අද දවසේත් අපි සූදානම් වන්නේ අංගුත්තර නිකාය හතරවෙනි පොත් වහන්සේගේ සූත්‍ර දේශණාවක් ශ්‍රවණය කරන්නට. මේ දිනවල අපි ඉගෙන ගන්නේ අංගුත්තර නිකාය හතරවෙනි පොත් වහන්සේගේ දේවතා වර්ගයේ සූත්‍ර දේශණා. අද අපි ඉගෙන ගන්නේ සය අංගයකින් යුත් දානය ගැන වදාළ දෙසුම. මේ සූත්‍ර දේශණාවේ නම තමයි ඡළංගදාන සූත්‍රය. දානය කියන්නේ දන් දීම. අපි දානය ගැන නොයෙක් විදියට නොයෙක් ආකාරව වලට ඉගෙන ගෙන තියෙනවා. ඒ දිනවල බුදුරජාණන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනයෙහි අනේ පිඩු සිටුහුගේ ආරාමයෙහි. සාරිපුත්ත මුගලන් මහ රහතන් වහන්සේ ප්රමුඛ සංඝයා විශයෙහි වේළුකණ්ටකී නන්දමාතා උපාසිකාව දානයක් පූජා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. බුදුරජාණන් වහන්සේ මේ දේ දැක්වේ මිනිස් ඇස ඉක්මවා ගි පිරිසිදු වූ දිවැසින්.
https://ms-my.facebook.com/මා-ඇසූ-උ...ංස-ලැබෙන-දානයක්-පිළිගැන්වීම-/298788897392063/
ගාථාමහණෙනි, දානයක් සය අංගයකින් සමන්විත වන්නේ කේසේ ද? මහණෙනි, මෙහිලා දායක පක්ෂයෙහි අංග තුනතකි. ප්‍රතිග්‍රාහක පක්ෂයෙහි අංග තුනකි.
දායක පක්ෂයෙහි අංග තුන මොනවා ද? මහණෙනි, මෙහිලා දායක තෙමේ දානයට කලින් ම සිත සතුටු කරගන්නේ වෙයි. දන් දෙන අවස්ථාවෙහි සිත පහදවා ගන්නේ වෙයි. දන් දීමෙන් පසු සතුටු සිත් ඇත්තේ වෙයි. මේ දායකයාගේ අංග තුන යි.
ප්‍රතිග්‍රාහක පක්ෂයෙහි අංග තුන මොනවා ද? මහණෙනි, මෙහිලා ප්‍රතිග්‍රාහකයෝ වීතරාගීහු හෝ වෙති. රාගය දුරු කිරීම පිණිස පිළිපන්නෝ හෝ වෙති. වීතදෝසීහු හෝ වෙති. ද්වේෂය දුරු කිරීම පිණිස පිළිපන්නෝ හෝ වෙති. වීතමෝහීහු හෝ වෙති. මෝහය දුරු කිරීම පිණිස පිළිපන්නෝ හෝ වෙති. මේ ප්‍රතිග්‍රාහකයාගේ අංග තුන යි.
මෙසේ දායක පක්ෂයෙහි අංග තුනකි. ප්‍රතිග්‍රාහක පක්ෂයෙහි අංග තුනකි. මහණෙනි, මෙසේ දානයක් අංග සයකින් යුකත් වෙයි.
මහණෙනි. මේ අයුරින් සය අංගයකින් යුක්ත වූ දානයෙහි පුණ්‍ය විපාකය ප්‍රමාණ කිරීම පහසු නැත. මෙපමණ පුණ්‍ය ප්‍රවාහයක් ඇත්තේ ය. කුසල ප්‍රවාහයක් ඇත්තේ ය. සැප ලබා දෙන්නේ ය. ස්වර්ග සැප දෙන්නේ ය. සැප විපාක ඇත්තේය. ස්වර්ගයෙහි උපදවන්නේ ය. ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, හිත සුව පිණිස පවතින්නේ ය කියා පමණ කළ නොහැක්කකි. නමුත් සංඛ්‍යාවකට ගත නොහැකි ප්‍රමාණයක් කළ නොහැකි මහා පුණ්‍යස්කන්ධයක් යන සංඛ්‍යාවට යයි.
මහණෙනි, එය මෙබඳු දෙයකි. යම් දේ මහා සයුරෙහි මෙපමණ දිය නැළි ඇත්තේ ය. මෙපමණ දිය නැළි සිය ගණනක් ඇත්තේ ය, මෙපමණ දිය නැළි දහස් ගණනක් ඇත්තේය, මෙපමණ දිය නැළි සිය දහස් ගණනක් ඇත්තේ ය වශයෙන් ජලය ප්‍රමාණ කිරීමට පහසු නැත. වැලිඳු සංඛ්‍යාවකට ගත නොහැකි ප්‍රමාණයක් කළ නොහැකි මහා ජලස්කන්ධයක් ය යන සංඛ්‍යාවට යයි.
එසෙයින් ම මහණෙනි, මේ අයුරින් සය අංගයකින් යුක්ත වූ දානයෙහි පුණ්‍ය විපාකය ප්‍රමාණ කිරීම පහසු නැත. මෙපමණ පුණ්‍ය ප්‍රවාහයක් ඇත්තේ ය. කුසල ප්‍රවාහයක් ඇත්තේ ය. සැප ලබා දෙන්නේ ය. ස්වර්ග සැප දෙන්නේ ය. සැප විපාක ඇත්තේ ය. ස්වර්ගයෙහි උපදවන්නේ ය. ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ හිත සුව පිණිස පවතින්නේ ය කියා පමණ කළ නොහැක්කකි. වැලිදු සංඛ්‍යාවකට ගත නොහැකි ප්‍රමාණයක් කළ නොහැකි මහා පුණ්‍යස්කන්ධයක් යන සංඛ්‍යාවට යයි. දා
- දානයකට කලින් සතුටු සිත් ඇත්තේ වෙයි. දන් දෙන විට සිත පැහැදෙයි. දන් දී සතුටු සිත් ඇත්තේ වෙයි.. මෙය දානයෙහි සම්පත්තිය යි.
- වීතරාගී වූ වීතදෝසී වූ, වීතමෝහීවූ, ක්ෂීණාශ්රව වූ, සීල සම්පන්න වූ, සංවර ඉඳුරන් ඇත්තා වූ බ්‍රහ්මචාරී රහතන් වහන්සේලා දානයෙහි ක්ෂේත්රය වෙති.
- තමා ම අත් පා සෝදා සිය අතින් දන් පූජා කොට දායක පක්ෂයෙනුත්, ප්‍රතිග්‍රාහක පක්ෂයෙනුත් පිරිසිදු බව ලබන දානය මහත්ඵල වෙයි.
- මෙසේ නුවණැති සැදැහැවත් තැනැත්තා මසුරු බවින් මිඳුණු සිතින් යුතුව දන් දී දුක් රහිත වූ සැප ඇති සුගතියෙහි උපදින්නේ ය.
https://ms-my.facebook.com/මා-ඇසූ-උ...ංස-ලැබෙන-දානයක්-පිළිගැන්වීම-/298788897392063/