ලෝකයේ වයස්ගතම යූටියුබ් තරුවක් වන දකුණු ඉන්දියාවේ මස්තනම්මා මියයයි
2016 දී ඇයගේ මුනුබුරා සහ ඔහුගේ යහළුවෙකු ආරම්භ කළ යූට්යුබ් නාලිකාව ඉතා ඉක්මනින් අතිශය ජනප්‍රිය විය
ලෝකයේ වයස්ගතම යූටියුබ් තරු අතරින් කෙනෙකු වූ දකුණු ඉන්දියාවේ 107 හැවිදිරි මස්තනම්මා මියගොස් ඇත. අසාමාන්‍ය ඉන්දියානු කෑම මුල සිටම පිළියෙළ කරන ඇය සමාජ මාධ්‍ය ජාල තුළ ඉතා ප්‍රසිද්ධියට පත්ව සිටියාය. 'Country Foods' නම් ඇයගේ යූටියුබ් නාලිකාවේ සිය ගණනක් වීඩියෝ පළ කර ඇති අතර, මිලියන ගණනක ග්රාහකයෝ පිරිසක් සිටිති. මේ අතරින්, ඇයට ආවේණික වූ ක්‍රමයකට සකසා ගත් කොමඩු සහ කුකුල් මස් ව්‍යංජනය අතිශය ජනප්‍රිය විය. 2016 දී ඇයගේ මුනුබුරා සහ ඔහුගේ යහළුවෙකු ආරම්භ කළ මෙම යූට්යුබ් නාලිකාව ඉතා ඉක්මනින් අතිශය ජනප්‍රියත්වයට පත් විය.
ගෑස් හෝ විදුලි උදුනක් වෙනුවට දර භාවිත කරන ඇය, අසල ගංගාවෙන් මාළු අල්ලාගෙන පිසීමට විශේෂ කැමැත්තක් දැක්වූවාය.
ආන්ද්‍රා ප්‍රදේශ්හි උපත ලැබූ මස්තනම්මාගේ වයස 2017 දී අවුරුදු 106ක් බව වරක් බීබීසී සේවයට පැවසීය. නමුත් එය තහවුරු කිරීමට ඇය සතුව උප්පැන්න සහතිකයක් නොතිබිණි.
ඈත ගම්මානයක එළිමහන් ස්ථානයක බිම වාඩි වී, උපකරණ අවම ප්‍රමාණයක් භාවිත කර ආහාර පිසින ආකාරය ඇයගේ සෑම වීඩියෝවකම දැකිය හැකිය.
ඇය සිය නියපොතු භාවිත කරමින් එළවළුවල පොතු ගලවා පැරණි ඉන්දියානු සාම්ප්‍රදායක පිහියක් භාවිත කර ඒවා කපා ගනී. ඇය ආහාර පිළිගන්වන්නේ සාම්ප්‍රදායක දකුණු ඉන්දීය ක්‍රමයට අනුව කෙසෙල් කොලයක තබාය.
"සම්පූර්ණ සාම්ප්‍රදායක ඉන්දියානු ආහාර පිසින ක්‍රම අනුගමනය කරන නිසා ඇය තරුවක් බවට පත් වුණා"
2016 දී මස්ටනම්මා හමුවූ බීබීසී මරාති සේවයේ ඔන්කාර් කරම්බලේකාර් පැවසුවේ ඇය ආහාර පිසින ක්‍රමය වෙනත් යූටියුබ් වීඩියෝවල පෙන්වන ක්‍රමවලට වඩා බෙහෙවින් වෙනස් බවය.
ගෑස් හෝ විදුලි උදුනක් වෙනුවට දර භාවිත කරන ඇය, අසල ගංගාවෙන් මාළු අල්ලාගෙන පිසීමට විශේෂ කැමැත්තක් දැක්වූවාය. "සම්පූර්ණ සාම්ප්‍රදායක ඉන්දියානු ආහාර පිසින ක්‍රම අනුගමනය කරන නිසා ඇය තරුවක් බවට පත් වුණා," ඔන්කාර් කරම්බලේකාර් පැවසීය.
Country Foods යූටියුබ් නාලිකාව ඔස්සේ පසුගිය සඳුදා (දෙසැම්බර් 3) ඇයගේ මරණය ගැන දැනුම් දුන්නේය. ඒත් සමගම, බොහෝ සමාජ මාධ්‍ය ජාල පරිශීලකයන් ඇයගේ ආහාර වට්ටෝරු ගැන වර්ණනා කරමින් මරණය ගැන සිය ශෝකය පළ කර තිබිණි.
මුඛයේ දත් නොමැති සිනහව මෙන්ම, කොමඩු සහ කුකුල් මස් එකතු කර පිසින ලද ආහාරය සමාජ මාධ්‍ය ජාල තුළ අතිශය ජනප්‍රිය විය. ඇය පිසූ වම්බටු ව්‍යංජනය සහ මාළු ව්‍යංජනය ද අතිශය ජනප්‍රිය වූයේය.