඳක් ආවොත් ඔක්කාරෙට එනවා, ලස්සන බලු පැටියෙක් නිකන් දැන්වීමක හරි දැක්කොත් හවු ස්වීට් කියනවා, ඇඳුමේ මඩ පැල්ලමක් ගෑවුනොත් මැරෙන්න හදනවා, වැරදිලා මිනිහෙක් ඇඟේ හැප්පුනොත් මලක පෙති තැලුනා වගේ අඬනවා. ඒ එයාලා දායාද කරගත්ත සුරංඟනා චරිතයේ පිටපතේ හැටි. තනිකරම වැඩේ දුවන්නේ කලින් රචනා කරපු පිටපතකට අනුවයි. ඒ පිටපත ගැන එයාලට, මාධ්‍යය වලින්, සිනමා ජවනිකා වලින්, විලාසිතා වලින් ඒ ඒ තැනට යවනවා. බහුතර කලා මාධ්‍යය පවා මේවාට වගකිව යුතුයි. කෙනෙක් කියයි ඔව් ඉතින් කෙල්ලෙක් වුනාම විලාසිතා කරන්න ඕනේ කියලා. ඔව්. කරන්න ඕනේ තමයි. ඒ වුනාට මෙතන කියන්නේ ඒ විලාසිතාව දාන කෙල්ල කරන ෆැන්ටසි එකේ කොල්ලාව කොටස් කාරයෙක් නොවන්න හොයා බලන්න ඕනේ මොනවාද කියන එකයි. ඒ කෙල්ලගේ යතාර්ථය ගැන හිතවන්න පුරුදු කරන එකයි.
ඉතින් ඒ වගේ ගෑණු ළමයෙක් දකින කොල්ලන්ට හිතෙන්නෙත් අනේ මටත් මෙහෙම එකක් ගෙනිහින් ගෙදර තියාගන්න තිබුණා නම් මං මලක් වගේ බලාගන්නවා කියලා. ඔන්න ඔතන තමා ඉලංදාරින්ට කෙලවෙන තැන. ඔබ මලක් වගේ බලාගන්නම් කියලා දකින සුරංඟනාවි උදේට කාලා එන්නේ ඔබ වගේම ඊයේ රෑ ඉතුරු වුන කරෝල හොද්ද හින්ඳලා පොල් සම්බෝලයි බතුයි වෙන්න පුළුවන්. එයා දාන රඟපෑමට ඔබ හිතනවා ඇති එයා කනවා ඇත්තේ දිව්‍යය ලෝකේ මධාරා මල් පෙති වෙන්න ඇති කියලා. ඒක ඇගේ සහජ රඟපෑමේ, සම්භාව්‍යය නිලිකමේ ප්‍රතිඵලයක්. එහෙව් කෙල්ලෙක්ව යාළු කරගත්තාම තමා කොල්ලෙක්ගේ හොට පැටලෙන්නේ. අතින් අල්ලගෙන පාර පන්නන්නේ. එක්කගෙන යන්නේ ලොකු ලොකු තැන් වලට. දෙන්න වෙන්නේ මිල අධික තෑගි. වෙන කොල්ලෙක් බැලුවත් ඌ එක්ක මරාගන්න යනවා. ඒත් ඇත්තටම කල්පනා කරොත් එයා නැති තැන මෙයා දිහා කවුරු කවුරු බලනවාද, මෙයා කාගේ කාගේ දිහා බලනවාද කියලා දන්නේ නෑ. ලංකාවේ අති බහුතරයක් ගෑණු ළමයි උදේ හීල් බත් එක කාලා පරිස්සමට සල්ලි වියදම් කරගෙන අමාරුවෙන් ජීවත් වෙන අය. පාරෙදි ඔබ දකින මොන ආකර්ෂණිය කෙල්ලෙක්ගේ වුනත් ජීවිත වල දරුණු කඩාවැටීම් තියෙන්න පුලුවන්. මම කියන්නේ ආර්ථික වශයෙන්. හැමෝම සැප විඳපු අය නෙමෙයිනේ. ඔය පාරේ පයින් යන හැම ලස්සන කෙල්ලම පයින් යන්නේ ආසාවටද? ඇයි එයාලා ආස නැද්ද ලෑන්ඩ් කෲසර් එකක, බෙන්ස් එකක යන්න? නැතිකමට දූවිලි වැදි වැදි පුලුවන් විදියට පොශ් විදියට පාටට ඇඳලා ලංඟමේ පැද්දි පැද්දි යනවා. ඒ යන ගමන් පොඩි සුරංඟනා පාර්ට් එකක් දාලා කොල්ලෝ පිස්සු වට්ටනවා. ඒක එයාලගේ ෆැන්ටසි එක වෙන්න පුලුවන්. හැබැයි ඉතින් බලන්න ඕනේ බස් එකෙන් බැස්සාම තියෙන මුහුණ දෙන්න සිද්ධ වෙන යථාර්ථේ ගැන. ඊට පස්සේ මහපොළොව, දූවිලි, හුළඟ, වනචර බැල්මවල්, එහෙන් මෙහෙන් ඇදිලි, ගෙදර ගියාම කන්නේ පරිප්පු එක්ක හාල්මැස්සෝ බැදුම්. රෑ උයන්න ගෙදර අඩුපාඩු ගොඩයි. ඒවා ටිකත් අරගෙන නාගන්න කියලා රුපියල් පහක් දීලා ෂැම්පු පැකට් එකක් අරන් ගෙදර යන්නේ. එතනත් පොඩ්ඩක් යථාර්තය ගැන හිතන්නේ. සැශේ පැකට් එකක තියෙන ෂැම්පු වල ඒ කොලිටියම තියෙනවාද? සල්ලිකාරයෝ කිසිම දේක සැෂේ ගන්නේ නෑ. සැෂේ වල තියෙන්නේ කොලිටි එක අඩුවෙන්. ඒක නිකන්ම නිකන් රැවටිල්ලක්. එහෙව් ගෑණු දරුවෙක්ව ඔබ මලක් වගේ බලාගන්නකොට ඒ කෙල්ලට ඇඬෙනවා සංතෝසෙට. අම්මා තාත්තාවත් දුන්නේ නැති සැප ඔබ දේවි කියලා හීන මාලිගා හදනවා. සමහර අය දැනුවත් හෝ නොදැනුවත්ව ඔලුව අතගගා ඒ හින වලට පණ පොවනවා. සමහර කොල්ලෝ ඒවා ප්‍රයෝජනේට අරගෙන තව තව දේවල් කරනවා. අන්තිමට රැවටුනේ කවුද කියලා දන්නේ නෑ. දෙන්නම අමාරුවේ. ආදරේ වැඩිකමට ජීවිතේට කොලේ වහලා ජීවත් වෙන්න බෑ. පාරේ තොටේ අමාරුවෙන් ජීවත් වෙන දහසකුත් කෙල්ලෝ කොල්ලෝ හම්බෙනවා. ඒ අයගේ ජීවිත වල තියන ප්‍රශ්න මූණු වලින් කියවෙනවා. බොරුවට හුරතල් වෙවි හැමදාම දුක් විඳින්න බෑ. පුහු ආටෝප වලට යට වෙලා ජීවත් වෙන්න බෑ. හැම දෙයක්ම කරන්න ඕනේ තමා. නමුත් සුරංඟනා ලෝක වල ඉඳලා ඒ දේවල් කරන්න බෑ. කෙරෙන්නෙත් නෑ. ඒ නිසා යතාර්ථයට මුහුණ දෙන්න. පොළොවෙ පය ගහන්න. පුහු ආටෝප නැති සරළ කෙල්ලෙක් හොයා ගන්න. කෙල්ලොත් පුලුවන් තරම් පුහු ආටෝප වලින් තොර වෙලා සරළ කෙල්ලෙක් වෙන්න බලන්න. ඒ කියන්නේ විලාසිතා වලින් මිදෙන්න කියන එක නෙමෙයි. බොරු වැඩ නොකර සරළ කෙනෙක් වෙන්න කියන එකයි. තමාට තමන්වම රවට්ට ගන්න එපා. ජීවිතය විඳින්න ඕනේ. ආදරයත් එක්ක ජීවිතේ විඳිද්දී ඒක තවත් ලස්සනයි. ඒ නිසා ඔය දෙක පටල ගන්නේ නැතිව සමබරව තියාගන්න. තෙරුවන් සරණයි.

සමන් එදිරිමුණේගේ ලිපියක් ඇසුරින්
Night Fury විසින් ලියන ලද්දකි.
Night Fury විසින් ලියන ලද්දකි.