මහනායක හිමියෝ ආණ්ඩුවේ රෙදි ගලවයි
මහනායක හිමියෝ අගමැති ඉදිරියේ ආණ්ඩුවේ රෙදි ගලවයි
සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමියන් සහ අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා අතර ඊයේ උණුසුම් වාග් සංග්‍රාමයක් ඇති විය.
එහිදී සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමියන් ප්‍රකාශ කළේ, වත්මන් රජය සම්පූර්ණයෙන් බුද්ධශාසනය විනාශ කිරීමේ ක්‍රියාදාමයක නිරත වන බව ය.
"මේ රජය යටතේ මේ රටේ බුද්ධ ශාසනය විනාශ වී යන තත්ත්වයක් උද්ගතව තිබෙනවා. බුද්ධ ශාසනය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් දැනට ක්‍රියාත්මක වෙනවා. රටේ අගමැති වශයෙන් ඔබතුමා මේ ගැන නොදැන ඉන්න බැහැ. ඉදිරි මැතිවරණයක් නිසා බුද්ධ ශාසනා රක්ෂක යෝජිත පනත පවා යට ගහන්න යන බවට මට විශ්වාස කටයුතු මාර්ගයකින් දැන ගන්නට ලැබී තියෙනවා.‘ යැයි උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත මහා නායක හිමියෝ මාතලේදී පැවැසූහ.
පංසල් භූමියක යම් ඉදිකිරීම් රජයේ වියදමින් කරනවා නම් එම භූමියේ නෛතික අයිතිය රජයට පවරන්න ඕන බවට චක්‍ර ලේඛ මගින් මධ්‍යම පළාතේ පංසල් වලට දැනුම්දී තිබෙන බවත් මේ පිළිබද රටේ අග්‍රමාත්‍යවරයා වශයෙන් ඔබතුමා මෙහිදි ප්‍රකාශයක් කළ යුතු බවද මහනායක හිමියෝ මෙහිදි පැවැසූහ."
119 වැනි සමස්ථ ලංකා දහම් පාසල් දින ජාතික උත්සවයේදී උන්වහන්සේ මේ බව පැවසුහ
(උපුටා ගැනීම newsfirst සහා ලංකාදීප )

monawa karaida danne na.gonek rajek kalama ratata etin wenne mewa tama