මවුවරුන් ජනපති මහින්දට

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
මවුවරුන් ජනපති මහින්දට

මෙවර ජනාධිපතිවරනයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් රට පුරා දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් සියළුම පක්ෂවල කාන්තා එකමුතුව ක්‍රියාකාරීව කටයුතු කරන බවද ඒ සදහා දැනටමත් මැතිවරණ කොට්ඨාශ මට්ටමින් කාන්තාවන් දැනුවත් කිරීම් සිදුකර ඇති බව ශ්‍රීලනිප කාන්තා සංවිධානයේ සභාපතිනී සහ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය.
තම පළමු ප්‍රතිපත්ති ප්‍රකාශය තුලින්ම ‘‘මුල් තැන අම්මාට‘‘ ලබා දෙමින් මෙරට කාන්තාව වෙනුවෙන් විශාල සේවයක් කල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කෘතගුණ සැලකීමක් වශයෙන් ඉදිරි ජනාධිපතිවරණයේදී සෑම ඡන්ද පොළක්ම ඉලක්ක කර 100කට වඩා වැඩි කාන්තා ක්‍රියාකාරීන් සංවිධානය කර කමිටු පිහිටුවා සෑම ගෙයක්ම ආවරණය කරමින් ගෙන් ගෙට යෑමේ වැඩපිළිවෙළ මෙම මස 20 සහ 21 දෙදින තුල දිවයින පුරා පැවැත්වේ. එමෙන්ම ශ්‍රිලනිපය සවිබල ගන්වමින් කාන්තා නියෝජිත සමුළු ආසන මට්ටමින් 128ක් පවත්වා ඇති අතර එයට සහභාගි වූ සංඛ්‍යාව 271,558කි.
මෙම කරුණු අනාවරණය වූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය මගින් දෙසැම්බර් 16වැනිදා ශ්‍රිලනිප මූලස්ථානයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවේදීය. මෙයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ නීතිඥ ශ්‍රියානි විජේවික්‍රම, ශ්‍රීලනිප කාන්තා සංවිධානයේ ප්‍රධාන ලේකම් අශෝකා ලංකාතිලක, ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ප්‍රියංගා කොතලාවල ඇතුළු මහත්මීන් පිරිසක් සහභාගී වූහ.
තවදුරටත් අදහස් දක්වමින් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවේ, පළමු වතාවට වෙනමම කාන්තා ක්‍රියාකාරී කමිටු පිහිටුමින් ජනපතිවරණයේ අවසන් පැය 72 දක්වාම මහින්ද රාජපක්ෂ මහතාගේ ජනපතිවරණ වැඩසටහන ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළට විමසිල්ලෙන් පෙරමුණ ගෙන කටයුතු කරන බවය. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළේ ‘‘ජනාධිපතිතුමා 30 වසරක යුද්ධය නිමා කිරීම තුල මෙරට සියලු කාන්තාවන්ගේ පමණක් නොව ඔවුන්ගේ ස්වාමිපුරුෂයින්ගේ හා දරුවන්ගේ ජීවිත සුරක්ෂිත වුණා. මට අත්වූ ඉරණම අද කාන්තාවන්ට නෑ කියලා මම සතුටු වෙනවා. අද රටේ යටිතල පහසුකම් දියුණු වෙලා. මාර්ග, විදුලිය, සෞඛ්‍ය පහසුකම් දියුණු වීම තුලින් කාන්තාවගේ වැඩ පහසු වෙලා. අද ආසියාවේ මාතෘ මරණ හා ළමා මරණ අඩුම රට ශ්‍රී ලංකාව. 2020දී තොරතුරු තාක්ෂණය අතින් රට ඉදිරියට ගෙන යෑම ජනාධිපතිතුමාගේ අරමුණයි”
ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ප්‍රියංගා කොතලාවල මහත්මිය ප්‍රකාශ කළේ රටේ සිදුවන දැවැන්ත සංවර්ධන ක්‍රියාවලිය ඉදිරියට ගෙනයනවාද එසේත් නැත්නම් එම සංවර්ධනය ආපසු හරවා තිස් අවුරුදු යුද්ධයටත් වඩා අඳුරකට රට ගෙන යනවාද යන්න මෙම මැතිවරණයේදී තීරණය කල යතු බවය. තම පුද්ගලික දේ පොදු දේ වෙනුවෙන් කැප කල යසෝදරා පරපුරේ කාන්තාවන්ට මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් නොසැලී ඉදිරියට පැමිණෙන ලෙසද ඇය ඉල්ලීමක්ද කලාය.





 

Similar threads