මහනුවර ඇති වු කලබලය

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මහනුවර ඇති වු කලබලය

    මහනුවර ඇති වු කලබලය ගැන ජාත්‍යන්තර මාධ්‍යයෙන් ප‍්‍රථමවරට හෙළිදරව්වක්

    1646877576ll_L.jpg


    වියොන් නිවුස් වෙබ් අඩවිය හෙවත් World Is One News යන ගෝලීය ප්‍රශ්න විශ්ලේෂනාත්මක මුහුණුවරකින් වාර්තා කරනු ලබන ඉන්දියානු වෙබ් අඩවියක් මඟින් ශ්‍රී ලංකාවේ පසුගිය දින කිහිපයේ මහනුවර හා අම්පාර ප්‍රදේශවල ඇති වූ කලබලකාරී තත්ත්වය පිළිබඳ වාර්තාවක් සකසා අන්තර්ජාලයට මුදා හැර තිබේ.

    එහි සිංහල පරිවර්තනය මෙසේ දැක්වෙයි.

    "ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම නගරය හා දළදා මාලිගාව පිහිටා තිබෙන පූජනීය නගරය වන මහනුවර හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කර තිබෙන අතර දැඩි ඇඳිරිනීතිය ක්‍රියාත්මක වෙයි.

    ශ්‍රී ලංකාවේ වසර 30ක් දීර්ඝ යුද්ධය අවසන් වී වසර 6ක් ගතවී තිබේ. එම වසර 6ක ප්‍රගතිශීලී සාමය බිඳ දැමුවේ කවර බලවේගයක් යනුවෙන් ඔවුන් ප‍්‍රශ්න කර තිබේ.

    දිවයිනේ නැගෙනහිර වෙරළ හා මධ්‍යම කඳුකරය ආශ්‍රිතව පැවති සන්සුන් බව බිදී ගොස් ඇත. නැගෙනහිර පළාතේ අම්පාර සහ පූජනීය මහනුවර මෙන්ම ඒවායේ උප නගරයන්ද සතියකට වඩා වැඩි කාලයක සිට කැරලි කෝලාහලවලින් පිරී ගොස් ඇතග රටේ මහජාතිය වන සිංහල කලහකාරී පිරිස් රටේ දෙවන විශාලතම සුළු ජාතිය වන මුස්ලිම්වරුන්ට හා ඔවුන්ගේ කඩ සාප්පු පහරදුන් බව වාර්තා වෙයි.

    එක් පුද්ගලයෙක් මියගොස් ඇති අතර දෙදෙනෙක් රෝහල් ගතකර තිබේ. අමිත් ජීවන් වීරසිංහ නැමති ප්‍රධාන සැකකරු ඇතුළු 81 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    තවමත් ජාත්‍යන්තර මාධ්‍ය අති බහුතරය විශේෂයෙන්ම මැදපෙරදිග සම්බන්ධ මාධ්‍ය සිද්ධිය ලේ පිපාසිත සිංහලයන් හා ගොදුරු බවට පත්වූ මුස්ලිම්වරුන් ලෙස වාර්තා කරමින් අතිශයෝක්ති ගත චිත්‍රයක් සමාජගත කරමින් සිටී. නමුත් වියෝන් අපි ශ්‍රී ලංකාවේ සියලුම ආගම්වල විශ්ලේෂකයන්ට කතා කරමින් අප සොයාගන්නා චිත්‍රය තරමක් වෙනස් එකකි.

    සිංහලයන්ගේ නොඉවසිල්ල වැඩිවී ඇති අතර මෙවර එහි ඉලක්කය දමිල ජාතිකයන් නොව රටේ වෙසෙන මිලියන දෙකකට ආසන්න මුස්ලිම්වරුන් බව සත්‍යයකි. ප්‍රචණ්ඩත්වය කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැක. නමුත්, 2009 සිට මුස්ලිම්වරුන් පිළිබඳව රට තුළ වර්ධනය වන අවිශ්වාසයට මූලික වූ හේතුව විමසා බැලිය යුතුය.

    එයට මූලික හේතුව වී ඇත්තේ ලොව ඉව්සිලිවන්තම හා සාමකාමීම මුස්ලිම් ප්‍රජාවන්ගෙන් එකක් වන ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව අතර වහාබිවාදය පැතිර වීමයි.

    ශ්‍රී ලංකාවේ ළඟම අසල්වැසියා වන මාලදිවයින ඒකාධිපති ජනාධිපතිවරයාගේ ආශිර්වාද මධ්‍යයේ දැනටමත් සෞදි අරාබියේ ධනය හා රැඩිකල් ඉගැන්වීම්වලින් පීඩා විඳින බව නොරහසකි.

    සෞදි අරාබිය ඉංග්‍රීසි කතා කරන වහාබි දේශකයන් පුහුණු කරමින් ලොව වටා රටවල්වලට පිටත්කර යවන අතර ඒ සඳහා විශාල මුස්ලිම් ප්‍රජාවක් වෙසෙන දකුණු ආසියාව තරම් ඔවුන්ගේ ආකර්ෂණය දිනාගත් වෙනත් කලාපයක් නැත.

    ස්මයිල් මින්ක්, සාකිත් නායක් හා තාරික් ජමීල් යනු සෞදිය විසින් පුහුණුකර යැවූ එවැනි මතභේදාත්මක කථිකයන් අතරින් කිහිප දෙනෙකි. මින්ක්ට එක්සත් රාජධානියට හා සිංගප්පුරුවට පිවිසීම තහනම් කර ඇති අතර සාකිත් නායක් ඉන්දියානු පොලිසිය අත්අඩංගුවට ගැනීමට අත්‍යාවශ්‍යම පුද්ගලයන්ගේ ලැයිස්තුවට එක් කර ඇත.

    ශ්‍රී ලාංකික වාර්තාකරුවන් රිස්වි මුෆ්ති සහ මුයිස් බුඛාරී වැනි වහාබි දේශකයන් වෙත ඇඟිල්ල දිගු කරයි. දැන් මෙම සංඛ්‍යා ලේඛන දෙස අවධානය යොමු කරමු. මදර්ශාහ් (ඉස්ලාම් ආගම උගන්වන ආයතන) 749ක්, ඉස්ලාම් විශ්වවිද්‍යාල එකක්, අවම වශයෙන් ප්‍රධාන මුස්ලිම් පල්ලි 10ක් හා දුසිම් ගණනක් කුඩා මුස්ලිම් පල්ලි ශ්‍රී ලංකාව තුළ ඇත. ඒ අතරින් මුස්ලිම් පල්ලි සියයට 90ක් ම වහාබි දේශකයන්ගේ ග්‍රහණයේ පවතින අතර ශ්‍රී ලාංකික මුස්ලිම්වරු 33 දෙනෙක් පමණ ඉස්ලාම් ජනපද ISIS ත්‍රස්ත ව්‍යාපාරයට බැදී ඇති බව වාර්තා වෙයි.

    සිංහලයන්ගේ නොඉවසිල්ල වර්ධනය වීමට මූලිකම හේතුව ලෙස විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ සාම්ප්‍රදායික ඉවසිලිවන්ත ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ගේ හැසිරීමේ දක්නට ලැබුණ වෙනස්කම් නිසා බවයි. මුස්ලිම් දේශකයන්ගේ වර්ධනය වන කර්කශ බව හා හිජාබය දිවයිනේ ප්‍රචලිත කිරීම එම වෙනස්කම්වලට මග පාදා තිබේ.

    එහෙත් විපක්ෂ නායක මහින්ද රාජපක්‍ෂ කැරැල්ලට මග පෑදු තවත් විශ්මිත අංගයක් පසුගිය 08 වන දා ලංකන් ඩේලි වෙබ් අඩවිය සඳහා ඔහු දායක වූ ලිපියක පෙන්වා දුන්නේය.

    කෙසේ හෝ ශ්‍රී ලංකාව කෑලි වලට කැඩීමට අපේක්ෂාවෙන් සිටින විදේශ බලවේගයන් දෙසට හෙතෙම ඇඟිල්ල දිගු කරයි. එම සංසිද්ධිය ඉන්දියන් සාගරය මධ්‍යයේ, තීරනාත්මක තෙල් නැව්ගත කිරීමේ නාවික ගමන් මාර්ගයක, පිහිට තිබෙන ශ්‍රී ලංකාව තරම් හොඳින් කිසිදු රටක් අත්දැක නැත.

    වියෝන් ප්‍රවෘත්ති අංශයේ සිට පද්මා රාඕ සජීවීව දැන් මා හා සම්බන්ධ වනවා. සුබ සන්ධ්‍යාවක් පද්මා, වසර ගණනාවක දමිල අන්තවාදයෙන් පසු දැන් අප බලමින් සිටින්නේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් රැඩිකල්වාදයේ වර්ධනය දෙස.

    ත‍්‍රස්ථවාදය මෙහෙය වූ දමිල ජනතාව අතර ත්‍රස්තවාදය හා එකම තලයක තැබීමට තරම් දුරට මා යන්නේ නෑ. එයට දෙමළ ත්‍රස්තවාදය කීම එතරම් ගැලපෙන්නෙ නෑ, මොකද එම ත්‍රස්තවාදය තිබුනේ දෙමළ ඩයස්පෝරාවේ මූල්‍ය ආධාර, සහාය සහ අනුබලය ලැබුණු පුද්ගල කණ්ඩායමක ග්‍රහණයේ.

    එම නිසා අපි එවැනි සංසන්දනයක් නොකර ඉමු. නමුත් නිසැකවම ඔව්, මුස්ලිම් රැඩිකල්වාදයේ වර්ධනයක් තිබෙනවා, ඒක විශ්ලේෂකයොත් පෙන්වා දෙන්නේ. 2009 යුද්ධය අවසන් වූ දා සිට එය වර්ධනය වෙමින් තිබෙනවා.

    ඒ වගේම ඔබ දන්නවා දේශ සීමා, බොහෝ දෙනාගේ අවධානය යොමුවෙලා තිබෙන්නේ සිදුරු සහිත දේශ සීමා හා ආගමන පාලකයන් එවැනි රැඩිකල්වාදීන් රට තුළට ඇතුල් වීම හා ක්‍රමයෙන් ඔවුන්ගේ ඉගැන්වීම් ව්‍යාප්ත කරමින් ලොව ඉවසිලිවන්තම මුස්ලිම් ප්‍රජාවකගේ මනසට විෂ ඇතුල් කිරීම වැලක්වීමට ගන්නා පියවර ප්‍රමාණවත් නොවීම පිළිබඳවය.

    ඔබ දන්නවා මාලදිවයින වැඩි ඈතක නොවෙයි තිබෙන්නේ, දිශාවන් දෙකෙන්ම එනම් මාලදිවයිනෙන් සහ කොළඹ ගුවන් තොටුපොලෙන් වහාබි දේශකයන්ගේ ඇතුල්වීම සිදුවෙමින් තිබෙනවා. ඔවුන් මිනිසුන් මුණගැසෙමින්, රැස්වීම් පවත්වමින් වහාබ්වාදය උගන්වමින් සිටිනවා.

    සාමාන්‍ය ගම් වැසියන් මේ චිත්‍ර දෙකක් දැක, කතාවක් ගොඩනගාගෙන තිබෙන්න අනුමාන වශයෙන්, ඔවුන් ඉස්ලාම් ජනපදය දකිනවාල ඒවගේම ඔවුන් අහල තිබෙනවා.

    ISIS ත්‍රස්තවාදයට එක් වූ ශ්‍රී ලාංකික මුස්ලිම්වරු 33 දෙනා පිළිබඳව. මේ කුඩා ගම්වල සාමාන්‍ය වැසියෝ බියට පත්වෙනවා ඔවුන්ගේ ප්‍රදේශවලට, එම කලාපයට ආවේණික නොවන සලකුණු දකින විට. එනම් පල්ලිවල වහාබි දේශකයන්, වැඩි වැඩියෙන් මුහුණ ඇතුළු මුළු සිරුරම ආවරණය කරගත් කාන්තාවන් දකින විට. ඔබත් දන්නව මේවා විදේශ මෙහෙයවීම්, එවැනි විදේශීය බලපෑම් එල්ලවන විට මිනිස්සු කලබලයට පත්වීමේ නැඹුරුවක් තිබෙනවා.

    කෙසේ වුවත් මීට පෙරත් කියූ පරිදි, මම නැවතත් අවධාරණය කරන්න කැමතියි, කිසිදු ප්‍රජාවකට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වයට, බහුතරය හෝ සුළුතරය වේවා වියෝන් සහාය නොදක්වන බව.

    නමුත්, අවාසනාවකට අපට සිදුවෙනවා මෙවැනි සිදුවීම්වල මූලය දෙස බැලීමට. අපට බෑ සියලුම සිංහලයන් හා සියලුම මුස්ලිම්වරුන්ට එකම ලේබලයක් ගහල වර්ග කරන්න ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය පසුගිය සතියක කාලය තුළ සිට කරමින් ඉන්නවා වගේ."

    Source :
    http://sinhala.adaderana.lk/news/85855
     
    Last edited:

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113

    http://www.elakiri.com/forum/showthread.php?t=1795520


    ලංකාවෙන් නොමිළේ ශරීයා නීති උපාධියක්.. දැවැන්තම ඉස්ලාම් විශ්වවිද්‍යාලය මඩකලපුවේ ඉදිවේ

    455545454.jpg


    ඉස්ලාමීය ආගමික මතවාදය ප්‍රවර්ධනය කිරීම, ශරීයා නීතිය ප්‍රචලිත කිරීම පදනම් කරගනිමින් දකුණු ආසියාවේ දැවැන්තම ඉස්ලාමීය විශ්ව විද්‍යාලයක් මේ වන විට මඩකලපුව පූනානි හි ඉදිකෙරමින් පවතී.

    මූල්‍ය අනුග්‍රහය සෞදි අරාබියෙන්.. සම අනුග්‍රහය ශ්‍රී ලංකා රජයෙන්

    රුපියල් මිලියන 1500 ක වියදමින් ඉදි කෙරෙන මෙම පෞද්ගලික විශ්වවිද්‍යාලය සදහා රජයේ අනුමැතිය ලබා දී තිබෙන අතර, ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස රජයෙන් පවරාගත් ඉඩමක වැඩ ආරම්භ කර ඇත්තේ 2013 වර්ෂයේදීය. ‘මලික් අබ්දුල්ලා යුනිවර්සිටි කොලීජ්“ ලෙස සෞදි අරාබියේ රජුගේ නමින් නම් කර තිබුණු මෙය මේ වන විට “baticaloa campus“ ලෙස නම්කර ඇත. සෞදි අරාබි මූල්‍යාධාර ලබන “Hira Foundation“ නම් ආයතනයක් මෙයට අනුග්‍රහය සපයයි. 2013 වසරේ මෙම විශ්වවිද්‍යාලය සදහා ගිවිසුම් අත්සන් කිරීමට පැමිණියේ සෞදි අරාබි රජයේ ප්‍රධාන ශරීයා නීති උපදේශකයා වන ෂේක් යහාන් අබ්දුල් අසීස් අල් රෂීඩ් නමැත්තෙකි.

    වසරකට උලමා පූජකයන් 1500ක්.. ශරියා නීති උපාධිය සැමට නොමිළේ

    වසරකට 1500 බැගින් දස වසරකදී “උලමා පූජකයන්“ හෙවත් ඉස්ලාම් දේවධර්මාචාර්යවරුන් පහළොස්දාහක් බිහි කිරීම ඉස්ලාමීය ආගමික මතවාදය ප්‍රවර්ධනය කිරීම පදනම් කරගනිමින් බිහිවන මෙම නව විශ්ව විද්‍යාලයේ මූලික අරමුණ වන අතර, ව්‍යාපාර කළමණාකරණය, වෛද්‍ය විද්‍යාව, තොරතුරු තාක්ෂණය, ඇතුළු විෂයන් කිහිපයක් යටතේ උපාධි පාථමාලා ක්‍රියාමක කිරීමටද යෝජිතය.

    මෙහි විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාව තුළ ඉස්ලාම් ශරීයා නිතිය පිළිබදව B.A.උපාධියක් (Bachelor of Arts in Sharia and Islamic Studies) හැදෑරීමට අවස්ථාව ලබා දීමයි. එම උපාධිය හදාරන සිසුන්ගෙන් කිසිදු මුදලක් අය නොකිරීමට පාලනාධිකාරිය තීරණය කර තිබෙන අතර ඒ වෙනුවෙන් ඔවුන් දැනටමත් ශ්‍රී ලංකාවේ, ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ ඉස්ලාමීය සංවිධාන හරහා පූර්ව ප්‍රචාරක කටයුතු ආරම්භ කර ඇත.


    ප්‍රධානියා ඒ ආණ්ඩුවෙත් ඇමති, මේ ආණ්ඩුවෙත් ඇමති

    මෙම විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රධානීත්වය දරන්නේ වත්මන් රජයේ පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම රාජ්‍ය අමාත්‍ය එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා ය. මෙහි වැඩ ආරම්භ කෙරුණේ ඔහු පසුගිය රජයේ යෞවන කටයුතු අමාත්‍යවරයාව සිටිය දීය. අමාත්‍ය ධූරය හරහා මෙම ව්‍යාපෘතිය සදහා නොමදව රාජ්‍ය අනුග්‍රහය ලබා ගැනීමට සහ රාජ්‍ය සම්පත් භාවිතා කිරීමට ඔහු කටයුතු කළේය. අමාත්‍ය ධුරයක් දරමින් පෞද්ගලික විශ්ව විද්‍යාලයක ප්‍රධානීත්වය දැරීමට ඔහුටත තිබෙන සදාචාරාත්මක අයිතිය පිළිබදව ගැටළුවක් මතුවන අතර, පෞද්ගලික විශ්ව විද්‍යාල සම්බන්ධයෙන් මේ දිනවල හඩ නගන පාර්ශව වල අවධානය බැටිකලෝ කැම්පස් සහ හිස්බුල්ලා අමාත්‍යවරයා දෙසට යොමු නොවුණේ ඇයිදැයි යන්න ද මතුවන්නේ ප්‍රශ්නාර්ථයකි.

    ශරියා නීති උපාධියක් ලංකාවට ඇයි ?

    ඉස්ලාමීය ශරීයා ආගමික නීතිය ශ්‍රී ලංකාව තුළ බලාත්මක නීතියක් නොවන අතර එවන් පසුබිමක් යටතේ මෙරටට අනවශ්‍ය හා අදාල නොවන නීතියකට මෙරට තුළදී, මෙරට පුරවැසියන්ට නොමිළේ අධ්‍යන පාඨමාලාවක් හා උපාධියක් ප්‍රධානය කරනුයේ කුමන අරමුණකින්ද? ඉස්ලාමීය ශරීයා (BA) උපාධිය පිරිනැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය අවසර දී තිබේද යන්න බලධාරීන් වහා හෙළි කළ යුතුය.

    අන්තවාදයට බිහි දොරක්

    කුරාණය පිළිබදව වැඩිදුර අධ්‍යාපනය සදහා ලංකාවට පැමිණි ඉන්දීය තරුණයන් කිහිප දෙනෙකු අවස්ථා කිහිපයක දී ISIS ත්‍රස්තවාදීන් සමග එකතු වී ඇති බව ඉන්දීය රාජ්‍ය බුද්ධි අංශ හෙළිදරව් කර තිබිණි. ජාත්‍යන්තර ඉස්ලාමීය ත්‍රස්තවාදී සංවිධාන ශ්‍රී ලංකාව සංක්‍රමණික මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කරමින් සිටින බවද ඉන්දීය බුද්ධි අංශ මෙන්ම ඇමරිකානු බුද්ධි අංශද තහවුරු කර තිබේ. නැගෙනහිර පළාත ඉස්ලාමීය අන්තවාදයේ පාරාදීසයක් වී තිබෙන අන්තවාදී කල්ලි කණ්ඩායම් අතර නිරන්තර ගැටුම් වාර්තා වේ. එවැනි පසුබිමක් තුළ බංග්ලාදේශය, ඉන්දියාව ඇතුළු විදේශීය රටවලින් පවා මුස්ලිම් තරුණයන් නැගෙනහිරට ගෙන්වා කුරාණය හා අන්තගාමී ශරීයා නීතිය පිළිබදව අධ්‍යාපනය ලබා දී ඔවුන් අන්තවාදී කටයුතු වල යෙදවීමේ අවදානමඉහළ යමින් පවති අතර, මෙතෙක් කල් හොර රහසේ සිදු කළ ඉස්ලාමීය අන්තවාදී ප්‍රචාරණය විශ්ව විද්‍යාල, අධ්‍යනය ආයතනය හරහා නීත්‍යානුකූලවම ක්‍රියාත්මක කිරීමට උත්සහ කරමින් සිටී.





    https://www.youtube.com/watch?v=gI_MbgYYjAU

    rep+++ දාගෙනම යන්න

    පොළොන්නරුව මඩකලපුව මාර්ගයේ පූනානී හි ඉදිවෙමින් පවතින බැටිකලෝ කැම්පස් (මලික් අබ්දුල්ලා යුනිවසිටී කොලීජ්)


    Baticaloa-islamic-univercity-01-2.jpg


    Baticaloa-islamic-univercity-01-1.jpg


    Baticaloa-islamic-univercity-01-3.jpg


    Baticaloa-islamic-univercity-01-4.jpg


    උපුටා ගැනීම – colombotoday

    http://www.elakiri.com/forum/showthread.php?t=1795520
     
    Last edited:
    • Like
    Reactions: deepwater

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,891
    9,682
    113
    බයේ බැහැ මේවට කොමන්ට් කරන්නත්.ඇවිත් කුදලන් යයිද දන්නේ නැහැ.:P
     
    • Like
    Reactions: Oli_Vili

    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    හැම thread එකේම පුක දෙන lazylizard මල්ස් ට මේ thread එක පේන්නේ නෑලු පව්