මහත_අයට

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    1.jpg


    අද කතා කරන්න යන්නෙ බොහෝ දෙනෙකුට තියෙන ගැටලුවක් ගැන. සමහරු නම් මේ ගැන ගොඩක් කරදර වෙනවා, විවිධ දේ කරනවා ශරීර බර අඩු කර ගන්න. තවත් අය මේ ගැන සතේකට මායිම් කරන්නෙ නෑ. කොහොම වෙතත් මේ බර වැඩි වීම එහෙමත් නැත්නම් තරබාරු බව (Obesity) කියන්නෙ ඔබේ නිරෝගී බව නුදුරේදිම අවසන් වන බවයි. හැබැයි උවමනාව තියෙන කෙනෙක්ට මේ තත්වයෙන් මිදෙන්න කිසිම බධාවක් නෑ. මේ ලිපිය ඇතුලුව ලිපි 3කින් ඔයාලට ස්ථූලත්වය, එහි විපාක, සමාජ බලපෑම හා මෙයින් මිදීමේ ක්‍රමවේදයක් සවිස්තරාත්මකව දැන ගන්න පුලුවන් වේවි.

    මුලින්ම බලමු මේ ස්ථූලත්වය කියන්නෙ මොකක්ද කියල.
    අපේ සිරුරේ ගොඩක් තැන් මේදය (තවත් විදිහකට කිව්වොත් තෙල්) තැම්පත් වෙන්න හැඩ ගැහිල තියෙනව. ගොඩක් දෙනෙක් දන්න විදිහට වැඩිපුරම මේදය තැම්පත් වෙන්නෙ අපේ සමේ. හැබැයි නොපෙනුනාට සිරුර ඇතුලෙත් අවයව තුල මේදය තැම්පත් වෙනවා. මෙහෙම මේදය තැම්පත් වෙන්නෙ ශක්ති ගබඩාවක් විදිහට. අපට රෝගයක් වැළඳිලා කන්න බොන්න බැරිව ඉන්න වෙලාවට මෙන්න මේ ගබඩාවෙන් තමයි සිරුරට ඕනෙ ශක්තිය නිපදවන්න අමුද්‍රව්‍ය ලබා ගන්නෙ. (ඒකනෙ ලෙඩ හැදුනහම සමහරු කෙට්ටු වෙලා ඇදිල යන්නෙ). ඒ වගේම සිරුර සීතලෙන් ආරක්ෂා කරගන්න වගේම තැලීම් පොඩිවීම් වලින් යම්තාක් දුරකට ආරක්ෂා වෙන්නත් මේ මේද තට්ටුව උපකාරී වෙනවා.

    හැබැයි අපේ සිරුරට ව්‍යායාම අඩු වෙලා ඒ එක්කම සීනි තෙල් අධික කෑම ගැනීම වැඩි වෙනකොට මේද ගබඩාවට එකතු වන මේද ප්‍රමාණය වැඩි වෙනවා. මෙහෙම අනවශ්‍ය විදිහට මේදය ගොඩ ගැසීමට නිසා සිරුරේ නිරෝගී බවට අවධානමක් ඇති විම තමයි ස්ථූලත්වය කියල කියන්නෙ.

    කොහොමද අපි දැන ගන්නෙ අපේ බර අනවශ්‍ය තරමට වැඩි වෙලාද කියලා?
    මුකුත් ඕනෙ නෑ,

    යාලුවො "මචං උඹේ බඩ එනවා වගේ කන එක ටිකක් අඩු කරන්න වෙයි" කියනකොට, කලින් ඇඳපු ඇදුම් අදින්න බැරුව යනකොට, ඔන්න බර ටිකක් අඩු කර ගන්න වෙනවා කියන එක දැනෙනවා. හැබැයි ඒ වෙනකොට යථා තත්වෙට එන්න ටිකක් අපහසු තරමට බර වැඩි වෙලා. බාහිරට පේන තරමට මහත වැඩි වෙන්න කලින් මේ ගැන දැන ගන්නෙ කොහොමද?
    ඒකට තමයි "ශරීර ස්කන්ධ දර්ශකය" ( BMI) තියෙන්නෙ.

    ශරීර ස්කන්ධ දර්ශකය ( BMI- Body Mass Index)

    මේ ගැන දැනගන්න එක ගොඩක් වැදගත්. සිරුරේ උසට ගැලපෙන බර තියෙනවද කියන එකයි මේ දර්ශකයෙන් මනින්නෙ. සිරුරේ මේද ප්‍රතිශතයට මේ අගය ගොඩක් දුරට සමාන වෙනව

    body-fat-percentage-men-1.jpg
    සිරුරේ මේද ප්‍රතිශතයට හදුනාගන්න

    දැන් හැමෝම ලෑස්ති වෙන්න ඔයාලගෙ ශරීර ස්කන්ධ දර්ශකය දැනගන්න. මුලින්ම කොහේන් හරි ඔයාලගෙ බර මැන ගන්න කිලෝග්‍රෑම් ( Kg) වලින්. ඊලඟට හරියට උස මැන ගන්න මීටර් ( m) වලින් . දැන් බර උසේ වර්ගයෙන් බෙදන්න.

    උදා : කිලෝ 60ක් බර, මීටර් 1.56ක් (සෙන්ටිමීටර් 156ක්) උස අයෙකුගේ ශරීර ස්කන්ධ දර්ශකය මනිමු.

    ශරීර ස්කන්ධ දර්ශකය = බර (kg)
    උස x උස (m2)

    = 60
    1.56 x 1.56

    = 24.65 kg/m2

    දැන් හැමෝම තම තමන්ගෙ ශරීර ස්කන්ධ දර්ශකය දන්නවනෙ.

    මේ අගය 18.5 ට අඩු නම් ඔබේ බර අඩුයි ( Undernourished)). මේ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනෙ. (වෙනම ලිපියකින් මේ ගැන කතා කරමු)
    18.5ත් 23ත් අතරෙ තියෙනවා නම් තියෙන්න ඕනෙ නියම බර තියෙනවා.
    23ත් 30ත් අතරේ නම් බර වැඩියි. ආහාර පාලනයෙන්, ව්‍යායාම මගින් බර අඩු කර ගන්න ඕනෙ.
    30ට වැඩි නම් ඔබ තරබාරුයි. වෛද්‍ය උපදෙස් අවශ්‍ය වෙනවා.

    ඉනේ වට ප්‍රමාණය (Waist Circumference) කියන එකත් ගොඩක් වැදගත්. මෙය පිරිමි සඳහා සෙන්ටිමිටර් 90ට (අඟල් 36) හා කාන්තාවන් සඳහා සෙන්ටිමිටර් 80ට (අඟල් 32) වැඩි වීම අවදානම්.

    තවත් පොඩි වැඩක් කරන්න. දැන් කණ්නාඩිය ඉස්සරහට ගිහින් හොඳට සිරුරේ හැඩය බලා ගන්න. එහෙම බලල තෝරන්න පහල දක්වල තියෙන රූප වලින් වැඩියෙන්ම ගැලපෙන්නෙ කොයි වර්ගයටද කියල.
    Adult-Fitness-endomorph-mesomorph-ectomorph-body-types.jpg

    කෙසඟ (Ectomorph)
    ශරීර ස්කන්ධ දර්ශකය අඩු අගයක් ගනී. අවශ්‍ය බරට වඩ අඩු අගයක් තිබෙන අයය.

    සාමාන්‍ය (Mesomorph)
    ශරීර ස්කන්ධ දර්ශකය නියමිත අගය පරාසය තුල ඇත.

    තරබාරු (Ectomorph)
    ශරීර ස්කන්ධ දර්ශකය ඉහල අගයක් ගනී. සම තුලින් සිරුර එල්ල වැටෙන බවක් දැකිය හැක.(උදරය හා ඉන දෙපස)

    දැන් බලමු මෙහෙම බර වැඩි වෙන්න හේතු මොනවද කියල.

    1. ව්‍යායාම අඩු වීම.

    Sedentary-Lifestyle-.jpg


    දිනපතා ව්‍යායාම නොකිරීම නෙවෙයි මෙයින් අදහස් කරන්නෙ. අපේ එදිනෙදා වැඩ කටයුතු වලින් සිරුර වෙහෙස වීම අඩු වීම. ඒකට ගොඩක් හේතු වෙලා තියෙන්නෙ අපේ සැප පහසු ජීවන රටාව. ඒ කියන්නෙ අපි දැන් රෙදි සෝදන්නෙ වොශින් මැශින් එකේ, පිටි කොටන්නෙ පොල් මිරිකන්නෙ බ්ලෙන්ඩර් එකේ, මීටර් 200ක දුරක් යන්නත් වාහනයක් ඕනෙ. විවේක කාලයෙන් වැඩි හරියක් ඉන්නෙ පරිගණකය හරි රූපවාහිනිය ඉස්සරහ. ඉතින් අපේ මේද ගබඩාවෙන් පොඩ්ඩක්වත් වැය වෙන්නෙ නෑ.

    2. අයහපත් ආහාර රටාව.

    20b2081dd7227c23095d75fed7423f0e.jpg




    කෙටියෙන් කිව්වොත් කට පරෙස්සම් කර ගන්න බැරි කම. අද කාලෙ අපි ගොඩක් වෙලාවට කන්නෙ ක්ෂණික ආහාර, නූඩ්ල්ස්, ෆ්රයිඩ් රයිස්, සොසේජස්, තෙල් දැමූ කෑම. සිසිල් බීම.
    සති අන්තයට හෝ අඩුම ගානෙ සතියකට දවසක් වත් මැක්ඩොනල්ඩ්, KFC, පීසා හට් ඇතුලු සුපිරි අවන්හල් වලට යන නගරබද අය කී දෙනෙක් ඉන්නවද? (ප්‍රසිද්ධ නම් සහිත සුපිරි අවන්හල් ඇතුලු මහා පරිමාණ ආහාර සකසන සමාගම් වසර 50ක පමණ කාලයක් තිස්සේ ලෝකය පුරාම ජනතාවට කල/කරන හානිය ඊළඟ ලිපියෙන් ඉදිරිපත් කරන්නම්)
    නගරයෙන් පිට පලාත් වල උනත් ෆ්රයිඩ් රයිස්, කොත්තු නූල්ඩ්ස් වලට පුරුදු වුන අය කීදෙනෙක් ඉන්නවද?
    කොළ පැහැති එළවළු හා පලා වර්ග තියෙන කෑම දිනපතා කන්නෙ කීයෙන් කී දෙනාද?

    3. ජාන වල බලපෑම.

    ගොඩක් වෙලාවට පාරම්පරිකව එන බර වැඩි වීමත් දකින්න පුලුවන්. සිරුරේ මේද තැම්පත් කිරීම වැඩි කරවන ජාන නිසා මේ තත්වය ඇති වෙනවා.

    4. මානසික තත්වය.

    මානසික ආතතිය (depression) වැනි තත්ව වලදීද සිරුරේ බර වැඩි වන අවස්ථා දකින්න පුලුවන්.

    5. සිරුරේ හෝමෝන වල සංකූලතා.

    අන්තරාසර්ග පද්ධතියේ ( Endocrine system) සිදු වන වෙනස්කම් නිසාද සිරුරේ මේදය පාලනයට අවශ්‍ය හෝමෝන ( Insulin, Glucagon) වල අඩු වැඩි කම් නිසාද සිරුරේ බර පාලනය අක්‍රමවත් වෙනවා.

    6. ඖෂධ

    සමහර ඖෂධ වල අතුරුපල ලෙසද සිරුරේ බර වැඩි විම සිදු විය හැකියි. ( මානසික රෝග සඳහා ලබාදෙන සමහර ඖෂධ - Atypical Antipsychotics)

    අපි දැන් බලමු මෙහෙම බර වැඩීම නැත්නම් මේදය අනවශ්‍ය විදිහට තැම්පත් වීමෙන් ඇති වන අතුරු විපාක මොනවද, එහි ඇති භයානක බව මොකක්ද කියන එක.


    1. පරිවෘත්තිය සිංඩ්‍රෝමීය තත්වය ( Metabolic syndrome)

    මෙය බොහොමයක් දෙනා වයස්ගත වන විට ගොදුරු වන තත්වයක්. නමුත් දැන් දැන් මෙම තත්වය මැදිවියේ මුල් කාලයේදී පවා යම් අයට වැළඳෙන අවස්ථාවන් දැකිය හැකියි. මෙය රෝගී තත්ව 4ක එකතුවක්.
    1. අධිරුධිර පීඩනය. (High Blood pressure)
    2. දෙවන වර්ගයේ දියවැඩියාව (Type 2 Diabetic Mellitus)
    3. රුධිරයේ කොලෙස්ටෙරෝල් සංයුතිය ඉහල යාම. (high blood cholesterol level)
    4.රුධිරයේ අහිතකර මේද සංඝටක ප්‍රමාණය ඉහල යාම. (high triglyceride level)
    මේ සදහන් කරපු රෝග සියල්ල ඔයාල ගොඩක් අය දන්නවා. කෙටියෙන් කිව්වොත් කෙනෙකුගේ සිරුරේ පරිහානිය පටන් ගන්නෙ මේ රෝග 4ත් එක්ක. මේ රෝග හතරේම ආරම්භකයා වෙන්නෙ ගොඩක් වෙලාවට තරබාරුකම.

    2. දෙවන වර්ගයේ දියවැඩියාව (Type 2 Diabetic Mellitus)

    ඔබ තරබාරු අයෙක්ද? වයස 35ට වැඩිද? හැකි ඉක්මණින් රුධිරගත සිනි ප්‍රමාණය මැනීමේ පරීක්ෂාවක් කර ගන්න. මක්නිසාද ඔබ දිය වැඩියාවෙන් පෙළෙන අයෙකු වීමට වැඩි සම්භාවිතාවක් තිබෙනවා. (පිරිමි 60% ට වැඩි, ගැහැණු 70%ටවැඩි වැඩි)

    3. ආතරයිටිස් ( Osteoarthritis)

    Obese-man-bending-over-with-back-pain.png


    තවත් ජීවිතය එපා කරවන තරමේ රෝගී තත්වයක්. මෙහිදී ඇති වන හන්දිපත් වල වේදනාව තුරන් කිරීම ඉතා අපහසුය. රෝගය නිසා පීඩා විදින අය එය හොදින් දන්නවා. කොහොමද තරබාරු අයට මෙය වැලඳෙන්නෙ? අපේ සිරුරේ සම්පූර්ණ බර දරාගෙන ඉන්නෙ අපේ අස්ථි පද්ධතිය. ඉතින් එයට දරා ගන්න බැරි තරම් බරක් පැටවීම මගින් සන්දි ගෙවී යාම වගේම එම සන්දි දුර්වල වීම සිදු වෙනවා.

    4. රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝග. ( Cardiovasculer Diseases)

    සිරුරේ මේද සෛල ප්‍රමාණය වැඩි වීමත් සමග රුධිරයේ කොලෙස්ටෙරෝල් ප්‍රමාණය ඉහල යාම, රුධිර පීඩනය වැඩි වීම, හෘදයාබාධ ඇති විය හැකි සම්බාවිතාව වැඩි වීම, රුධිර කැටිති මගින් ශිරා පද්ධතිය අවහිර වීම (Deep vein thrombosis) වැනි රුධිර සංසරණ පද්ධතිය හා සම්බන්ධ සියලුම දරුණු රෝග තත්ව තරබාරු බව නිසා සිරුරට උරුම වෙනවා.

    5. මානසික තත්වය පිරිහිම.


    බොහෝ විට සමාජයෙන් ලැබෙන විවේචන, පෙනුම විකෘති විම, අපහසුතා වැනි දහසක් ගැටලු නිසා විශාදිය ( Depression) වැනි රෝග තත්ත්වයන් වලට පහසුවෙන් ගොදුරු වීමේ හැකියාවක් තියෙනවා.

    මීට අමතරව ඔසප් චක්‍රයේ අක්‍රමිකතා, කාන්තාවන්ගේ දරුවන් පිලිසිඳ ගැනීමේ හැකියාව අඩුකරන රෝගී තත්ව ඇති වීම (polycystic ovarian syndrome), මද සරු බව, ගර්භණී සමයේ ගැටලු ඇති වීම, වැනි කාන්තාවන්ට ආවේණික ගැටලු රැසක් ඇති කරනවා.

    තවද දෙඅතේ ඇඟිලි හිරි වැටීමද සිරුර අනවශ්‍ය ලෙස මහත් වීම හා බැදුණු රෝගී තත්වයක්. ඒ වගේම පිළිකා වැළඳීමේ හැකියාවත් සිරුරේ මේදය වැඩි වීම නිසා ඉහල යනවා.

    දැන් ඔයාලට පේනවා නේද අපි දන්නා කියන බොහොමයක් රෝගී තත්ව සිරුරේ බර වැඩි වීමත් එක්ක අපිට ලංවෙන ආකාරය.
    ඔව්. ඔයාල කියයි අප් ඉතිං බර අඩු කර ගන්න ගොඩක් උත්සාහ කරනවනෙ කියලා. ඇත්තටම උත්සාහ කරනවද? අපේ බර වැඩි උනේ කාගේ වැරැද්දකින්ද? ලෝකයේ බහුතරයක් සංවර්ධිත රටවල් වගේ දැන් දැන් සංවර්ධනය වෙමින් පවතින රටවල අයත් මේ තරබාරු බව කියන විනාශයට ඇදල දැම්මෙ කවුද? මේවට උත්තරත් එක්ක අපි ඊළඟ ලිපියෙන් හමුවෙමු!- මහත මට්ටු කරන්නේ කෑම පාලනයෙන්ද? ව්‍යායාමයෙන් ද?
     

    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    Very good post!!! :D

    හැබැයි කන්නාඩියෙන් බලල තමන්ගේ සිරුර මොන වර්ගයටද අයත් වෙන්නේ කියලා හොයන්න බැහැ :baffled: