මහනුවර ආරක්ෂාකාරීයි - යළිත් ඇඳිරීනීතිය නැ
මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ මේ වන විට පවතින සාමකාමී තත්ත්වය හේතුවෙන් යළිත් ඇඳිරිනීතිය පැනවීමක් සිදු නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
පැවැති ගැටුම්කාරී තත්ත්වය මුළුමනින්ම පහව ගොස් ඇති නිසා මෙම තීරණය ගත් බවත් සිදු වු සාපරාධී ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශන කටයුතු පොලිස් කණ්ඩායම් කිහිපයක් මගින් මේ වන විටත් සිදුවන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය. පොලිස් මුලස්ථානයේ අද (10) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
පෙරදින රාත්‍රීයේ සුලු සිද්ධීන් කිහිපයක් ඇරුණු කොට කිසිදු ප්රචන්ඩ ක්‍රීයාවක් වාර්තා නොවූ බවද පොලිසිය කියයි.