eBay Dropshipping හරියට කරමු

BloodStorm

Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    ඒත් කවදා හරි දවසක තමන්ගේම බිස්නස් එකක් විදිහට රෙජිස්ටර් කරන්න පුළුවන් නේද තමාගේම සයිට් එකක් කරන එකෙන් :D
    ඔව් වාසි අවාසි තියෙනවා
    ඒත් ලාභ, ඉක්මන් ක්‍රමේ තමා ඊබේ එකේ ඩ්‍රොප්ෂිපින් කරන එක
     

    Bhagya2010

    Well-known member
  • Sep 2, 2010
    858
    205
    63
    Eppawala, Sri Lanka
    දවස් ගානක ඉදන් අත නලියනව මෙහෙම පොස්ස්ට් එකක් ලියන්නම ඕන කියලා,

    "එක රැයින් කෝටිපතියෝ වෙන්න හිතන් ඉන්න අය, අවුරුද්ද්කින් කෝටිපතියො වෙන්න හිතන් ඉන්න අය මේක නොබැලුවට කමක් නැ

    මම තාම සබ්ජෙක්ට් එකෙ වැඩ්ඩෙක් නෙවේ. දන්න දේකියල දෙන්න හිතුන.

    කතාව ටිකක් දිගට යයි සමහරවිට. කම්මැලි නැතුව කියවන්න පොඩි වෙලාවක් අරං මොනවහරි දෙයක් ඇති මේකේ ගන්න,

    දැං ඩ්‍රොප්ශිපින් ට්‍රෙන්ඩ් එකක් වෙලානේ තියෙන්නේ මේ දවස් වල.

    මම පටන්ගෙන දැනට මාස 4 ක් ඇති මේ වෙනකොට, ඊට කලින් මාසයක් විතර වීඩියෝ ආටිකල් එහෙම බැලුවා කට්ටියට මැසේජ් දදා ඇහුවා, පටන්ගෙන මාස දෙකෙන් පේපැල් ප්‍රමන්ට් ලිමිට් උනා ෆක් උනා එතකොටනම්, ඒ අස්සෙ තව හෙන සීන් ගොඩක් ගියා බයර්ල කේස් ඕපන් කරල රිෆන්ඩ් ඉල්ලනවා බ්ලා බ්ලා බ්ලා හෙන සීන් ගොඩයි ඉතිං ඒව අදාල නැ මෙතනට ඉස්සරෝම කතාවට යමු.

    කවුරු හරි ඩ්‍රොප්ශිපින් ගැන නොදන්න දෙයක් ඇහුවාම ලොකු ලොකු පේමන්ට් වල ස්ක්‍රීන්ශොට් එහෙම දදා අරකට එන්න මේකට එන්න අරකෙ මෙච්චරයි මේකෙ මෙච්චරයි ගන්නේ කිය කිය පෝලිමට කට්ටිය එනවා ඒ අස්සේ කට්ටක් කාලා සබ්ජෙක්ට් එකඉගෙන ගත්තු මිනිස්සු නිකන් තමන් දන්න දේ කියල දෙනවා (මම දැක්කා මේකෙ අයිය කෙනෙක් නිකන් ඩ්‍රොප්ශිප්ින්ක්ලාස් එකක්කරනව ඇත්තටම ඒක සුපිරිම වැඩක්)

    ඇත්තම කතාව මේක කෝස් කර කර ඉගෙන ගන්න තරම් දෙයක් නෙවේ.

    (කෝස් කරන අයට් පහාර එල්ල කරන අදහසකින් දැමූවක් නොවන බව සලකන්න) කෝස් කාරන අයත් මේ ග්ෲප් එකේ ඉන්නව, මම දැකල තියේ ඒ අයත් ගොඩක් අලුත් අයට හෙල්ප් කරනව, (මටත් එයාලම තමා මුලදි අත දුන්නේ)

    ටිකක් කියන්නම්,

    1.ඉස්සරෝම කියන්නේ වීඩියෝ බලලවත් ඊබේ එකවුන්ට් එකක් හදාගන්න දන්නැත්නම්, පේපැල් එකක් හදාගන්න දන්නැත්නම්,පේපැල් එකට කාඩ් එකක් ඇඩ් කරගන්න දන්නැත්නම් කාගෙනවත් අහගෙනවත් මේව කරන්න දැනුමක් නැත්නම් ප්ලීස් ඩ්‍රොප්ශිපින් කරන්න එපා, නැත්නම් කෝස් එකකටවත් යන්න. මොකද නොදන්න මගුල් කරන්න ගිහින් ඊබේ එක වනසන්න එපා හරියට කරන අයටත් ඒකෙන් අවාසියක් වෙන්නේ.

    2. ලොකු ලොකු ස්ක්‍රීන්ශොට් දැක්ක පලියට කරන්නං වාලෙ කරන්න යනත් එපා එයාල ඒ තත්වෙට එන්න මාස ගනන් අවුරුදු ගනන් කටු කාපු අය වෙන්න පුලුවන් . අනික ඒ තියෙන ගාන එයාගේ සම්පූරන ආදායමත් නෙවේ සමහර විර හොද ප්‍රොෆිට් එකක් ඇති සමහරවිට අතිනුත් එක්ක කෙලවිල ඇති.

    3. ඔක්කොම හදාගත්තා කියන්ඩකෝ ෆීඩ් බැක් නැතිව ෆීඩ්බැක් ගන්න කියල අයිටම් එකක් ලිස්ට් කරලා අල්ලපු ගෙදර එකාට කියල ඒක බයි කරගෙන ෆීඩ්බැක් එකක් ගන්නවා වගේ පෙරපාසල් වැඩනම් කරන්න එපා ඉතිං. ඊට පස්සෙ අරක සස්පෙන්ඩ් උනා මේක කෙල උනාගගා පෝස්ට් දානත් එපා මෝඩ වැඩ කරල.

    4. අඩුම 5000 ක් 10000 ක් වත් නැතිවනම් මේක පටන් ගන්න යන්න එපා පුතෝ එක පාරට ඕඩර් එන්න ගත්තාම හොම්බෙන් යන්ඩ වෙන්නේ හොම්බෙන් (අත්දැකීමෙන් කියන්නේ) මොකද අලුත් එකවුන්ට් වල දවස් 21 ක් සල්ලි හොල්ඩ් වෙන නිසා අනිව අපෙඅතේ සල්ලි තියෙන්න ඕන.

    පොඩි කතාවක්,

    "පේපෑල් කෙලවෙලා ඉන්නකොට ආපු ඕඩර් දාන්න තියා බස් එකක්වත් යන්න සල්ලි නැතුව තිබ්බේ, කොහොමහරි අපේ අයියා කෙනෙකුත් සල්ලි වයගක් දුන්නා සීන් එක කීවට පස්සේ ඒ ටික මදි උනා ආය ඉල්ලනත් බැරි නිසා මොකද කරන්නෙ බලන්කොට අපෙ ඩ්‍රොප්ශින් චැට් ග්ෲප් එකක් තිබ්බා ඒකෙ සීන් එක කියල මැසේජ් එකක් දැම්මා. ලොකුම දේ කවදාවත් දැකලවත් නැති ජීවිතේට චැට් කරලවත් නැති දුක දන්න මිනිසූ තුන්දෙනෙක් මට සල්ලි දුන්න ඕඩර් දාන්න සල්ලි නැතුව ඉන්නකොට කවුද කියලා මේන්ශන් කරාන්නැ කට්ටිය වද දෙන හින්දා,"

    -මට කියන්න ඕන උනේ කොහොමහරි මහන්සි වෙලා තමන්ට දෙයක් කරන්න ඕන්නම් ඕන තරම් මිනිස්සු ඉන්නව හෙල්ප් කරන්න කියලා-

    5. මම සබ්ජෙක්ට් එක නොදන්න කාලෙ කීදෙක්ගෙන්නම් අහන්න ඇද්ද මැසේජ් දාදා පෙලක් අය සීන් කරනව රිප්ලයි නැ පෙලක්‍ අය සීන් කරන්නෙත් නැ, එහෙම තමා හැමෝම හෙල්ප් කරන්නැ මැසේජ් වලට රිප්ලයි නොකරට කියන්න එපා අරුගෙ ලොකුකම අනම් මනම් කියල සමහර විට බිසී පොරක්ද දන්නෑනේ අමාරුවෙන් මේ තනට ආපු කෙනා අනිව හෙල්ප් කරනව මටත් ඒ වගෙ හතර පස් දෙනෙක්ම පට්ටෙටම හෙල්ප් එක දුන්නා හැබැයි වදයක් උනේනම් නැ හැමදේම අහන්න ගියෙත් නැ youtube google එකෙන් තමා ගොඩක් ද්ගේවල් හොයාගත්තේ (මේන්ශන් කරන්නැ එයාට මේ පොස්ට් එක දැකපු අය වද දෙන්න යන නිසා)

    6. කවුරු හරි අරක සෙල් උනා මේක සෙල් උනා කියල පෝස්ට් එකක් දාපු ගමන්,

    "අඩේ බං මගෙ අයිටම් සෙල් වෙන්නෑ"

    "අඩේ බං කියල දියංකො මටත්,"

    "කොහොමද බං කරන්නේ,"

    "මොනවද බං ලිස්ට් කරේ,"

    "මටත් අයිටම් එකක් කියපංකෝ බං ප්ලීස්,"

    මේ වගේ කමෙන්ට් නම් දාන්න එපා පුතෝ උබට කවුරුත් කවදාවත් සෙල් කරන අයිටම් එකනම් කියන්නැ කීවොත් 0.001% වගේ,

    මගෙන් ඇහුවට මම කියන්නෙත් නැ. උබ හිතයි කියන්නැතිව ඉන්නෙ මුගේ හෙන ලොකු කම කියල, හොද අයිටම් එකක් හොයාගන්න කාපු කට්ට දන්නේ ඌ විතරයි ඒ හින්ද එහෙම අහන්න යන්ඩ එපා බොක්කෙම යාලුවෙක්ගෙන් උනත් අහන්න යන්න එපා මමනම් කියන්නේ (එත් මට බොක්කෙන්ම ඒ දවස් වල හෙල්ප් කරපු දෙන්නෙක්ට මම කියල තියේ කලගුන සැලකීමක් විදිහට)

    7.පේපැල් ගැන කතාකරන්න දෙයක් නෑනේ දන්නවනේ ලංකාවට නෑ කියලා ඒ හින්දා පේපැල් කෙලවෙන එක සාමාන්‍ය දෙයක් (මගෙ එක්ක පේපැල් එකක් දැනටමත් පර්මන්ට් ලිමිට් වෙලා තියෙන්නේ)

    6. එක අයිටම් එකක් ලිස්ට් කරලා දවස් දෙක තුනක් බලලා ඕඩර් නැති උනාම මේකෙන් අහල වැඩක් නැ "අඩේ බං දවස් ගානක් වෙනව ලිස්ට් කරලා සෙල් උන්නෑ" කියල, ආවට ගියාට අයිටම් ලිස්ට් කරල සේල්ස් ගන්න බැ ඔය කොහෙන් හරි පොටෝ එකක් අරන් දාල ලිස්ට් කරාටත් ඕඩර් ගන්න බැ, ලිස්ට් කරපු ගමන් ඔඩර් එකෙක ආවොත් ඒක ඉතිං උගෙ ලක් එක තමා (මටත් දව්ස් දෙකෙන් ආව)

    පොඩ්ඩක් ගූගල් කරන්න eBay trending items, Ali express trending items, us trending items ඔය වගේ හිතෙන හිතෙන ඒව ගහල බලන්න අතිං වියදම් වෙන්නැනේ .

    දැං කියන්නම් මම ඉගෙන ගත්තු විදිහවල්,

    1.පලවෙනි එක මේ ග්ෲප් එක. ඩ්‍රොප්ශිපින් ටැග් එකෙන් තියෙන පෝස්ට් බලන්න ඇති 100 ට වැඩිය. දාල තියෙන හැම පොස්ට් එකකම කමෙන්ට් බලන්න ඇති.

    2.Youtube

    මේ ලින්ක් ටික පිලිවෙලට බලන්න මුල ඉදන් අයිඩියා එකක් ගන්න පුලුවන්. (මේව මම කරපු වීඩියෝ නෙවේ)


    *. https://www.youtube.com/watch?v=846CcH8VQ1M&t=33s

    *. https://www.youtube.com/watch?v=DhEvxmQTjgk

    *. https://www.youtube.com/watch?v=5sa6siVPx28&t=325s

    *. https://www.youtube.com/watch?v=qApLL1WAKEI

    *පේපැල් එක හදාගත්තේ -https://youtu.be/ekKQCpK3Xwg


    3. කවුරුත් දන්න #tipsfromdesha

    4. මේ ග්ෲප් එකේ ෆෝරම් එක - https://bit.ly/2sQw7KN

    5. ගූගල් දෙවියෝ තමා, eBay sihala, dropshipping sinhala, ඔය වගේ හිතෙන හිතෙන එක සර්ච් කරලා එන ආටිකල් හැම එකක්ම වගේ කියෙව්වා

    6. මට බොක්කෙන්ම උදව් කරපු අයියලා සෙට් එක (මේන්ශන් කරන්නැ වද දෙන හින්දා කට්ටිය)

    7. මම හොයාගත්තු පොඩි ට්‍රික් එකක් කියන්නම්(කලින් කවුරුත් හොයාගෙනද දන්නෑ සමහරවිට කට්ටිය මේ විදිහට කරන්ව ඇති.

    ** එකම අයිටම එක වෙනස් ක්‍රම තුනකට හතරකට විතර ලිස්ට් කරන්නකෝ අනිව එකකට හරි ඕඩර් එකක් එනවා

    ඔය ටික තමා ඉතිං මම කරේ අයිටමනම් හොයාගත්තේ, එක අයිටම් එකක් නෙවේ ගොඩක් ලිස්ට් කරා ඒවට ඔඩර් නැ ඒක අයින් කරල ආය වෙන ඒව දැම්මා එහෙම එහෙම තමා මට අයිටම් සෙට් උනේ,

    8.epal එකේ වීඩියෝ තාමත් දාන දාන වීඩියෝ එක බලනවා ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් - https://www.youtube.com/cha…/UCQJTRcSVL8q8yU8t8zksl2Q/videos

    9. ගහන youtube එකේ Dropshipping Sinhala කියල ගොඩක් වීඩියෝ එනව හැම එකේම එකම දේ ඒත් එයාලගෙ වෙනම ට්‍රික්ස් තියේ ඒ හින්ද හැම එකක්ම වගේ බලන්න පුලුවන්නම්.

    10. ෆීඩ්බැක් හදාගන්නෙ කොහොමද කියන ගැටලුව ඇතිනේ, මම ෆීඩ්බැක් 20ක් විතර ගත්තා කට විතර, සුවර් නෑනේ , ඔව් එහෙම ගන්න පුලුවන්, කොහොමද?

    මේ විදිහට කරන්න කීටැග් බයි කරලා(මම කරේ එහෙම)

    ඒත් කොහොමද කට ? සරලයි,

    ඔයා සර්ච් කරන්න Keychain කියලා,

    ඊටපස්සේ free shipping තෝරන්න,

    අර අපිට කැමතිගානක් දීලා සර්ච් කරන්න තියෙන්නෙ ඒකට දාන්න 0.01 - වගේ,

    ඔය ටික සෙටප් කරගත්තාම ඕන තරම් එනව අඩු ගානට බිඩ් කරන්න බඩු ආවත් නැත්ත් කමක් නැ අපිට ෆීඩ්බැක් එක සෙට් වෙනවා කොහොමත්

    (තේරුන්නැත්නම් 2 පොටෝ එක බලන්න) (keychain විතරක් නෙවේ අනිත් අයිටමුත් මෙහෙම ට්‍රයි කරන්න)

    11. Vero Item, Branded Item (apple, SanDisk) වගේ අයිටම් ලිස්ට් කරන්න අයන්න එපා අනිවා එකවුන්ට් එකට බබා හම්බෙනවා. Vero අහුවෙනවනම්.

    මොකක්ද Vero කියන්නේ ?

    **. මම හරියටම දන්නෑ මම වැරදිනම් කවුරු හරි මේක හරිගස්සලා දෙන්න, මම හිතන්නේ *දැං ඇපල් කියන බ්‍රැන්ඩ් එක ගත්තොත් ඒ අයිටම එක විකුනන්න අයිතිය තියෙන්නෙ ඇපල් ආයතනේට විතරයි ඊබෙ එක ඇතුලේ අනිත් අයට ලිස්ට් කරල විකුනන්න බෑ එක්කො අපේ අයිටම් එක අයින් කරන්ව නැත්නම් එකවුන්ට් එක සස්පෙන්ඩ් කරන්ව. කොටින්ම කීවොත් බ්‍රැන්ඩඩ් අයිටම් කරන්න එපා මට වෙරෝ කියන එක මීට වඩා තේරුම් කරන්න තේරෙන්නෑ දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් විස්තර කරල දදාන්න කමෙන්ට් එකක්.

    Vero කියන එක බ්‍රැන්ඩ් නේම් එකට නෙවේ, ප්‍රොඩක්ට් එකේ හැඩයට,නමට ම් ඩිසයින් එකට පවා වැදෙනවා.

    Dropshipping වල මේ Vero කියන එක අනිව බලන්න ඕන මේක විශේශම තැනක් Dropshipping වල.

    කොහොමද වෙරෝ තියේද කියලා බලන්නේ,

    Shopmaster - https://www.shopmaster.com/index.htm

    ඕක ගැන වීඩියෝ තියේ YT බලන්න.

    සරවම කීවොත් ඕකෙන් අයිටම් එකක් උනත් ලිස්ට් කරන්න ලේසී, අපේ ඊබෙ එක ඕකට ලින්ක් කරන්න ඕන බයවෙන්න එපා කිසි අවුලක් වෙන්නෑ (මට තාම අවුලක් ඇවිල්ල නෑ)

    12.Description එක මේක ගොඩක් වැදගත් තැනක්, බයර්ගෙ බොක්කටම වැදෙන්න මේක දෙන්න ඕන, අපේ සේවාව විස්තර කරල පොඩි ටෝක් එකක්දෙන්න Item Description එක හදද්දි,

    කොහොමද බං Description එක හදන්න ඕන ?

    කොපි පේස්ට් අවුල්ද ?

    මෙහෙමයි මම කරන විදිහ මේකයි. එකම අයිටම් එක විකුනන සේලර්ල තුදෙනෙක් විතර හොයාගෙන උන් තුන්දෙනාගේ Description තුන අරං කපල කොටල අඩු වැඩි කරල මටම තනි එකක් හදාගන්නව උන් තුදෙනාගෙම හොද කැලි ටික අරගෙන(පොඩ්ඩක් මොලේ පාවිච්චි කරල වැඩ කරන්න ඕන මේව කරද්දි ඉතිං හැමෝම මේව කියල දෙන්නෑ)

    අවුල්නම් ඊබෙ එකෙන් ඇක්සස් දෙන්නෑනේ ඕකට ලින්ක් කරන්න.

    13.Selling Limit

    තව දෙයක් තමා Selling Limit එක කියන්නේ මුලින්ම දෙන්නේ 10 අයිටම්, පස්සේ වැඩි කරගන්න ඕන හිමීට

    ඒක වෙන්නෙ මෙහෙමයි අපිට ඉස්සරෝම දෙන 10 න් අයිටම් සෙල් උනොත් ඊබෙ එක නිකන්ම් මාසෙන් මාසෙට අපෙ සෙලින්ග් ත්තවෙ බලල ඔටෝ වැඩි කරනවා නැත්නම් අපි ඊබෙ එකට කෝල් කරල චැට් කරල වැඩි කරගන්න ඕන, පටන් ගත්ත ගමන් ලිමිට් වැඩි කරගන්න යන්න එපා එහෙම උනොත් සස්පෙන්ඩ් කරලවත් දායි.

    ඇත්තටම මට කඩ්ඩ බෑ බෑ නෙවෙයි හොදට බැ එහෙං මෙහෙං ගේමක් ගහන්න පුලුවන් ඒත් කෝල් කරල සෙලින් ලිමිට් වැඩි කරල දෙන්න කියන්න තරම් බැ.

    ඒ හින්ද චැට් එකෙන් එකෙන් ගේමක් ගහගන්න පුලුවන් චැට් එක ගැන කියල දුන්නෙත් මට හෙල්ප් කරපු අයිය කෙනෙක් කාටවත් වැඩිය කියන්නත් එපා කීවා, ඒත් මම හිතුව කියන්න ඕනි කියලා

    මේ විදිහට ස්ටෙම් ටික යන්න ,

    1.ebay.co.uk සයිට් එකට ගිහින් ලොග් වෙන්න ඔයාගෙ එකවුන්ට් එකට

    2.Help & Contact යන්න

    3. පාතට යන්න එතන Selling කියල තියේ ,ඒකට යන්න

    4. පාතට යද්දි Listing Your Item කියන එක යටතේ Selling Limit කියල තියේ ඒකට යන්න

    5. එතන යට තියේ chat with Us කියල එතනින් ගේම ගහගන්න.

    වැදගත් :

    කිසිම වෙලාවක ඩ්‍රොප්ශිපින් කරනව කියල එයාලට දැනෙන්න තියන්න එපා එකෙලින්ම ඇකට බබා හම්බෙනව දැනගත්තොත්.

    අහයි පස්න ටිකක් ඒවට හොදට හිතල බලල කෙටි උත්තර දිග උත්තර පස්නෙ අනුව දෙන්න

    *විකුනනනෙ මොනවද ?

    *විකුනනන් හිතං ඉන්නෙ මොනවද

    *.කොහෙන්ද ඔයා බඩු ගන්නෙ

    *. කාගෙන්ද ගන්නෙ එයාගෙ නම මොකක්ද වගේ පොඩි දේවල් ටිකක් අහන්නේ.

    වැඩේ හිමීට කරගන්න බැයිනම් කියන්න උදවාක් දෙන්නම් ඉතිං

    තව කියන්න ජාති හිතං ඉදියා ඒ ටික මතක නැ මටත්ක් උන වෙලාවට අප්ඩේට් කරන්නම්,

    ***.තමං කරන්න යනදේට උනන්දු වෙලා පොඩි හරි කැපවීමක් කරන්න බැයිනම් තමන්ම හොයල දෙයක් කරගන්නැත්නම්, අනුන්ගෙන් කන්න බලන් ඉන්නවනම්, මේව කරන එකේ තේරුමක් නෑ.

    මේ පොස්ට් එක දාන්න හේතුව තමා යට තියෙන ස්ක්‍රීන්ශොට් එක, වෙනද මට හැමදාම ඕඩර් එකක් දෙකක් තමා උපරිම එන්නේ ඒත් අද උදේ වයිෆයි එක ඔන් කරද්දී ඕඩර් 6ක් ඇවිල්ලා , ඔය ඕඩර් ඔක්කොම අවිල්ල තියෙන්නේ එක අයිටම එකකට. පට්ට හැපී ඉතිං, මම හොයාගත්තු අයිය්ටම් එකකට පේපැල් ලිමිට් වෙලා කෙල වෙලා වන වෙල චොර වෙලා ඉද්දී මාස දෙකෙන් ආයෙත් කලින් ත්තවෙට ඔඩර් ආපු එක ගැන.

    දන්න නොදන්න කට්ටිය ඔක්කොම පෝස්ට් එකට කමෙන්ට් කරන අයට හෙල්ප් කරන්න, ම්මමත් පුලුවන් වෙලාවට හෙල්ප් කරන්නම් කීව ටික ෆලෝ කරන්න පොඩ්ඩක් කරගන්න බැරිවෙන එකක් නැ උනන්දුව තියේනම්.

    පෝස්ට් එකේ අඩුපාඩු ඇති දන්න අය අඩුපාඩු පොඩ්ඩක් හදන්න හෙල්ප් කරන්න.

    මම හිතනව පෝස්ට් එකෙන් ගන්න දෙයක් ඇති කියලා ගොඩක් මහන්සි වෙලා මේක ලීවේ හිත හැඩෙන්නවත් කම්නෙට් එකක් දාන්න.

    කරන්න බැරි දෙයක් නැ බං පටන් ගනින්.. මගෙ පරන පොස්ට් බැලුවොත් තේරෙයි මම කොතන ඉදන්ද ආවෙ කියලා.. මේකෙම ප්‍රශ්න ගොඩක් අහල තියේ මම.

    පස්න තියේනම් අහන්න පුලුවන් විදිහට උත්තර දෙන්නම්

    Author - මම

    R E P + from bhagya2010
     

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,051
    1,013
    113
    අඩෝ අකුරු ටිකක්ලොකු කරපංකෝ කියවන්න ගියහම් පිස්සු හැදෙනෝ
     

    CryptoBATTA

    Junior member
  • May 22, 2018
    31
    38
    18
    ලංකාවෙ paypal account එකකින් ebay එකේ sell කරන්න පුලුවන්ද?මං අහලා තියෙන්නෙ withdraw කරන්න බෑ කියලා විතරයි.අපිට බැරිද අපේ account එකට එන සල්ලි පිටරට යාලුවෙක්ගෙ paypal එකකට transfer කරල එයාගෙන් සල්ලි ඉල්ලගන්න.
    එහෙම ඕන්නෑ අර වීඩියෝ එකේ විදිහට පිලිපීන් විදිහට හදන්න කිසි ප්‍රශ්නයක් නැ සල්ලි ගන්න පුලුවන්
     

    CryptoBATTA

    Junior member
  • May 22, 2018
    31
    38
    18
    Pay pal valin salli ganna vidiyath kiyala dunnoth hodai neda?

    පිලිපීන් විදිහට පේල් එක හදලා,
    වීසා කාඩ් එක ඇඩ් කරල කොන්ෆ්‍රොම් කරන්න,
    එතනින් එහාට දෙයක් නැ අපේ කාඩ් එකට ලස්සනට සල්ලි ගන්න පුලුවන්,
    නැත්නම් ලංකාවේ පේපැල් $ ගන්න අයට විකුනනන පුලුවන්, ගැටලුවක් තියේනම් අහන්න
     

    CryptoBATTA

    Junior member
  • May 22, 2018
    31
    38
    18
    item location eka danne kohe widihatada??
    tracking no update karanawada?
    චයිනා දාන්න, බට් ඉස්සරෝම ලිස්ට් කරන එක චයිනා දාන්න එපා ඒක ස්‍රීලන්කා දාන්න එකවුන්ට් එක ලංකාවෙ එකෙකන්ම් කිසි අවුලක් නැ පස්සෙ චයිනා දාල ලිස්ට් කරන්න, අවුලක් උනොත් උන් රෙස්ට්‍රික් කරයි එකවුන්ට් එක ඒක චැට් කරල හදාගන්න පුලුවන් නැත්නම් කෝල් කරලා කියන්න ගොඩක් ජාති තියේ ඒක හදාගන්නනම් එහෙම උන දවසක කන්ටැක් කරගන්න මාව හෙල්ප් කරන්නම් එතකන් බය වෙන්න එපා.
    ඔව් ට්‍රැකින් දානව ඒත් ඊබෙ එකෙන්ම කියලන 10$ ඔඩර් වලට ට්‍රැකිං අත්වශම නැ කියල