මවගේ ඇඟිලි කැපූ අංගුලිමාල පුත්‍රයා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    පුත්‍රයා විසින් සිය මවගේ ඇඟිලි තුනක් කොටයක් උඩ තබා වෙන්වන සේ කැපූ අනුවේදනීය පුවතක් වැල්ලවාය පොලිස් ප්‍රදේශයේ හඳපානාගල, පුබුදුවැව ප්‍රදේශයෙන් වාර්තා වේ.

    මවට එවැනි කෘෘර ක්‍රියාවක් සිදුකළ පුත්‍රයා පසුව ඔහුගේ සහෝදරියට ද පිහියකින් පහර දී බරපතළ තුවාල සිදුකර තිබේ.

    ප්‍රහාරයට ලක්වූ මව සහ සහෝදරිය ප්‍රතිකාර සඳහා වැල්ලවාය මුලික රෝහලට ඇතුළත් කළ අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා මව ව කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇත.

    අමානුෂික පහරදීම සිදුකළ පුත්‍රයාව පොලීසිය විසින් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු 30 හැවිරිදි අයෙකු බවත් වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය පැවසීය.

    පහරදීමට නිෂ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරයි.

    hire gihin puka palaganna thamai
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    ශුවර් එකට කුඩ්ඩෙක්. කුඩු ගහන්න සල්ලි දෙන්නෙ නෑ කියලා කරන්න ඇත්තෙ 😡

    අංගුලිමාල කියලා දාන්න එපා බං පොන්න කාලකන්ණි පුතෙක් කියලා දාපන්. අංගුලිමාල අම්මගෙ ඇගිලි කැපුවෙ නෑ වෙන උන්ගෙ ඇගිලි කැපුවට. ඌ අම්මට ආදරෙයි
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,604
    6,011
    113
    හෝම් ස්වීට් හෝම්
    ශුවර් එකට කුඩ්ඩෙක්. කුඩු ගහන්න සල්ලි දෙන්නෙ නෑ කියලා කරන්න ඇත්තෙ 😡

    අංගුලිමාල කියලා දාන්න එපා බං පොන්න කාලකන්ණි පුතෙක් කියලා දාපන්. අංගුලිමාල අම්මගෙ ඇගිලි කැපුවෙ නෑ වෙන උන්ගෙ ඇගිලි කැපුවට. ඌ අම්මට ආදරෙයි
    අම්මගේ ඇගිල්ල කපයි කියලා තමා බුද්ධා මැද්දට පැන්නේ

    මැජික් එකක් දාලා ඌව අල්ලගත්තේ නැත්තං අම්මගේ ඇඟිල්ල අංගුලිමාල කපනවා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ශුවර් එකට කුඩ්ඩෙක්. කුඩු ගහන්න සල්ලි දෙන්නෙ නෑ කියලා කරන්න ඇත්තෙ 😡

    අංගුලිමාල කියලා දාන්න එපා බං පොන්න කාලකන්ණි පුතෙක් කියලා දාපන්. අංගුලිමාල අම්මගෙ ඇගිලි කැපුවෙ නෑ වෙන උන්ගෙ ඇගිලි කැපුවට. ඌ අම්මට ආදරෙයි

    thawa news paper ekaka thibbe, mu bila awilla akkata ekka randu wela, akkata kotanan yaddi amma penala akkawa beranna gihin wadila kapunai kiyala.

    news ponnayo liyanneth okunta ona widiyatada ban
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    අම්මගේ ඇගිල්ල කපයි කියලා තමා බුද්ධා මැද්දට පැන්නේ

    මැජික් එකක් දාලා ඌව අල්ලගත්තේ නැත්තං අම්මගේ ඇඟිල්ල අංගුලිමාල කපනවා

    :lol:
     
    • Haha
    Reactions: Candid-B

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,072
    8,403
    113
    Kotahena
    ලමයි හදන්න නොසුදුසු දෙමව්පියන් ගෙන් ලමයි හැදුන ම ඔහොම වෙන්න පුළුවන්.

    මිනිහෙක් ට මේ වගේ තත්වයකට පත් නොවෙන්න පොඩි කාලේ ඉඳන් ආදරෙන් ලමයින් හදන්න ඕන.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ලමයි හදන්න නොසුදුසු දෙමව්පියන් ගෙන් ලමයි හැදුන ම ඔහොම වෙන්න පුළුවන්.

    මිනිහෙක් ට මේ වගේ තත්වයකට පත් නොවෙන්න පොඩි කාලේ ඉඳන් ආදරෙන් ලමයින් හදන්න ඕන.

    මේක ඇත්ත.