මහදුරු මහලිංගම්

rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    j7bx2

    A0f5ug0.jpg

    ZItXzim.jpg

    w3IWPLi.jpg

    u2liQJf.jpg
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    This is our sir for mechanical engineering subjects in year 2.

    Humble and charming character i have seen in my life.

    once he got pension from his job in Peradeniya University, he didn't had house to go, where he has to leave. Finally his good students paid for renting a house in Kandy.

    එතුමා කවුරුද?

    මීට දසක හතරකට නැතිනම් පහකට පමණ පෙරයාන්ත්‍රිකවිද්යාfව පිළිබඳව ආචාර්ය උපාධිය ලබා පේරාදෙණිය විශ්වවිද්යාලයේ ඉංජිනේරු පීඨයට අනුයුක්‌තව සේවය කළ අති දක්ෂ තරුණඉංජිනේරුවරයකුට ලෝකයේ සුප්රිකට, එංගලන්තයේ ඇව්රෝ ගුවන්යානා නිෂ්පාදන සමාගමෙන් කැඳවීමක්‌ ලැබිණි. ලංකාවත් එක්‌සත් රාජධානියත් අතරවූ රාජ්යලතාන්ත්රියක සබඳතාහරහා සිදුවූ ඉතා ඉහළමට්‌ට මේ කැඳවීමක්‌සේ, මේපිළිබඳව, අපටසටහන්තැබියහැක.
    නිමිත්තවූයේ ඒ කාලයේදී ' ඇව්රෝ' ගුවන්යානා නිෂ්පාදනය කරන සමාගම මුහුණදී තිබූ, දැවැන්ත ගැටලුවකට පිළියම් සෙවීමට අන් මඟක්‌ නොමැතිවූ කල, එම සමාගමේ බලධාරීහුශ්රීටලංකාව නමැති රම්යල දිවයිනේ ජීවත්වූ ප්රීඥවන්තයකුගේ පිළිසරණ සොයායැමයි.

    මේ ප්රවඥවන්තයා අන්කවරකු හෝනොව දැනට, ජීවතුන් අතර සිටින වයෝවෘද්ධතම ඉංජිනේරු මහාචාර්යවරයා වන, පේරාදෙණිය විශ්වවිද්යාොලයේ ඉංජිනේරු පීඨයේ හිටපු මහාචාර්ය මහාලිංගම් මහතාය. මහනුවර මුල්ගම්පොල ප්රදේශයේ ජීවිතයේ සැඳෑ සුවය විවේකීව ගතකරන මහාචාර්ය මහාලිංගම් මහතා එදා එක්‌සත් රාජධානියේ ඇව්රෝ සමාගම වෙත පියාඹාගියේඔවුන් විසින් නිෂ්පාදනය කරනු ලබන ඇව්රෝ ජෙට්‌ යානා ඇන්ජින්වල හටගෙන තිබූ යාන්ත්රිාක දොaෂයකට පිළියම් සෙවීමටය.
    ලෝකයේ විශිෂ්ටතම යාන්ත්රික ඉංජිනේරුවන්ගේ තියුණු පරීක්ෂානවට ලක්‌වූයේ නමුදු රෝග නිධානය සෙවීමට අපොහොසත් වූ ඇව්රෝ ජෙට්‌ ඇංජිමේ එන දෙදරීම (VIBRATION)සොයාගැනීමත්, ඊට ස්‌ථිර පිළියමක්‌ යෙදීමත් එදා අපේ යාන්ත්රි ඉකඉංජිනේරු මහාචාර්ය මහාලිංගම් වෙත පැවරී තිබුණ අභියෝගයයි. සුද්දන් විසින් අතහරිනු ලැබ තිබූ මෙම දැවැන්තඅභියෝගය දැඩි ආත්මවිශ්වාසයකින් යුතුව භාරගත් අපේ මහාචාර්යතුමා, අවසානයේදී ඇව්රෝ සමාගමම, මවිතකරවමින් ඇව්රෝ ජෙට්‌ ඇංජිමේ දෙදරීම නිට්‌ටාවටම සුවපත්කළේය.

    ඇව්රෝජෙට් ‌ ඇංජින් නිෂ්පාදනය බෙහෙවින්ම අනතුරුදායක අඩියකට වැටී තිබූ අවස්‌ථාවක, මේ ප්රරඥාසම්පන්න ශ්රීට ලාංකික ඉංජිනේරුවරයා පෑ දක්ෂිතාව පිළිබඳව මහත් සේ පැහැදුණුඑක්‌සත් රාජධානිය, අපගේ මහාචාර්යතුමාගෙන් අයෑද සිටියේ,
    එතුමා කැමැති ඕනෑම වරයක්‌ ඉල්ලා සිටින ලෙසය. මේවාඅතර, තම රටේ පුරවැසිකම, ඇව්රෝ සමාගමේ ඉහළම තනතුරක්‌, යාන වාහනඇතුළු සියලු සැප සම්පත්ද එසේයෝජනා කෙරිණ. එහෙත් අපගේ මේ ශ්රේහෂ්ඨ මහාචාර්යතුමා ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ, එකමඑකදෙයකි. ඒ පේරාදෙණිය විශ්ව විද්යාලයේ ඉංජිනේරු පීඨයේ ශිෂ්‍ය ප්‍රජාවගේ ප්‍රයෝජනය පිණිස තමන් හට ඇව්රෝ ජෙට්‌ ඇංජිමක්‌ලබාදෙන ලෙස. ඉල්ලීම එසැණින්ම ඉටුවූයේ ඉහළම ගෞරවයද සහිතවය.
    මෙම ලිපියකියවන ඔබ, ඒඅභිමානනීය පේරාදෙණිය විශ්වවිද්යාලයේ, ඉංජිනේරු පීඨයට ගොඩවැදීමට කිසියම් අවස්‌ථාවක භාග්යකය ලදහොත්, ඉංජිනේරුපීඨයේ අතිදැවැන්ත පෝටිකෝවතුළින්, එහි ආලින්දයට ගොඩවූ විගසින්ම, ඔබේ නෙතු ගැටෙන්නේ එදා එංගලන්තයේ ඇව්රෝ සමාගමෙන් මහාචාර්ය මහාලිංගම්ට ලැබුණු එකී ජෙට්‌ ඇංජිමයි. එහෙත් මේ යෝධ ජෙට්‌ඇංජිම පසුබිමේ ඇත්තේ සැබැවින්ම,
    වර්තමානයේ කිසිවකුට හෝ අදහාගත නොහැකි ආශ්චර්යවත් කතාවකි. ස්‌වාර්ථය ඉදිරියෙන්ද, මාතෘභූමිය දෙවැනි හා තුන්වැනි ස්‌ථානයේද තබමින්,ඕනෑම අශිෂ්ට වැඩක්‌, රුපියල්ශත, ඩොලර්, පවුම්, යුරෝ
    වෙනුවෙන් ඉටුකිරීමට සැදීපැහැදී සිටින ඊනියා බුද්ධිමතුන් ගෙන් කිසිදු අඩුවක්‌ නැති මේයුගයේ මිනිසුන්ට සැබැවින්ම මේවා සුරංගනා කතානොවේද? නැති නම් ඔවුනට අනුව මහාචාර්ය මහාලිංගම් යනු පට්‌ට මෝඩයෙකි
    ඔබට දීඝායු වේවා මැතිදුනි

    srimal jayawardana
     
    • Like
    Reactions: waligamaya

    waligamaya

    Well-known member
  • This is our sir for mechanical engineering subjects in year 2.

    Humble and charming character i have seen in my life.

    once he got pension from his job in Peradeniya University, he didn't had house to go, where he has to leave. Finally his good students paid for renting a house in Kandy.

    i am know this story about him. :yes::yes::yes:
    thanks for sharing with us
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    ලිපියෙහි ගෞරවය කතෘ සතු විය යුතුයි.

    මහත්වරුනි! මේ හෑල්ලු වන්නේ ජාතියේ අනාගතයයි!
    මේ නිවී යන්නේ ප්‍රඥවේ මහා පහන් සිළුවයි!

    මීට දසක හතරකට නැතිනම් පහකට පමණ පෙර යාන්ත්‍රික විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධිය ලබා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට අනුයුක්‌තව සේවය කළ අති දක්‍ෂ තරුණ ඉංජිනේරුවරයකුට ලෝකයේ සුප්‍රකට, එංගලන්තයේ ඇව්රෝ ගුවන් යානා නිෂ්පාදන සමාගමෙන් කැඳවීමක්‌ ලැබිණි. ලංකාවත් එක්‌සත් රාජධානියත් අතර වූ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා හරහා සිදුවූ ඉතා ඉහළ මට්‌ටමේ කැඳවීමක්‌ සේ, මේ පිළිබඳව, අපට සටහන් තැබිය හැක.

    නිමිත්ත වූයේ ඒ කාලයේදී 'ඇව්රෝ' ගුවන්යානා නිෂ්පාදනය කරන සමාගම මුහුණදී තිබූ, දැවැන්ත ගැටලුවකට පිළියම් සෙවීමට අන් මඟක්‌ නොමැති වූ කල, එම සමාගමේ බලධාරීහු ශ්‍රී ලංකාව නමැති රම්‍ය දිවයිනේ ජීවත් වූ ප්‍රඥවන්තයකුගේ පිළිසරණ සොයා යැමයි.

    මේ ප්‍රඥවන්තයා අන් කවරකු හෝ නොව දැනට, ජීවතුන් අතර සිටින වයෝවෘද්ධතම ඉංජිනේරු මහාචාර්යවරයා වන, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ හිටපු මහාචාර්ය මහාලිංගම් මහතාය. මහනුවර මුල්ගම්පොල ප්‍රදේශයේ ජීවිතයේ සැඳෑ සුවය විවේකීව ගත කරන මහාචාර්ය මහාලිංගම් මහතා එදා එක්‌සත් රාජධානියේ ඇව්රෝ සමාගම වෙත පියාඹා ගියේ ඔවුන් විසින් නිෂ්පාදනය කරනු ලබන ඇව්රෝ ජෙට්‌ යානා ඇන්ජින්වල හටගෙන තිබූ යාන්ත්‍රික දොaෂයකට පිළියම් සෙවීමටය. ලෝකයේ විශිෂ්ටතම යාන්ත්‍රික ඉංජිනේරුවන්ගේ තියුණු පරීක්‍ෂාවට ලක්‌වූයේ නමුදු රෝග නිධානය සෙවීමට අපොහොසත් වූ ඇව්රෝ ජෙට්‌ ඇංජිමේ එන දෙදරීම (VIBRATION) සොයා ගැනීමත්, ඊට ස්‌ථිර පිළියමක්‌ යෙදීමත් එදා අපේ යාන්ත්‍රික ඉංජිනේරු මහාචාර්ය මහාලිංගම් වෙත පැවරී තිබුණ අභියෝගයයි. සුද්දන් විසින් අතහරිනු ලැබ තිබූ මෙම දැවැන්ත අභියෝගය දැඩි ආත්ම විශ්වාසයකින් යුතුව භාර ගත් අපේ මහාචාර්යතුමා, අවසානයේදී ඇව්රෝ සමාගම ම, මවිත කරවමින් ඇව්රෝ ජෙට්‌ ඇංජිමේ දෙදරීම නිට්‌ටාවටම සුවපත් කළේය.

    ඇව්රෝ ජෙට්‌ ඇංජින් නිෂ්පාදනය බෙහෙවින් ම අනතුරුදායක අඩියකට වැටී තිබූ අවස්‌ථාවක, මේ ප්‍රඥා සම්පන්න ශ්‍රී ලාංකික ඉංජිනේරුවරයා පෑ දක්‍ෂතාව පිළිබඳව මහත් සේ පැහැදුණු එක්‌සත් රාජධානිය, අපගේ මහාචාර්යතුමාගෙන් අයෑද සිටියේ, එතුමා කැමැති ඕනෑම වරයක්‌ ඉල්ලා සිටින ලෙසය. මේවා අතර, තම රටේ පුරවැසිකම, ඇව්රෝ සමාගමේ ඉහළම තනතුරක්‌, යාන වාහන ඇතුළු සියලු සැප සම්පත්ද එසේ යෝජනා කෙරිණ. එහෙත් අපගේ මේ ශ්‍රේෂ්ඨ මහාචාර්යතුමා ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ, එකම එක දෙයකි. ඒ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ශිෂ්‍ය ප්‍රජාවගේ ප්‍රයෝජනය පිණිස තමන් හට ඇව්රෝ ජෙට්‌ ඇංජිමක්‌ ලබා දෙන ලෙස. ඉල්ලීම එසැණින්ම ඉටු වූයේ ඉහළම ගෞරවයද සහිතවය. මෙම ලිපිය කියවන ඔබ, ඒ අභිමානනීය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, ඉංජිනේරු පීඨයට ගොඩ වැදීමට කිසියම් අවස්‌ථාවක භාග්‍යය ලද හොත්, ඉංජිනේරු පීඨයේ අති දැවැන්ත පෝටිකෝව තුළින්, එහි ආලින්දයට ගොඩ වූ විගසින්ම, ඔබේ නෙතු ගැටෙන්නේ එදා එංගලන්තයේ ඇව්රෝ සමාගමෙන් මහාචාර්ය මහාලිංගම් ට ලැබුණු එකී ජෙට්‌ ඇංජිමයි. එහෙත් මේ යෝධ ජෙට්‌ ඇංජිම පසුබිමේ ඇත්තේ සැබැවින්ම, වර්තමානයේ කිසිවකුට හෝ අදහාගත නොහැකි ආශ්චර්යවත් කතාවකි. ස්‌වාර්ථය ඉදිරියෙන්ද, මාතෘ භූමිය දෙවැනි හා තුන්වැනි ස්‌ථානයේ ද තබමින්, ඕනෑම අශිෂ්ට වැඩක්‌, රුපියල් ශත, ඩොලර්, පවුම්, යුරෝ වෙනුවෙන් ඉටුකිරීමට සැදී පැහැදී සිටින ඊනියා බුද්ධිමතුන් සේම දේශපාලනඥයන් ගෙන්ද කිසිදු අඩුවක්‌ නැති මේ යුගයේ මිනිසුන්ට සැබැවින්ම මේවා සුරංගනා කතා නොවේද? නැතිනම් ඔවුනට අනුව මහාචාර්ය මහාලිංගම් යනු පට්‌ට මෝඩයෙකි.

    මහත්වරුනි, අද මේ සිදුවන්නේ කුමක්‌ද? ස්‌වාර්ථය පසෙක ලා අන් අය වෙනුවෙන් හඬ නඟන මේ රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ, ආචාර්ය, මහාචාර්යවරුන් පට්‌ට මෝඩයන් සේ සලකා ඊනියා බලධාරීන් කටයුතු කරන ආකාරය නොවේද?

    රටේ අධ්‍යාපනය උදෙසා අයවැයෙන් 6% ක්‌ ඉල්ලා සිටීම වරදක්‌ද? රටකට මෙලෝ වැඩක්‌ නැති එහෙම පිටින්ම සුදු අලියකු බවට පත්වී තිබෙන පළාත් සභා නඩත්තු කිරීමට රටේ ජාතික ධනයෙන් කොපමණ මුදලක්‌ අප වැය කරනවාද? රටක ආණ්‌ඩු නඩත්තු කරන ලෝකයේ ලොකුම ඇමැති මණ්‌ඩලයේ මැති ඇමැතිවරුන්ට පඩි ගෙවන මේ රටේ පොදු මහජනතාවගේ දරුවන්ට, අනාගතයේ උපදින දරුවන්ට, සිය නැණ නුවණ පහදා දීමට, අනාගත ශ්‍රී ලංකාව ප්‍රඥවන්තයන්ගේ දේශයක්‌ කිරීමට, අවශ්‍ය යටිතල පහසුකම් වැඩි දියුණු කරගැනීමට, අනාගත අභියෝගයන් හමුවේ අභිමානවත් දේශයක්‌ ගොඩ නැංවීමට අවශ්‍ය බුද්ධිමතුන් වැඩි වැඩියෙන් බිහිකිරීමට, තව තවත් ජාතික විශ්වවිද්‍යාල අලුතින් බිහිකිරීමට, දේශයේ බදු ගෙවන ජනතාව වෙනුවෙන්, ඔවුන් විසින් රජයට ලබාදුන් මුදලින්ම වාර්ෂිකව 6% ක්‌ රටේ අධ්‍යාපනය උදෙසා වැය කරන සේ ඉල්ලා සිටීම ශාපයක්‌ද? නැතිනම් 'ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්‌ද'?

    මේ වන විට මාස දෙකකට වඩා දිග්ගැස්‌සී ඇති විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනය නිසාම රටේ සමස්‌ත විශ්වවිද්‍යාල පද්ධතියම අකර්මණ්‍ය වී තිබේ. පඩි නැතිව අපේ ආචාර්යවරු මහාචාර්යවරු ගෙදරට වී සිටිති. විටෙක අපගේ හදවත් කම්පා කරවමින් ඔවුහු මහ මග සටන් පාඨ පුවරු ඔසවාගෙන ගමන් කරති.

    සැබැවින්ම මේ අයුරින් මහ පාරේ රස්‌තියාදු වන්නේ, ශ්‍රී ලංකා මාතාවගේ කීර්ති කදම්භය නොවේද? ඔවුන් අතර මහාචාර්ය මහාලිංගම්ලා කී දෙනකු සිටිත්ද? කියා අපේ බලධාරීන් සිතන්නේ කවදාද? වටහාගන්නේ කවදාද?

    පසුගිය දිනෙක ජනමාධ්‍ය ඇමැතිවරයා ඉතා පැහැදිලිවම ප්‍රකාශ කොට තිබුණේ, 6% ඉල්ලීම කිසිලෙසකින් හෝ ඉටු කළ නොහැකි බවය. මේ කියමන අප රටේ නමගිය කාටුන් ශිල්පියකු සිය කාටුනය සඳහා නිමිත්ත කරගෙන තිබුණේ, "අධ්‍යාපනයට 6% ක්‌ වෙන්කරන්න බැරිදැයි ඇසූ පැනයට, බෑ තමයි! බලපන් පහේ ශිෂ්‍යත්වෙ ඉඳලම මහාචාර්යවරයා දක්‌වාම අපට දෙන වදේ. මුං ඉගෙන ගන්න, ඉගෙන ගන්න අපිවමයි කන්නේ" කියාය.

    සැබැවින්ම තලංගම ජයසිංහ නමැති කාටුන් ශිල්පියා පොතක්‌ ලියා පළකළ යුතුව තිබූ අදහසක්‌ වචන පේළි දෙක තුනකින් කදිමට කියා තිබුණේ එසේය.

    මේ රට, අනාගත ආසියාවේ ආශ්චර්යය බවට පත්කිරීමේ සැබෑ වුවමනාවක්‌ තිබේ නම්, ඒ කොයිකාට නමුත් 6% ක්‌ රටේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කිරීමට දෙවරක්‌ සිතිය යුතු නැතැයි සාමාන්‍ය මට්‌ටමේ දැනුම් තේරුම් ඇති අයෙකුට වුවද සිතීම අරුමයක්‌ නොවේ.

    අද ඇමෙරිකාවේ නාසා ආයතනය බබළවන්නේද ශ්‍රී ලාංකික තරු බව නොදන්නා කෙනෙක්‌ නැත. එදා සඳට ගිය මුල්ම මිනිසා නීල් ආම්ස්‌ට්‍රොaන් මහ පොළොවට ගෙන ආ සඳේ ගල් කැබැලි මුලින්ම පරීක්‍ෂා කිරීමේ භාග්‍යය ලද ලෝ සුපතළ විද්‍යාඥයන් අතර සිටි එක්‌ විද්වතෙක්‌ වූයේ අපේ විශ්වවිද්‍යාල පද්ධතිය හරහා බිහි වූ ආචාර්ය සිරිල් පොන්නම්පෙරුමයෝය. මෙබඳුම හා මීට නොදෙවැනි මහා ප්‍රඥවන්තයන් අදටත් ඉතා නිහඬවම අපේ විශ්වවිද්‍යාල පද්ධති හරහා තම ජාතික මෙහෙවර ඉටුකරමින් සිටී. මේ අයගේ කාලය, සෑම තත්පරයක්‌ම කෙතරම් වටිනවාද කියා අපේ බලධාරීන් තේරුම් ගන්නේ කවදාද?

    පසුගිය ඉරුදින ජාතික පුවත්පතක, දිනෙන් දින දිග්ගැස්‌සෙන මෙම ප්‍රශ්නය අරභයා තම තමන්ගේ මත ඉදිරිපත් කළ ආචාර්ය, මහාචාර්යවරුන් කිහිප පලක්‌ම ඉතා පැහැදිලිව ප්‍රකාශ කොට තිබුණේ පවතින තත්ත්වය තුළ තමන් දැඩි කලකිරීමකට පත් වී සිටින බවය. ලියුම්කරු විශ්වාස කරන ආකාරයට මේ තත්ත්වය බෙහෙවින්ම අනතුරුදායකය. ඒ එසේ වන්නේ දැඩි කලකිරීම හේතුවෙන් අපේ මේ ප්‍රඥවන්තයන් සියදිවි නසා ගනීවිය යන බිය නිසා නොවේ. වැඩි දොහක්‌ නොයාම මේ අය අපේ මාතෘ භූමියට "ඉතිං ආයුබෝවන් ලක්‌ මවුනි ගරු" කියා තමන්ව පාවඩ මතින් කැඳවා ගැනීමට බලා සිටින ලෝකයේ කොහේa හෝ රටකට යැමට ඕනෑ තරම් ඉඩකඩ ඇති නිසාය. ඉන් පසු අපේ බලධාරීන් මෙසේ කියනු ඇත. "මේ බුද්ධි ගලනය නිසා අපිට අපේ රට ආසියාවේ ආශ්චර්යය බවට පත්කිරීම අසීරු වී ඇත. නිදහස්‌ අධ්‍යාපනයේ වරමින් උගතුන් වූ මේ අය ඒ අයුරින් මාතෘභූමිය හැර යැම දේශෙද්‍රdaහී ක්‍රියාවකි".

    මේ රටේ උගතුන්ට, බුද්ධිමතුන්ට රට කරවන ඇත්තන් කෙණෙහිලිකම් පෑවේ අද ඊයේ නොව, පෙරදා අතීතයේදී ද මෙබඳු දේ සිදු විය.

    එවකට අප දේශයේ සිටි මහා ප්‍රඥවන්තයෙකුට, මේ අයුරින් විඳින්නට සිදු වූ අතවරයන් නිසා, එතුමා මහත් කලකිරීමට පත්ව තම මව්බිම අතහැර දියුණු වෙමින් පැවතුන ආසියාවේ රටක්‌ වන මැලේසියාවට ගියේය. එම රටේ සිටියේ ආසියාවේ අංක එකේ ප්‍රඥවන්ත නායකයෙක්‌ වන ආචාර්ය මහතීර් මොහොමඩ්ය. අපේ බුද්ධිමතාට ලැබුණේ ඉහළම පිළිගැනීමකි. රජයේ ඉදිකිරීම් අංශයේ ඉහළම තැනකි. ඔය අතරවාරයේ ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් අංශයේ බලධාරීන් පිරිසක්‌ එකී රටට යන්නේ ඒ රටින් අපේ රටට නවතම ඉදිකිරීම් තාක්‍ෂණය පිළිබඳව දැනුම ලබා ගැනීම පිණිසය.

    මේ පිරිස මුණගැසීමට ගිය එම රටේ ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ මහා බුද්ධිමතුන් අතර ප්‍රධානියා වූයේ, මෙරටින් එරටට ගිය අපේ කීර්තිධර සිවිල් ඉංජිනේරුවරයාය. එතුමා ලංකාවේ සිටියදී, සිය මාතෘභූමිය හැර දමා අන් රටකට යැමට පාර කැපූ රජයේ ප්‍රබල නිලධාරියෙක්‌ද මෙහෙන් ගිය කණ්‌ඩායමට ඇතුළත්ව සිටියේ සැබැවින්ම දෛවයේ සරදමක්‌ ලෙසිනි.

    මෙතෙක්‌ වේලා මා ඔබට කීවේ අපේ ශ්‍රේෂ්ඨ ඉංජිනේරුවරයකු වූ ආචාර්ය කුලසිංහ මහතා පිළිබඳවය. පසුව එතුමා දිවංගත ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ඇරැයුමෙක්‌ ලංකාවට පැමිණ මියෙන තුරාම අපේ මවුබිමට අනුපමේය මෙහෙවරක්‌ ඉටු කළ බැව් මෙහිලා සිහිපත් කරනුයේ ඉමහත් ගෞරවයෙනි. දැනට පවතින තත්ත්වය හමුවේ හෙට අනිද්දා වන විට, මෙබඳු වටිනා මොළ කොපමණ සංඛ්‍යාවක්‌ අපේ දේශයට අහිමි වේ දැයි කාට නම් කිව හැකිද?

    විනිසුරුවන්, වෛද්‍යවරුන් මහමඟ මරාදමන දේශයක, විනිසුරුවන්ට හූ කියන, වෛද්‍යවරුන්ට මහ මඟ පහරදෙන මෙලෝ චාරයක්‌ සදාචාරයක්‌ නැති දේශපාලන අම්බරුවන්ගේ පාරාදීසයක තවදුරටත්, වෘත්තීය ගරුත්වය රැකෙන සේ රැකියාවක නිරත වීමේ ස්‌වෛරී අයිතිය දිනෙන් දිනම දුරස්‌ වන රටකට තව දුරටත් අපේ සේවය දිය යුතුද? යන පැනය හමුවේ මේ බුද්ධිමතුන් අසරණ නොකළ යුතුය. මේ වටිනා මිනිසුන් පාරවල් දිගේ ඇවිද්දවමින් හෑල්ලු කරනවාට වඩා, ශීලාචාර මහත්වරුන් සේ වඩාත් නම්‍යශීලීව ඔවුන්ගේ ප්‍රශ්න සාකච්ඡා මේසයට රැගෙන ඒමට, ඵලදායී මෙහෙවරක්‌ ඉටු කිරීමට මේ සා දිගු කලක්‌ ගතවී තිබියදී පවා අපේ කිසිම රාජ්‍ය නිලධාරියකුට හෝ දේශපාලන බලධාරියකුට හෝ නොහැකි වීම ජාතියේම අවාසනාවකි.

    පැවැත්වූ සෑම සාකච්ඡාවක්‌ම අසාර්ථක වූයේ මන්ද කියා මධ්‍යස්‌ථව සිතා බැලීම මේ අයගේ වගකීමකි. බලය වෙනුවට සුහදතාව, හදවතේ මුල්බැසගත් කුහකකම වෙනුවට මෛත්‍රී සහගත සිතක්‌ රැගෙන මේ දෙපාර්ශ්වයම රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කඩිනමින් සාකච්ඡා ඇරැඹිය යුතුය. එකිනෙකාගේ බුද්ධියට ගරුකරමින් ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුතුය.

    අනාගත ශ්‍රී ලංකාවට සෞභාග්‍යය උදාකරදීමේ, මාවත වැටී ඇති නැනෝ තාක්‍ෂණවේදය සේම, බල ශක්‌ති අර්බුදයට අනාගත විසඳුමක්‌ වන සූර්ය බල ශක්‌තියෙන් විද්යුතය නිපදවීමේ ද, සුපිරි විද්‍යාඥයන් සිටින්නේ අප සමඟය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ විදුලි හා විදුලි ඉලෙක්‌ට්‍රොනික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ආචාර්ය ලිලන්ත සමරනායක වැනි, නැනෝ තාක්‍ෂණය පිළිබඳ දකුණු ආසියාවේ සිටින අංක එකේ සුපිරි උගතුන් සේම, සූර්ය බල ශක්‌තිය තුළින් විදුලි බලය නිපදවීමේ ක්‍රමවේදයන් ඉහළින්ම ප්‍රගුණකොට ඇති මහාචාර්ය කිත්සිරි ලියනගේ වැනි උගතුන්ද සිටින්නේ තවමත් අපේ විශ්වවිද්‍යාල පද්ධති තුළය. ලෝකයේ ධනවත් රටවලින් නිරතුරුවම, මෙබඳු විද්වතුන් හට ආරාධනා ලැබෙන්නේ, සියලුම යස ඉසුරු සපිරි ජීවිතයක්‌ සඳහාය. මෙබඳු වටිනා මිනිසුන් තවමත් මේ දේශයේ රැඳී සිටින්නේ සැබැවින්ම ඔවුන් අපේ මාතෘ භූමියට ආදරේ කරන නිසාය. මේ රටේ බදු ගෙවන ජනතාවගේ දුවා දරුවන්ට ආදරේ කරන නිසාය. එහෙත් අපේ අධ්‍යාපන බලධාරීන් කරන්නේ කුමක්‌ද? මේ සියලු විදග්ධයන් දෙකේ කොලයට දමා වටේ යෑවීමය. සමච්චලයට හෑල්ලුවට ලක්‌ කරමින් මහ පාරේ රස්‌තියාදු කිරීමය. විශ්වවිද්‍යාල වසා දමා පඩි රහිතව ගෙදර තැබීමය.

    සැබැවින්ම මේ අශෝභන ක්‍රියාදාමය තුළින් බලධාරීන්ට අවශ්‍ය වන්නේ අපේ උගතුන් හා බුද්ධිමතුන් මේ දේශයෙන් පලවා හැර දමා විශ්වවිද්‍යාල පද්ධතියම නන්නත්තාර කොට, පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහා හතර අතේ, ප්‍රවේශ මාර්ග සලසා දීමට නම්, ඔවුන්ගේ ඒ බලාපොරොත්තු දිනෙන් දිනම කූටප්‍රාප්තියට පත්වන බව නම්, අපට ඉඳුරාම පැහැදිළිය.

    රාමායනයේ අයෝධ්‍යා කාණ්‌ඩයේ 63.7 හී මෙසේ සටහන් වේ.

    "යම් ක්‍රියාවක්‌ කිරීම ආරම්භයේදී ම, එහි බරපතළ බව හෝ සැහැල්ලු බව හෝ යමෙක්‌ නොදනීද, එසේම එහි ගුණ හෝ දොස්‌ හෝ යමෙක්‌ නොදනීද හේ අඥනයෙකැයි කියනු ලැබේ".
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    deeply saddened to inform you all that our beloved teacher Prof. S. Mahalingam has passed away, today 3rd early morning at a hospital in Jaffna.

    Funeral will be held today, 4th in Alaveddy, Jaffna.
     
    waligamaya

    Well-known member
  • ලිපියෙහි ගෞරවය කතෘ සතු විය යුතුයි.

    මොනවා කියනවද අපේ දේශපල් ඇන්ට ඕන හිස් ලකගේදී හිස් තියෙන හැගීම් දැනීම් නර්හි යාන්ත්‍රික මිනිස්සු. එහෙම ය හිටියම තමයි උන්ට උන්ගේ වැඩේ සදාකල් කරගෙන යන්න පුළුවන්. හිතන්න පුළුවන් දැනුවත් උන් ඇති උනොත් උනේ මේ අසාර්ථක ක්‍රමය ප්ර්ශ්නකරනවා. එක ඔවුන්ගේ අනාගතයට හොදදෙයක් නෙවෙයි.
    මේක අද ඊයේ පාටන් ගත දෙයක් නෙවෙයි මුලින්ම මොවුන් සුක්ෂමව කෙලින්ම ආර්ථික බලපෑමක් නැති විෂයන් කපාඩු කළා.

    මට පසුහිය දිනෙක කියුබානු තනදිපති වරයා සමහ පවත්සු සාකච්චාවකට සහබිවිමට අවස්ථාව ලැබුනා. ඔහු කිව්වා අවුන්ගේ ජාතීන නිෂ්පාදනයෙන් 23% අදපනයට 15% ක්‍රීඩා වලට වෙන් කරනවා කියලා. ඇත කදුකර කැල ගමක ළමයින් දෙන්නෙක් හිටියත් ඔවුන්ට ගෙදර ඉදන් පාසල් යන්න සියලුම පහසුකම් ඇති පාසල් ඇතිකරනවා කියලා. ඔහු කිව්වා දෙනයි එකෙනයි කියාලා එක අයෙක් හරි අතාරියොත් වසර 15 කින් සමාජයට හානිකර අනාත මිනිහෙක් බිහිවෙනවා එයින් වෙන හානිය අර කරපු වියදමත් එක්ක කවදාවත් සමාන කරන්න බ කයල කිව්වා.

    23% + 15% අපිට හීනෙන්වත් තිතන්න් පුලුවන්ද?:shocked::shocked:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    එතුමාගෙන ඉගෙන ගැනීමට මාහට වාසනාව නොනතිවුවත් එතුමාගෙන ඉගෙනගත් එතුමාගේ දැකක්ෂම ගෝලයින් කිහිප දෙනෙක් ගෙනම ඉගෙනීමට මා වසනා වන්තවිය

    me too
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    we had 307 students in my batch when we were in university. Prof Mahalongham , Prof Jayathilaka were our senior academic staff at that time.

    now less than 50 in Sri Lanka. all others moved away from the country with their families....

    මොනවා කියනවද අපේ දේශපල් ඇන්ට ඕන හිස් ලකගේදී හිස් තියෙන හැගීම් දැනීම් නර්හි යාන්ත්‍රික මිනිස්සු. එහෙම ය හිටියම තමයි උන්ට උන්ගේ වැඩේ සදාකල් කරගෙන යන්න පුළුවන්. හිතන්න පුළුවන් දැනුවත් උන් ඇති උනොත් උනේ මේ අසාර්ථක ක්‍රමය ප්ර්ශ්නකරනවා. එක ඔවුන්ගේ අනාගතයට හොදදෙයක් නෙවෙයි.
    මේක අද ඊයේ පාටන් ගත දෙයක් නෙවෙයි මුලින්ම මොවුන් සුක්ෂමව කෙලින්ම ආර්ථික බලපෑමක් නැති විෂයන් කපාඩු කළා.

    මට පසුහිය දිනෙක කියුබානු තනදිපති වරයා සමහ පවත්සු සාකච්චාවකට සහබිවිමට අවස්ථාව ලැබුනා. ඔහු කිව්වා අවුන්ගේ ජාතීන නිෂ්පාදනයෙන් 23% අදපනයට 15% ක්‍රීඩා වලට වෙන් කරනවා කියලා. ඇත කදුකර කැල ගමක ළමයින් දෙන්නෙක් හිටියත් ඔවුන්ට ගෙදර ඉදන් පාසල් යන්න සියලුම පහසුකම් ඇති පාසල් ඇතිකරනවා කියලා. ඔහු කිව්වා දෙනයි එකෙනයි කියාලා එක අයෙක් හරි අතාරියොත් වසර 15 කින් සමාජයට හානිකර අනාත මිනිහෙක් බිහිවෙනවා එයින් වෙන හානිය අර කරපු වියදමත් එක්ක කවදාවත් සමාන කරන්න බ කයල කිව්වා.

    23% + 15% අපිට හීනෙන්වත් තිතන්න් පුලුවන්ද?:shocked::shocked:
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    A/L වලට ක්ලාස් යන කාලේ Physics කරපු සර්ත් ඔය කතාව කීවා......
    ඇත්තටම
    මහලිංගම් මහතා ශ්‍රේෂ්ඨයෙකි.