මලා මලසිරුර පාරෙ !
***----නෙට්ටුවෙන් ගත්තෙ------------****
මහනුවර මල් ශාලාවක සිට වෑන් රථයක රැගෙන යමින් තිබූ මෘත ශරීරයක් මහනුවර නගරය මැද ඇද වැටුණු අතර එය නොදත් වෑන් රථයේ රියැදුරු ඊයේ (22) එම වාහනය පදවාගෙන ගොස් තිබේ. මෙම මෘත ශරීරය මහනුවර මල් ශාලාවේ සිට කටුගස්තොට ප්‍රදේශයට වෑන් රථයකින් ඊයේ (21) දින පෙරවරුවේ ප්‍රවාහනය කරමින් සිට ඇත. වෑන් රථයේ පිටුපස දොර විවෘත වීමෙන් පසුව මිනී පෙට්ටියේද එක් පියනක් විවෘත වී මෘත දේහය බිමට වැටී ඇත. මෙය දුටු නගරයේ සිටි අය ඒ බව පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් ඒ බව අදාළ මල් ශාලාවට දැනුම්දී තිබේ. මල් ශාලාවේ සේවකයින් ඒ බව අවමංගල්‍ය රථයේ රියැදුරාට දුරකථන මගින් දැන්වූ පසු ඔහු වහා වෑන් රථය නවත්වා පරීක්ෂා කර ඇත. මල් ශාලාවෙන් ගෙන ආ මෘත ශරීරය නැතිව පෙට්ටිය පමණක් එහි තිබිමෙන් රියැදුරු මහත් කලබලයට පත්ව නැවත වෑන් රථය හරවාගෙන සිද්ධිය වූ ස්ථානය අසලට පැමිණ ඇත. ඉන් පසු එම මෘත ශරීරය නැවත වෑන් රථයට පටවාගෙන මල් ශාලාවට ගෙන ගොස් තිබේ. පසුව නැවත මෘත දේහය සකස් කිරීමෙන් අනතුරුව කටුගස්තොට ප්‍රදේශයේ නිවසකට එම මෘත ශරීරය ගෙන ගොස් තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය පරීක්ෂණයක් පවත්වා වාහනයේ රියැදුරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.