අතීතයේ රජවරුන්ගේ අග බිසෝවරුන්ගේ පරිහරණය සඳහාම වෙන්වූ මාලිගා තිබුණු බව දැකිය හැකිය. එවැන්නකට හොඳම උදාහරණයක් ප්‍රංශයේ ව’ සේල්ස් මාලිගා සංකීර්ණයේ දැකිය හැකිය. අති සුඛෝපබෝගී මාලිගයක්වූ මෙය අවසන් වරට පරිහරණය කල ප්‍රංශයේ 16 වන ලුවී රජුගේ මෙහෙසිය වූ මාරි ඇන්ටොනට් හට උරුම වුයේ ඛේදජනක ඉරණමකි.
එසේම ඛේදජනක ඉරණමක් අත්වූ ලංකාවේ අවසන් රජුවූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ අග මෙහෙසියවූ වෙන්කත රෙංගම්මාල් බිසවටද ඇයගේ පරිහරණය සඳහාම වෙන්වූ මාලිගයක් තිබී ඇත. මහනුවර ජාතික කෞතුකාගාරයට හා අන්තර්ජාතික බෞද්ධ කෞතුකාගාරයට මැදිව පිහිටා ඇති මැද වාසල ගොඩනැගිල්ල ඒ මාලිගයයි. මෙය ලංකාවේ රජ බිසවකගේ පරිහරණය සඳහාම යොදාගත් එකම ගොඩනැගිල්ලයි.
අන්රටවල දක්නට ලැබෙන අග බිසෝවරුන්ගේ මාලිගා සමග සසඳනවිට මේ මාලිගය ඉතාමත්ම චාම් ගොඩනැගිල්ලක් බව පෙනේ. මෙහි ඇත්තේ එකම කාමරයක් පමණි.
මැද වාසල සැලැස්ම
මෙයට ඇතුළුවන දොරටු විශාල දැව කඳන් යොදා නිමවා ඇතත් කවුළුවේ ප්‍රමාණය කුඩාය. මෙහි දොරවල් සඳහා සරනේරු භාවිතා කොට නැත. එය ලී වලින්ම පිළියෙළ කොට ඇති අතර දොර අගුළුද පිළියෙළ කොට ඇත්තේ ලි ලිවර වලින්මය. මේ කාමරය අගුලු දැමිය හැක්කේ ඇතුලතින් පමණි. ඇතුළතින් අගුලු දැමු පසු එය පිටතින් කිසිවෙකුටවත් විවෘත කළ නොහැකිය.
චන්ද්‍රවංක උළුවස්ස සහිතදොර
මේ කාමරයේ ඇඳක් තැබීම සඳහා කට්ට කැපූ ආධාරක හතරක් දක්නට ලැබේ. මේවායේ තිබී හමු වූ ආරක්ෂක මන්තර යැයි විස්වාස කරන තඹ පත්ඉරු හතරක්ද සොයාගෙනඇත. මෙම කුටියේ අතීතයේ දී භාවිතයට ගන්නාලද කැසිකිළි ගලක්ද දක්නට ඇත .
මෙම ගොඩනැගිල්ලේ කැටයම්සහිත දැව කුළුණු, චන්ද්‍රවංක උළුවස්ස සහිතදොර උළුවහු, දැවවලින් නිර්මිත සරනේරු, කැණිමඩල, පද්ම බොරදම් සහිත මැදමිදුල, ආදියේ මහනුවර යුගයේ වාස්තුවිද්‍යා ලක්ෂණ දැකිය හැකිය. මෙහි මෝස්තර සහිත ඉපැරණි සිතුවම්කොටස්ද දක්නට ඇත.
මෝස්තර සහිත ඉපැරණි සිතුවම්
ලාංකික අග රැජිනියක වෙනුවෙන් වෙන්වූ එකම ගොඩනැගිල්ල වන මහනුවර මැද වාසල එකල මහ රජුට හැර අන් කිසිවෙකුට ඇතුළුවන්නට අවසර නොතිබුනා විය හැකිය. එදා රැජිනකට ඇප උපස්ථාන කල සේවිකාවන් මේ ගොඩ නැගිල්ල කිසිවෙකුගේවත් ඇස නොගැසෙනසේ වසන් කළා විය හැකිය. එහෙත් දැන් මේ වාසල සියලු ලෝක වාසීන්ට විවෘත වී ඇත. එමෙන්ම මේ තුල සිටින සුහදශීලී නිලධාරිණියන් මේ ගොඩනැගිල්ලේ සියලු තොරතුරු ඔබට හෙළි කිරීමට සැදී පැහැදී සිටිති.
ඒ 2016.03.05 දින සිට මෙය කෞතුකාගාරයක් වී ඇති බැවිනි. එහෙයින් ඔබත් නුවර ගිය විටෙක මේ මැද වාසලට ගොඩවදින්න.
----------------
එන්.එච් සමරසිංහ මහතා ගේ ලිපියක් ඇසුරිණි.