මල්ලි වෙනුවෙන් යුතුකම් ඉටුකර අවසන් ගමන් ගිය පුංචි රන්දිය

saffron2017

Well-known member
  • Nov 26, 2017
    1,789
    2,229
    113
    ජීවිතේ දවස ගානේ අපිට අහන්න දකින්න ලැබෙන්නේ බොහෝ කම්පනයට පත්වන පුවත් වීම සැබවින්ම ඛේදනීය තත්ත්වයක් වෙලා.

    ඒ අතරින් සමහර සිදුවීම් අපේ නොවුණත් අපේ තරම්ම ජීවිතයට සමීප වුණ අවස්ථා නැතුවාම නොවේ.

    තර්ස්ටන් විද්‍යාලයේ 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ පුංචි රන්දියගේ කතාවත් ඒ වගේම අපේ නොවී අපේ වුණ සංවේදී කතාවක්.

    මේ කතාව කියන විටත් රන්දිය දහසකුත් බලාපොරොත්තු පොදි බැඳගෙන අපි අතරින් සදහටම නික්ම ගිහින්.

    සල්ලි, බලය, තනතුරු, තත්ත්වය මේ හැමදේම ලොකු ගණන්වලට විකිණෙන කාලේ මනුස්සකම කියන්නේ ගොඩක් වටින දෙයක් බවට පත්වෙලා.

    දරුවන් හාරපන්දහසක් ඉන්න ලංකාවේ ප්‍රසිද්ධ පාසලක් වෙච්ච තර්ස්ටන් විදුහලේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයත් ඒ වගේම මනුස්සකමින් පිරුණු හදවත් ඇති පිරිසක් බව රන්දියගේ කතාව අහන කාටත් නොරහසකි.

    රන්දිය කියන්නේ, තර්ස්ටන් විද්‍යාලයේ 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ කලාවට මෙන්ම ඉගෙනීමට බොහෝ දක්ෂතා තිබූ දරුවෙකි.

    හිටි හැටියේම අසනීප වෙන රන්දිය දරුණු ගණයේ ලියුකේමියා රෝගී තත්ත්වකට මුහුණදීමට සිදුවුණා.

    ඒ නිසාවෙන් ම රන්දියට ඇති ජීවිත අවධානම ගැන දෙමව්පියන්ට දැනුම්දීමට වෛද්‍යවරු කටයුතු කර තිබුණා.

    මේ අතර රන්දියගේ විශේෂත්වයක් වුයේ, අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන කාලය පුරාම මුළු වාට්ටුවම තමන්ගේ වසඟයට ගෙන තිබීමයි.

    ඒ නිසාවෙන්ම වෛද්‍යවරු ඇතුළු හෙදියන් ඔහුට බොහෝ සෙයින් ආදරය, කරුණාව දැක්වුවා.

    රන්දිය පාට කඩදාසිවලින් කරපු ලස්සන ලස්සන නිර්මාණවලින් මුළු වාට්ටුවම හැඩ කරන්න එක මොහොතකටවත් අමතක කළේ නෑ.

    මේ අතරේ රන්දියට පාසලෙන් ඈත්වෙලා ඉන්න සිද්ධවුණත් විදුහල්පතිතුමා සහ ගුරුවරු රන්දියව කිසිදාක තනිකළේ නෑ.

    ඔවුන් සෑමවිටම රෝහලට ගිය අතර, රන්දිය වෙනුවෙන් සෙත්පතා නිතර නිතර බෝධි පුජාද පැවැත්වුවා.

    රන්දියව බලන්න රෝහලට යන ගුරුතුමිය රන්දියට බත් කවන්නේ පුදුමාකාර ආදරයකින්.

    මේ අතරේ එක් දවසක රන්දියව බලන්න ගිය විදුහල්පතිතුමා රන්දියගෙන් අහනවා, "පුතේ... මට මොනවද පුතා වෙනුවෙන් කරන්න පුළුවන්?" කියලා.

    "සර්...මට තව ටික දවසකින් පස්සේ ඉස්කෝලේ එන්න බැරිවෙන්න පුළුවන්...මගේ මල්ලි යන්නේ ගමේ පුංචි ඉස්කෝලෙකට. සර් ට පුළුවන්ද මල්ලිව තර්ස්ටන් එකට ගන්න. මං හරි ආසයි එයා තර්ස්ටන් එනවා දකින්න." මෙහෙම කියන රන්දියගේ ඉල්ලීම ටික දවසකින් ඉටුවෙනවා.

    විදුහල්පතිවරයාගේ සහ ගුරුවරුන්ගේ අසීමිත කැපකිරීම් මැද රන්දියගේ මල්ලි තර්ස්ටන් විද්‍යාලයට ඇතුළු කර ගැනීමට තීරණය වෙනවා.

    ඉතින් මල්ලි තර්ස්ටන් එනවා බලන්න ආසයි කිව්ව රන්දිය ම තමයි මල්ලිව ඉස්කෝලෙට එක්කගෙන එන්නෙත්.

    ප්‍රතිකාර අතරේ ඉස්කෝලෙට එන රන්දිය ව පිළිගන්න එදා ඉස්කෝලෙ උත්සවයකුත් සංවිධාන කරලා.

    ඉතින් මේ හැමදේම රන්දිය හිතුව විදියටම අවසන් වෙද්දි රන්දියට ජීවිතය ගතකරන්න තිබුණ වෙලාවත් කෙමෙන් කෙමෙන් අවසන් වෙමින් තිබුණා.

    හැමකෙනෙක්ගේම ඇස්වලට කඳුළක් එක්කරමින් පුංචි රන්දිය පෙබරවාරි 5 වෙනිදා සදහටම අපි අතරින් සමුගන්නවා.

    රන්දියගේ මතකයන් එක්ක දැන් තර්ස්ටන් විදුහලට එන්නේ රන්දියගේ මල්ලි. අපරිමිත වූ කැපකිරීමක් තුළින් තමා ලැබු ඒ අවස්ථාව පිළිබඳ රන්දියගේ මල්ලි අපට මෙසේ පැවසුවා.

    "මම මේ ඉස්කෝලේට ආවේ අයියා නිසා. අයියා ගොඩක් සතුටු වුණා. අයියා මට වටිනා දෙයක් දීලා ගියා. ඒ තමයි ඉස්කෝලේ. ඒයා අයියා කෙනෙක් නෙමෙයි දෙවියෙක්."

    රන්දිය හදලා දීපු කඩදාසි නිර්මාණය තාමත් විදුහල්පතිතුමාගේ මෙසේ උඩ තියෙන අයුරු එහි යන ඕනෑම අයෙකුට දැක ගැනීමට හැකි වෙනවා.

    "මේක පුළුවන්තරම් කල් මම මෙතනින් තියාගන්නවා. මේසෙන් අයින්කරන්නේ නෑ" රන්දිය ගැන කියද්දි විදුලිහල්පතිතුමා අපට කියන්නේ එහෙමයි.

    රන්දිය ගැන ඒ හිත්වල තියෙන ආදරය හැමදාටම රන්දියව ජීවත්කරවනු නොඅනුමානයි.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,994
    113
    Kandy
    හප්පා, මෙහෙ ඉස්කෝලයක් තියෙනවා. හැම අවුරුද්දෙම එකෙක් ලියුකේමියා හැදිලා පරලොව යනවා
    මොන හෙනයක් ගහලද මන්දා
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,686
    10,280
    113
    up

    හප්පා, මෙහෙ ඉස්කෝලයක් තියෙනවා. හැම අවුරුද්දෙම එකෙක් ලියුකේමියා හැදිලා පරලොව යනවා
    මොන හෙනයක් ගහලද මන්දා
    isakole thyna thana radioactive da danne na!
    ------ Post added on Mar 13, 2023 at 11:32 AM
     
    • Like
    Reactions: Ryan08

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,438
    5,231
    113
    Mage yaluwek nathi una
    Api hithan hitiye hoda wei kiyala,wadiya ganak thibbe na.unge gedrinuth apita kiyala thibbe loku aulak na kiyala.
    Anthimeta nathi unata passe thama unge gedrin kiwe heart eke cancer eka kiyala.aru ekka hariyata katha karewath na
    Kauda danne ithin mareida kiyala
    U cancer hospital eke iddi anthima kaledi uge amma athin kiyala man withralu uta nikamata hari call karala wisthara ahala baluwe anith unta gaanakwath na kiyala

    E dawas wala u talk krpu kellek htya,eki malagedrwath awe na
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    Very sad... The truth is that during the last decade or more, childhood cancers account for a bit more than 3% of all cancers reported in SL and slightly higher among males.
    Kids 0 to 4 years account for 32%, 15 - 19 age about 30%, 10 - 14 about 19%. These figures have been continuously increasing from 2005. Haematological malignancies accounted for 43.2 % of all childhood cancers. Between 0 - 14 age the three leading cancers are leukaemia, central nervous system tumours, and lymphomas.
    I believe India ranks the highest incidence in Asia. In developed countries about 80% of children with cancer are successfully treated and survive. This is not the case in the third world.:(
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,899
    113
    Mage yaluwek nathi una
    Api hithan hitiye hoda wei kiyala,wadiya ganak thibbe na.unge gedrinuth apita kiyala thibbe loku aulak na kiyala.
    Anthimeta nathi unata passe thama unge gedrin kiwe heart eke cancer eka kiyala.aru ekka hariyata katha karewath na
    Kauda danne ithin mareida kiyala
    U cancer hospital eke iddi anthima kaledi uge amma athin kiyala man withralu uta nikamata hari call karala wisthara ahala baluwe anith unta gaanakwath na kiyala

    E dawas wala u talk krpu kellek htya,eki malagedrwath awe na
    Tiyena kaaley hama ekama innawa, kela una dawasata ballekwath ne. Umbala apita hamotama ehema tama ban.

    Podi kaaleynam yalu kam tiyenne bokken. Loku wenna wenna yalukam tiyenne ugen tiyena wadey mokakda kiyana eka uda.
     
    • Like
    Reactions: Yakka putha

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    Very sad... The truth is that during the last decade or more, childhood cancers account for a bit more than 3% of all cancers reported in SL and slightly higher among males.
    Kids 0 to 4 years account for 32%, 15 - 19 age about 30%, 10 - 14 about 19%. These figures have been continuously increasing from 2005. Haematological malignancies accounted for 43.2 % of all childhood cancers. Between 0 - 14 age the three leading cancers are leukaemia, central nervous system tumours, and lymphomas.
    I believe India ranks the highest incidence in Asia. In developed countries about 80% of children with cancer are successfully treated and survive. This is not the case in the third world.:(

    ඉස්සරට වඩා ඉන්සිඩන්ට් වැඩි වෙන්න හේතුව තක්ෂණයේ දියුණුව නිසා වැඩිපුර ඩයග්නෝස්විම.
    අනික ඔයා මෙඩි-රිලේටඩ් නම් දන්නවා ඇතිනේ ,වැඩිහිටියන්ට වඩා ළමයින් අතර බහුලව හමුවන ලියුකේමිය වර්ග තියන බව.

    ඒ වගේම අපේ රෝගින්ගේ පුග්නොසිස් එකත් පසුගිය වසර වල අපි ඉහල මට්ටමකට ගෙනාවා. නමුත් මේ ආර්ථික අර්බුධය⁣ ලොකුවට මිනිස්සුන්ට අරිනවා රජය අවධානය දෙන්නේම නැ. හැමෝම අවධානය දෙන්නේ අපෙක්ෂාවට, නමුත් පිට පලාත්වල වෝඩ්ස් අමාරුවෙන් අදින්නේ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,013
    28,931
    113
    Mama danna lamayek beruna..tawa ekkenek hitiya beranna beri una…leukemia wela types athi..doctors la samanyen kiyenewa beranna puluwanda berida kiyela..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,687
    100,982
    113
    ඉස්සරට වඩා ඉන්සිඩන්ට් වැඩි වෙන්න හේතුව තක්ෂණයේ දියුණුව නිසා වැඩිපුර ඩයග්නෝස්විම.
    අනික ඔයා මෙඩි-රිලේටඩ් නම් දන්නවා ඇතිනේ ,වැඩිහිටියන්ට වඩා ළමයින් අතර බහුලව හමුවන ලියුකේමිය වර්ග තියන බව.

    ඒ වගේම අපේ රෝගින්ගේ පුග්නොසිස් එකත් පසුගිය වසර වල අපි ඉහල මට්ටමකට ගෙනාවා. නමුත් මේ ආර්ථික අර්බුධය⁣ ලොකුවට මිනිස්සුන්ට අරිනවා රජය අවධානය දෙන්නේම නැ. හැමෝම අවධානය දෙන්නේ අපෙක්ෂාවට, නමුත් පිට පලාත්වල වෝඩ්ස් අමාරුවෙන් අදින්නේ
    Mokada me lede hedena hethuwa. Mama kalin hithana hitiye ekama laga nadayo bandama hedena ledak kiyala