August 24, 2021 at 3:15 am | lanka C news
රට වසා දැමීමක් නොකරන බවට කැබිනට් මණ්ඩලයේ දී ඒකමතිකව එකග වීමෙන් පසුව රට වසා දමන්නැයි ලිපි යවන ඇතැම් ඇමතිවරුන් සිදු කරන්නේ ඉතා පහත් ක්‍රියාවක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා එම පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.
පසුගිය සඳුදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී රට වසා නොදමන්නට සියලු කැබිනට් ඇමතිවරුන් තීරණය කළ බවත් ඊට එකඟ වූ සමහර ඇමතිවරුන් එළියට ගොස් රට වසා දමන්නැයි ජනපතිට ලියුමක් යවා ඇති බවත් ඔහු පැවසීය.
එය ඉතාම පහත් ආකාරයේ ක්‍රියාවක් බවත් කී මහ ලේකම්වරයා කැබිනට් මණ්ඩලයේ කතා කිරීමට කොන්ද පණ නැතිව එලියට ගොස් ලියුම් යවා ජනාධිපතිට යන්නට කලින් මාධ්‍යයට නිකුත් කර ඇතැයිද කියා සිටියේය.
මෙය ඉතා බැරෑරුම් තත්ත්වයකක් බවත් රට වසා දැමීමට වීම ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස ඉතාම කණගාටු වන බවද ඔහු එහිදී තව දුරටත් පැවසීය.