මස් කනවනම් අනිවා කියවන්න

shedy

Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    මස් කනවනම් අනිවා කියවන්න


    නිර්මාංශාහාරික වීම ශරීර සෞඛ්‍යයට තර්ජනයක්‌ ද?

    නිර්මාංශ ආහාර ගැනීමෙන් පුද්ගලයකු ගේ පෝෂණ තත්ත්වයට හානිකර බලපෑමක්‌ ඇති වන බවට මතයක්‌ ඇතැම් අය තුළ පවතී. මේ පිළිබඳව පෝෂණවේදීන් හා පෝෂණ විද්‍යාඥයන් දරන අදහස්‌ කෙබඳු ද?

    පහත දැක්‌වෙන්නේ කොළඹ ජාතික රෝහලේ පෝෂණවේදී ඩී. එච්. ලියනගේ මහතා නිර්මාංශාහාරය සහ පෝෂණය සම්බන්ධයෙන් දක්‌වන අදහස ය.

    "මාංශමය ආහාර නො ගත්තොත් සෞඛ්‍යමය ප්‍රශ්න ඇති විය හැකි ය යන අදහස ඇති වන්නට මූලික හේතුව B12 විටමිනය විය හැකියි. B12 විටමිනය ඇත්තේ සත්ත්ව ආහාරවල පමණයි. එහෙත් සත්ත්ව ආහාර කිසිසේත් ම නො ගන්නා අයට පවා ආහාර අනුපූරක (Supplement) හෙවත් බැහැරින් දෙන එන්නත් හෝ පෙති වශයෙන් ඉහත විටමිනය ලබාගන්නවා නම් කිසිදු ගැටලුවක්‌ ඇති නො වන බව වගකීමෙන් කිව හැකියි. මේ විටමින වර්ගය ජීවිතයේ විවිධ කාලවකවානුවල විවිධ ප්‍රමාණයෙනුයි අවශ්‍ය වන්නේ. නිර්මාංශාහාරිකයකුට වෛද්‍යවරයකු ගේ හෝ පෝෂණවේදියකු ගේ හෝ උපදෙස්‌ ලබාගෙන විටමින් B12 බැහැරින් ලබාගන්න පුළුවන්.

    ඇතැම් නිර්මාංශාහාරිකයන් බිත්තර හා කිරි පරිභෝජනය කරනවා. බිත්තර, කිරි වැනි දේ ආහාරයට ගන්නා කෙනකුට B12 විටමිනයේ අඩුපාඩුවක්‌ ඇති වන්නේ නැති නිසා අනුපූරක ගැනීමේ අවශ්‍යතාවක්‌ පැන නඟින්නේ නැහැ.

    තවත් අය මස්‌, මාළු නො කෑම ගැටලුවක්‌ කියා සිතන්නේ ප්‍රොaටීනවලට ආදාළ කර ගනිමින්. ඇත්තෙන් ම මාංශමය ආහාර උසස්‌ ප්‍රොටීන ප්‍රභව. ප්‍රොaටීනවල ගුණාත්මක බව මනින නිර්ණායකවල දී සත්ත්ව ප්‍රොටීන ඉහළ මට්‌ටමක තිබෙනවා. හැබැයි ශාක ආහාරවලිනුත් ප්‍රොaටීන ලබා ගත හැකියි. පරිප්පු, කඩල, සෝයා ආහාරයට එක්‌ කර ගත් විට ප්‍රොaටීන ලැබෙනවා.

    මේ අතර ඇතැම් පෝෂ්‍ය පදාර්ථ සලකන විට ඒවායේ උරාගැනීමේ වේගය සත්ත්ව ආහාරයක්‌ ද ශාක ආහාරයක්‌ ද යන්න මත වෙනස්‌ වනවා. මිනිසාත් සත්ත්වයකු නිසා ඇතැම් විට පෝෂ්‍ය පදාර්ථ උරාගැනීමේ දී සත්ත්ව ආහාර (මාංශමය) පහසුවෙන් උරා ගැනෙන බව වර්තා වනවා. හැබැයි එළවළු, පලතුරු ආදිය නිසි විවිධාංගීකරණයක්‌ යටතේ ආහාරයට ගත් විට මේ ගැටලුව මඟහරවා ගත හැකියි.

    නිර්මාංශාහාරිකයන්ට පෝෂණ ගැටලු ඇති වන්නේ ඔවුන් පෝෂණය ගැන මේ ආකාරයේ දැනුමක්‌ ඇතිව කටයුතු නො කරනවා නම් පමණයි. මේදය, ප්‍රොaටීන, මේද අම්ල, විටමින, කාබෝහයිඩේ්‍රට ආදිය සමතුලිතව ලැබෙන පරිදි ආහාරය සංවිධානය කරගැනීමයි කළ යුතු වන්නේ. විශේෂයෙන් මස්‌ අනුභව කරමින් සිටින කෙනකු මස්‌ අනුභවය නවත්වනවා නම් පෝෂණවේදය සම්බන්ධ උපදෙස්‌ ලබා ගැනීම වැදගත්. මස්‌ නැවැත්වීම නිසා යම් පෝෂක කොටසක්‌ අහිමි වනවා නම් එය අන් ක්‍රමයකින් ලබා ගන්නට එවිට කටයුතු යෙදිය හැකියි.

    බොහෝ වේලාවට ඌනතා මතු වන්නේ එවැනි විධිමත් වැඩපිළිවෙළක්‌ නැති ව හිතුමතේ ආහාර චර්යා වෙනස්‌ කරන අයටයි. පෝෂණවේදීන් වශයෙන් අප කිසිවකු මස්‌ කෑමට හෝ මස්‌ නො කෑමට හෝ පොලඹවන්නේ නැහැ. මස්‌වල ගුණ හා අගුණ පැහැදිලි කිරීම තමයි පෝෂණවේදීන් වශයෙන් අප කරන්නේ. එසේ ම මස්‌ නො කන කෙනකුට මස්‌ කන්නට බලපෑම් කරන්නේත් නැහැ.

    විශේෂ අවශ්‍යතා ඇති රෝගීන්ට හා ගැබිනි මවුවරුන්ට අප සමහර විශේෂ අවස්‌ථාවල දී මස්‌, මාළු කෑමට නිර්දේශ කරනවා. ඒවා විශේෂ අවස්‌ථා."

    නිර්මාංශ ආහාර ගැනීමෙන් සැලකිය යුතු පෝෂණ ඌනතාවක්‌ ඇති නො වන බව හෘද රෝග විශේෂඥ වෛද්‍ය ඩී. පී. අතුකෝරාල මහතා ගේ අදහසයි. ඒ මහතා ඒ පිළිබඳව මෙසේ පවසයි.

    "අපේ රටේ ඇතැම් පිරිස්‌ අතර මෙන්ම ඇතැම් වෛද්‍යවරුන් අතර ද පවතින දුර්මතයක්‌ නම් නිර්මාංශ ආහාර ගන්නා අය අතර ප්‍රොaටීන ඌනතාවක්‌ ඇති වන බවයි. එය අසත්‍යයක්‌. කිලෝ ග්‍රෑම් 60ක්‌ බර අයකුට දිනකට ප්‍රොaටීන ග්‍රෑම් 60ක්‌ පමණ අවශ්‍යයි. සාමාන්‍යයෙන් ශාක ආහාර ගන්නා අයකුට දිනකට ප්‍රොaටීන ග්‍රෑම් 80ක්‌ පමණ ලැබෙනවා. කිරි හා කිරි නිෂ්පාදන, ධාන්‍ය වර්ග, අර්තාපල්, එළවළු, පලතුරු, කජු යනාදියේ මේවා අඩංගු වනවා. කෙනකු බත් හා පරිප්පු පමණක්‌ ගත්තත් අවශ්‍ය ඇමිනෝ අම්ල ප්‍රමාණය ලැබෙනවා. බෝංචි, දඹල, සෝයා වැනි රනිලවල මෙන්ම යීස්‌ට්‌වල ද ප්‍රොaටීන බහුලයි.

    මාංශ ආහාරයට ගන්නා අය කියන්නේ ප්‍රොaටීන ලබා ගැනීමට නම් මස්‌ මාළු, බිත්තර ආදිය ගත යුතු බවයි. මාංශ ආහාර ගන්නා අයට දිනකට ප්‍රොaටීන ග්‍රෑම් 100ත් 150ත් අතර ප්‍රමාණයක්‌ ලැබෙනවා. මෙලෙස මේවා අවශ්‍ය ප්‍රමාණයට වඩා ලැබීම සිරුරට අහිතකරයි. එසේ ලැබෙන වැඩිපුර ප්‍රොaටීනවල අඩංගු නයිට්‍රජන් අත් හා පාදවල තැන්පත් වී වාත රෝග සෑදීමට ඉඩ තිබෙනවා. අනෙක මස්‌වල ඇති සන්තෘප්ත මේදය නිසා කොලෙස්‌ටරෝල් ද අවශ්‍ය ප්‍රමාණයට වඩා නිපදවෙනවා.

    අප ගේ දත්, මස්‌ ආහාර කොට ගන්නා සතුන් ගේ දත්වලට වඩා වෙනස්‌. අපේ කුඩා අන්ත්‍රය හා මහා අන්ත්‍රය ශාක දිරවීමට සුදුසු අන්දමටයි නිර්මාණය වී තිබෙන්නේ. මාංශ භක්‌ෂක සතුන් ගේ අන්ත්‍ර කෙටිව පිහිටා තිබෙනවා. මස්‌ කන සතුන් ගේ අන්ත්‍ර කෙටිව පිහිටන්නේ මස්‌ කෑ පසු ඉතිරි වන කොටස්‌ ඉක්‌මනින් පහ කිරීම සඳහායි. මිනිසා ගේa අන්ත්‍ර දික්‌ ව පිහිටා ඇති නිසා එවැනි අපද්‍රව්‍ය පහ වී යැමට වැඩි වෙලාවක්‌ ගත වනවා. එම විෂ සහිත දේ වැඩි වේලාවක්‌ රැඳී තිබීම නිසා ආන්ත්‍රික පිළිකා සෑදීම සිදු විය හැකියි. මීට අමතරව තරබාරුව, අධික රුධිර පීඩනය, හෘද රෝග වැනි දේ ඇති වීමට මස්‌ කෑම බලපානවා.

    නිර්මාංශ ආහාර ගන්නා අය ඌරු, ගව, පටිපණු රෝගවලට, පිස්‌සු ගව රෝගයට ගොදුරු වීමේ අවදානමකුත් නැහැ.

    ආහාර විෂ වීම ද අද බහුලව දක්‌නට ලැබෙන රෝග තත්ත්වයක්‌. මේ අය ගෙන් සියයට අනූ පහකට වැඩි ප්‍රමාණයක්‌ මස්‌, මාළු, ඉස්‌සන්, කකුළුවන්, බිත්තර වැනි ආහාර ගත් අයයි. නිර්මාංශ ආහාර ගන්නා අය මේවාට ගොදුරු වන්නේ කලාතුරකින්."

    ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා මෙරට අවුරුදු 2න් පහළ ළමයින් ගේ මන්දපෝෂණයට බලපාන හේතු ගැන මහා පරිමාණ පර්යේෂණයක්‌ මෙහෙයවා ඇති පර්යේෂකයෙකි. ඒ අධ්‍යයනයෙන් හෙළි වී ඇත්තේ සත්ත්ව ප්‍රොaටීන ඌණතාව ලංකාවේ ළමයින් ගේ මන්දපෝෂණයට බලපාන සාධකවලින් එකක්‌ පමණක්‌ බව ය. ළමයින් ගේ මන්දපෝෂණයට බලපාන මීට වඩා ප්‍රමුඛ සාධක ඇති බව ද ඒ මහතා පවසයි. (මේ අධ්‍යයනය යුනිසෙෆ් ආයතනයේ සහ අගාඛාන් විශ්වවිද්‍යාලයයේ අනුග්‍රහයෙන් සිදු කරන ලද අතර මෙහි ප්‍රතිඵල නුදුරු අනාගතයේ දී නිල වශයෙන් පළ වීමට නියමිත ය.)

    ප්‍රවීණ පෝෂණ විද්‍යාඥයකු වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්‌ෂණ අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී මහාචාර්ය කේ. කේ. ඩී. එස්‌. රණවීර මහතා ගෙන් අපි මාංශ අනුභව නො කිරීම නිසා ඇති වන පෝෂණයට අදාළ සෞඛ්‍යමය බලපෑම් ගැන විමසීමු...

    "මන්දපෝෂණය කියන ගැටලුව සැලකුව හොත් එයට හේතු රාශියක්‌ බලපානවා. ප්‍රොaටීන නො ලැබීම ඉන් එකක්‌. මස්‌ හෝ මාළු නො කෑවට, බිත්තර හා කිරි ආහාරයට ගන්නවා නම් මන්දපෝෂණයෙන් වළකින්න පුළුවන්. බිත්තර හා කිරි සැලකුව හොත් ඒවා සම්පූර්ණ ප්‍රොaටීන සහිත ආහාර. කලලයට වැඩෙන්න අවශ්‍ය සියලු දේ බිත්තර තුළ සම්පූර්ණයෙන් තිබෙනවා. කිරිත් ඒ වගේ මයි. ඒ අනුව මස්‌, මාළු නො කෑම නිසා පෝෂණ ගැටලු මතු වනවා යෑයි කීම නිවැරැදි නැහැ.

    බොහෝ අය මස්‌ නො කෑම නිසා පෝෂණ ගැටලු ඇති වෙතැයි සිතන්නේ ප්‍රොaටීනවලට අදාළවයි. මස්‌වල ප්‍රොaටීන විශාල ලෙස අන්තර්ගත බව සත්‍යයක්‌. එහෙත් ශාකමය ආහාර ගන්නා අය නියමිත පරිදි ප්‍රොaටීන ලැබෙන ශාක ද්‍රව්‍ය තෝරාගෙන කනවා නම් නිර්මාංශාහාරිකයන්ට මාංශ නො ගැනීමේ හේතුව නිසා පෝෂණ ඌනතා ඇති නො වන බවත් ඒ වගේ ම සත්‍යයක්‌.

    යකඩ සම්බන්ධයෙන් කතා කළොත් මස්‌ ආශ්‍රිතව ඇති යකඩ සාපේක්‌ෂව පහසුවෙන් අවශෝෂණය වන බව මිස අපට අවශ්‍ය යකඩ ප්‍රමාණය ශාක ආහාරවලින් ලද නොහැකි බවක්‌ පවසන්නට බැහැ. පලා වර්ගවල, මැල්ලුම්වල යකඩ අඩංගුයි. දිනපතා පලා වර්ග කනවා නම් යකඩ හිඟයක්‌ ඇති වන්නේ නැහැ. අනෙක පලා කනවා කියා පිZඟාන පිරෙන්න බෙදාගැනීමේ අවශ්‍යතාවකුත් නැහැ. එක්‌ වේලකට අප සාමාන්‍යයෙන් කන පලා ප්‍රමාණය යකඩ අවශ්‍යතාව සැපිරීම සඳහා හොඳට ම ප්‍රමාණවත්.

    දැනට වෙළෙඳපොළේ අලෙවියට ඇති ඇතැම් මස්‌වල ප්‍රමිතිය ගැන අපට ලොකු විශ්වාසයක්‌ තැබිය හැකි ද යන ප්‍රශ්නයත් මතු වනවා. මගේ අදහස නම් දීර්ඝකාලීනව මස්‌ කෑමෙන් ලැබෙන ප්‍රතිලාභයට වඩා වැඩි ප්‍රතිලාභයක්‌ මස්‌ නො කෑමෙන් ලද හැකි බවයි. ඉන්දියාව වගේ රටවල් ගත හොත් නිර්මාංශ ආහාර පමණක්‌ ගන්නා අය විශාල පිරිසක්‌ සිටිනවා. ඒ අය වෙතින් සැලකිය යුතු මට්‌ටමේ පෝෂණ ගැටලු වාර්තා වන බවක්‌ අප අසා නැහැ."

    නිර්මාංශාහාරයේ සෞඛ්‍යමය බලපෑම් පිළිබඳව අදාළ ක්‌ෂේත්‍රයන්හි දේශීය විද්වතුන් කිහිප පළක්‌ එසේ අදහස්‌ දක්‌වද්දී මේ සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර ප්‍රවණතා ගැන ද යම් විමසීමක්‌ කිරීම සුදුසු යෑයි සිතමු.

    ඇමෙරිකානු පෝෂණවේද සංගමය (American Dietetic Association - ADA ) යනු ආහාර පෝෂණයට අදාළ වෘත්තිකයන් ගෙන් සමන්විත ලොව ඇති විශාලතම සංවිධානයයි. ADA සංවිධානය ලොව විශිෂ්ටතම පෝෂණවේදී සංවිධානය ලෙස ද සැලකේ. ලොව පුරා විවිධ රටවලට පෝෂණයට අදාළ නව දැනුම සැපයීම එම ආයතනයේ මුඛ්‍ය කාර්යයක්‌ වන අතර ඒ සඳහා ජර්නලයක්‌ ද පළ කෙරේ. මේ වසරේ ජූලි මස පළ වූ ADA ජර්නලයට අනුව හොඳින් සැලසුම් කළ නිර්මාංශ ආහාරයකින් මිනිසාට අවශ්‍ය සියලු ම පෝෂ්‍ය පදාර්ථ ලබා ගත හැකි වේ. එනම් ප්‍රොaටීන, බ-3 මේද අම්ල, යකඩ, සින්ක්‌, අයඩින්, කැල්සියම්, විටමින් D, විටමින් B12 වැනි විවාදයට තුඩු දී ඇති පෝෂ්‍ය පදාර්ථ ද සැලසුම් කළ නිර්මාංශ ආහාරයකින් ලද හැකි වේ.

    ඇමෙරිකානු පෝෂණවේද සංගමයට අනුව තුලනය කරන ලද නිර්මාංශ ආහාරයකින් පහත දැක්‌වෙන වාසි ලැබේ.

    * හෘදරෝගවලින් විශේෂයෙන් ම රුධිර සැපයුම අඩු වීමේ හෘදයාබාධවලින් (lschaemic heart diseases) මරණ සිදු වීමේ අවදානම අඩු වීම.

    * හානිදායක අඩු ඝනත්ව ලිපෝප්‍රොaටීන (LDL) කොලෙස්‌ටරෝල් මට්‌ටම අඩු වීම.

    * රුධිර පීඩනය ප්‍රශස්‌ත අගයක පවත්වා ගැනීමේ හැකියාව.

    * අධිරුධිර පීඩනය අඩු මට්‌ටමක පවත්වා ගැනීමේ හැකියාව.

    * 2 වැනි වර්ගයේ දියවැඩියාව අවම අගයක පවත්වා ගැනීම.

    * පිළිකා අවදානම අවම කිරීම.

    * දේහ ස්‌කන්ධ දර්ශකය (Body Mass index) අවම අගයක පවත්වා ගැනීම.

    නිර්මාංශ ආහාර පරිභෝජනයෙන් ඉහත රෝග අවම කරගත හැකි වීම හේතුව නිර්මාංශාහාරයෙන් සංතෘප්ත මේදය හා කොලෙස්‌ටරෝල් අඩුවෙන් ලැබීම ය. ඊට අමතරව පලතුරු, එළවළු, ධාන්‍ය, සෝයා, කෙඳි ආහාර වැනි දේ වැඩිපුර ලබාගැනීමට සිදු වීම ද නිර්මාංශාහාරිකයන්ට ලැබෙන වාසියකි. ඇමෙරිකානු පෝෂණවේද සංගමයේ පෝෂණවේදිනී ටාරා ඩයිවර්සි (Tara Dirversi) ට අනුව සැලසුම්සහගත නිර්මාංශ ආහාරයකින් විටමින් B12 ද සපයාගත හැකි ය. B12 අඩංගු වන නිර්මාංශ ආහාර ගැන ද ඇය එහි දී විස්‌තර කරයි.

    නිර්මාංශ ආහාර ගන්නා අය විවිධ ආහාර වර්ගවලට මෙන්ම විවිධ රසවලට හුරු කිරීම වැදගත් බව පෝෂණවේද සංගමයේ විද්වතුන් ගේ අදහසයි. එලෙස විවිධ රස හුරු වීමෙන් ආහාර පරිභෝජනය ප්‍රශස්‌ත මට්‌ටමකට වර්ධනය වේ.

    විටමින් B12

    විටමින් B12 යනු මනුෂ්‍යයා ගේ මොළයේ වර්ධනයට හා ස්‌නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වයට බෙහෙවින් බලපෑම් කරන විටමිනයකි. එසේ ම රුධිර සෛල වර්ධනයට ද එය අවැසි ය. ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා බොහොමයකට B12 අවශ්‍ය ය. මාංශ ආහාර නො ගන්නා අය (අඩු ම වශයෙන් කිරි බිත්තර වත් නො ගන්නා අය) B12 බැහැරින් ලබා ගත යුතු වේ. ඊට හේතුව මෙය සත්ත්ව ආහාරවල පමණක්‌ පැවතීම ය.

    B12 විටමිනය ස්‌වාභාවිකව බහුලව ඇත්තේ සත්ත්ව අක්‌මාවේ හා බෙල්ලන් තුළ ය. එසේ ම කිරි හා බිත්තරවල ද මෙය බහුල ය. ගව මස්‌, කුකුළු මස්‌, ඌරු මස්‌ ද B12 වලින් පොහොසත් ය. ඇතැම් කෘමීන් (උදා : වේයන්)ට B12 නිපදවාගත හැකි ය. ඊට හේතුව ඔවුන් ගේ අන්ත්‍රය තුළ සිටින බැක්‌ටීරියාවක්‌ මෙය නිපදවන බැවිනි.

    B12 අනුපූරක වශයෙන් ගැනීම බොහෝ විට සාර්ථක වන අතර ඉතා ම කලාතුරකින් අයකුට අඝාත්මිකතා හේතු කොටගෙන ගැටලු මතු විය හැකි ය. එනම් ඉතා සුළු ප්‍රතිශතයකට කෘත්‍රීමව B12 ගැනීම නිසා අසාත්මිකතා ඇති විය හැකි ය. මෙය ඉතා කලාතුරකින් ඇති වන්නකි. කසන තුවාල ඇති වීම ඇතුළු වෙනත් සුලබ අසාත්මික ලක්‌ෂණ පෙන්නුම් කරයි.

    ඇතැම් විට මස්‌ මාළු දෙවර්ගය ම කන පුද්ගලයකු ගේ පවා B12 ඌනතාව දැකගත හැකි බව ටෆ්ට්‌ස්‌ විශ්වවිද්‍යාලයේ පෝෂණවේදීනි ආචාර්ය කැතරින් ටකර් විසින් කරන ලද පර්යේෂණයකින් හෙළි ව තිබේ. මීට අදාළ පර්යේෂණ වාර්තාව ඇමෙරිකන් ජර්නල් ඔෆ් ක්‌ලිනිකල් නියුටි්‍රෂන්හි පළ වී තිබිණි. ඇයට අනුව විටමින් B12 ඌනතාවට හේතුව අදාළ විටමිනය අඩංගු ආහාර නො ගැනීම පමණක්‌ නො වේ. එය අවශෝෂණය නො වීම ද ප්‍රබල හේතුවකි. ANTACIDS භාවිතය වැඩි වීම නිසා B12 අවශෝෂණය අවහිර වන බව ටකර් ගේ පර්යේෂණයෙන් අනාවරණය වූ තවත් වැදගත් කරුණකි.

    පිළිකා අවදානම

    බ්‍රිටිෂ් ජර්නල් ඔෆ් කැන්සර් නම් වෛද්‍ය ජර්නලයේ මේ වසරේ දී ම පළ වූ අධ්‍යයන වාර්තාවකින් කියවෙන්නේ මාංශ ආහාර ගන්නවුන් හා සසඳන කල නිර්මාංශාහාරිකයන්ට රුධිර, ආමාශ, මුත්‍රාශ පිළිකා ආදිය වැළඳෙන්නේ සාපේක්‌ෂව අඩුවෙන් බව ය. මේ අධ්‍යයනය සඳහා පුද්ගලයන් 61,000 කට අධික පිරිසක්‌ සහභාගි වී තිබෙන අතර ඒ සඳහා ගත වූ කාලය වසර දොළහක්‌ පමණ වේ. අධ්‍යයනයට සහභාගි වූ මස්‌ කන අය ගෙන් සියයට තිස්‌ තුනක්‌ යම් ආකාරයක පිළිකා රෝගවලට ගොදුරු වී තිබූ අතර නිර්මාංශාහාරිකයන් අතරින් පිළිකා රෝග පෙන්වූයේ සියයට විසි නවයක්‌ පමණි.

    සංකීර්ණ මයෙලොමා (ඵහැකදප්) පිළිකාව සැලකූ කල එය නිර්මාංශාහාරිකයන්ට වැළඳීමේ ඉඩකඩ සියයට හැත්තෑ පහකින් අඩු බව ද පෙනී ගොස්‌ තිබේ. හොජිකින් ලිම්ෆොaමා හා ලියුකීමියා වැනි රුධිර පිළිකා වැළඳීමේ ප්‍රතිශතය ද නිර්මාංශ ආහාර ගන්නවුන් අතර සියයට 50කින් අඩු බව පෙනී ගොස්‌ ඇත.

    කෙසේ වෙතත් මේ පර්යේෂණ මෙහෙයවූ ඔක්‌ස්‌ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ වසංගතවේද අංශයේ ටිම් කී පවසන්නේ මේ ප්‍රතිඵල පාදක කරගෙන සමතුලිත ආහාර වේලක්‌ ගන්නා අය තම චර්යා වෙනස්‌ කරන්නට ඉක්‌මන් නො විය යුතු බව ය. මේ සම්බන්ධයෙන් තවදුරටත් පර්යේෂණ කළ යුතු බව ඔහු කියයි.

    ඔමෙගා 3

    ඔමෙගා 3 යනු අසංතෘප්ත මේද අම්ල වර්ගයකි. ගැබිනි මවුවරුන්ට අත්‍යවශ්‍ය සංඝටකයක්‌ ලෙස ඔමෙගා 3 හැඳින්විය හැකි ය. ඔමේගා 3 නිසි ප්‍රමාණයෙන් නො ලැබීම හේතු කොටගෙන නො මේරූ දරු උපත් සිදු වීමේ ගැටලුව මතු විය හැකි ය. ඔමේගා 3 බහුලව ලබාගන්නා පුද්ගලයින් හදවත් රෝගවලින් මරණයට පත් වන්නේ ඉතා අඩුවෙන් බව ද අධ්‍යයනවලින් හෙළි ව තිබේ.

    ඔමෙගා 3 බහුලව ම ඇත්තේ මත්ස්‍යයන් තුළ ය. විශේෂයෙන් ම සැමන්, මැකරල්, සාඩින්, Herrin වැනි මත්ස්‍යයන් ගේ ඔමෙගා 3 අඩංගු ය. මත්ස්‍යයන්ට අමතරව බිත්තරවල ද සැලකිය යුතු ප්‍රතිශතයක්‌ ඔමෙගා 3 අඩංගු වේ. විශේෂයෙන් ම සෝයාබෝංචි ආහාරයට ලබා දෙන කිකිළියන් දමන බිජුවල ඔමෙගා 3 බහුලව අන්තර්ගත ය. ගව මස්‌, කිරි හා කිරි නිෂ්පාදනවල ද විශාල ප්‍රතිශතයක්‌ ඔමේගා 3 අඩංගු ය.

    ඔමෙගා 3 ඇතුළත් වන ශාක ආහාර ද තිබේ. ඒවා නම් ක්‌ෂුද්‍ර ඇල්ගී හා මුහුදු එළවළු ය. මුහුදු එළවළු හා ක්‌ෂුද්‍ර ඇල්ගී ආහාරයට එක්‌ කරගන්නේ නම් නිර්මාංශාහාරිකයන්ට ද ඔමෙගා 3 ලද හැකි ය.

    කැනෝලා තෙල්, සෝයා නිෂ්පාදන, වොල්නට්‌ස්‌, Flaxseeds හා Pecana වැනි ශාක ද්‍රව්‍ය මගින් යම් පමණකට ඔමෙගා 3 අඩුපාඩුව සපුරාගත හැකි ය. කිවි ෆ්රුට්‌ (Kivifruit), කව්බෙරි (Cowberry) බ්ලැක්‌රාස්‌බෙරි වැනි පලතුරුවල ද ඔමෙගා 3 අන්තර්ගත ය.

    කෙසේ වෙතත් 2002 දී කරන ලද පර්යේෂණයකින් හෙළි වූයේ (Clinical Research - Law Consumption of Sea food and Preterm Delivery) නො මේරූ දරුවන් බිහි වීමේ අවදානම කෙරෙහි මසුන් ආහාරයට නො ගැනීම බලපෑ හැකි බව ය. මේ අධ්‍යයනයට ගැබිනි කතුන් 9000ක්‌ යොදා ගත් අතර ඔවුන් අතරින් සතියකට වරක්‌ වත් මසුන් අනුභව කළ අය ගේ ඉහත අවදානම මසුන් අනුභව නො කළ අයට වඩා තුන් ගුණයකින් පමණ අඩු බව හෙළි විය.

    මාළු, ස්‌වභාවයෙන් ම ප්‍රොaටීන, ඛනිජ ලවණ සහ ඔමෙගා 3 වැනි මේද අම්ල බහුල ආහාරයක්‌ බව අවිවාදයෙන් පිළිගැනේ. එහෙයින් ගැබිනි සමයේ දී මත්ස්‍යයන් වැඩියෙන් ආහාරයට ගන්නා ලෙස උපදෙස්‌ දෙනු ලැබේ
     

    Similar threads