මහත් වීම, ඌරු පෙති හා සිහින...!

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,544
    5,564
    113
    ඇයි අහන්නේ,එන්නද
    මහත් වීම, ඌරු පෙති හා සිහින...!

    මචංලා පට්ට කාලෙකින් ආයේම පාරක් ඇවිත් යන්න හිතුවා. මට ගිය සතියේ අහම්බෙන් මගේ හද්ද පරණ යාලුවෙක් හම්බ උනා. ස්ටේෂන් එකෙදි මට ඌව දැක්ක ගමන් අදුර ගන්නත් බැරි උනා. කිව්වට විශ්වාස කරපන් මස්සිනාලා එකාගේ හකු බැහැලා බෙල්ලේ ඇට පැදීලා අත් දිග ෂර්ට් එක එල්ලිලා වැටෙනවා ඇග පුරා. උ මම ලගට ඇවිත් කතා කලා .පස්සේ තමා මට මීටර් උනේ මේ එකට වල බැහැපු එකාලේ නලුවා වගේ හිටිය ඩයල් එක නේද කියලා.

    අපි එලෙවල් කලේ එකම අවුරුද්දේ. හැබැයි සබ්ජෙක්ට් 2කින් මම කොමස්. උ ආර්ට්ස් .කොහොම හරි එලෙවල් වෙනකන් හාල්මැස්සා වගේ හිටිය මූ රිතික් රොෂාන් වගේ පිම්බුණා කියහන්කෝ එලෙවල් කරන කාලේ මැද හරියෙදි .අම්මපා එකාලේ මම හාල් මැස්සම තමා. මෙලෝ රහක් නෑ. කෙල්ලේක් දිහා මම බැලුවත් උන් මට රවන තරමට කැතයි බන්ස්ලා .අපි එකට ක්ලාස් යද්දි කෙල්ලෝ මු දිහා හැරි හැරි බලද්දි අම්මාපල්ලා හිතෙන් මැරි මැරි උපන්නා බන්. බත් පිගන් 2දෙක දෙක කෑවා .මොන එලෙවල් ඉවර වෙනකලුත් මෙලොම රහක් නෑ .අරූට නම් එකක් යන්න එකක් කෙල්ලෝ හිටියා.

    කොහොමින් කොහොමින් හරි එලෙවල් ඉවර උන ගමන් දෙයියනේ කියලා මාස 5 ක් විතර එක දිගට ජිම් වන්දනාවේ ගියා. ඇට මුං අට වෙනකත් යකඩ වල බර කිරුවා. නොකලේ යකඩ නොකාපු එක විතරයි. අනේ මොන එ මාස 5 ඉවර වෙකනුත් හාල් මැස්සම තාමා:(. ජිම් එකට එහා තිබ්බේ බියුටි කචල් ක්ලාස් එකක්. බියුටි කචල් කෙල්ලෝ ජිම් එක ගාවින් යද්දි හද්ද ලැජ්ජයි කටු සෙට් එක එලියේ දාගෙන ඉන්න ;);):(:(.එ මාස 5 ටත් මෙලෝම වගතුවක් නෑ. උත්සහ වන්තයා මේ තරම් ණය වෙන්නේ ඇයි කියලා අනන්ත හිතුණා.:(:(

    ඔන්න ඉට පස්සේ ජොබ සෙට් උනා හැම දේම දමලා ගහලා මන් විසි උනා. ඔන්න බොලව් ඉට පස්සේ ටිකෙන් ටික ටිකෙන් ටික මස් ටිකක් ලියලන්න පටන් ගත්තා .කෑමත් ටිකක් වැඩි කලා. යන්තම් තැනකට ආවා .දැන්නම් එක දිගටම ඇදගෙන යනවා අඩුත් නෑ වැඩිත් නෑ ;). දැන්නම් ස්ත්‍රී පාර්ශවයත් එ තරම් රවන්නේ නෑ;);):cool:. හැබැයි මේකයි කියන්න ඕනේ බෙහෙත් බින්දුවක් හෝ කැලරි වැඩි පිටි බින්දුවක් හෝ පෙත්තක් හෝ කට හරහා උගුරෙන් පහලට යවලා නෑ .එන්නත් කරලත් නෑ.

    මගේ යාලුවම පාපොච්චාරණයක් කලා උගේඇග අල්ලලා තිබ්බේ අවු 3ක් වගේ කියලා. බහින්න පටන් ගත්තම උ බය උනාලු .එත් කොරන්න දෙයක් නෑ කිව්වා. තාවකාලික ආතල් එකක් අරන් සදාකාලික දුක් විදින්න උන එක ගැන අද උ පසු තැවෙනවා. බට් ජිවිතේට රිවස් නෑනේ....:(:(:no::no:

    මේ කතාව කිවේ කට කහනවට නෙමේ. අනම් මනම් බොන්න එපා. පෙති ගන්න එපා .ස්වාභාවික ඇගක් හදාගනිල්ලා. නිරෝගි වෙයල්ලා. හොදට කාලා බිලා නිදහසේ ජිවත් වෙයල්ලා .එතකොට නිකම්ම මහත් වෙයි. තාවකාලික ආතල් එකකට ගිහින් මගේ යාලුවට උනා වගේ විනාෂයක් ලං කර ගන්නනම් එපා කොල්ලනේ. හොදට මතක තියා ගනිල්ලා ඔය හැම පෙත්තම අල්ලලා හිටින කාලයක් තියෙනවා. එක අනිවා සත්‍යයක්...:yes::yes: නිකන් වටින ජිවිත විනාශ කරගන්න එපා :yes:

    මෙකට බම්ප් එකක් දාලා යාවත් කාලින කරපල්ලා අපේ කොල්ලන්ට පෙන්න:yes::yes::yes::D

    ඔන්න මම ගියා

    බුදු සරණයි
     
    Last edited:

    33000W

    Member
    ඔව් මචන් කතාව ඇත්ත.මම දන්න දෙතුන් දෙනෙකුටත් ඔය වැඩේ උනා.මටත් ටිකක් මහත් වෙන්න නං ඕන.ඒත් මමත් ඔය පෙති අනං මනං ගන්නෙ නෑ.ජිම් එකකට යන්න කියල කල්පනා කලේ.උබ කියන විදියට ඒක හරියන්නෙත් නෑ වගේ.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,544
    5,564
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඔව් මචන් කතාව ඇත්ත.මම දන්න දෙතුන් දෙනෙකුටත් ඔය වැඩේ උනා.මටත් ටිකක් මහත් වෙන්න නං ඕන.ඒත් මමත් ඔය පෙති අනං මනං ගන්නෙ නෑ.ජිම් එකකට යන්න කියල කල්පනා කලේ.උබ කියන විදියට ඒක හරියන්නෙත් නෑ වගේ.

    ජිම් එකට පලයන්
    යකඩ ටිකක් කිරපන්
    අපේ ඇගවල් සමාන නෑනේ කොල්ලෝ
    ජිම් යන ගමන් ඇරියස් නැති වෙන්න කාපන්
    උන්ගේ වට්ටෝරු මම නම් ගැහුවේ නෑ (මට සල්ලි තිබ්බෙත් නෑ හොද වෙලාවට එ කාලේ );)

    ට්‍රයි එකක් දියන් කෑමෙන්ම ගොඩ යන්න:yes::yes:
     
    • Like
    Reactions: 33000W

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,544
    5,564
    113
    ඇයි අහන්නේ,එන්නද
    bump.. supplement ehemath hoda nethida ban?

    මම නම් අනුමත් කරන්නේ නෑ මචං
    හැබැයි මම වෟත්තිය අයෝමය පුරුෂයෙකුත් නෙමේ

    තුන් වේලම බතෙන් බඩ පුරවා ගන්න කලු සිංහලයෙක්:yes::yes:;)
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    ඔව් මචන් කතාව ඇත්ත.මම දන්න දෙතුන් දෙනෙකුටත් ඔය වැඩේ උනා.මටත් ටිකක් මහත් වෙන්න නං ඕන.ඒත් මමත් ඔය පෙති අනං මනං ගන්නෙ නෑ.ජිම් එකකට යන්න කියල කල්පනා කලේ.උබ කියන විදියට ඒක හරියන්නෙත් නෑ වගේ.

    මචන්... GYM එකට යන්න. ගිහින් instructor ට කියන්න ඔයාගේ objective එක. ඒ වගේම ඔය අනම් මනම් බොන්න අකමැති බවත් කියන්න. හරි පොරක් නම් schedule එක දෙනකොට ඔයාගේ dieting habits වෙනස් කරන්න instructions දෙනවා. ඒවා හරියට කළොත් ගොඩයනවා sure.

    ඒත් මාසයක් ගිහින් නම් ප්‍රතිපල බලාපොරොත්තු වෙන්න එපා. මුල් කාලේ අනන්තවත් නවතින්න හිතෙයි. කොහොමහරි කට්ට කාගෙන යන්න. අවම මාස තුනක් වත් ඇදලා ප්‍රථිපල බලන්න. මේකට හුඟක් දීර්ඝකාලීන කැපවීමක් ඔනේ. ඒකයි හුඟක් GYM වල උන් අවුරුද්දටම membership ගාන කපන්නනේ. මොකද සෑහෙන්න උන් මගදී නවතිනවනේ...

    මටනම් ඕකේ අනිත් පැත්ත. 88KG->73KG වලට අඩුකරන්න. අමාරුයි තමා. ඒත් ඇදගෙන යනවා...
     
    • Like
    Reactions: 33000W

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,544
    5,564
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචන්... GYM එකට යන්න. ගිහින් instructor ට කියන්න ඔයාගේ objective එක. ඒ වගේම ඔය අනම් මනම් බොන්න අකමැති බවත් කියන්න. හරි පොරක් නම් schedule එක දෙනකොට ඔයාගේ dieting habits වෙනස් කරන්න instructions දෙනවා. ඒවා හරියට කළොත් ගොඩයනවා sure.

    ඒත් මාසයක් ගිහින් නම් ප්‍රතිපල බලාපොරොත්තු වෙන්න එපා. මුල් කාලේ අනන්තවත් නවතින්න හිතෙයි. කොහොමහරි කට්ට කාගෙන යන්න. අවම මාස තුනක් වත් ඇදලා ප්‍රථිපල බලන්න. මේකට හුඟක් දීර්ඝකාලීන කැපවීමක් ඔනේ. ඒකයි හුඟක් GYM වල උන් අවුරුද්දටම membership ගාන කපන්නනේ. මොකද සෑහෙන්න උන් මගදී නවතිනවනේ...

    මටනම් ඕකේ අනිත් පැත්ත. 88KG->73KG වලට අඩුකරන්න. අමාරුයි තමා. ඒත් ඇදගෙන යනවා...

    අම්මාපල්ලා මුල් දවසේ නම් බාගෙට නවත්තලා ගෙදර දුවන්න හිතුණා
    ඇඩ්වාන්ස් වෙද්දිත් එහේම්මම තමයි

    හැබැයි ඇගට වෙනස දැනෙනවා 4-5 වගේ වෙද්දි
    මම පිම්බුණේ නම් නැවැත්තුවට පස්සේ
    එ කියන්නේ ජොබ් එකට යන්න පටන් ගත්ත ගමන්
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    මම නම් අනුමත් කරන්නේ නෑ මචං
    හැබැයි මම වෟත්තිය අයෝමය පුරුෂයෙකුත් නෙමේ

    තුන් වේලම බතෙන් බඩ පුරවා ගන්න කලු සිංහලයෙක්:yes::yes:;)

    ela ela..:yes::yes::yes: mamath eth lagakadi idala bodybuilding walata bessa :)
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    අම්මාපල්ලා මුල් දවසේ නම් බාගෙට නවත්තලා ගෙදර දුවන්න හිතුණා
    ඇඩ්වාන්ස් වෙද්දිත් එහේම්මම තමයි

    හැබැයි ඇගට වෙනස දැනෙනවා 4-5 වගේ වෙද්දි
    මම පිම්බුණේ නම් නැවැත්තුවට පස්සේ
    එ කියන්නේ ජොබ් එකට යන්න පටන් ගත්ත ගමන්

    කියලා වැඩක් නෑ... ඊළඟ දවසේ උදේ මුලු ඇඟම දනවා. ජොල් වෙලා තිබ්බ ඇඟවල් නේ :D හැබැයි ටික කාලයක් යනකොට (දවස් දෙක තුනක්) බුදු ෆිට් එකක් එන්නේ. ජිම් ගියෙ නැත්තම් නිකන් කෑවෙ නෑ වගේ...