මහනුවර මෝටර් රථ සැණකෙළි එපා

priyal_hdp

Active member
  • Jan 2, 2009
    315
    38
    28
    මහනුවර මෝටර් රථ සැණකෙළි එපා

    මහනුවර නගරය තුළ මේ මස 27, 28 යන දෙදින තුළ පැවැත්වීමට නියමිත රාත්‍රී මෝටර් රථ සැණකෙළිය නතර කිරීමට අවධානය යොමු කරන ලෙස දන්වමින් තෛයිනිකායිකමහනායක ස්වාමීන් වහන්සේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ඊයේ (23) ලිපියක් යවා තිබේ. සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත,
    සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක දවුල්දෙන ඤාණිස්සර, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක නාපාන පේමසිරි යන මාහිමිවරුන්ගේ අත්සනින් යුක්තව මෙම ලිපිය යවා ඇත.
    ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩසිටින දළදා මාලිගාව මෙන්ම අස්ගිරි මල්වතු මහාවිහාර සහ සතර මහා දේවාලද ස්ථාපිතව ඇති දළදා නගරය තුළ මෙවැනි සැණකෙළි පැවැත්වීම, නගරයේ පූජනීයත්වයට මෙන්ම අභිමානයටද හානිකර බව සිය විශ්වාසය බවත්, මහානායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ සිය ලිපිය මගින් අවධාරණය කර තිබේ.



    Lakbima