මසායි^ක්‍රිකට්

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මසායි^ක්‍රිකට්


    කි‍්‍රකට් ගහන මසායිලා

    කි‍්‍රකට් කී‍්‍රඩාව මේ වන විට රටවල් කිහිපයක් අතර පමණක් ජනපි‍්‍රය කී‍්‍රඩාවක් බවට පත්ව තිබුණද එහි අතු ඉති රටවල් රාහියක පැතිරී තිබේ.

    MO%20Headline.jpg


    එම ව්‍යාප්තියේ තරමට කදිම නිදසුනකි කෙන්යාවේ නියොලිතික වර්ගයට අයත් අර්ධ එෙඬ්රුන් ලෙස සැලැකෙන මසායි ගෝත‍්‍රිකයන්ද කි‍්‍රකට් ගැසීමට පටන් ගැනීම.

    ගත දැවටුණු අති දීප්තිමත් ගෝත‍්‍රික වස්ත‍්‍රාභරණ නිසා ඔවුන් ගෝති‍්‍රක ප‍්‍රජාවන් අතර ජනපි‍්‍රයත්වයට පත්ව සිටී.

    අතීතයේදී වන ලැහැබ සහ කන්තාරවල පෙරළි කළ රණශූරයින් ලෙසද ඔවුන්ට විශේෂ සැලැකිල්ලක් තිබේ.

    දැන් ඔවුන් දෙස බැලූ බැල්මට විහිළුවක් සේ පෙනුනත් සාම්ප‍්‍රදායික ගෝත‍්‍රික ඇඳුම පරදවා කැපී ක‍්‍රිකට් පා ආවරණ හා කි‍්‍රකට් පිති කැපී පෙනේ. එසේම ඔවුන් මහත්මාවරුන්ගේ ක‍්‍රීඩාවේ නියැලී සිටින මහත්මාවරුන් බවට පත්ව ඇත. සිය ගෝත‍්‍රික සමාජය තුළ පැතිර පවත්නා කාන්තා චර්ම ඡේදනය හා ළමා විවාහවලට එරෙහි වන නව යුගයේ නියමුවන් වීමට ඔවුන්ට වුවමනා වී තිබේ.
    එසේ ම ගෝත‍්‍රිකයන් අතර වේගයෙන් පැතිර යන ඒඞ්ස් රෝගය සහ මත්ද්‍රව්‍ය භාවිතය පාලනය කර ගැනීමට ද ඔවුන්ට අවශ්‍ය බව පැවසේ. ක‍්‍රීඩාව මේ අරමුණු සඳහාත්, ගෝත‍්‍රික සංහිඳියාව සඳහාත් එසේම නිරෝගීකම සඳහාත් මනා අවියක් බව ඔවුන්ට පෙන්වාදි ඇත්තේ සුදු නෝනා කෙනෙක් බවද වාර්තා වේ.

    ඔවුන් දැන් සුදු නෝනලාගේ මහත්වරුන්ගේ ක‍්‍රීඩාව වෙනුවෙන් තණතිල්ලක් සොයමින් සිටින බව පැවසේ. කෙන්යාවේ ලක්ෂ නවයකට ආසන්න මසායි ගෝත‍්‍රිකයෝ පිරිසක් ජීවත් වෙති.
    උතුරු අපි‍‍්‍රකාවට ආවේණික නියොලිතික වර්ගයේ කලූ‍ සම ඇත්තන් වු ඔවුන් කෙන්යාව හැරුණු විට දැකිය හැක්කේ ටැන්සානියාවේ පමණකි. එය ද ලක්ෂ හතරක් තරම් වන සුළු මසායි ගෝත‍්‍රිකයින් පිරිසකි. කාන්තාර සහ වන ලැහැබ් අස්වද්දන්නට මසායි ගෝත‍්‍රිකයන් ට තිබෙනුයේ සුවිශේෂ හැකියාවකි. ඔවුන්ගේ ගෝත‍්‍රික ඇවතුම් පැවතුම්වලින් සමහරක් අදටත් පවතින්නේ අතිශයින් ම ප‍්‍රාථමික මට්ටමකය. අදටත් මසායිවරුන් මළ සිරුරු භූමදාන කරන්නේ නැත. එය එසේ කිරීම භූමියට අගෞරවයක් වේ යැයි සිතීම ඊට හේතුවය. ඒවා කැණහිලූ‍න් ට කා දැමිය හැකි සේ එළි මහනේ ම දමති. බඩගිනිකාර හයිනා සත්වයන්ට සමහරක් සිරුරු බොජුන් වේ. එසේ යම් කිසි මළ සිරුරක් සතුන් විසින් කා නොදමන්නේ නම් එය සැලකෙණුයේ භූමියට අගෞරවයක් ලෙස බවත් එවිට ඔවුන් ගව ලේ සහ ගව මේදයෙන් මළ සිරුර වසා දමනු ලබයි.එනමුත් ශිෂ්ටාචාරය විසින් මසායි ගෝත‍්‍රිකයන් ව ඇතැම් අංශ අතින් යම් යම් තාක් දුරකට ශිෂ්ටසම්පන්න කර ඇති බව ද දැන් දැන් දක්නට ලැබේ.

    130909183927-maasai-cricket-warriors-team-photo-london-horizontal-large-gallery.jpg


    130909184141-maasai-cricket-warriors-james-anderson-horizontal-large-gallery.jpg


    Maasai_warrior-wic_2185318k.jpg


    maas2_2162037k.jpg


    GCC-Sonyanga-Ole-Ngais-10.jpg


    players-maasai-cricket-warriors-run-between-wicket-during-their-friendly-match-mombasa.jpg


    166577.jpg


    3324.jpg


    new2Kenya.jpg


    250198-a-member-of-the-maasai-cricket-warriors-team-catches-the-ball-during-t.jpg


    299D834900000578-0-image-a-4_1434302443025.jpg


    3889484-3x4-700x933.jpg



    මේ වාර්තා වැඩසටහන මම යුටූබ් අප්ලෝඩ් කරේ මෙයාලගේ කතාව ඔයාලටත් බලන්න

    අද වන විට මසායිවරුන් ට අප්‍රිකානු ස්වාහිලි බස මෙන්ම ඉංග්‍රීසි බස ද යම් තාක් දුරකට හසුරවන්නට හැකි ය.

    ක‍්‍රිකට් ගසනා මසායි තරුණයන් තම කණ්ඩායම හඳුන්වන්නේ ”මසායි වොරියර්ස්” ලෙස ය.

    https://www.facebook.com/1831632151...3163215127403/220548318055559/?type=1&theater