ආණ්ඩුවට කඩේ යන හැටි සිළුමිනට උගන්වන පඩංගු පත්තරයක් වන දිවයින පත්තරෙන් අපිට රටේ දේශපාලනය හෝ පිට රටවල දේශපාලනය ඉගෙන ගන්න ඕනී නැත.
ඕස්ට්‍රේලියාවේ දේශපාලනයට වඩා මෙහේ දේශපාලනය තනිකරම වෙනස්.අපේ රටේ අද රජ කරන්නේ දේශපාඥයන්ට වඩා පල්, බඩගෝස්තරවාදී හොරුන් සහ නීතියට පිටින් මිනී මරන තක්කඩි ටිකක්.මුන් කරන්නේ රට දියුණු කරන එක නෙවෙයි. මේ රටේ තියන දේවල් වලින් කොමිස් ගසමින් බිලියන ගනන් මුදල් උපයමින් තමන්ගේ පවුලට සහෝදරයන්ට, දරුවන්ට අනාගතයක් හදන එක මිසක් අවංක, නිර්ව්‍යාජ දේශපාලනයක් හෝ සංවර්ධන ක්‍රියාවලියක් නෙවෙයි.ඒක ඕනම හරෙකෙකුට තේරෙන්න ඕනී දෙයක්. ඒක නිසා මේ රටේ ඉන්න හැම එකාම දන්නවා මොන රස්සාවක් කරත් අපේ රටේ අයට .අනාගතයක් නෑ කියලා.අද හැම එකටම බලු දේශපාලනය රිංගලා.මේ රටේ අධිකරණයට විදේශ රටවල පවා ගෞරවයක් , විශ්වාසයක් තිබුන යුගයක් මේ රටේ තිබුනා.අද ඒක පවා දේශපාලනයට ලක්වෙලා.මිනීමරුවන් නඩු නැතිව නිදහස් වෙනවා. ආණ්ඩුවේ ලොක්කන්ට ඕන තීන්දු අධිකරනය මගින් ලබාගන්නවා.ඕස්ට්‍රෙලියාවේ ලංකාවේ තියෙන රස්සා අහේනිය නෑ. ලංකාවේ ආර්ථිකය දියුණු නැති නිසා උපාධිධාරින්ට අනාගතයක් නෑ. ඒක නිසා මේ කැම්පස් වල ඉන්න ලමයි දන්නවා එලියට ගියාම වැලේ වැල් නෑ කියලා.ඒක නිසා මේ අයගේ අසහනය වැඩියි. දැන් ඉහල යන බඩු මිල නිසා මුලු රටටම වැලේ වැල් නැතිව ඉන්න වෙලාවේ, ඇමතිවරුන්ගේ සුඛෝපභෝගී ජීවන රටාව, මුදල් නාස්තිය ගැන කතා කරන්නේ නැත්තේ ඇයි.රෝහිත බෝගොල්ලාගම විතරක් කෝටි 49ක් මාස 35 කට රට සවාරි වලට නාස්ති කරලා තිබුනා.ඒ කියන්නේ මාසේකට කෝටියක් විතර වියදම් කරලා ඌ පිටරවල ගිහින්. ජනාධිපතිට විතරක් බෝඩි ගාඩ්ලා 5000යි,.ඇමතියෙක්ට 1000ක් විතර.කොච්චර සල්ලි නාස්තියක්ද. ඉතින් මේ වගේ වෙනකොට රටට වැලේ වැල් තියෙනවද කට වහගෙන ඉන්න. අපේ රටේ දේශපාලන,ප්රජාතන්ත්රවාදී, දූෂන විරෝදි, නාස්තී විරෝදි ප්‍රතිසංස්කරණ කරන්න විශ්ව විද්‍යාල සිසුන් විතරක් නෙවෙයි, හැමෝම පාරට බසින්න කාලය ඇවිත්.