මව් පෙමට කළ නොහැකි දෙයක් නැත

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මව් පෙමට කළ නොහැකි දෙයක් නැත

    සිර ගෙදරදි ඉපදී වයස අවුරුදු 18 වන තෙක් එහිම හිඳ වයස අවුරුදු 18 දී සිරෙන් නිදහස් වී පසුව සිරගතව සිටි තම මව බේරාගත් පුතෙක් ගැන ඉන්දියාවෙන් වාර්තා වෙයි.
    ලෝකය පුරා ජනමාධ්‍යවල මේ කතාව හැඟීම් දනවන මානුෂීය කථාවක් සේ පැතිරෙයි.
    ඉන්දියාවේ කාන්පුර්හි විජායි කුමාරි මිනීමැරුමට සැක පිට රිමාන්ඩ් බන්ධනාගාර ගත බව විට ගැබිණියක්ව සිටියාය.
    පසුව ඇය සිරගෙදරදීම පුතකු ප්‍රසූත කළ අතර දෙදෙනාම සිටියේ සිර ගෙදරය. ඒ ඇප මුදල් ගෙවා ගත නොහැකි වීම නිසාය.
    පසු කලෙක ඇගේ සැමියා ද ඇය අතහැර දැමුවේය.
    වයස අවුරුදු 11 වන තෙක් තම මව සමග සිරගෙදර සිටි පුතා පසුව ලන්නම් බන්ධනාගාරයට මාරු කළ අතර වයස අවුරුදු 18 වන තෙක් එහි සිට පසුව නිදහස් විය.
    සිරෙන් නිදහස් වූ මේ පුතා ඇඟළුම් කම්හලක සේවය කොට උපයා ගත් මුදල් රැගෙන අලහබාද් මහාධිකරණය වෙත ගොස් තම මව ඇප මත නිදහස් කරන ලෙස ඉල්ලා සිටියේය.
    උසාවි නියෝගය ගැනීමෙන් පසු කහපාට සාරියක් මිලයට ගත් ඔහු එයත් රැගෙන බන්ධනාගාරයට ගියේ තම මව සිරෙන් නිදහස් කර ගැනීමට.
    පුංචි අවදියේදී තම දරුවා වෙන් වූ නිසා අයට තම පුතාගේ මුහුණුවර අමතකවී තිබිණි.
    පසුව ඇය තම පුතා හදුනාගෙන අඔහු බදාගෙන හැඬුවාය.
    දැන් මේ පුතා කන්නියා සහ ඔහුගේ මව විජායි කුමාරි එකම ගදරක වසති. ඒ අතීතය අමතක කරමිනි.

    59(5).jpg

    1.gif

    Code:
    http://www.lankadeepa.lk/index.php/articles/128210
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113

    හදපු වදපු අම්මලව පාරට දාන මිනිස්සු ඉන්න ලොකෙ හිරෙදි ඉපදිලා හිරෙම හැදිලා අම්මවත් නිදහස් කර ගන්න මෙ කොල්ලගෙ හිත මොන තරම් හොද ඇද්ද :cool:නැත්නම් ගොඩාක් උන් අම්මාල සැලකුවෙ නැහැ කියලා පලි ගන්නෙ
    2.gif
     
    • Like
    Reactions: praveenKF

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    හදපු වදපු අම්මලව පාරට දාන මිනිස්සු ඉන්න ලොකෙ හිරෙදි ඉපදිලා හිරෙම හැදිලා අම්මවත් නිදහස් කර ගන්න මෙ කොල්ලගෙ හිත මොන තරම් හොද ඇද්ද :cool:නැත්නම් ගොඩාක් උන් අම්මාල සැලකුවෙ නැහැ කියලා පලි ගන්නෙ
    2.gif
    kalathurakin thamai ohoma dewal ahanda wenne .....
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    kalathurakin thamai ohoma dewal ahanda wenne .....

    අපි ඉන්දියාවෙ උන්ට බනිනවා හැමදාම . ලොකෙ හැම රටකම ජාතියකම අගමකම මෙ වගෙ හොද මිනිස්සු ඉන්නවා තාමත් :cool: මටනම් හිතට මාරම හැගිමක් අවා මෙක දැක්කම අපි අපෙ අම්මලා
    වෙනුවෙන් කරන දෙවල් මදි කියලා හිතෙනවා සල්ලි අනිත්වා ඔක්කොම ලැබෙන්න සැලස්සුවට
    අපි ගොඩාක් ඇතයි අම්මලගෙන්
    2.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපි ඉන්දියාවෙ උන්ට බනිනවා හැමදාම . ලොකෙ හැම රටකම ජාතියකම අගමකම මෙ වගෙ හොද මිනිස්සු ඉන්නවා තාමත් :cool: මටනම් හිතට මාරම හැගිමක් අවා මෙක දැක්කම අපි අපෙ අම්මලා
    වෙනුවෙන් කරන දෙවල් මදි කියලා හිතෙනවා සල්ලි අනිත්වා ඔක්කොම ලැබෙන්න සැලස්සුවට
    අපි ගොඩාක් ඇතයි අම්මලගෙන්
    2.gif
    සිරා කතාව බං.. :(