මහනුවර ගණිකා මඩම...

Z e u s

Active member
  • Dec 22, 2015
    586
    180
    43
    මහනුවර ගණිකා මඩම...

    කුඩු බොන්න දී තුරුණු මස කුලී කළ
    මහනුවර ගණිකා මඩම
    සෙව්වන්දි සියල්ල හෙළි කරයි..


    (උ.ගැ)




    අපි ඇයට සෙව්වන්දි යෑයි කියමු. එය අන්වර්ත නාමයකි. මීට තෙවසරකට පෙර සෙව්වන්දි දාහත්
    හැවිරිදි වියේ පසු වූවාය. මේ සොඳුරු යෞවනයේදී කාටත් පොදු වූ ආදරයේ මිහිරට රූමතියක වූ
    සෙව්වන්දිගේ සිතද ඉව කරන්නට වූයේ නිරායාශයෙනි.

    සීත කඳුකරයේ වත්තේගම ප්‍රදේශයේ ජීවත් වූ ඇය සිත යට තිබුණා වූ එකී ආදරයේ සොඳුරු සිහින
    සමග අකුරු කරන්නට පාසල වෙත යමින් සිටියදී දිනක්‌ ඇගේ ඇස්‌ සොයමින් සිටි ඒ දෙනෙත
    මඟතොට තැනකදී අහම්බයක්‌ ලෙස මුණ ගැසුණාය.

    ඔහුට අපි සමීර යෑයි කියමු. මේ පළමු දැක්‌මේදීම සෙව්වන්දිගේ සිත සමීර වෙත ඇදී ගියේ අමුතුම
    මිහිරක්‌ සිතට ගෙනදෙමිනිs. අවසානයේ එය නතර වූයේ තවත් මිහිරි ප්‍රේම කතාවක ආරම්භයක්‌
    ලෙසිනි. සමීර ඒ වන විට විසිපස්‌වැනි වියේ පසු විය.

    තාරුණ්‍යයේ පසුවූ කඩවසම් දඟකාරයකු වූ සමීරට තිබුණේ සොඳුරු පෙනුමකි. මෙනිසාම සෙව්වන්දි
    ඔහුට බොහෝ සේ ඇලුම් කළාය. ඒ අතරේ අනාගත සිහින ගොන්නකින් ඇගේ සිත පිරී යන්නටද
    වූවාය. එහෙත් ඇය පැතූ ආදරය එසේ වුද නිරන්තරයෙන් ඇගේ හැඟීම් සමග සෙල්ලම් කිරීම
    සමීරගේ ආදරය වී තිබිණ.

    එනිසාම ඔහු හැමවිටම උත්සාහ දරුවේ ඇය සමඟ කොතැනක හෝ තනිවන්නටය. එය සෙව්වන්දිටද
    වැටහුණාය. එහෙත් තම සිහින කුමරුගේ සිත රිදවන්නට මොහොතකටවත් ඇගේ සිත ඇයට ඉඩ
    දුන්නේ නැත.

    එහෙයින් සමීර හමුවූ සෑම අවස්‌ථාවකම සෙව්වන්දිද මුවැත්තියක සේ ඔහුට තුරුළුව ආදරයේ උණුසුම
    සොයන්නට වූවාය. මෙසේ ඔවුන්ගේ ආදර කතාව මාස තුනක්‌ පමණ ඉදිරියට ගලා ගියේය.

    මේ අතරේ දිනක්‌ සෙව්වන්දි හමුවූ මොහොතක සමීර ඇයට එක්‌ නුහුරු යෝජනාවක්‌ කළේය.
    "සෙව්වන්දි අද මට ඔයත් එක්‌ක ටිකක්‌ දුර ගමනක්‌ යන්න ඕනේ.. මගේ යාලුවෙක්‌ ඉන්නවා නුවර..
    එයා හැමදාම කියනවා ඔයත් එක්‌ක එහේ එන්න කියලා.. අද අපි එහේ ගිහින් එමුද..?"

    එදා සමීර කළ ඒ යෝජනතාවත් සමග ඇය මොහොතකට තිගැස්‌සුණාය. එහෙත් මේ ඉන්නේ
    තමන්ගේ සිහින කුමරාය. ඉතින් ඔහු සමග මෙවන් ගමනක්‌ යන්නට බිය වන්නේ කුමකටද?
    සමීර කෙරෙහි වූ ආදරයෙන් මුසපත් වී තිබූ ඇගේ සිත අවසානයේ ඇගෙන් එසේ ප්‍රශ්න කරන්නට
    වූවාය. ඉතින් ඒ සිතට පිළිතුරක්‌ දෙන්නට සිතන්නී ඇය "හම්.. හා.. සමීර අයියා අපි යමු.. හැබැයි
    වැඩිය රෑ වෙන්නේ නැතුව ආයෙත් එමු.."

    ඇගෙන් ලද ඒ පිළිතුරත් සමග ප්‍රීතියෙන් ඉපිල ගිය සමීර සෙව්වන්දිගේ කරවටා අතක්‌ දමා ඇය තමන්
    වෙත තුරුළු කරගන්නා අතරේ වහාම ත්‍රිරෝද රථයක්‌ නවතා නුවර යන්නට වත්තේගමින් ඊට ගොඩ
    විය.

    ඔවුනතර නොයෙකුත් ආදර බස්‌ හුවමාරු වන අතරේ වේගයෙන් ඉදිරියට ඇදුණු ත්‍රිරෝද රථය තවත්
    පැයක පමණ කාලයක්‌ ගතව යද්දී සමීර කී නුවර මිතුරාගේ නිවස ඉදිරිපිට නතර වුයේ සෙව්වන්දි
    සමීරගේ අත තදින් අල්ලා ගනිද්දීය.

    අවසානයේ සමීර සමග ත්‍රිරෝද රථයෙන් බැසගත් සෙව්වන්දි දෙනෙත් හරවා ඒ නිවස දෙස බැල්මක්‌
    හෙලුවාය. එය සුවිසල් නිවසකි. මෙහි වෙසෙන්නෝ කොතෙක්‌ සුවපහසු දිවියක්‌ ගෙවනු ඇතිද?
    ඇය කල්පනා කරන්නට වූවාය. එහෙත් තමන් මේ පැමිණ සිටින්නේ ජීවිතයේ අමිහිරිම
    කාලපරිච්ඡේදයේ ආරම්භයට බව ඇයට නිකමටවත් වැටහුනේ නම් නැත.

    ඉතින් ඇය සමීරට තුරුළුව මිතුරාගේ නිවස තුළට ගියාය. සතුටු සාමීචිවලින් පසු ඒ සුවිසල් නිවසේ වූ
    සුවපහසු කාමරයක්‌ තුළ ඇය සමීර සමග පැයක පමණ කාලයක්‌ තනි වී සිටියාය. නමුත් එසේ ඇය
    සමග තනි වුවද සමීර ඇය මිළින නොකළේය. ඒ හමුවේ සෙව්වන්දිට සමීර කෙරෙහි උපන්නේ
    ඉමහත් භක්‌තියකි.

    මෙසේ සිටින අතරේ සමීර එක්‌වරම ඇයට තවත් කතාවක්‌ කියන්නට විය.

    "කෙල්ලේ ඔයා ඔහොමම ටිකක්‌ රෙස්‌ට්‌ එකේ ඉන්න.. මම පොඩ්ඩක්‌ එළියට ගිහින් ඉක්‌මනට
    එනවා.."

    ඇයට සැක සිතන්නට කිසිත් නැත. සමීරගේ ආදරය එසේමය. ඉතින් ඇය හිස සලා ඊට එකඟ වූවාය.
    ඒ ලැබුණු අවසරයේ සමීර කාමරයෙන් පිටව ගියේ මිටින් හල කුරුල්ලකු ලෙසිනි. විනාඩි පැය වී
    කාලය කෙමෙන් ගෙවී යමින් තිබිණි. එහෙත් සමීර යළි නොආවේය. එහිදී මඳක්‌ තැති ගත් ඇය
    වැතිර සිටි සුවිසල් සයනයෙන් නැගිට කාමරයේ දොර විවර කරගෙන පිටතට පැමිණ වටපිට බැලුවාය.
    අවසානයේ සමීරගේ මිතුරා වෙත ගොස්‌ මෙසේ පවසන්නට වූවාය.

    "අනේ අයියේ බලන්නකෝ සමීර ටක්‌ගාලා එනවා කියලා ගිහින් දැන් පැයකටත් වැඩියි..
    කෝ තාම නැහැනේ.. මට යන්නත් පරක්‌කු වෙනවා ගෙදර යන්න..
    ඔයාට බැරිද පොඩ්ඩක්‌ බලන්න.. මොකක්‌ හරි කරදරයක්‌ද දන්නේ නැහැ.."


    සෙව්වන්දි එසේ පවසත්ම ඇය දෙස බලා වියරු සිනහවක්‌ පෑ ඒ මිනිසා කියූ දෙයින් ඇයට කිසිත්
    අදහාගත නොහැකි වූවාය.

    "මොකක්‌ද කිව්වේ බැල්ලි.. අරූට හැටපන්දාහක්‌ දීලා තෝව තියා ගත්තේ ගෙදර යවන්නද..?
    උඹ බලන් හිටියට ඌ අයිත් එන්නේ නැහැ.. ඌත් එක්‌ක පඳුරු ගානේ ලැගලා තෝ දැන් බබා
    වෙන්න හදනවද..? පල බැල්ලි ගේ ඇතුළට මගේ යකා අවුස්‌සන්නේ නැතුව.."

    ඒ වාග් ප්‍රහාරයත් සමග වෙව්ලමින් යළි නිවස තුළට දිව ගිය ඇය තැනක වැතිර හඬා වැටෙන්නට
    වූවාය. එහෙත් කොතෙක්‌ හඬා වැටුණද ගැලවුමක්‌ නැති වූ මේ අහිංසකාවිය අවසානයේ ඉන්
    තෙදිනකට පසු කාමාතුරයකු විසින් සමීරගේ මිතුරා යෑයි කී මිනිසා අතට දුන් සල්ලි පොදියක්‌ හමුවේ
    සමීර සමග අවසන්වරට සිටි කාමරය තුළදීම කෙළෙසුනාය..

    සෙව්වන්දිගේ කතාව එසේ වෙද්දී මීට දෙසතියකට ඉහත දිනකදී වලාන දූෂණ මර්දන ඒකකයේ
    අධ්‍යක්‍ෂ සහකාර පොලිස්‌ අධිකාරි හේමාල් ප්‍රශාන්ත මහතාට නුවර ප්‍රදේශයේ ඔත්තුකරුවකුගෙන්
    අපූරු තොරතුරක්‌ ලැබෙන්නට විය.

    "සර් නුවර දළදා මාලිගාවට කිලෝමීටරයක්‌ විතර දුරින් ලොකු ගෙයක්‌ තියෙනවා..
    මේ ගේ ඇතුළේ කෙල්ලෝ ටිකක්‌ තියාගෙන මේ පැත්තේ බාර් කාරයෙක්‌ උන්ව ඩීල් කරනවා සර්..
    ඌ හෙන සල්ලිකාරයා.. ඒ නිසා කවුරුත් අත තියන්නේ නැහැ.. එක කෙල්ලෙක්‌ව දහදාහට
    පහළොස්‌දාහට විකුණන්නේ.. කෙල්ලෝ පැනලා යනවට ඒ යකා කරන්නේ කෙල්ලන්ට කුඩු
    බොන්න පුරුදු කරනවා.."

    ඔත්තුකරු ලබා දුන් තොරතුරෙන් කියවෙන්නට වූයේ එවන් අනුවේදනීය කතාවකි.
    මේ තොරතුර ලබා දෙන අතරේ එකී ගණිකා ජාවාරම මෙහෙයවන පුද්ගලයාගේ දුරකථණන අංකය
    ලබා දෙන්නටද හෙතෙම ක්‍රියා කළේය. ඒ සමගම ප්‍රශාන්ත මහතා ක්‍රියාත්මක විය. සිය උසස්‌
    නිලධාරීන්ටද තොරතුරු සපයා මෙකී ස්‌ථානය වැටලීමේ මෙහෙයුමක්‌ ආරම්භ කළේය.


    ඒ අනුව මූලිකවම තොරතුරු රැස්‌ කිරීමේ වගකීම පැවරුණේ පොලිස්‌ කොස්‌තාපල් ජයලාල් මහතාටය.
    ඔහු ප්‍රශාන්ත මහතාගේ උපදෙස්‌ මත මහනුවරට ගොස්‌ සියල්ල සොයා බැලීය.
    ඔත්තුකරුගේ තොරතුර නිවැරදි වූවකි. ඒ සමගම ගණිකා ඇසුරට ලොල්වූවකු ලෙස රංගනයක යෙදුණු
    ජයලාල් මහතා ඔත්තුකරු දුන් දුරකථන අංකයට කතා කර ගණිකාවකගේ පහස ඉල්ලා සිටියේය.

    මෙහිදී මුලින්ම යම් සැකයකින් යුතුව ජයලාල් මහතාට පිළිතුරු දුන් මෙම ජාවාරම මෙහෙයවූ
    පුද්ගලයා අවසානයේ ඔහු සමග මිතුරු විය.

    "අපේ මහත්තයා කොහේද ඉන්නේ.. දැනට අපේ ළඟ කෑලි හතරක්‌ ඉන්නවා..
    සර්ට කැමති එකක්‌ තෝරගන්න පුළුවන් හැබැයි නයිට්‌ එකට දහදාහක්‌ වෙනවා..
    කාමරේටත් එක්‌ක ඒ ගාන ගන්නේ.. හොඳ සැප රූම්ස්‌ අපි ගාව තියෙන්නේ..
    මහත්තයා ඕන වෙලාවක එන්න.. එන්න ඉස්‌සර මට කෝල් එකක්‌ දෙන්න.."

    ගොඩගනාගත් මිත්‍රත්වය සමග ඔහු අවසානයේ ජයලාල්ට පැවසුවේ එවැන්නකි. මේ අනුව ඉකුත්
    සතියේ වලාන දූෂණ මර්දන ඒකකයෙහි නිලධාරීහු ක්‍රියාත්මක වූහ. කාන්තා නිලධාරිනියකද ඇතුළත්
    කණ්‌ඩායමක්‌ මහනුවර බලා පිටත්ව ගියහ.

    එසේ ගිය කණ්‌ඩායම නුවරට ළඟා වීමෙන් පසු ජයලාල් මහතා සුපුරුදු ලෙස ජාවාරම්කරු අමතන්නට
    විය.

    "ආ.. ලොක්‌කා.. අද මම වැඩේට එනවා.. මේ ඒක නෙමේ පොලිසියෙන් එහෙම අවුලක්‌ නැහැ
    නේද..?" ජයලාල් මහතා එසේ පවසත්ම ඊට පිළිතුරු දෙන්නට වූ ජාවාරම්කරු කියන්නට වූයේ
    මෙවැන්නකි.

    "පිස්‌සුද සර්.. අපේ ලොක්‌ක මුළු නුවරම හොල්ලගෙන ඉන්නේ.. ලොක්‌කට උඩින් කවුරුත් යන්නේ
    නැහැ.. ඒ නිසා බය නැතුව එන්න.." මේ කතා බහෙන් පසු පොලිස්‌ කණ්‌ඩායම මෙහෙයවූ උප
    පොලිස්‌ පරීක්‍ෂක සරත් ධර්මසිරි මහතා වලාන දූෂණ මර්දන ඒකකයේ වැඩබලන ස්‌ථානාධිපති උප
    පොලිස්‌ පරීක්‍ෂක ජනිත කුමාර මහතාගෙන්ද උපදෙස්‌ ගෙන වැටලීමේ අවසන් අධියර සැලසුම්
    කළේය.

    අනතුරුව කතිකාකර ගත් පරිදි ජයලාල් මහතා ජාවාරම්කරු අමතා එදින සවස අදාළ ස්‌ථානයට
    ගියේය.. එහිදී මුදල් ලබා දීමෙන් පසු එහි සිටි තරුණ කාන්තාවන් සිව් දෙනකු ඔහුට පෙන්වූ
    ජාවාරම්කරු එක්‌ අයකු තෝරා ගන්නට යෑයි පවසා තරුණිය සමග තනි වන්නට සුවිසල් කාමරයක
    දොර විවර කර දුන්නේය.

    ඒ අනුව තරුණියකද රැගෙන කාමරය තුළට ගිය ජයලාල් මහතා එතෙක්‌ පිටත රැඳී සිටි පොලිස්‌
    කණ්‌ඩායමට දුරකථන ඇමතුමක්‌ ලබා දුන්නේ වැඩේ සිකුරට හරි ගයි බවද දන්වමිනි. ඒ වහා එහි
    ගිය පොලිස්‌ කණ්‌ඩායම එම සුවිසල් නිවසේ සිටි තරුණියන් සමග කළමනාකරු සහ ජයලාල්
    මහතාට දුරකථනයෙන් කතා කළ පුද්ගලයාද අත්අඩංගුවට ගනු ලැබීය. අවසානයේ පොලිසිය
    අත්අඩංගුවට ගත් තරුණියන්ගෙන් ප්‍රශ්න කරන්නට විය.


    f8.jpg

    පොලිසිය සෙව්වන්දිගෙන් ප්‍රශ්න කරමින්




    "සර් අපි කවුරුත් මුලදී මෙතන්ට කැමැත්තෙන් ආවේ නැහැ සර්.. අපි මුලදී පැනලා යන්න
    හදනකොට අපිට කුඩු බොන්න පුරුදු කළා.. පස්‌සේ අපිටත් මේ වැඩේ ගාණක්‌ නැතුව ගියා..
    දැන්නම් අපි මෙතන ඉඳගෙන එන මිනිස්‌සු ගාවට යනවා..

    මේ තරුණියන් අතරේ අවුරුදු දහනවයක පමණ තරුණියකද සිටිනු දුටු පොලිස්‌ නිලධාරින් ඇගෙන්ද
    යමක්‌ විමසීය. එහිදී හැඬූ කඳුළින් පිළිතුරු දෙන්නට වූ ඇය "අනේ සර් මම මෙතෙන්ට ආවේ අවුරුදු
    දාහතේදී සර්.. මාව අරගෙන ඇවිත් මෙතෙන්ට වික්‌කේ මම යාලුවෙලා හිටිය කොල්ලා.. ඌ රුපියල්
    හැටපන්දාහකට මාව විකුණලා පැනලා ගියා..

    "මුලදී මම මේකට කැමති වුණේ නැහැ.. ඒත් පස්‌සේ කරන්න දෙයක්‌ නැති නිසා හිටියා.. දැන් මම
    මෙතන වැඩ කරන කොල්ලෙක්‌ එක්‌ක යාලුවෙලා ඉන්නේ.. එයා කැමතියි මම මේ වැඩේ කරනවට..
    ඉතින් අපි දෙන්න එක්‌ක එකට වැඩට ඇවිත් එයා මේකේ ඇතුළේ වැඩ කරනවා මම මේ වැඩේ
    කරනවා.."

    ඇය එසේ පවසා පොලිස්‌ පිරිස ඉදිරියේ යළි හඬා වැටුණාය. ඒ අන් කිසිවකුත් නොව මෙහි මුලදී
    සටහන් කෙරුණු සමීරට ආදරය කළ සෙව්වන්දි ය. ඇගේ ඉරණම විසඳී තිබුණේ එලෙසිනි.


    f8.jpg


    අත්අඩංගුවට ගත් කාන්තාවන්



    මෙසේ මහනුවර සුවිසල් නිවස තුළ මුදලට විකිණුනේ වත්තේගම, පුත්තලම සහ ගම්පහ ප්‍රදේශයේ
    තරුණියන් සිව් දෙනකු බවද පොලිස්‌ විමර්ශනයේදී අනාවරණය විය. සියල්ල සිදුව තිබුණේ දළදා
    හාමුදුරුවන් වැඩ සිටින පිංබිම පෙනෙන මානයේය.
     
    • Like
    Reactions: Hyperx99

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය කෙල්ලෝ ගොඩක් ඕකෙන් පස්සෙත් ඔය රස්සාවම තමා බන් කරන්නෙ. කුඩු බොන්න පුරුදු කරල නං ආය ගැලවීමක් නෑ. :(
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    දවසගානේ ඉල්ලුම වැඩිවෙනවා මිසක්කා අඩු වෙන්නෑනේ බං..
    මහනුවර විතරක් නෙවේ..
    ලංකාව වටේම තත්වෙත් ඕක තමා..
    :(:(:(:(
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මඩම් අයින් කලා කියලා බඩු නැති වෙනවද දවසින්
    දවස එකා දෙන්න ගානින් වැඩි වෙනවා මිසක ටවුන් එහෙක එදා ගතමන්ට් එක හොයා ගන්ට
    කැරගෙන පරාන එමටයි ගමේ නගරේ කියලා කිසිම වෙනසක් නෑ ;)
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    kalakanni yakku ban.. okata kamathi ganuth innawa athi eth balen me wage aran yana unwa ellanna one
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    kolla ekka haminenna gihin dan baba wenna enawa
    oya wage wesiyo thama bandata passeth pita yanne.

    moda katha kiyanna epa ban, kawuruth balen huka ganna yanne ne, anika 99% wayasa 16-17 kello ohoma thamay, kollata pana denna unath enawa. unta eththa adare kiyana eka therenne ne.