මහණෙනි, සිත හදවත ඇසුරු කොට පවති ;)

Emios

Well-known member
  • Dec 10, 2009
    75,413
    67,751
    113
    Dan oluwata awa.otana kivve ape kaye wath bahira kayakawath sitha pawathinne ne kiyala.sitha ipadenne tanaka newe.le dathuwa kivve sabba kayata.ape body ekata newe.ape body ekai bahira dathuwai dekama ekai
     
    • Like
    Reactions: NRTG and kg3

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    අඩේ පිස්සු හැදෙනවා බන් එතකොට ඩොනර් ගෙ ප්‍රතිසන්දිය කොහොම වෙනව ඇත්ද? මොලේ අවුල් උනා. :eek: :eek: :eek:

    ඩොනර්ව ගන්නෙ බ්‍රේන් ඩෙත්ස් විතරද?
    අරූට ඔය දැනෙන දේවල් කොcචර කල් තියෙද කියල විස්තරයක් දන්නවද?
     
    • Like
    Reactions: NRTG

    Kalyanamitta

    Junior member
  • Nov 15, 2022
    47
    53
    18
    Ohoma kiyanne mahayana buddhism eke neda.heart eka laga le dathuwa asuru karan sitha pawathinawa kiyala.

    Theravadyata anuwa sitha kiyala ganna deyak nane.rupen sadden thorawa wenama sithak nane

    බුදුරජාණන්වහන්සේ බුදු දහම ථේරවාද මහායාන කියල බෙදල නැහැ. ඔය පසුකාලීනව ඇතිවුණ බෙදීමක්. අනෙක හෘදය කෝෂයේ ලෙය ඇසුරු කොට පවතින කතාව ථේරවාද බුදු දහමෙ කියවෙනව :). උදාහරණ:

    හෘදය රූපය

    චක්ෂුර් විඥාන ධාතුවය, ශ්‍රෝත්‍ර‍ විඥාන ධාතුවය, ඝ්‍රාණ විඥාන ධාතුවය, ජිහ්වා විඥාන ධාතුවය, කාය විඥාන ධාතුවය, මනෝ ධාතුවය, මනෝ විඥාන ධාතුවය යි විඥාන ධාතු සතෙකි. එයින් චක්ෂුර් විඥානධාත්වාදි පස ප්‍ර‍සාද රූප පසෙහි උපදී. ප්‍ර‍සාද රූප පස ඒ විඥාන ධාතු පසට නිඃශ්‍ර‍ය වස්තු වේ. මනෝ ධාතුව හා මනෝවිඥාන ධාතුව ඒ ප්‍ර‍සාදයන්හි නූපදී. ඒ ධාතු දෙකට නිඃශ්‍ර‍ය වන රූපය හෘදය රූපය ය. එයට වස්තු රූපය යි ද, හෘදය වස්තු රූපය යි ද කියනු ලැබේ. ප්‍ර‍සාද නාමයෙන් නො කියන නමුදු එය ද එක්තරා ප්‍ර‍සාදයෙකි. පඤ්චවෝකාර භවයෙහි සත්ත්වයකු උපදනා කල්හි ප්‍ර‍තිසන්ධි චිත්තය සමඟ ම එය හා බැඳී එයට නිඃශ්‍ර‍ය වෙමින් හෘදය රූපය ද පහළ වේ. එය පහළ වන්නේ මහාභූත සතර හා වර්ණ ගන්ධ රස ඕජා රූප සතර ද ජීවිත රූපය ද සමඟ ය. ඒ රූප පිණ්ඩයට වස්තු දසක කලාපය යි කියනු ලැබේ. එය කලලාදි අවස්ථාවල සුදුසු පරිදි පැවතී, ශරීරය වැඩුණු පසු හෘදය කෝෂය තුළ පිහිටි ලෙය ඇසුරු කොට පවත්නට වන්නේ ය. හෘදය කෝෂයෙහි ස්ථිර ව පිහිටි ලෙයක් නැත. නිතර එයින් පරණ ලෙය බැහැර වන්නේ ය. අලුත් ලේ එයට පැමිණෙන්නේ ය. හෘදය රූපය එතැනට පැමිණෙන ලෙය ඇසුරු කොට ම පවතිනවා මිස ඉන් බැහැරට නො යන්නේ ය. මනෝධාතු මනෝවිඥාන ධාතු දෙකට නිඃශ්‍ර‍ය වන බව එහි ලක්ෂණය ය.

    https://pitaka.lk/books/abhidharmaye-mulika-karunu/9-7.html
     
    • Like
    Reactions: NRTG and Emios

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,962
    40,814
    113
    චක්ෂුඃ ප්‍රසාදය

    ප්‍රසාදය යන වචනයේ තේරුම ඔපය යනුයි. ඇස සැම තැනම ඔපයක් නම් ඇත. එහෙත් චක්ෂුඃ ප්‍රසාදය යි නො කියනු ලැබේ. කළු ඉංගිරියාව යයි කියනු ලබන ඇසේ කළු ලපය මැද ප්‍රමාණයෙන් උකුණු හිසක් පමණ වූ තැන සිවි සතක පවත්නා ඔපයක් ඇත. එයට චක්ෂුඃ ප්‍රසාදය යි කියනු ලැබේ. ඉදිරියේ තිබෙන වස්තූන්ගේ ඡායා කැඩපතක පහළ වන්නාක් මෙන් ඇස ඉදිරියේ ඇති දේවල ඡායා ඒ ඔපය තුළ පහළ වන්නේය.

    ශ්‍රෝත ප්‍රසාදය

    කන් අඩියේ කුඩා ස්ථානයක ශ්‍රෝත ප්‍රසාදය රූප පිහිටා තිබේ. රූපයන්ගේ මෙන් ම ශබ්දයන්ගේ ද හැඩහුරුකමෙන් ආකාර විශේෂයෙක් ඇත්තේය. එය ඇසට පෙනෙන ඔපයෙක් නොවේ. රූපච්ඡායාව කැඩපත් ආදියේ ඔපයෙහි පහළ වන්නාක් මෙන් ශබ්දයන්ගේ ඡායාව ඒ ඒ ශබ්දයේ හැඩහුරුකමින් ශ්‍රෝත ප්‍රසාදය පහළ වේ.

    ඝ්‍රාණ ප්‍රසාදය

    මෙය නාසය තුළ එළු කුරයක සටහනට බඳු සටහනක් ඇති තැනක පිහිටි ඔපයකි. සුන්දරාසුන්දර ගන්ධයන් ගෙන නාසා කුහරය තුළට වැදගන්නා වාතයෙහි ඇති ගන්ධය එහි ස්පර්ශ වේ.

    ජිහ්වා ප්‍රසාදය

    මෙය දිවේ මැද කොටසෙහි නෙළුම් පෙත්තක අගට බඳු සටහන ඇති තැනක අනුභව කරන ආහාරයන්ගේ රසය ස්පර්ශ වීමට සුදුසු පරිද්දෙන් පිහිටි ඔපයකි.

    කාය ප්‍රසාදය

    මෙය ඒ ඒ වස්තුවෙහි ඇති තද බව මොළොක් බව උණුසුම් බව සිසිල් බව ආදි ගුණයන් ස්පර්ශ වීමට සුදුසු පරිද්දෙන් ශරීරය සැම තැන ම වාගේ පිහිටි එක්තරා ස්වභාවයකි.

    හෘදය රූපය

    මෙය හෘදය කෝෂය තුළ පවත්නා අඩ පතක් පමණ ලේ ඇසුරු කොට විඥාන ධාතුවට නිඃශ්‍රය වීමට සුදුසු සේ පවත්නා වූ එක්තරා ස්වභාවයකි. විඥානයන්ගෙන් වැඩි කොටසක් උපදිනුයේ හෘදය රූපය නම් වූ ස්වභාවය ඇසුරු කොට ගෙන ය.

    විඥාන ධාතුව

    විඥාන ධාතුව දැනීම හෙවත් සිතය. එහි ලක්ෂණ වශයෙන් එකක් වුව ද උපදින ස්ථානයන්ගේ හා ඉපදීමේ හේතූන්ගේ වශයෙන් චක්ෂුර් විඥානය, ශ්‍රෝත්‍ර විඥානය, ඝ්‍රාණ විඥානය, ජිහ්වා විඥානය, කාය විඥානය, මනෝ විඥානය යි සවැදෑරුම් වේ.

    👆මේ කියන විදිහට ඇසුරු කොටගෙන පවතිනව කියන්නෙ. එතනත්, එතනින් පිට වෙන තැන්වලටත් ගමන් කරමින් පවතිනව කියන එක. හාට් ට්‍රාන්ස්ප්ලාන්ට් එකකින් ආත්මෙ මාරු කරන්න බැරි ඒකයි.

    ලේ බින්දුවක් වත් ඉතිරිනොවෙන්න සම්පූර්ණයෙන් අයින් කරලා, වෙන කෙනෙකුගෙ ලේ දුන්නොත්, වාසනාව තිබුනොත් සමහරවිට ආත්මේ මාරු කරන්න පුළුවන් වෙයි.

    ------ Post added on Feb 25, 2024 at 9:19 AM
     
    • Love
    • Like
    Reactions: NRTG and gamerlk

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,021
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සිත තියෙන්නෙ මොලයෙ නෙවෙයි හදවත ඇසුරු කරගෙන ලේ ධාතුවෙ කියලයි කියන්නෙ (ඇඟ පුරා යන්නෙ නෑ එතන තියෙනව විතරයි), මිනිහෙක් මැරුනම ලේ ධාතුව විකුර්ථි වෙන නිසා එතන ‍රැ‍ඳෙන්ඩ බැරි නිසා නව භවයකට යනව කියන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    nipund

    Well-known member
  • May 17, 2007
    806
    1,105
    93
    කලින් ලියපු එකක්
    අපි දරන ඔක්කොම මත , ආගමික ,දෙශපාලනික, විද්‍යාත්මක ,දාර්ශනික ,පෞද්ගලික ඇතුළු සියල්ලම අපි හදාගන්නෙ ඇහෙන්, කනෙන්, ඇගෙන් හා සිතෙන් ගන්න දත්ත වලින්. අලුත් මතයක් නම් ගන්න දත්ත සිතෙ තියෙන පරණ දත්ත එකතු වෙලා තමා හැදෙන්නේ .
    හැබැයි අපි දන්න විද්‍යාවට අනුව දිවෙ තියෙන්නේ රසායනික ප්‍රතිග්‍රාහක. රසායනික තමා දිවට දැනෙන්නේ . නහයත් එහෙමයි .රසායනික වල පාටක් සුවදක් නෑ. ඇහැට එන තර‍ංග වල ගැබුර හො වර්ණයක් නෑ. කනට එන තර‍ංග වල වචන තේරුම් නෑ.
    "මොළය" විසින් එ දත්ත වලින් රස, සුවද,ත්‍රිමාණ බව, වර්ණවත් බව ,ශබ්ද මවල දෙන බව තමයි මතය..

    මොලෙන් මවලා දෙනවා කියලා ගත්තට මොලයක් තියෙනවා කියලා අරන් තියෙන්නේත් මැවීම තුලම තමා.

    එහෙම මවල දෙන ලොකය තුල තමා ඔයාට ඔයාව හමුවෙන්නෙ..
    මැවීමක් තුල මේකමයි හරි . මේකමයි වැරදි කියන්න පුළුවන් ද?
    කොටින්ම "මේක" කියන එකත් මවල.😉.
    මායාවක් තුල මායාව වත් හමුවෙන්න පුළුවන් ද?
    මවලා දෙන තොරතුරු උඩ මම හරි කියලා අරන් නටන එක දුකක් නෙමේ ද? ගොන් පාට් එකක් නෙමේ ද?
    කොටින්ම පැවැත්මම දුකක් නෙමේ ද?
     
    Etakota aha kana nasaya kohe tibba ekakda.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,324
    2,178
    113

    මෙතන තියෙන කොමෙන්ට් බැලුවාම තේරෙන දෙයක් තමයි, සමහර අය සිත, මන කියන එක පටලවගෙන ඉන්නව කියන එක...මන (ඉන්ද්‍රිය ) කියන්නෙ ඔය කියන හර්දය තුල ලේ දාතුව මත (ආශ්‍රිතව ) පවතින. සිත (මනො වින්නනය ) කියන්නෙ මන බේස් වෙලා හේතු නිසා ඇති වී නැති වී යන දෙයක් මිසක් පවතින දෙයක් නෙවේ..ඕකනෙ මගේ ආත්මය කියල ගන්නෙ..ඔතන බේස් එක වෙනස් වෙනව කියල ගන්න බැ.

    හැබයි, යම්කිසි ක්‍රමයකින් බේස් එක වෙනස් උනොත් (නැචුරලි නම් එහෙම වෙන්නෙ නැ, එහෙම කරන්න පුලුවන්ද කියලත් කියන්න දන්නෙ නැ) ඒ මත ඇති වන වින්නානය වෙනස් වෙන්න පුලුවන්...උදාහරනයකට, අන්දයකුට ඇසට අදාලව වින්නනයක් ඇති වෙන්නෙ නැ...යම් කිසි ක්‍රමයකින් ඇසේ වෙනස් කමක් කරල අන්දබව නැති කිරීමෙන් වින්නානයක් ඇති කරන්න පුලුවන් නෙ... ඒකෙන් කෙනෙකුගෙ පර්සනලිටි එක වෙනස් වෙන්න පුලුවන්...
     
    Ahata da penne hithatada. :oo: aha anda unath hithata penawane.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ
    ඌරන්ගේ හාර්ට් එකත් මිනිසුන්ට බද්ද කරනවා කියලා දැක්කා