මව්කිරි සහ පියයුරු

මව්කිරි සහ පියයුරු

පියයුරු උරා නොබිව් අයෙක් වේ නම් ඒ කලාතුරකිනි. ඒ උරා බීමත්, ඒ උරා බීම හැර වෙනත් උරා බීම් ඇත්නම් ඒවාද , පියයුරු සමග කරන වෙනත් විවිධ කෙළි වේනම් ඒවා ද වෙනම කතාය.
(අද තමයි හරියට ත්‍රෙඩ් 1ක් දාන්න ටයිමක් සෙට් උනෙ)
ගව කුලයට අයත් නොවන්නා වූ බොහෝ මිනිස් මවු වරු තමන්ගේ දරුවන්ට මවු කිරි ලබා දෙන්නේ ඒ තමන්ගේ දරුවන්ට දිය හැකි උසස්ම ආහාරයක්‌ නිසාය. දැන් දැන් එසේ නොකර තමන්ගේ වර්ගයා අනුව යමින් ළදරුවන්ට පවා ගව කිරි දෙන එළ දෙනුන්ද සිටී. ඒවා බී හැදෙන උන් අනාගතයේ පිළි දෙමුහුමට (Back-cross) පෙළඹුණහොත් පුදුමයක් නැත. එසේ කලත් කියන්නට වැරද්දක් නැත.
අපේ උන්ගේ සීමිත ධනය යොදවන්නට වෙනත් දේ ඇති නිසා, තවමත් වැඩියෙන් අසන්නට නොලැබුනත් තමන්ගේ පියයුරු ගැන නොසෑහී ඇති පදමට වෙනස් කර ගන්නා අයත් සිටින්නේ දරුවන්ට කිරි දීමට එහා ගිය ප්‍රයෝජන ඔවුනට ඇති බැවිනි.පහත දැක්වෙන්නේ පියයුරු වෙනස් කර ගන්නා ක්‍රමවේද කිහිපයකි.
Breast Implant (පියයුරු බද්ධය)
සිලිකොන් ජෙල් හෝ සේලයින් ද්‍රාවණයක් පිරවූ අවශ්‍ය ප්‍රමාණයේ සිලිකොන් හෝ රබර් කවච පියයුරු තුල බද්ධ කිරීම මෙහිදී සිදු කෙරේ.

Breast Augmentation (පියයුරු ආවර්ධනය)
මෙහිදී පියයුරු බද්ධය මගින් ප්‍රමාණය වැඩි කිරීම හා/හෝ හැඩය වෙනස් කිරීම සිදු කරයි.

Breast Enlargement (පියයුරු විශාලනය)
පියයුරු බද්ධය මගින් ප්‍රමාණය වැඩි කිරීම මෙයින් ද සිදු කරයි.

Breast Implant Revision (පියයුරු බද්ධ නිවැරදි කිරීම)
මෙහිදී කලින් කල පියයුරු බද්ධ ඉවත් කර අවශ්‍ය වෙනස් කම් සමගින් නව බද්ධයක් සිදු කෙරේ.

Breast Lift (පියයුරු උත්තෝලනය)
එල්ලා වැටුණු පියයුරු නැවත හැඩ ගන්වා ඉහලින් පිහිටුවීම මෙහිදී සිදු කෙරේ.

Breast Reduction (පියයුරු ඌනනය)
තමන්ගේ පියයුරු අවශ්‍ය ප්‍රමාණයට වඩා විශාල යැයි සිතෙන අයට අමතර මේද පටක හා සම ඉවත් කරවාගෙන ඒවා කුඩා කරවා ගැනීම මෙහිදී සිදුකර ගත හැක.

Breast Reconstruction (පියයුරු ප්‍රතිසැකසුම)
පිළිකා නිසා ඉවත් කෙරුණු පියයුරු වෙනුවට අළුත් ඒවා ගොඩ නැංවීම මෙහිදී සිදු කෙරේ.



තවත් පියයුරු ව්‍යාපෘති වර්ග තිබෙන්නට හැකි වුවත් මාගේ රැකියාවේදී ඇස ගැසී ඇත්තේ ඉහත කී ඒවා ගැන පමණි.ඇති හැකි වෙනත් වැඩ නැති අය ඉහත ඒවා කර ගැනීමේ දෝෂයක් දැකිය නොහැක්කේ ඒවා කර ගන්නේ තමන්ගේම පියයුරු වලට නිසාවෙන් මෙන්ම අතුරු ඵල (සෞඛ්‍ය හා වෙනත්) භුක්ති විඳින්නේත් ඔවුන් බැවිනි.ඒ ඔවුන්ගේ පෞද්ගලික අයිතියයි.
පහත දැක්වෙන්නේ පුරාතන යුගයේ මැක්සාකෘත උදාහරණයයි. මගේ උපුටා ගැනීම ඇමේසින් බැන්ටා වෙතින් වන අතර ඔවුන්ට අනුව ඇය විශාලතම ස්වභාවිට්ක පියයුරු වෙනුවෙන් වන ගිනස් වාර්තාවට හිමිකම් කියන්නීය.අවශ්‍යනම් ඇය ගැන වැඩි විස්තර
http://www.thesun.co.uk/sol/homepag...-boobs-at-102ZZZ-appears-on-This-Morning.html වෙතින් ලබා ගත හැක.

_www.gossipbanta+%25285%2529.jpg


පියයුරු ඔපරෙශන් පිලිබදව කතාකරලා හමාරයි.. දෑන් කියන්න යන්නෙ අලුත බෑදපු කොල්ලොන්ට කෙල්ලොන්ට එතකොට බදින්න ඉන්න අයටයි අනිවාර්යයෙන් දෑනගන්න ඔනෙ කරුනු ටිකක්

මවකට කිරි එරීමේ දී කිරි වේලක මුලින් එරෙන කිරිවල වැඩිය ඇත්තේ ජලය යි. අපි කෑමට පෙර බීමක්‌ දී පිපාසය නිවාගන්නවා වාගේ කිරි වේල් ස්‌වභාවයෙන් පිපාසය නිවාගැනීමටත් නිපද වී තිබේ. මව් කිරි වල තමයි වැඩිපුර ශක්‌තිය අඩංගු වෙන්නේ. දරුවාගේ බර වැඩි වෙන්න මේ කිරි අවශ්‍යයි. හරියට ම ආහාර වේලක අන්තිමට තෙල් වැඩි අතුරුපසක්‌ ලැබෙනවා වගෙයි. දරුවාට කිරි වේලක පළමු කිරි සහ පසු කිරි දෙක ම අවශ්‍ය වේ. දරුවාට අවශ්‍ය වේලාවක්‌ එක්‌ පියයුරකින් කිරි බී ඔහු හෝ ඇය ම පියයුර අත අරින තුරු විමසිලිමත්වීම ඉතා වැදගත් වේ. ඔහු හෝ ඇය පියයුර අත ඇරි විට අනෙක්‌ පියයුර වෙත ඔවුන්ව යොමුකළ යුතුයි. දරුවන්ට අවශ්‍ය නම් පමණක්‌ ඔවුන් එයින් කිරි බොයි. නැතිනම් දෙවන වර දරුවා කිරි බොනවිට දෙවන පියයුර ලබාදීමට ඔබ කටයුතු කළ යුතු යි. සෑම කිරි වේලකට ම පෙර පියයුර සේදීම සුදුසු නොවේ. එවිට සිදු වන්නේ පියයුරේ සම ආරක්‌ෂා කරන ස්‌වභාවික තෙල් වර්ග අනවශ්‍ය ලෙස සේදී යාම යි. මෙය දිගින් දිගට ම වීමෙන් පියයුරේ සම වියළී තුවාල වීමට ඉඩ තිබේ. ඔබ ඇතැම්විට සේදීම සඳහා සබන් වර්ග ශාරීය ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් ද විලවුන් වර්ග ගැල්වීමෙන් ද දරුවාට අහිතකර තත්ත්ව ඇතිවිය හැක. ඇතැම්විට දරුවා කිරි අත්හැරීමට ද මෙය බලපෑ හැකිය. පියයුර සේදීම වෙනුවට කිරි දීමට පෙර ඔබගේ දෑත් හොඳින් සෝදා ගැනීම ඉතා වැදගත්. රාත්‍රියට කිරි දීමෙන් පසු දිනට එරෙන කිරි ප්‍රමාණය වැඩි වේ. එමෙන් ම කිරි දෙන මවගේ සිතුවිලි ප්‍රබෝධමත් කරයි.

කිරි දෙන මවකට මෙවැනි ගැටළු ඇතිවුවහොත්...

* කිරි දිමේදීත් තන පුඩුවේ ඇතිවන වේදනාව.

මෙසේ බොහෝ විට සිදුවන්නේ දරුවා පියයුර නිවැරදිව අල්වා ගෙන නොමැති නිසා ය. එනම් තන පුඩුව පමණක්‌ උරා බීමෙන් මෙවැනි වේදනාවක්‌ ඇති වේ.

* කිරි තද වීම

මෙම තත්ත්වයට බොහෝ විට හේතුවන්නේ දරුවා නිසියාකාරව පියයුර අල්වාගෙන නොමැති වීම යි.

* දරුවා කිරී බී අවසන් වූ විට පියයුරෙන් ඉවත් නොවීම

* කිරි බීමේදී හෝ කිරි බීමෙන් පසු දරුවා අසහනකාරී ලෙස හැසිරීම.

මෙසේ වූ විට අපේ මව්වරුන් දරුවාට මව්කිරි වෙනුවට නොයෙක්‌ පිටි කිරි වර්ග දීමට පෙළඹේ. නමුත් එසේ නොකළ යුතුයි. මෙහි දී සිදු වී ඇත්තේ ඔබේ කිරි ප්‍රමාණය අඩුවීම නොව දරුවා නිය ම ආකාරයට පියයුර වෙත සම්බන්ධ නොවීමයි. නිවැරදි ක්‍රමය අනුගමනය කිරීමෙන් මෙම තත්ත්වයන් ඉවත් වේ. සෑම විට ම දරුවෙකු කිරි උරා බිය යුතුය. පැය 24 ක්‌ තුළ අවම වශයෙන් කිරි වේල් 10 කට වඩා දරුවෙකුට අවශ්‍ය වේ. එම නිසා මව්කිරි අසම සම ගුණය තේරුම් ගෙන දරුවාට මව් කිරි දීමට මවක්‌ වන ඔබ හැම විට ම කටයුතු කළ යුතු ය.


මව්කිරි දෙන ඔබ මේ කරුණු පිළිබඳව දැනුවත්වීම අත්‍යවශ්‍යයි
dr.ajith-rajapaksha.jpg




පියයුරු මෘදුවීම ගැබිනිවියේ මූලික ලක්ෂණයක්


මුල් මාස හයේදී මවකගේ දෑත දරුවාගේ තොටිල්ලයි. ඇයගේ ආදරණීය බැල්ම, කතාව දරුවාගේ ලෝකයයි. ජීවිතයේ වඩාත්ම වේගයෙන් වැඩෙන මාස හයට අවශ්‍යවන ඉන්ධනය ඇත්තේ ඇයගේ ළමැදෙන් සෙනෙහසින් එරෙන කිරි සාගරයේයි. මවු ළමැදට උණුසුම්වන දරුවා සිඟිති දෙතොල් තන පුඬුවට ළං කරයි. මේ දිව ඔසුවක් වැනි පානය මාස 6 ක් යනතුරු එකම පානයයි. ඒ වාගේම පළමු හා එකම ආහාරයයි. මවක් දරුවාට කිරි දීම සඳහා මානසිකව සූදානම් විය යුත්තේ ගර්භණී වු දා සිටමයි. මේ මානසික සූදානම දරුවා ඉපදුණු පසු කිරි දීමේදී වැඩි පහසුවක් ලබා දෙයි.


ගැබිනි සමයේ සිදුවන හෝර්මෝන වෙනස නිසා පියයුරු පටකවලට ලැබෙන රුධිර ප්‍රමාණය වැඩි වෙයි. එවිට මවට පියයුරු ඉදිමී ඇතිවාක් මෙන් දැනෙයි. ඉඳිකටු අනිනවාක් මෙන් හැඟෙයි. තන පුඬු වඩාත් සංවේදී වෙයි. පියයුරු මෘදු වීම ගැබිනි බවේ මුල්ම ලකුණකි. ගැබිනි වියේ පළමු මාස තුනේ සති 4 – 6 දක්වා කාලයේදී පියයුරු වෙනස් වීමට පටන් ගනී. සති 6 – 8 දී පියයුරු විශාල වේ. කුසට මාසයෙන් මාසය සම්පූර්ණ වන්නේ පියයුරු ද වඩා විශාල වෙමිනි. පියයුරුවල කසන සුළු බවක් ද ඇති වෙයි. තන පුඬු වඩාත් කළු වෙයි. විශාල වෙයි.
ගර්භණී කාලයේ තුන්වෙනි මාසය වන විටම පියයුරුවලින් කොලස්ට්‍රම් නිපදවීම පටන් ගැනෙයි. කොලස්ට්‍රම් යනු දරුවා ඉපදුණු වහාම (පැය භාගයකදී) හැකි ඉක්මනින්ම මුවට දිය යුතු වටිනාම ආහාරයයි. දරුවාට මනා ප්‍රතිශක්තියක්, පෝෂණයක් කොලස්ට්‍රම්වලින් ලැබෙයි. කුඩා බඩවැල්වලට විශේෂිත ආවරණයක් ලෙස කොලස්ට්‍රම් ක්‍රියා කරයි. දිරවීමටත් පහසුයි. ගැබිනි වියේ අවසන් මාස කිහිපයේදී ඝණ කහ පැහැති ද්‍රව්‍යයක් පිට වීමක් සමහර මවුවරුන්ගේ දැකිය හැකියි. මෙතරම් සූදානමක් මවකගේ සිරුරෙහි ඇති වන්නේ දරුවාට කිරි දීමේ ක්‍රියාවලිය සාර්ථකව කිරීමටයි.
සොබා දහම මේ අපූරු ක්‍රියාවලියෙන් මවට හා දරුවාට ලබා දෙන්නේ අමිල තෑගි මල්ලකි.
දරුවාට කිරි දෙන වාරයක් වාරයක් පාසා මවගේ සිරුර සිහින් වෙයි. පියයුරු පිළිකා, ඩිම්බකෝෂ පිළිකා වැනි පිළිකා සෑදීමට ඇති ඉඩකඩ අඩුවේ. පසුප්‍රසව විෂාදීය තත්ත්වයෙන් වළක්වයි. දරුවා ස්වසන රෝගවලින්, උදර රෝගවලින්, කන් ආසාදනවලින්, අසාත්මිකතාවලින්, ආරක්ෂාවේ. මෙවැනි දරුවකු බෝ නොවන රෝගවලට ගොදුරු වීමට ඇත්තේ ද අඩු ඉඩකි. දරුවාගේ බුද්ධි ඵලයට (අයි කිව්) මවුකිරි බලපායි. මවුකිරි බොන දරුවන් පිටිකිරි බොන දරුවන් මෙන් කුඩා කාලයේදීම තරබාරුකමින් පීඩා විඳින්නේ නැත.
මේතරම් ප්‍රතිලාභ දෙදෙනකුට ලබා දෙන සොබා දහමේ වෙනත් ක්‍රියාවලියක් නොමැති තරම්ය. එහෙත් මවගේ සිතේ ඇති අසීමිත ආදරය නිසා දරුවාට ඇති තරම් කිරි උරන්නේ නැතැයි කියා සිතා සමහර මවුවරු අසහනයට පත් වෙති.
හිතේ උතුරා යන ආදරයේ තරමට පියයුරුවලින් ද කිරි දෝරේ ගලනවා කියා සිතුවොත් වැරැදියි. මවක් දරුවකු දෝතට ගත් පසු කිරි දරුවාට මදිවේවි යැයි සැක සිතක් පහළ කර ගත යුතු නැත. මේ සිතිවිල්ල හොඳින් කිරි එරීමට බාධාවකි. වේදනාව, අවිශ්වාසය, පසුතැවිල්ල කිරි ගලා එන වේගය අඩු කරයි. සෑම අම්මා කෙනකුටම දරුවාට ඇති තරමට කිරි එරෙයි.
අලුත උපන් බිළිඳුට ඇත්තේ මිලි ලීටර් 15 – 20 ක් තරම් කුඩා දියර ප්‍රමාණයක් දරා ගැනීමට හැකි පුංචිම පුංචි උදරයකි. එනම් තේ හැඳි 3 – 4 ක ප්‍රමාණයකි.
දරුවාට කිරි දෙන විට, දරුවා ගැන සිතන විට මවගේ පියයුරුවලට බරක් දැනෙයි. කටු අනිනවාක් වාගේ සියුම් කිතියක් දැනෙයි. සමහර මවුවරුන්ගේ කිරි කාන්දු වෙයි. එහෙත් සෑම මවකගෙන්ම කිරි කාන්දු වන්නේ නැත. කිරි කාන්දු නොවුණත් ඇති තරම් කිරි තිබේ.
එහෙත් ඇති තරම් දරුවාට කිරි ලැබුණයි කියා මවගේ හිත පුරවා ගන්නේ කොහොමද? කිරි හොඳින් ලැබුණු විට දරුවා මුල් පැය විසි හතරේදී එක් වරක් හෝ මුත්‍රා කරයි. දවසකට පැය 5 – 6 වරකට වඩා මුත්‍රා කරයි.
දරුවා වැඩෙන විට දරුවාට අවශ්‍ය පමණින් මවට කිරි එරෙයි. කිරි දුන් පසු දරුවා ඉහළට ඔසවා වාතය පිට කිරීම වැදගත්ය. කිරි බොන විට ගිළුණු වාතය පිට නොවුණොත් කිරි වමනය යයි. වැඩිපුර කිරි බීම නිසාත් මෙසේ විය හැකියි. කිරි උරා බීමට හැකියාවක් නැති තරම් දුර්වල හෝ අඩු මාසයෙන් ඉපදුණ හෝ කිරි උරා බීම අපහසු වුවත් ජීවිතය දෙන්නේ මවගෙන් එරෙන කිරි බිඳුයි.
සෑම වර්ෂයකම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්, සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයෙන් ජාතික මවුකිරි දීමේ සතියක් ක්‍රියාත්මක කරන්නේ මේ නිසාය. මවුකිරි දීමේ සතියෙන්, මවකගේ ආදරය, උණුසුම කැටිවුණු, දරුවාට ජීවිතය දෙන කිරි බිඳුවල වටිනාකම යළි යළිත් කියාපායි. මෙවර මවුකිරි දීමේ සතිය උදා වී තිබෙන්නේ අගෝස්තු පළමුවැනිදා සිට හත් වැනිදා දක්වායි. තේමාව ‘අතීතයෙන් උගනිමු. අනාගතයට සැරසෙමු’ යන්නයි.
පුරා මාස හයක් මවු කිරෙන් තමන්ගේ දරුවා පෝෂණය කිරීමට තරම් අපේ මවුවරුන්ගෙන් 80% ක් තරම් වැඩි ප්‍රතිශතයක් නුවණැතිය. ඉන් 92.6% ක්ම වයස අවුරුද්ද වන තුරු, අතිරේක ආහාර දෙන අතරවාරයේ මවුකිරි ද දෙයි. වයස අවුරුදු දෙක පිරෙන තුරුම දරුවාට මවුකිරි අවශ්‍යය.
532814_419763814720137_123701504326371_1452721_239169522_n.jpg

මේ පියයුරු ගැන ඔබට සිතෙන්නේ මොනවාද ? මෙහෙමත් ජීවිත මේ ලෝකයේ පවතින බව බන්දුල ලා දන්නවානම් තව මොනවා කියයිද? අප අසා තිබෙන්නේ ලේ කිරි කර මවු කිරි දෙන බවයි.එහෙත් මේ අසරණියගේ ලේ පමණක් , මස්, ඇට පවා කිරට හැරෙනවා විය යුතුය. ඇත්තෙන්ම මා දන්නා තරමින් කිරි දෙන මවකගේ පෝෂණය මද වූ විට එසේ වෙන්නට ද බැරි කමක් නැත. කෙසේ වුවත් අප මේ දකින්නේ සෑම දේටම අදාළ ඇති-නැති පරතරයේ තවත් එක් පිළිබිඹුවක් පමණි.

අම්මා පෙවු කිරි කදුලින් මෙ ලොව මෙතරම් හෑඩ උනෙ....

තෙරුවන් සරණයි !
 

sajana

Member
Sep 7, 2007
60
1
0
නියමයි මිත්‍රයා..:D:D.බොහෝම අර්තවත් නූලක්..!! :yes::yes:

බම්ප්...
 

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    වැදගත් නූලක් සහෝ... ෆේල් වුනත් බයෝ කරපු එක ගැන සතුටුයි.. එහෙන් මෙහෙන් ඕවා අහලා තියන නිසා
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ape kollatath thama mau kiri thamai... mul dawas wala nam thanapudu 2 gal una gathiyak tibba, thewwahama eka hari yanawa... kollata den masa 5k weddi barath niyama ganata tiyenawa kiwwa upath bara minimum eke tibbath. welawakata kiri wekkerena eka thibba tika kalayak...

    wifege lassana kiyala hithala daruwanta thana kiri dena eka nawathwanna epa.. lassanata wada godak dewal nethi wenna ida thiyenawa...

    ela thread eka machan +5