මේ රට ගැන නම් පුදුම කලකිරීමක් තියෙන්නේ බන්, මහන්සි වෙලා ඉගෙන ගෙන සුදුසුකම් වලට හරියන රස්සාවක් ගන්න දේශ පාළුවන්ගේ පස්සෙන් යන්න ඕනි,
මහජන බැංකුවේ විභාගේ පාස් උනා මචන්ලා, ඉන්ටර්විව් ගියා,
පොඩ්ඩක් හොයල බැලුව කවද විතර ගනී ද කියල,
ඉන්ටර්විව් තියන්න තියන්න කලින්ම ගන්න ලිස්ට් එක හදලලු,
ඌව පළාතෙන් 38ක ලිස්ට් එකක් හදලලු, ආදිත්‍ය රාජපක්ෂ කියල එකෙක්ලු ලිස්ට් එක හදන්නේ, චමල් රාජපක්ෂගේ පුතෙක්ද කොහෙද කියල තමයි කියන්නේ, ලක්ෂ 2ක් විතර අරන්ලු එකෙක්ගෙන් ලිස්ට් එකට නම දාන්න, කාට කියන්නද මචන්ලා මේවා, මහජන බැංකුවේ ඉන්ටර්විව් ගියපු ය ඉන්නවනම් පොඩ්ඩක් හොයල බලපල්ලා,



