මලාට_පස්සෙ

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    Hell.jpg

    මම මැරුණනේ... !
    මැරිච්ච ගමන් මාව ඇදිලා ගියේ අපායට.. අපි ඉතින් ආගමක් ඇදහුවෙ නැති උන් නෙ ආයුබොවන්ඩ..!.. නෝ චාන්ස්.. එකෙන්ම අපායට...

    අපායට ඇතුල් වෙන තැනටත් ආවයි කියමුකො.. වැල් පුටුවකුයි, මේසෙකුයි දාගෙන එතන ඉඳගෙන ඉන්නවා මූණෙ ලේ පොදක් නැති අම්මණ්ඩි කෙනෙක්... ගෑණු, මිනිස්සු අම්බ පෝළිමක් ඉන්නවා ඉදිරියෙන්.. වංගු පහක් විතර පෝලිම....ඔය හැම ජාතියකටම, හැම හමේ පාටකටම අයිති මිනිස්සු, ගෑණු, පොඩි උන් පවා එතන හිටියා...

    ඔය එක සැරේ රොත්ත පිටින් අබාවප්පාප්ත වෙලා එකටම අපායට ආපු උන්ට මාර පල්ලම.. උන් එකා එකාව පෝලිමේ තියලා, අනිත් උන් ගිහින් අයිනෙ කණ්ඩි කෑල්ලක් උඩ ඉඳගන ඉන්නවා.. අර හිටගෙන පෝලිමේ ඉන්න එකාට මහන්සි උනාම ටිකකින් අරින් එකෙක් ඇවිත් උගේ ප්ලේස් එක ගන්නවා.. ඌ ගිහිල්ලා ඉඳගන්නවා...

    මම මැරුණෙ තනියමනෙ... මට ඉතින් ෆුල් පෝරියල් එකම තනියෙන් කන්න උනා.. හිටගෙන ඉන්නවා ඉන්නවා පැය ගාණක්.. කකුල් දෙක දැන් තිබ්බට නෑ වගේ... පෝලිමේ ඉන්නකොටත් මෙහෙම කට්ටක් නම් කන්න තියෙන්නෙ, ඇතුලට ගියාම මොන වගේ දුක් ඇත්ද කියලා බයේ වෙව්ල වෙව්ල හිටියා..

    කාකි කිට ගහගත්තු ගොරක කෑල්ලක් වගේ නහයක් තියෙන යම පල්ලෙක් ෆෝම් මිටියක් උස්සගෙන ආවා...
    "මොනවද බන් ? මුන්ට දීලා දානවකෝ.. තමුසෙ කොහෙද ගියේ? " කවුන්ටරේ හිටපු යම පල්ලි බාල්දියක් පිහියකින් හූරනව වගේ වොයිස් එකකින් සැර දැම්මා...
    "පට් ගාලා බෙදනව මිසී..!.. චූ පාරක් දාන්න ගියා"...
    "මම මේ උඹට හොඳට කියන්නෙ... කෑම වෙලාව එනකල් ඕක අල්ලගෙන ඉන්න බැරි උඹ පොඩි බබෙක් නෙමෙයිනෙ.. උඹ ගිය අතරේ සුපවයිසර් ආවා නම් මම මොනවද කියන්නෙ... ?.. වෝඩ් කරගන්න උන්ගෙ ෆෝම් නැත්තෙ ඇයි ඇහුව නම් මොකද කරන්නෙ...?.. උඹ දන්නවනෙ ඕකා ගැන.. ආයෙ මිනිහෙක්ගෙ බඩට ගහන්න චෑන්ස් එකක් ආවොත් ඊට වඩා සැපතක් නෑනේ ඌට...? "
    බැණුම් අහගත්තු යමපල්ලා එකසිය ගාණට පෝලිමේ හිටපු අපිට පෝම් වගයක් බෙදාගෙන බෙදාගෙන ගියා.. "මිසී කියන කල් පුරවන්න එපා.. ඔහොම තියා ගන්නවලා... "

    යාන්තම් ඉඳල ඉඳල මගේ වාරෙ ආවා...
    "තමුන්ගෙ නම? "
    "වාසල බණ්ඩාර වළව්වේ අරුණාරච්චි සමරකෝන්ලාගේ ධාර්මිෂ්ඨ දේශප්‍රිය පුදුමසේන සමරකෝන් "...
    "ධාර්... මොක්.. මොකා කිව්වා?... ආයෙත් කියනව බලන්න.. මොකක්ද මනුස්සයො ඒ නම...? "
    ""වාසල බණ්ඩාර වළව්වේ අරුණාරච්චි සමරකෝන්ලාගේ ධාර්මිෂ්ඨ දේශප්‍රිය පුදුමසේන සමරකෝන් "

    "තමුසෙ සුවර් එකටම ලංකාවෙන් වෙන්න ඇති.. නමක් දානවා කියලා ඔය වගේ ජාතක කථා දාන්නෙ තමුසෙලගෙ රටේ තමයි.. දැන් බලනවා.. ෆෝම් එකේ නමට දීපු තීරුවෙ ඉඩ මදි තමුසෙගෙ නම ලියන්න... එළියෙන් ලිව්වොත් මැෂින් එක ස්කෑන් කරන්නෙ නෑ... දැන් මම මොකක්ද කරන්න ඕන..? .. එහෙම නෙමෙයි.. මම තමුසෙට වෙන නමක් දෙන්නම්.. ඕක හරි යන්නෙ නෑ.. නැත්තන් එච්.ආර් එකේ එවුන්ට පිස්සු හැදෙයි තමුසෙගෙ නම ලියන්නම ගිහින්.. අනික ඒක තමුසෙටත් ලේසි වෙයි මේ පතරංගෙ අදිනවට වඩා... අද ඉඳලා තමුසෙගෙ නම පුදුමසේන සමරකෝන්.. ආ මේක අරගෙන ගිහින් ඔය වම් පැත්තෙ කොණේ කාමරේ ඉන්න මහත්තයව හම්බ වෙනවා.. " .. ඒ අම්මණ්ඩි මගේ නොපුරවපු පෝම් එකට දඩස් ගාලා සීල් එකක් ගැහුවා... සීල් එකේ උඩ "ශ්‍රී ලංකා" කියල ගහල තිබ්බා..

    ජීවත්ව ඉන්න කාලෙ කරපු සේරම පව් වලට බැස්ටියල් එක කන හැටි හිතින් මවාගෙන කකුල් දෙක මැඩ්ලින්ග් ගගහ, දාඩිය වැක්කෙරි, වැක්කෙරි අර කිව්ව කාමරේ පැත්තට ගියා.. මාව පහු කරගෙන ගියපු සුලු සේවක යම පල්ලෙක් පොඩි කිණ්ඩි බැල්මට් එකක් දැම්මා..
    "ඔව් ..? "
    "අර මිසී කිව්වා අර කොණේ කාමරේ මහත්තයව... "
    "කෝ ගන්නව බලන්න ඕක මෙහාට.. ආ.. මේ ලංකාවෙන් නෙ.. ඒ මිස්ට වැරදිලා.. තමුසෙ ලෝකල්.. ඔය මහත්තයා බලන්නෙ ෆොරීන් කේස්.. තමුසෙ මේකත් අරන් ඔතනින් ඔහොම ගිහිල්ලා දිගටම වමට හැරිලා, කාමර පේළියෙන් එළිය පැත්තෙ අයිනෙම තියෙන එකට යනවා... එතන ඉන්නවා තට්ටෙ තියෙන ටිකක් මහත මහත්තයෙක්.. ඒ මහත්තයට පෙන්නනවා.. "
    "හොඳමයි" මම බය පක්ෂපාතව හිස වැනුවෙමි.. අපායට ආව නම් මුන්ව ෂේප් එකේ තියා ගන්න එපැයි.. නැත්තන් කන්න තමා වෙන්නෙ..
    කොහොමින් කොහොම හරි කාමරේට ගියා.. වයසක ආච්චි කෙනෙක් එතන ඉන්නවා බංකුවක ඇලවෙලා.. මාව දැක්කා විතරයි උන්දෑ අමාරුවෙන් අමාරුවෙන් නැගිට ගත්තා... චීත්තෙයි හැට්ටෙයි ඇඳලා හිටපු නිසා උන්දෑ ලංකාවෙන් කියලා මට වැටහුණා...
    "මහත්තය ඇතුලෙ ඉන්නවද නැන්දෙ?"
    "ඔහෙ නෑ පුතේ.. මහත්තයා දිව්‍ය ලෝකෙ ගිහින් කියලා කවුදෝ මන්දා යම පල්ලියෙක් කථා වෙනවා ඇහුණා.. එන්න තව පැයක් විතර යයිලු... "
    "නැන්දට මොකක්ද ප්‍රශ්ණෙ..."

    " අනේ පුතේ මම මැරුණේ එකදාස් නවසිය හතළිස් පහේ... ගමේ ජීවත් වෙලා ඉන්න කල් කේළම් කිය කිය ඉඳලා තමා මෙහේ ආවෙ.. දැන් අවුරුදු ගාණක් උනා.. තාම මුන් මට මව් කුසක් හරි ගස්සලා දුන් නෑනේ උපදින්න.. "නම තියෙනවා ලැයිස්තුවෙ, කථා කරන තුරු ඉන්න" කියලා හැමදාම ගන්ධබ්බ ආත්මේට ඕන කරන මොනව හරි "කර්ම ශක්තිය" ටිකක් දීලා යවනවා.. මට පස්සෙ අපායට ආපු අය කීප දෙනෙකුත් දැන් අලුත් ආත්ම වල ඉපදිලා... මම මේ බලා ඉන්නෙ අදවත් මේක පිළිවෙලක් වෙන හැටියක් ගැන කථා කරයිද කියලා...
    ඔන්න එතකොටම කොණ්ඩෙ තෙල් ගාලා අලවලා පැත්තට පීරපු උස මහත මහත්තයෙක් ath දිග සුදු කමිසෙකුත් ඇඳගෙන ඇවිත් කාමරේට ඇතුල් උනා...

    "මහත්තයා ආවා!" කියාගෙන ආච්චි හරි බරි ගැහිලා ඉඳගත්තා..
    "ඊළඟ...!" කාමරෙන් යමපලු ළමිස්සියෙක්ගෙ වොයිස් එක ඇහුණා... ආච්චි ඇතුලට ගියා... මම බංකුව උඩ උඩු බැලි අතට හාන්සි වෙලා ජීවත්ව හිටපු කාලෙ කියපු කරපු දේවල් මෙනෙහි කරන්න පටන් ගත්තා... දන්නෙම නැතුව නින්ද ගියා...

    "අනේ මට වතුර...!" කියලා සද්දෙකින් මාව උඩ ගිහින් වහළෙ වැදිලා බිමට වැටුණා...
    "වතුර, වතුර..!.. කොයි වෙලෙත් වතුර... ඔය ප්‍රේතාත්මෙට වතුර බොන්න අකැපයි කියලා වතාවක් කියල ඇති නේද...?.. මේක ගෙදර නෙමෙයි, අපාය ..!.. තේරුණාද...? .. වධ දෙන්න එපා.. !" ගෑණු කට හන්ඩ්නකින් ගෝරනාඩුවක් ඇහුණා...
    "ඊළඟ...!.. " ... අර ආච්චි අම්මා වෙව්ල වෙව්ල එළියට ආවා...
    ඊළඟට මගේ වාරෙ.. නැගිටල කාමරේ දිහාට යන ගමන් ආච්චිට කිට්ටු වෙලා " වැඩේ හරිද?" කියලා රහසින් වගේ ඇහුවා..

    "අපොයි මොන පුතේ.. !.. අදත් මේ ගන්ධබ්බ භවයට ඕන කරන ශක්තිය ටිකක් දුන්නා.. වැඩේ හරි නෑ තාම... "
    මම කාමරේට ඇතුල් උනා.. ටිකක් තරුණ පහේ යමපල්ලියක් එක්ක යම නිලධාරියෙක් කාමරේ ඉන්නවා... මාව දැකලා කථා නොකරම ෆෝම් එක බලන්න ඉල්ලුවා අතින් ...
    "හ්ම්... කොයි කාලෙ ඉඳලද පවු කරන්න පටන් ගත්තෙ?"
    "අවුරුදු තිහකට විතර කළින් ඉඳල සර්... !"

    "පොඩ්ඩක් වත් කල්පනා කලේ නෑ මෙහෙම වෙයි කියල නේද?... බණ අහල තියෙනව දෙවතාවක්... හාමුදුරුවො මොකද කිව්වෙ? "
    "පවු නොකර පරිස්සම් වුනේ නැත්තන් අපායෙ යයි කිව්වා සර්"
    "ඉතින් ඒකනෙ මනුස්සයො... !.. පරිස්සම් වෙලා නෑනේ... මේ රිපෝට්ස් වලින් මට කියන්න පුලුවන්.. තමුසෙට කියල තියෙද්දිත් එකසිය ගාණට පවු කරලනෙ... මේ .. එක දිගට පවු කරලා... සිරිපාදේදි කට වරද්දගත්තුවා කවුන්ට් එක හතරයි... දෙමාපියො එක්ක කට ගහගෙන ගිය කවුන්ට් එක එකසිය පහයි... කැම්පස් කාලෙ අනුරාධපුරේ ගිහින් කුට්ටම් පොකුණ ළඟ යාලුවො එක්ක වෑන් එකේ තියන් සෙට් වෙච්ච ඒවා කවුන්ට් එක එකයි... කෑලි එක්ක රූම් ගහපුවා, ගල්.. නෑ ඒවා ඕන නෑ.. අයිසෙ තමුසෙ ඔහොම ඉන්නව පුදුමයි... "

    "සර් .. මව් කුසවල ඉඩ නෑ මේ වෙලාවෙ".. යම පල්ලි මැද්දට පැන්නා...
    "ආහ්.. එහෙමද?.. මේ වෙලාවෙ මට තමුසෙ වෙනුවෙන් මීට වඩා කරන්න දෙයක් නෑ... මම දැනට තමුසෙට ගන්ධබ්බ තත්වය පවත්ව ගන්න අවශ්‍ය කර්ම ශක්තිය ටිකක් දෙන්නම්... මේ ෆෝම් එක පුරවලා හතරයි එක කාමරේ ඉන්න නෝනට බාර දෙන්න.. මවු කුසක් ලෑස්ති වෙච්ච ගමන් අපි තමුසෙට කථා කරන්නම්.. "

    "අනේ සර් මට මෙහෙම ඉන්න අමාරුයි සර්... මට ආයෙත් ජීවිතයක් ඕන... "
    "කාටත් අමාරුයි තමයි ඔහොම ඉන්න මනුස්සයො.. මේව ඉතින් තමුසෙලගෙම වැරදි නෙ.. තමුසෙලා කිව්වට අහන්නෙ නෑනේ.. පින් කරල, පවු නොකර පරිස්සම් උනා නම් මැරණත් මෙහෙ එන්න වෙන්නෙ නෑනේ.. හා .. හා යනව යනවා.. ඊළඟ...! "

    ඇප කැන්සල් වෙච්ච මම එළියට ආවා... බිත්ති කණ්ඩියක් උඩ තියාගෙන අමාරුවෙන් මහා පතරංග ෆෝම් එකත් පුරවලා ඒකත් අරගෙන හතරයි එක කාමරේට පාවෙලා ගියා... ( මම දැන් ගන්ධබ්බයෙක් නෙ.. ) ...
    එතන හිටියා මැදි වයසෙ මහත්තයෙක්... ඒ මහත්තයා තනියෙන් කියෝ කියෝ හිටියා...
    " මේ අන්කල්.. ඇහුවට තරහ වෙන්න එපා.. මොකද ඔය තනියෙන් කියවන්නෙ..?"
    " ආහ්.. නෑ පුතා.. මම මේ මිනිස් ලොව ඉන්න මගේ පුතාටයි, දුවටයි හීනෙන් කථා කරනවා.. !... ම්... පුතා කියනවා මෙතන බලාගෙන හිටියොත් මේ වැඩේ කර ගන්න හම්බ වෙන්නෙ නැහැල්ලු... දිනේට දානයක් දීලා පින් ටිකක් එවන්නම් ලු... දිව්‍ය ලෝකෙට ගිහින් වැඩේ කර ගන්නලු... දුව කියනවා කොච්චර පින් ගියත් කමක් නෑ මෙතන රස්තියාදු නොවී දිව්‍ය ලෝකෙට ගිහින් පුනර්භවයක් එහෙන් හදා ගන්න කියලා.. නොමිලෙ කරගන්න ඕන, නොමිළෙ කරගන්න ඕන කියලා දැන් තාත්තා අවුරුදු පහළොවක් තිස්සෙ ඔතන නේද කියල අහනවා.. "

    "ඉතින් අන්කල් දිව්‍ය ලෝකෙන් එහෙම කර ගන්න පුලුවන්ලුද අපි වගේ නිරි සත්වයන්ටත්...? "
    " මොකද බැරි..?.. පින් තමා තියෙන්න ඕන... පින් තියෙනව නම් ගිය ගමන් සුටුස් ගාලා කරල දෙයි...පුතා නම් කියන්නෙ "තාවතින්සෙන්" කර ගන්න කියලා... එතන හොඳයිලු.. මේ අපායෙ මහත්තුරු කීප දෙනෙකුත් එතනට එනවලු... "
    මේක හරි යන්නෙ නෑ.. සංසාරේ පුරාපු පින් සේරම ගියත් කමක් නෑ රස්තියාදු නොවී මේ ගන්ධබ්බ ආත්මෙන් මිදෙන්න ඕන කියල හිතාගෙන මම ඕන දෙයක් කියලා තාවතින්ස දිව්‍ය ලෝකය පැත්තට ගියා...

    හප්පට.. බලන්න එපැයි.. ඒක නම් දිව්‍ය ලෝකයක්ම තමා.. කවුන්ටර් වල පෝලිමක් තිබ්බත් ඒ.සී පාර වදින නිසා ඒක එච්චර දැනෙන්නෙ නෑ ඇඟට... ඉටිරූප වගේ දිව්‍යාංගනාවෝ කවුන්ටර් වල ඉන්නවා.. වැඩි වෙලාවක් ගියේ නෑ.. මගේ ටර්න් එක ආවා... මගේ කවුන්ටර් එකේ හිටපු දෙවඟන පට්ට සෙක්සි හිනාවක් දැම්මා... ඒ හිනාවටම මට නිකන් වෙන ආත්මයක් ලැබුනා වගේ සනීපයි...
    "සර්... කාවද මීට් වෙන්න ඕන.. "
    අප්පට හුඩු... !.. "සර්" ඈ...?.. මේ මම වගේ දැලි කුණු පෙරාගෙන හිටපු නිරි සතෙකුටත් "සර්" කියල කථාව... මරු.. ! .. මම මගේ කාරනේ කිව්වා...
    "ඔය වැඩේ කරල දෙන්නෙ අහවල් මහත්තයා.. එයාට දාන්නද?.. ආ .. හරි ... හයට එනවා.. කුශල කර්ම දෙසීයක් මෙතනට පේ කරලා රිසිට් එක අරන් යන්න සර්... !"
    මම කල්පනා කරල කල්පනා කරල යාන්තම් ජීවිතේටම කරපු කුශල කර්ම හොයල දෙසීයක් දීලා රිසිට් එක අරගෙන ඒ කියපු කාමරේ ඉස්සරහට ගියා.. එතන කුෂන් කරපු සැප පුටු... උණු උණු කෝපි කෝප්පයක් බොන්න ඕන නම් කෝපි මැෂින් එකකුත් තියෙනවා... තඩි LED ටී.වී එකකින් IPL මැච් එක පෙන්නනවා... එතන හිටිය අය බහුතරය ජීවත් වෙච්ච කාලේ පට්ට විදියට පින් පුරාපු උත්තමයො.. උන්ගෙ ගන්ධබ්බ සරීර වලිනුත් විහිදෙන්නෙ ජැස්මින් සුවඳ... උන් මේ හඩු ගඳ විහිදෙන පවුකාර ගන්ධබ්බයා දිහා බලාල නහය අකුලුවගෙන අනිත් පැත්ත බලා ගත්තා...
    ඔන්න කාමරේ දොර ඇරුණා... ලස්සන දෙවඟනක් ඇවිත් ලයාන්විත විදියට "එන්න සර්,,!" කිව්වා..
    ඇතුලට ගිහාම දැක්ක දර්ශණෙන් මාව හෙල්ලුම් කෑවා... !.. යකෝ මේ අර අපායේ හිටපු මහත්තයමනෙ... !

    " එන්න මිස්ටර්...! ඔව් මොකක්ද ප්‍රශ්ණේ... ?... බලමු ජීවත් වෙලා හිටපු කාලෙ රිපෝට්ස්...!.. ආ මේකට අපි මවු කුසක් ලෑස්ති කරමු... කුශල කර්ම අට ලක්ෂයක් විතර යයි... !... මෙහෙන්ම කරන්න ඕන... !... පාට් පේමන්ට් පැකේජස් තියෙනවද මේකට කියල අහල බලන්න ..? .. බයවෙන්න එපා.. අපි හොඳ මවු කුසක් බලමු... !

    ©දමිත් කෙතක.. රෙප් බාර ගනු ලැබෙ
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    දැං දමිත් කේතක උන්නාන්සෙට මොකක්ද බං කියන්න ඕන වෙලා තියෙන්නේ.........

    එක නම් දන් නැ...කියවන කෙනා තෙරුම් ගන්න විදිහ තමෛ ඉතින්...එක එක අයට එක එක විදිහට තෙරුම් යන්නෙ...
     
    supunmadhawa

    Active member
  • Jan 15, 2009
    597
    44
    28
    මෙතන
    රෙප් ඕනෙ නම් කුශල කර්ම දෙසීයක් මෙතනට පේ කරලා රිසිට් එක අරන් යන්න සර්... ! :lol: :lol: :lol:
     
    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ

    :baffled::baffled::rolleyes::rolleyes: