ජීවිතේ දවස ගානේ අපිට අහන්න දකින්න ලැබෙන්නේ බොහෝ කම්පනයට පත්වන පුවත් වීම සැබවින්ම ඛේදනීය තත්ත්වයක් වෙලා.
ඒ අතරින් සමහර සිදුවීම් අපේ නොවුණත් අපේ තරම්ම ජීවිතයට සමීප වුණ අවස්ථා නැතුවාම නොවේ.
තර්ස්ටන් විද්‍යාලයේ 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ පුංචි රන්දියගේ කතාවත් ඒ වගේම අපේ නොවී අපේ වුණ සංවේදී කතාවක්.
මේ කතාව කියන විටත් රන්දිය දහසකුත් බලාපොරොත්තු පොදි බැඳගෙන අපි අතරින් සදහටම නික්ම ගිහින්.
සල්ලි, බලය, තනතුරු, තත්ත්වය මේ හැමදේම ලොකු ගණන්වලට විකිණෙන කාලේ මනුස්සකම කියන්නේ ගොඩක් වටින දෙයක් බවට පත්වෙලා.
දරුවන් හාරපන්දහසක් ඉන්න ලංකාවේ ප්‍රසිද්ධ පාසලක් වෙච්ච තර්ස්ටන් විදුහලේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයත් ඒ වගේම මනුස්සකමින් පිරුණු හදවත් ඇති පිරිසක් බව රන්දියගේ කතාව අහන කාටත් නොරහසකි.
රන්දිය කියන්නේ, තර්ස්ටන් විද්‍යාලයේ 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ කලාවට මෙන්ම ඉගෙනීමට බොහෝ දක්ෂතා තිබූ දරුවෙකි.
හිටි හැටියේම අසනීප වෙන රන්දිය දරුණු ගණයේ ලියුකේමියා රෝගී තත්ත්වකට මුහුණදීමට සිදුවුණා.
ඒ නිසාවෙන් ම රන්දියට ඇති ජීවිත අවධානම ගැන දෙමව්පියන්ට දැනුම්දීමට වෛද්‍යවරු කටයුතු කර තිබුණා.
මේ අතර රන්දියගේ විශේෂත්වයක් වුයේ, අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන කාලය පුරාම මුළු වාට්ටුවම තමන්ගේ වසඟයට ගෙන තිබීමයි.
ඒ නිසාවෙන්ම වෛද්‍යවරු ඇතුළු හෙදියන් ඔහුට බොහෝ සෙයින් ආදරය, කරුණාව දැක්වුවා.
රන්දිය පාට කඩදාසිවලින් කරපු ලස්සන ලස්සන නිර්මාණවලින් මුළු වාට්ටුවම හැඩ කරන්න එක මොහොතකටවත් අමතක කළේ නෑ.
මේ අතරේ රන්දියට පාසලෙන් ඈත්වෙලා ඉන්න සිද්ධවුණත් විදුහල්පතිතුමා සහ ගුරුවරු රන්දියව කිසිදාක තනිකළේ නෑ.
ඔවුන් සෑමවිටම රෝහලට ගිය අතර, රන්දිය වෙනුවෙන් සෙත්පතා නිතර නිතර බෝධි පුජාද පැවැත්වුවා.
රන්දියව බලන්න රෝහලට යන ගුරුතුමිය රන්දියට බත් කවන්නේ පුදුමාකාර ආදරයකින්.
මේ අතරේ එක් දවසක රන්දියව බලන්න ගිය විදුහල්පතිතුමා රන්දියගෙන් අහනවා, "පුතේ... මට මොනවද පුතා වෙනුවෙන් කරන්න පුළුවන්?" කියලා.
"සර්...මට තව ටික දවසකින් පස්සේ ඉස්කෝලේ එන්න බැරිවෙන්න පුළුවන්...මගේ මල්ලි යන්නේ ගමේ පුංචි ඉස්කෝලෙකට. සර් ට පුළුවන්ද මල්ලිව තර්ස්ටන් එකට ගන්න. මං හරි ආසයි එයා තර්ස්ටන් එනවා දකින්න." මෙහෙම කියන රන්දියගේ ඉල්ලීම ටික දවසකින් ඉටුවෙනවා.
විදුහල්පතිවරයාගේ සහ ගුරුවරුන්ගේ අසීමිත කැපකිරීම් මැද රන්දියගේ මල්ලි තර්ස්ටන් විද්‍යාලයට ඇතුළු කර ගැනීමට තීරණය වෙනවා.
ඉතින් මල්ලි තර්ස්ටන් එනවා බලන්න ආසයි කිව්ව රන්දිය ම තමයි මල්ලිව ඉස්කෝලෙට එක්කගෙන එන්නෙත්.
ප්‍රතිකාර අතරේ ඉස්කෝලෙට එන රන්දිය ව පිළිගන්න එදා ඉස්කෝලෙ උත්සවයකුත් සංවිධාන කරලා.
ඉතින් මේ හැමදේම රන්දිය හිතුව විදියටම අවසන් වෙද්දි රන්දියට ජීවිතය ගතකරන්න තිබුණ වෙලාවත් කෙමෙන් කෙමෙන් අවසන් වෙමින් තිබුණා.
හැමකෙනෙක්ගේම ඇස්වලට කඳුළක් එක්කරමින් පුංචි රන්දිය පෙබරවාරි 5 වෙනිදා සදහටම අපි අතරින් සමුගන්නවා.
රන්දියගේ මතකයන් එක්ක දැන් තර්ස්ටන් විදුහලට එන්නේ රන්දියගේ මල්ලි. අපරිමිත වූ කැපකිරීමක් තුළින් තමා ලැබු ඒ අවස්ථාව පිළිබඳ රන්දියගේ මල්ලි අපට මෙසේ පැවසුවා.
"මම මේ ඉස්කෝලේට ආවේ අයියා නිසා. අයියා ගොඩක් සතුටු වුණා. අයියා මට වටිනා දෙයක් දීලා ගියා. ඒ තමයි ඉස්කෝලේ. ඒයා අයියා කෙනෙක් නෙමෙයි දෙවියෙක්."
රන්දිය හදලා දීපු කඩදාසි නිර්මාණය තාමත් විදුහල්පතිතුමාගේ මෙසේ උඩ තියෙන අයුරු එහි යන ඕනෑම අයෙකුට දැක ගැනීමට හැකි වෙනවා.
"මේක පුළුවන්තරම් කල් මම මෙතනින් තියාගන්නවා. මේසෙන් අයින්කරන්නේ නෑ" රන්දිය ගැන කියද්දි විදුලිහල්පතිතුමා අපට කියන්නේ එහෙමයි.
රන්දිය ගැන ඒ හිත්වල තියෙන ආදරය හැමදාටම රන්දියව ජීවත්කරවනු නොඅනුමානයි.