මහණ වෙන්නට යන්න – අම්මෙ අවසර දෙන්න

Shadow.Walker

Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    මහණ වෙන්නට යන්න – අම්මෙ අවසර දෙන්න



    (සෙනෙහෙබර මවක් සහ යොවුන් පුතකු අතර ඇතිවූ දෙබසකි)


    පුතා :- අම්මෙ… මම කාරණාවක් අහන්ට ද? මට මහණවෙන්න අවසර ඕන.

    මව :-
    අනේ මගෙ රත්තරං පුතේ, මොනවද මේ කියන්නේ…? පුතා මහණ වුනාම අපට සලකන්නේ කවුද?


    පුතා :-
    ඇයි අම්මේ, අම්මටයි තාත්තටයි සලකන්න මගේ නංගියි මල්ලියි ඉන්නෙ! එයාල මම සලකනවටත් වැඩිය හොඳට අම්මලාට සලකාවි.


    මව :-
    අපි වයසට යන කොට අපිව මගහැරල යන්න පුතාට දුක නැද්ද?


    පුතා:-
    අම්මේ පරමාර්ථය උතුම් නම්, මේ ලෝකෙ මොකක්ද දරාගන්න බැරි දුක! කොහොම උණත්, මහලු කාලයේ දි අම්මලාට සලකන්න කෙනෙක්, උපස්ථාන කරන්න කෙනෙක් නැත්නම් මම පිඬු සිඟා ගොස් ලබන ආහාර අම්මලාට කවන්නටත්, සිවුරු සඳහා පූජා කරනු ලබන වස්ත්‍ර අම්මලාගෙ ප්‍රයෝජනේට දෙන්නත් මට පුළුවන් නෙ. මෙවැනි පින්කම් අපේ මහා කාරුණික අමාමෑණියන් වහන්සේ පවා භික්‍ෂූන් වහන්සේට තහනම් කරල නැහැ. එතකොට අපට කොච්චර පී‍්‍රතියෙන් ඉන්න පුළුවන්ද….?


    මව :-
    ඉතින් රත්තරන් පුතේ….., පුතා මහණ උණාම අපි කිසිකෙනෙක් ළඟ නැතිව පුතාට ඉන්න පුළුවන්ද?


    පුතා :-
    අම්මේ, අපේ ශාන්ති නායක බුදුපියාණන් වහන්සෙ දේශනා කරපු ආකාරයට, මේ විදියට සෙනෙහෙවන්ත, සමීප අයට තදින් බැඳී සිටින බැමි ලිහා දමන තරමටයි හිතේ සැපයත්, නිදහසත්, ඇතිවන්නෙ.

    “පියතො ජායතී සොකො – පියතො ජායති භයං
    පියතො විසමුත්තස්ස – නත්ථි සොකො කුතො භයං “
    අම්ම , තාත්ත, සහෝදර, සහෝදරියන්, ඥාති හිතමිත්‍රාදීන් කෙරෙහි ඇති ආදරය මුළු ලෝක සත්ත්වයා කෙරෙහි දක්වන්ට පටන්ගත් තැනයි නියම සැපත ඇතිවන්නෙ… නියම සතුට ඇති වෙන්නෙ. මම පැවිදි උණාම එක අම්ම කෙනෙකුගෙ පුතෙක් නෙවෙයි. හැම අම්මලාගෙම පුතා. එක පුතෙකුගෙ පියෙක් නෙවෙයි. හැම පුතාගෙම පියා. එතකොට අම්මෙ කාටත් පොදුවේ මෛත්‍රී කරන්න, කරුණාව දක්වන්න, සේවය කරන්න මට පුළුවන්. ඊට වඩා වැඩි සැපයක් තියෙනවද….! සුවයක්, නිදහසක් තියෙනවද…!

    මව :-
    ඉතින් මගේ බුදු පුතේ, මහණ උණාම පුතාට දුක් විඳින්න වෙනව නේද?


    පුතා :-
    අම්මේ, ඒ ඒ දේවල් තම කැමැත්තෙන්ම අත් හරින්න හැකිවීම ලොකු භාග්‍යයක්. ඒ ලැබෙන සැපය, සුවය අප්‍රමාණයි. පුහු කාමයන් ගෙන් වෙන්වී සිටීමේ අගය අප අමාමෑණියන් වහන්සේ කෙතරම් අවස්ථාවලදී දේශනා කරල තියෙනවද…. ඒ වගේම අම්මේ මේ සැපය, සතුට කියන දේ සිතේ ඇතිවන දෙයක් මිස, ඉන් බාහිර වූ දෙයක් නෙවෙයි. ඉතින් අම්මේ, පැවිදි ජීවිතය සැපෙන් ගෙවීමට මගේ හිත හදාගෙන තියෙනව නම්, බාහිර දෙයින් මට කොහොම ද දුකක් එන්නෙ…?


    මව :-
    ඉතින් පුතේ ඔයාට දානෙ වේලක් එහෙම වැරදුනොත්?


    පුතා :-
    අනේ මගේ අම්මේ, ඕකත් කණගාටුවෙන්න දෙයක් ද? වේලක් දෙකක් බඩගින්නෙ ඉන්න එක ඔය තරම් දුෂ්කර දෙයක්ද? මේ දුක්ඛිත සංසාර ගමනෙදි අපි කොයිතරම නම් බඩගින්නෙ ඉන්න ඇති ද…? කුසට වේලක් ආහාර නැති උණාට අම්මෙ, බුදුසමිඳුගෙ ලයින් උපන් දරුවන්ට අනතුරක්, කරදරයක් වෙන්නෙ නෑ. එයාල ධර්මය තුළ සුරක්‍ෂිතයි. පිය උරුමය එයාලට හැමදාම ආරක්‍ෂාව සලසනව. අනික අම්මෙ, සාරා සංඛෙය්‍ය කල්ප ලක්‍ෂයක් මුළුල්ලේ දානාදි පාරමිතාවන් පුරාගෙන ආපු අප මහා කාරුණික බුදුපියාණන් වහන්සේටත් දානවේල වැරදුණා නම් අපි වගේ අය ගැන කවර කතාද?


    මව :-
    අනේ මගෙ පුතා නම් සුදුසු මහණදම් පුරන්නමයි සුදුසු. ඒ උණත් පුතේ, අපි කොහොමද පුතා නැති පාළුව ඉවසාගෙන ඉන්නෙ?


    පුතා :-
    ඕකත් කනගාටුවෙන්න දෙයක් ද අම්මේ? මට මහණවීමට කැමැත්ත ඇතිවුන එක ගැන අම්ම සතුටුවෙන්න ඕන. දරුවෙක් ශාසනයට පූජ කිරීමෙන් ලැබෙන පින අප්‍රමාණයි. ඒ නිසා හිත පහදවා ගෙන ඒ සියළු පින් අනුමෝදන් වෙන්න. අනික අම්මෙ අපිට මේ සංසාරෙ කොයිතරම් නම් දරුවො ඉඳල ඇති ද? එයාල අකාලයේ මැරුණු, අතුරුදහන් වුනු, දෙමව්පියන්ට හිතුවක්කාර වෙලා දාල ගිය අවස්ථා කොච්චර නම් තියෙන්න ඇති ද? දෙමව්පියො විදියට අපි ඒ වෙනුවෙන් කොයිතරම් නම් කඳුළු හලන්න ඇති ද? ඒ හලාපු කඳුළු සතර මහා සාගර ජලයටත් වඩා වැඩි බවයි තුන් කල් දකිනා අපේ භාග්‍යවතුන් වහන්සේ අපට කියල දුන්නෙ. ඉතින් තවත් අපි මේවට ඇලිල සංසාරෙම පතමින් ගියොත්, මේ කඳුලින්, සුසුමින් නම් ගැලවීමක් නැහැමයි අම්මෙ.

    අනික අම්මෙ අපිට හැමදාම එකට ඉන්න බැහැනෙ. කවද හරි යන්න වෙනව. විවාහයක් කරගත්තත් මට මේ විදියටම අම්මලගෙන් වෙන් වෙලා යන්න වෙනව. ඉතින් මම මේ යන්න හදන්නෙ ඊට වඩා සිය දහස් ගුණයකින් උතුම් දේකට. අම්මලට පුළුවනි ඕනි වෙලාවක ඇවි මාව බලන්න. කතාබහ කරල බණ ටිකක් අහල යන්න.

    මව :-
    ඒක නම් ඇත්ත තමයි පුතේ. මගේ බුදු පුතාගෙ අදහස්වල වටිනාකම මට මොහොතෙන් මොහොත වැටහෙනව. මගෙ පුතා ගිහිගෙන් නික්මෙල, මහණ දම් පුරමින් සිල්වත්, ගුණවත් ජීවිතයක් ගත කරන කොට, ඒ ගැන අම්මට කොච්චර සතුටුවෙන්න පුළුවන්ද?


    පුතා :-
    මම සිවුරු පොරවාගෙන පිරිසිදු සිල් ආරක්‍ෂා කරන කොට එයින් ලැබෙන මහත්පල මහා ආනිසංස පින් අම්මලත් නිතරම අනුමෝදන් වෙන්න. අම්මල මාව මේ ලෝකෙට බිහි කරල, හදපු වඩපු නිසානෙ මට මේ තරම් උතුම් දෙයක් කරගන්න වාසනාව ලැබුනෙ. බුද්ධ පුත්‍රයෙකු ලෙස මම එක පවුලකට සීමා නොවී, මුළු සමාජයටම යහපතක්, ආශිර්වාදයක් වෙමින් ජීවත්වීම දකින විට කොට අම්මට ලොකු සතුටක් ඇතිවේවි.


    මව :-
    මගෙ රත්තරන් බුදු පුතේ, මා පුතාට පෙවු මවු කිරිවල ණය ගෙවෙන්නට, පුතා මා දහම් කිරිවලින් පෝෂණය කරනවා වගෙයි.


    පුතා :
    - දරුවන්ට දෙමව්පියන් ගෙ ණය ගෙවන්න තියෙන එකම ක්‍රමයත් ඒකමයි අම්මෙ. දෙමව්පියන්ට ධර්මය කියා දීල ඒ අයව තිසරණයෙ පිහිටවන්න පුළුවන් උණොත්, දරුවො ඒ ණයෙන් නිදහස් වෙනව. එහෙමයි භාග්‍යවතුන් වහන්සේ අපට කියා දීල තියෙන්නෙ. අප මහා කාරුණිකයන් වහන්සේ දේශනාකොට වදාරන ලද ඒ උතුම් දහම් දහම් මඟ වඩින මහා සංඝ රත්නයේ සාමාජිකත්වය ලැබීම කොයි තරම් වාසනාවක් ද අම්මෙ?


    මව :-
    සාදු…. සාදු…. මගෙ පුතාගෙ කැමැත්ත එසේම ඉෂ්ඨ වේවා!


    පුතා :-
    පින්වත් අම්මේ, අප ශාන්තිනායක බුදුපියාණන් වහන්සේ ඒ මහඟු සම්බුදු පදවිය පවා ලබාගැනීමට ප්‍රථමයෙන් විවරණ ලැබුණේ තම දයාබර මැණියන්ගෙන්. මාතුපෝසක ජාතක කථා වස්තුවෙ අප මහා බෝසතානන් වහන්සේ දිනක් සිය දයාබර මෑණියන් සමග මුහුදු නැවක යාත්‍රා කරන අතරතුර යාත්‍රාව අනතුරකට පත්ව මුහුදේ ගිලෙන්නට නා. අප මහා බෝසත් විරුවාණන් සිය මව කරපිට තබාගෙන ඒ රුදුරු සාගරයේ තෙරක් බලා පිහිනන්ට වුණේ තම මෑණියන් ගලවා ගැනීමේ පරම චේතනාවෙන්.


    මව :-
    ඔව් මගෙ රත්තරන් පුතේ, තම ආදරණීය මවගේ ජීවිතය බේරාගැන්මට ඒ රුදුර සාගර මාරයා සමග තම පෙම්බර පුත්‍ර රත්නය කරගෙන ගිය භයානක සටන දැක කම්පාවටත් හා මහා සංවේගයට පත් පින්වත් මවගේ මුවින් එකෙණෙහිම පිට වුණේ “පුතේ උඹ බුදුවේවා” යන හැඟුම්බර තමයි. පුංචි කාලෙ මම ඔය කතාව පුතාට කියල දෙනකොට ඔයා ඇස්දෙක ලොකු කරගෙන අහගෙන ඉන්න හැටි මට තාමත් මතකයි පුතේ.


    පුතා :- ඉතින් මගෙ පින්වත් අම්මේ, මගෙ අම්මත් මට ඒ විදියටම ආශිර්වාද කරන්න. “සබ්බ දුක්ඛ නිස්සරණාය නිබ්බාන සච්ඡිකරණත්ථාය”….. මට අවසරයි මගෙ රත්තරං අම්මෙ.


    මව :-
    දයාබර පුතේ, මම මගේ හද පත්ලෙන්ම නැගී එන මෙත් සිතින් මගේ රත්තරන් පුතාගේ කැමැත්ත ඉටු කරගැන්මට අවසර දෙනව. ඒ ශ්‍රේෂ්ඨ අරහත් ධජයට හිමිකම් කියන්නට පුතාට අවසරයි. මගේ රත්තරං පුතාට රත්නයට ත්‍රිවිධ රත්නයේම ආශීර්වාදය ලැබේවා!


    පුතා :-
    අම්මේ මට අවසරයි….. දෙවනුවත්, තෙවනුවත් අවසරයි….!



    Code:
    Src to full article : dhammamedicine

    :yes:

    කියවල බම්ප් එකක්වත් දාල යන්න අනිත් අයටත් බලන්න....
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ
    දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ
    මෙදෙකින් මෙසසර දුක් දුර ලන්නේ
    සුදනෙනි කිම වීරිය නො කරන්නේ
     

    Shadow.Walker

    Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████

    Thx

    කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ
    දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ
    මෙදෙකින් මෙසසර දුක් දුර ලන්නේ
    සුදනෙනි කිම වීරිය නො කරන්නේ

    :yes:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,268
    12,318
    113
    Ohio, USA
    අහන්න ලස්සනයි..... කනට මිහිරියි.... නමුත් මේවා මෙතන පෝස්ට් කරන අය මාසෙට සැරයක්වත් පන්සලේ පස් පාගන්නේ නැති අය... රෙප් ටිකක් අරගන්න කියාපු ත්‍රෙඩ් එකක්..

    මගෙන් ++++++ රේප්
     
    Jan 2, 2013
    500
    25
    0
    just_say_no_to_religion_card-p137828650128796299q0yk_400.jpg
     

    Shadow.Walker

    Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    අහන්න ලස්සනයි..... කනට මිහිරියි.... නමුත් මේවා මෙතන පෝස්ට් කරන අය මාසෙට සැරයක්වත් පන්සලේ පස් පාගන්නේ නැති අය... රෙප් ටිකක් අරගන්න කියාපු ත්‍රෙඩ් එකක්..

    මගෙන් ++++++ රේප්

    මම උඹට පන්සල් යනවද නැද්ද කියල මෙතන ඔප්පු කරන්න යන්නේ නෑ. මොකද උඹ මොකක් හිතුවත් මට වැඩක් නෑ. :)

    Buddhist Philosophy එකේ තියෙන්නේ ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව උතුම් කියල. උඹල වගේ හැම සිකුරාදාම 12 ට ගිහින් අනිත් පැත්තට අනිත් හැම ජාතියකටම කෙල කරන්නේ නෑ. :D

    මම මේ පොස්ට් එකේ රේප් හිඟ කාල නෑ. කියවන කෙනා හොඳි කියල හිතනවානම් දෙනවා නැත්තම් නෑ.

    උඹ මෙතන රේප් ++ ගාවට මට රේප් දීලත් නෑ . මට උඹෙන් ඕනෙත් නෑ . මම උඹට -රේප් දෙන්නෙත් නෑ . මොකද උඹ එඅ තරම් වත් වටින්නේ නෑ :D



    උම්බ්ලගේ ජන්මේ තියෙන්නේ jealous න hate එක වවිතරයි. ගිහින් තමුන්ගේ වෙඩක් බල ගනින් පව් දෙන්නේ නැතුව හොඳ දවසක....
     
    Last edited: