දැන් ඔයාල දන්නවා අනවශ්‍ය විදිහට බර වැඩි වීම නැත්නම් තරබාරුකම අපේ නිරෝගී දිවියේ අවසානය බව. ඉහත ලිපිය දකින්න කලින් වුනත් ඔයාල හැමෝම මහත, නැත්නම් බර වැඩි වීම නරකයි කියල දැනගෙන හිටියා.
ඉතින් එහෙම දැන දැනත් බර වැඩි වුනේ කොහොමද? දැන් ඔයාල කියයි අනේ මන්ද මම ඒ හැටි කන්නෙත් නෑ කොහොම බර වැඩි වෙනවද කියල හිතාගන්න බෑ කියල. තවත් කෙනෙක් කියයි මම නිතරම ව්‍යායාම කරනවා ඒත් බර අඩු වෙන්නෙ නෑ, බඩ අඩු වෙන්නෙ නෑ, තෙල් තට්ටු අයින් වෙන්නෙ නෑ. කොහේ හෝ වරදක් තියෙන්න ඕනෙ නේද!
අපි මේ වරද කරන්න පටන් අරන් තියෙන්නෙ අද ඊයෙ නෙවෙයි, මීට වසර 50කට විතර කලින්. මිනිසා තරබාරු සත්වයෙක් හැටියට පරිණාමය වෙන්න ගත්තෙ මෑත කාලයක ඉදන්. දැන් තරබාරු කම අපේ ජාන වල පටිගත වෙන තරමට අපිට බද්ධ වෙලා.
ඒ වරද සිදුවුනේ කොහොමද කියන එක අද ලිපියෙන් බලමු.
කතාව පටන් ගන්නෙ 1950 ගනන් වල ඉඳන්, මේ කාලයේ තමයි මුලුන්ම මේ තරබාරු කම ගැන ලෝකයේ උනන්දුවක් ඇති වුනේ. මේ උනන්දුවට හේතුව වුනේ තරබාරු කම පිළිබඳව ඇමෙරිකානු විශේෂඥයෙකු වන වෛද්‍ය ජීන් මයෙර් ( Dr.Jean Mayer) කරන ලද සොයා ගැනීමක් සමඟ.
ඔහු මීයන් සම්බන්ධයෙන් කරන ලද පර්යේෂණයක් මගින් පෙන්වා දුන්නා ව්‍යායාම අඩුකම බර වැඩි වීමට ඍජුවම බලපාන බව. ඔහුගේ මේ සොයා ගැනීම ලෝකයේ ශරීර සුවතා පුනරුදයක් (Fitness revolution) ඇති කිරීමට හේතු වුනා. ව්‍යායාම වැඩසටහන් රූපවාහිනිය ආක්‍රමණය කරන්නට වූ අතර ශරීර සුවතා ආයතන සීග්‍රයෙන් ලොව පුරා ප්‍රචලිත වෙන්නට වුනා. මේ සමඟ 1980වසරත් 2000ත් අතරදී ඇමෙරිකා එක්සත් ජනපදය තුල ශරීර සුවතා ආයතන වල සාමාජික ප්‍රමාණය දෙගුණයකටත් වඩා වැඩි වෙනවා.
මේ කාලය තුලදීම තරබාරු බවට පත්වෙන ප්‍රමාණයත් දෙගුණයක් බවට පත් වෙනවා. ඒ අනුව සෑම ඇමෙරිකානුවන් තිදෙනෙකුගෙන් දෙදෙනෙක් තරබාරු අය බවට පත් වෙනවා.
මේක පුදුම වැඩක්නෙ! ව්‍යායාම කිරීමට මෙතරම් උද්යෝගයක් ඇති වුනු කාලෙක තමයි තරබාරුකම සිග්‍රයෙන් වැඩි වෙන්නෙ.! සංඛ්‍යාලේඛන ඇමෙරිකාවෙන් ඉදිරිපත් උනත් ලෝකය පුරාම සොයා බැලූ විට සිදු වෙලා තියෙන්නෙ එකම දේ.
කොහොමද මෙහෙම උනේ!
අද වන විට බොහොමයක් දියුණු රටවල ප්‍රධානතම සෞඛ්‍යය ගැටලුව බවට පත් වෙලා තියෙන්නෙ තරබාරු කම. මේ පිළිබඳව දේශපාලකයන් ඇතුලු වග කිය යුත්තන් හැමදෙනෙක්ටම තියෙන්නෙ එකම පිළිතුරක්
"කනවා නම් ඒ තරමට ව්‍යායාම කල යුතුයි, එහෙම නොවන එකයි එකම වරද ". මුලු ලෝකයම මුලාවට පත් කල ආකල්පය වුනේ මෙයයි.
"කන තරමට ව්‍යායාම කරන්න" ???
වඩාත් සවිස්තරාත්මකව කිව්වොත් අපි කන ආහාර වල අඩංගු ශක්තිය ( calories) තමයි මේදය විදිහට තැම්පත් වෙන්නෙ. අපි ව්‍යායාම කරන විට ශක්තිය (කැලරි) වැය වෙනවා. ඉතින් අපි කෑම බීම විදිහට සිරුරට ගන්න කැලරි ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් ව්‍යායාම වලින් දහනය කලොත් අපි මහත් වෙන්නෙ නෑ. හරිම සරලයි නේද!
ඒත් ඒක කියන තරම් සරල නෑ. එය සිහිනයක්. කොටින්ම කිව්වොත් අපි දිනපතා ආහාරයට ගන්න ශක්ති ප්‍රමාණය ව්‍යායාම වලින් ඉවත් කරන්න බෑ.පුදුම වෙන්න එපා. පහත උදාහරණ බලන්න.
කෝක් (කොකාකෝලා,පෙප්සි) අවුන්ස 20ක් (590 ml) ක කැලරි දහනය කිරීමට පැයකුත් විනාඩි 15ක් බයිසිකල් පැදිය යුතු වෙනවා.
කුකී එකක් (අපි දන්න පරිදි ක්‍රීම් බිස්කට් එකක් උදාහරණයකට ගම්මු) කැලරි දහනය කරන්න විනාඩි 20ක් ඇවිදින්න වෙනවා.
ඉතින් හිතන්න අපි කන බොන දේවල් සියල්ල දහනය කරන්න දවසම ව්‍යායාම කලත් ඇති වෙයිද?
ඊලඟට අපි ගන්නා ආහාරයේ ස්වභාවය අනුවත් මේදය ගොඩ ගැසීමේ ප්‍රමාණය තීරණය වෙනවා.
උදාහරණයක් ගත්තොත්, අපි කිසියම් පලතුරක් ආහාරයට ගන්නවා කියල හිතමු. එහි ගොඩක් වෙලාවට තන්තු නැත්නම් කෙඳි ස්වභාවයක් තියෙනවා. ඒ කෙඳි නිසා ආමාශයට හෝ බඩවැල් වලට ඉක්මනින් ශක්තිය අවශෝෂණය කර ගන්නෙ බෑ. ඉතින් ඒ වගේ කෑමකදී හෙමින් තමයි ලේ වල සීනි ප්‍රමාණයේ වැඩි වීමක් වෙන්නෙ ඒ වැඩි වන ශක්තිය දහනය වීමට ලක් වෙනවා වගේම මේදය බවට හැරීමක් සිදු වන්නේ නැති තරම්.
ඊලඟට බලමු අපි පැණි බීම (soft drink) එකක් බොනවා. මෙහිදී ආමාශයට හෝ බඩවැල් වලට කරන්න කාර්යයක් නෑ, එහි ඇති කැලරි ක්ෂණිකව සිරුරට අවශෝෂණය වෙනවා. එහිදී අපේ අක්මාවට පණිවිඩයක් යනවා ඔන්න සිරුරට ලොකු කැලරි ලෝඩ් එකක් ලැබුනා කියල. එතකොට අක්මාව ලේ වල සිනි මට්ටම අඩු වෙන තෙක්ම ඉහත කැලරි යොදාගෙන මේදය නිපදවනවා.
ඉතින් ඉහත වර්ග දෙකෙන්ම එකම කැලරි ප්‍රමාණයක් ලැබුනත් පලතුරට වඩා ඉතා අධික මේද ප්‍රමාණයක් පැණි බීම මගින් නිපද වෙනවා.
එතකොට මේ "කැමති තරම් කාල හොඳට ව්‍යායාම කලොත් ඇති" කියල ප්‍රචාරය වුනේ කොහොමද? කන කෑම එකේ ස්වභාවය අනුව මේදය තැන්පත් වීම වැඩි වෙනවා කියන එක ප්‍රචාරය නොවුනේ/නොවන්නේ ඇයි?
මොකද මේ සියල්ල පාලනය සිදු වන්නේ ලෝකයේ ප්‍රබල ආහාර හා බීම නිෂ්පාදනය කරන සමාගම් කීපයකින් වීම. ලෝකයේ බොහොමයක් පර්යේෂණ වලට හා එම පර්යේෂණ සිදු කරන විශ්වවිද්‍යාලයන්ට අවශ්‍ය මූල්‍යාධාර ලබා දෙන්නෙ මෙම ආහාර හා බීම නිපදවන සමාගම්. ඉතින් එසේ කරන ඔවුන් පර්යේෂණවලින් හෙලි කරගන්න දේවල් සිය වාසිය සඳහා විකෘති කරනු ලබනවා.
මෑතකදී කරන ලද පර්යේෂණයක ප්‍රතිපලය ලෙස සඳහන් කර ඇත්තේ සිසිල් බීම හා තරබාරු බව අතර කිසිඳු සබඳතාවක් නොමැති බවයි, හොදින් සොයා බැලූ විට එම පර්යේෂණය සඳහා මුදල් යොදවා තිබෙන්නේ කොකාකෝලා සමාගම විසිනි.
එමෙන්ම සුප්‍රකට ඇමෙරිකානු වෛද්‍ය එකතුවක් වන American Academy of Family Physicians කොකාකෝලා සමාගම සමඟ අත්වැල් බැඳ ගන්නා විට එහි වෛද්‍යවරුන් 20ක් එම සංගමයෙන් ඉවත් වුනා, එහිදී ඔවුන් කියා සිටියේ "අපගේ දරුවන්ගේ සෞඛ්‍යය අනතුරේ හෙලන නිෂ්පාදනයන් ප්‍රචාරණය කරන සමාගමක් සමඟ මහජන සෞඛ්‍යය පිළිබඳව යහපත් ප්‍රචාරණයක් කරන්නේ කොහොමද" කියාය.
1977 දී ඇමෙරිකාවේ දී එළිදැක්වූ මැක්ගවර්න් වාර්තාව (1977 Dietary Goals for the United States) මගින් තරබාරු බව පෝෂණය හා සම්බන්ධ සෞඛ්‍යය ගැටලු අතර අංක එක වන බවත්, එයින් වැලකීමට තෙල් අධික ආහාර අවම කලයුතු බවත් පෙන්වා දෙන ලදී. මෙයින් පසු ආහාර නිපදවන සමාගම් ආහාර වලට ආහාර වල අඩංගු මේද ප්‍රතිශතය අඩු කිරීමට සිදු විය. එයින් වුනේ ආහාර වල ඇබ්බැහි කර ගන්නා සුලු රසය ඉවත් වීමයි. එයින් පසු ඔවුන් කලේ ආහාර වලට වැඩි වැඩියෙන් සීනි එකතු කිරීමයි.
සිනි
සීනි යනු පැහැදිලි වස වර්ගයකි. වෙනස එය ක්‍රියා කරන්නේ සෙමෙන් වීමයි. සීනි නියමිත මාත්‍රාව ඉක්මවූ පසු අක්මාවට විශකාරකයක් ( hepato-toxic) ලෙස ක්‍රියා කරනවා. සීනි ( sucrose) අමාශයේ සිට අවශෝෂනය කරගෙන අක්මාවට යවනවා. එහිදී අග්න්‍යාසයේ සිට එවන ඉන්සියුලින් හෝමෝනය උදව් කරගෙන මේදය නිපදවීම සිදු කරනවා. මෙහිදී අග්න්‍යාසයෙන් නිපදවෙන අධික ඉන්සියුලින් ප්‍රමානය මගින් මොළයට බඩ පිරී ඇති බවට යැවෙන පණිවිඩය නවත්වනවා. එවිට මොළය තේරුම් ගන්නෙ අප බඩගින්නේ සිටින බවයි. මෙවිට සිදු වන්නෙ අපට වෙහෙස දැනීම, ශක්තියක් නැති බව දැනීම හා නිතර බඩගිනි දැනීම මෙවිට අපි තව තවත් කෑමට පටන් ගන්නවා. සීනි අධික කෑම වැඩි පුර කෑමට ගැනීමේ රහස එයයි.
එමෙන්ම සීනි වල ඇබ්බැහි වීමේ ගුණාංගයක්ද අඩංගු වෙනවා.
කොකේන් නම් මත්ද්‍රව්‍යට ඇබ්බැහි කල මීයන් 43කට සිනි දිය කල වතුර හා කොකේන් දිය කල වතුර දින 15ක් ලබා දී ඔවුන් වඩාත් තොරා ගන්නේ කුමන වතුර දැයි පර්යේෂණයක් සිදු කර තිබෙනවා, එහිදී මීයන් 40ක්ම තෝරාගෙන තිබෙන්නේ සීනි දියකල වතුර. මින් පෙනී යනවා සීනි කෙතරම් අපව ඇබ්බැහි කර ගන්නවාද කියල.
ඉතින් ආහාර නිපදවන සමාගම් මෙම ගුණාංගය හොඳින්ම ප්‍රයෝජනයට ගන්නවා. ඔවුන් ඉලක්ක කරන්නෙ දරුවන්, එවිට ඔවුන් ජීවිත කාලය පුරාවටම සීනි රසයෙන් ඈත් වෙන්නෙ නැති නිසා. බලන්න අද නගරබද පෙදෙසක ටිකක් ඇවිදල අපිව කෑමට යොමු කරන දර්ශන කොච්චර තියෙනවද? සුපිරි වෙළෙඳසලක රාක්ක අතර ගමන් කරනකොට කීයක් නම් චොකලට්, බිස්කට්, ක්ෂණික ආහාර, බිම වර්ග දකිනවද, එවිට ගොඩක් අය ඒවත් තමන්ගෙ මල්ලට එකතු කර ගන්න පෙළඹෙනවා.
ලෝකයේ වැඩිම අදායම් උපයන මෙම දැවැන්ත අහාර නිපදවීමේ සමාගම් සිය නිෂ්පාදන අලෙවිය බින්දුවට හෙලිය හැකි මත හෝ පර්යේෂණ වාර්තා සමාජයට යාමට කිසි සේත්ම ඉඩ දෙන්නෙ නැහැ.
වර්තමානයේ මෙම ආහාර සමාගම් වලට දරුණු පහරක් වූවේ මිචෙල් ඔබාමා (ඇමෙරිකානු ජනපති ආර්‍යාව ) ආරම්භ කල "lets move" කඳවුර.
මෙහිදී ඇය දැවැන්ත ප්‍රචාරයක් ගෙන ගියා දරුවන් සීනි, ලුණු රසැති ආහාර වලින් මුදා ගන්නා ලෙස, මෙහිදීද මුදල් ආධාර දෙන මුවාවෙන් ඇයගේ ව්‍යාපෘතියට ලංවූ ආහාර සමාගම් (පෙප්සි, කොකාකෝලා, ක්‍රාෆ්ට්, මාර්ස්,....) ඇයගේ සටන් පාඨ වෙනස් කලා.
"කැලරි අඩුවන ලෙස ප්‍රතිනිර්මාණය කල ආහාර ගමු, ව්‍යායාම කරමු"
ලෙස.
මුදල් වල බලයෙන් යලිත් ඊලඟ පරම්පරාවවත් තරබාරු බවින් මුදා ගැනීමේ වෑයමක් යටපත් වුනා.
දැන් ඔයාල හිතනවා ඇති ඔච්චර වැල්වටාරම් නොකියා සිසිල් බීම බොන්න එපා කඩ කෑම, සීනි තෙල් අධික කෑම කන්න එපා එළවළු පලතුරු කන්න කිව්ව නම් හරිනේ කියල.
ඔව්, ඒත් එහෙම කිව්වට අපිට කරන්න පුලුවන්ද? බැහැ මොකද අපි ඒ ජීවන රටාවට හුරු කරවලා. බලන්න අද ආහාර, බීම වර්ග ප්‍රචාරණය කරන්න කොයි තරම් දේවල් කරනවද? වර්ණවත් ලේබල්, ප්‍රසිද්ධ පුද්ගලයින්, කුඩා දරුවන් ආදරය කරන කාටූන් චරිත. බලන්න රූපවාහිනියේ රසවත්ව පෙන්නුම් කරන ආහාර පිළිබඳ වෙළඳ දැන්වීම්. බොහෝ විට ඒව දකින විට දරුවන් මෙන්ම වැඩිහිටියන් පවා "අපි හෙට අරක කමු, සති අන්තයට අහවල් තැනින් කමු" කියන තත්වයට පත්වෙනවා. අපේ අහාර රටාව මේ විදිහට දවසෙන් දවස වෙනස් වෙනවා, කාගේ උවමනාවටද? ආහාර සමාගම් වල පෙළඹවීමට.
මොකක්ද ප්‍රතිඵලය, අද දවස වෙනකොට මාස හයක ළදරුවන් පවා තරබාරු බවෙන් පෙලෙන්නට පටන් අරන්.
1980 වන විට ඇමෙරිකා එක්සත් ජනපදය තුල එකදු දරුවෙකු වත් දෙවන වර්ගයේ දියවැඩියාවෙන් ( Type 2 Diabetic) පෙළෙන බවට වාර්තා වුනේ නෑ. නමුත් 2010 වන විට දරුවන් 57 600ක් !