මව්පිය~සෙනෙහස

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මව්පිය සෙනෙහස පිළිබදව විවිධ මතවාද පවතින යුගයක තම ආබාධිත පුතුන් තුන්දෙනා දහසකුත් අඟහිගකම් මධ්‍යයේ රැක බලා ගන්නා මේ අම්මා සහ තාත්තා මතු බුදුවන්නට පෙරුම් පුරන දෙදෙනෙක් නම් නොවේ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔවුන් දෙවිවරුන්. 32 හැවිරිදි, 36 හැවිරිදි සහ 34 හැවිරිදි මේ දරුවන් වෙනුවෙන් ඔවුන්ට ලැබෙන දීමනා රුපියල් 7500ක් පමණ වන අතර ගෙවත්තේ කුඩා තේ වත්තකිනුත් සුළු ආදායමක් ලැබෙනවා. දරුවන් වෙනුවෙන් කැපවීමට ඇති නිසා රැකියාවක් කිරීමට 60 හැවිරිදි පියාට ද හැකියාවක් නැහැ. ගිනිගත්හේන - අඹගමුව - උඩබුලත්ගම ජනපදයේ පදිංචි ඔවුන් සරණක් පතන්නේ රටේ සැබෑ මිනිසුන්ගෙන්.

    DSC00003.jpg


    DSC00030.jpg


    DSC00032.jpg


    DSC00036.jpg


    DSC00042.jpg


    DSC00043.jpg


    DSC00046.jpg


    පලමු දරැවා ආබාධිතයි කියා දෙවැනි දරවත් ඓහෙම වෙයි කියා හුස්ම හිර කරලා දරැවන් මරපු තාත්තා කෙනෙක් .....පහු ගිය දවස්වල අපඇසුවා.... අමිමලා දරැවන් පාලමි යට කුණුගොඩවල්වළ දමා ගිය හැටි ඔබට මතක ඇති .........

    ඓහෙත් මෙ අමිමයි තාත්තයි කොවිවර උතුමිද.......

    ආබාධිත දරුවන් තිදෙනෙකු එක්ක දිවි ගෙවන දෙමාපියෝ ...

    අඹගමුව ගම්මානයේ පදිංචිසෝමරත්න මල්දෙණිය මහතා හා ඇලන් කොට්ලින් මහත්මියට සිටිනුයේ උපතින්ම ආබාධිත දරුවන් තිදෙනෙකි.

    එම මව්පිය දෙදෙනාටසිටින්නේ එම පුතුන් තිදෙනා පමණි.ඔවුන්ගෙන් වැඩිමහළ් දරුවා ප්‍රදීප් වසන්ත මල්දෙණිය වන අතරඔහුට අවුරුදු 36කි.34 වියැති ප්‍රියන්ත තුෂාර මල්දෙණිය දෙවෙනි දරුවා වන අතර තෙවන දරුවා සම්පත් කමල් මල්දෙණිය පසුවන්නේ 32 වෙනි වියෙහිය. එම මව්පිය දෙදෙනා තම ආබාධිත පුතුන් තිදෙනාගේ සියළු අවශ්‍යතා ඉටුකරමින් නොයෙක් දුෂ්කරතාවිදිමින් ඔවුන්ව හදා වඩාගෙන ඇත්තේද ඉදිරියටත් ඔවුන්ව ජීවත්කරවන්නේ සැබෑ මව්පිය සෙනෙහසිනි.සාමාන්‍යයෙන් මව්වරුන්ළදරු වියේ දරුවන්ට කවා පොවා කැත කුණු අතගා ඔවුන්ව සුද්ධ පවිත්‍ර කිරීම්කටයුතු කරන නමුත් මෙම ආබාධිත පුතුන් තිදෙනාගේ මවුපිය දෙදෙනාටම තරුණ වියේ පසුවන තම ආබාධිත පුතුන් තිදෙනාගේ සියළු කටයුතු කරමින් ඔවුන්ව ජීවත් කරවීමට සිදුවී ඇත්තේ කුඩා දරුවන් හදාවඩා ගන්නා මෙනි.


    නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැටන් අධ්‍යාපන කළාපයේ පිහිටි දුෂ්කර ග්‍රාමීය පාසලක් වනගෝනාවල විදුහලේ ශිෂ්‍ය සුභ සාධක සංගමය මගින් පසුගියදා එමඅසරණ පවුල වෙනුවෙන් උපකාර කිරීමට එක්වූහ. ආබාධිත දරුවන් තිදෙනෙක් සදහා අවශ්‍ය වෛද්‍ය උපකරණ ඇතුළු ද්‍රව්‍ය එහිදී පරිත්‍යාගකරනු ලැබීය. ගෝනාවල විදුහල් සුභ සාධක සංගමය මගින් සිදු කරන ලද එම සත්කාරය සදහා එම විදුහලේ සිසුන්ට අමතරව අඹගමුව මැදි මහා විදුහලේ සිසුන් පිරිසක්ද එක්ව සිටියහ.ගෝනාවල විදුහලේ සිසුන් දුරබැහැරගෙවා තෑගි භෝග පවා රැගෙන එම ආබාධිත දරුවන්ගේ නිවසට ගොස් එම නිවස අවට පවිත්‍ර කර එම ආබාධිත තරුණයන් ස්නානය කරවීම පවා කළහ.

    එහිදී උඩබුලත්ගම පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පුජ්‍ය හගරාපිටියේ නන්දසාර නාහිමියන් ප්‍රධාන භික්ෂූන් වහන්සේලා සිව් නමක් විසින් සෙත් පිරිත් සඤ්ජායනා කරමින් එම ආබාධිත තරුණයන් තිදෙනාට ආශීර්වාද කරන ලදී. ඉන්පසුව ගෝනාවල විදුහල් සුභසාධක සංගමය මගින් වායු මෙට්ටයක්,සෙම ඉවත් කිරීමේ යන්ත්‍රයක්(නෙබියුලයිසර්) හා විදුලි ජල රත්කරණයක් ඇතුළු එම ආබාධිත දරුවන් සදහා අවශ්‍යද්‍රව්‍ය ඔවුන්ගේ

    මව්පිය දෙදෙනාට පරිත්‍යාග කරන ලදී.එම අවස්ථාවට හැටන් කළාප අධාපන අධ්‍යක්ෂිකා පී.එච්.එම්.චන්ද්‍රලතා,ගිනිගත්හේන පොලිස් පරික්ෂකඑච්.ඒ.ප්‍රේමලාල්,සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.එම්.නාමල් කුමාර,ගෝනාවල විදුහල්පති එච්.ආර්.දර්ශනප්‍රේමරත්න,අඹගමුව මැදි මහා විදුහල්පති තිලක් නවනන්දන,නීතිඥ ඩී.එම්.රම්බණ්ඩා හා ආචාර්ය නයනප්‍රදීප් යන මහත්ම මහත්මීන් ඇතුළු ගෝනාවල විදුහලේ හා අඹගමුව මැදි මහා විදුහලේ ගුරු භවතුන් හාසිසුන් පිරිසක් සහභාගි වූහ.

    1625684_754780957888347_1230788908_n.jpg


    12415_754781354554974_209873927_n.jpg


    400629_754781507888292_920593737_n.jpg


    1488014_754780471221729_710256963_n.jpg


    :(:(:(:(:(
     
    • Like
    Reactions: 9dimuthu