මහනුවර_ඇසළ_පෙරහරේ_පනස්_නවයේ_අලි_කුලප්පුව

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,927
    3,277
    113
    #මහනුවර_ඇසළ_පෙරහරේ_පනස්_නවයේ_අලි_කුලප්පුව

    × මහනුවර ඇසළ පෙරහරේ අලි ඇතුන් කුලප්පුවූ වාර කිහිපයක්ම අසන්නට ලැබුණද 1959 සිදුවූ අලි කුලප්පුව නිසා කිහිප දෙනෙක් මිය ගිය අතර, තවත් කිහිප දෙනෙකුට තුවාල සිදුවිය. එහෙත් එවන් සිදුවීමක් ඉන් පසුව සිදුනොවීය. ඒ කතාව මෙසේය. පාතදුම්බර පල්ලේගම්පහ රම්බණ්ඩා උඩුරාවණ කෝරලේ මහත්තයාට අයිති රාජා ඇතා වෙනදා මෙන්ම එදාද එනම් 1959 අගෝස්තු මස 19දා අවසන් රන්දෝලි පෙරහරට සහභාගි කර වූයේය. ඒ වනවිට රාජාට වසර 25ක පමණ කාලයක් පෙරහරෙහි ගමන් කළ පළපුරුද්දක් තිබුණි. රාජා බලාගත්තේ 53 හැවිරිදි ගුන්නෑපානේ හීන්බණ්ඩා නමැති ඇත්ගොව්වාය. ඒ වනවිට ඔහුට වසර 35ක පමණ කාලයක් අලි ඇතුන් බලා පළපුරුද්දක් තිබී ඇත. රාජා අලියා සාමාන්‍යයෙන් දඩබ්බර වුවත් හීලෑ සතෙකි. එදා පෙරහරේ රාජා අලියාගේ දෙපැත්තෙන් තවත් අලින් දෙදෙනෙක් ගමන් කළහ.

    රාජා අලියාට පෙරහරට සහභාගි කරවීමට දින 25කට ප්‍රථම මඳ කිපී තිබුණු අතර, මඳ කිපුණු අලියෙක් නැවතත් කාලයකින් මඳ කිපෙන්නේ නොමැති නිසා පෙරහරට සහභාගී කරවන බව හීන්බණ්ඩා පවසා තිබේ. ඒ අනුව අවසන් රන්දෝලි පෙරහරට ඌ සහභාගි කරවූ අතර, පිට උඩ මිනිස්සු දෙදෙනෙක් ගියහ. හීන්බණ්ඩා දම්වැල අල්ලා ගෙන අලියාගේ දකුණු පසින් ගමන් කළේය. රාජාගේ දෙපැත්තෙන් තවත් අලි දෙදෙනෙක්ද ගමන් කළහ. රාජා අලියා ගමන් ගත් දළදා පෙරහර වෝඩ් වීදියේ හන්දියට පැමිණි පසු පෙරහර රාජකාරි සඳහා පැමිණි පුද්ගලයෙකුට පහර දීමට රාජා උත්සාහ කළ විට හීන්බණ්ඩා එය වැළැක්වූවේය. ඒ සමගම එම සිද්ධිය දුටු මිනිසුන් කෑ ගසන්නට පටන් ගත්හ. රාජා කලබලයට පත්විය.

    එදා පෙරහරේ පෙරමුණේ ගමන් කළේ කොණ්ඩදෙණියේ අලියාය. ඌ ඇත්ගොව්වා සමග තනිවම ගමන් කරයි. ඊට පසු තව අලි ගමන් කළහ. ඒ අතරේ පෙරහරේ මැද හරියට වන්නට දෑලේ ගියේ රාජාය. ඒ ආකාරයෙන් ගමන් කරද්දී රාජා කලබලයට පත්විය. ඒ සමගම හීන්බණ්ඩා අලියා මෙල්ල කිරීමට උත්සාහ කළේය. ඒ මොහොතේ දකුණු අතින් හෙණ්ඩුවද, වම් අතින් බෙල්ලේ ඔතා ඇති දම්වැලද අල්ලා ගෙන සිටියේය. ගතවූයේ නිමේෂයකි. අලියා ඉදිරියට යාමට උත්සාහ කිරීමේදී ඌගේ ඇගේ හැපුණු හීන්බණ්ඩා බිම ඇදවැටුණි. එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් රාජා ඉදිරියට ඇදී ගියේය. කොණ්ඩදෙණිය අලියා ළඟට යන කොට රාජා අලියා දකින කොණ්ඩදෙණිය අලියාගේ, ඇත්ගොව්වා, කෙණ්ඩදෙණිය අලියා හරස් කර, රාජා නවතා ගැනීමට උත්සාහ කළේය. මෙහිදී කොණ්ඩදෙණිය අලියා හොඬවැලෙන් රාජා අලියාට පහර එල්ල කරමින් සිටියේය. ඒ ආකාරයෙන් ඔහුව මෙල්ල කරන අතරතුර ඇත්ගොව්වෝ පැමිණ ආසන්නයේ තිබූ ලාම්පු කණුවේ දම්වැල්වලින් බැන්දාහ. ඒ වනවිට පෙරහර තාවකාලිකව නැවතුණි.

    ලාම්පු කණුවේ යම්තම් බැඳගත් රාජා අලියා තවදුරටත් මෙල්ල කරගැනීමේ අදහසින් ඇත්ගොව්වෝ හෙණ්ඩුවෙන් ඇනීමට හා මාංචු දැමීමට උත්සාහ කළහ. හෙණ්ඩුවෙන් ඇනීම නිසා සිදුවූ තුවාල හේතුවෙන් උගේ දැඟලීම වර්ධනය විය. මේ නිසා දම්වැල්වලින් ගැලවී ඌ නිදහස් විය. ඒ සමගම යටිනුවර වීදියේ පහළට යාමට පටන් ගත්තේය. ඒ ආකාරයෙන් වීදිය දිගේ ගමන් කිරීම නිසා මිනිස්සු කලබලයට පත්වූහ. නැට්ටුවන්, බෙර වයන්නන් බෙර දමා දුවන්නට වූහ. දම්වැල්වලින් නිදහස් වෙනවාත් සමගම කොන්ඩදෙණිය අලියාද සමග ඇත්ගොව්වන් ඌ පිටුපසින් රැගෙන ගියහ. පිටුපසින් පැමිණෙන කොණ්ඩදෙණිය අලියාගෙන් බේරෙන්න යටිනුවර වීදියේ ගුණසේන පොත් සාප්පුව අසළින් වැටී තිබෙන පටු මාවතට (අලි මුඩුක්කුව මාවත) පිවිසියේය. එම මාවතේද මිනිසුන් පිරී සිටි අතර, ඔවුහු හිස් ලූලූ අත දිව ගියහ. මේ අතරේ අලියා පිට සිටි මිනිසුන් දෙදෙන අසල තිබූ වෙළෙඳ සැල්වල වහල මතට පැන ගත්හ. එතෙක් වේලා අලියා පිටේ සිටීම ලෙහෙසි නැත. රාජා කලබලයට පත්වුවද, කිසි කෙනෙකුට පහර දුන්නේ හෝ හිරිහැරයක් සිදු නොකළේය. ඒ වනවිට කලබලයට පත්වූ මිනිසුන් එහෙ මෙහෙ දිවීම නිසා ඔවුනොවුන් ගැටී තුවාල සිදුවිය. කිහිප දෙනෙක් මරණයටද පත්වූහ.

    රාජා ඇතුළු මාවතෙහි අනෙක් පසින් ඇතුල් වෙද්දී ඔරලෝසු කණුව දෙසින් පැමිණි පොලිස් සැරයන් බණ්ඩා, එම මාවතේ මැද හරියේදි රාජාට වෙඩි තිබ්බේය. අලියා බිම ඇදවැටුණි. ඉන්පසු එම මාවත අලිමුඩුක්කුව නමින් ප්‍රසිද්ධියට පත්විය.

    ________________________________________________

    සටහන :-සිසිර කුමාර බණ්ඩාර මහතා
     

    Attachments

    • FB_IMG_1610702162766.jpg
      FB_IMG_1610702162766.jpg
      9.7 KB · Views: 114
    • FB_IMG_1610702165159.jpg
      FB_IMG_1610702165159.jpg
      15.3 KB · Views: 133
    • FB_IMG_1610702167858.jpg
      FB_IMG_1610702167858.jpg
      118.6 KB · Views: 115
    • FB_IMG_1610702170482.jpg
      FB_IMG_1610702170482.jpg
      85.6 KB · Views: 114
    • FB_IMG_1610702173925.jpg
      FB_IMG_1610702173925.jpg
      13.3 KB · Views: 122

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    කොන්ඩදෙණිය අලියාගේ ඇත් ගොව්වට රාජා ගහන්න ගියාම කොන්ඩදෙණිය අලියා වෙර දාලා රාජා අලියාව පස්සට තල්ලු කලා කියනවා මීටර් 50ක් විතර
    කොන්ඩදෙණිය අලියා හිතන්න ඇති උගේ ඇත් ගොව්වව රාජා මරයි කියලා
    බලපන් සතෙක් උනත් ඌ කළගුණ දන්න සතා
     

    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    mama kiyanne satthu hirakarala thiyan inn eka hari ne... uparima aurudu pahak karadyuwa wadammawata passe un eeken nidahas karanna oni....
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,496
    113
    නුවර පෙරහරේ අලි කුලප්පු වෙනවා කියන්නේ රටට සුබදායක කාලයක් උදා වෙනවා කියන අන්නවකිය
    1959 එත් එක ඒ විදිහටම සිද්ද වුනා
     

    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    නුවර පෙරහරේ අලි කුලප්පු වෙනවා කියන්නේ රටට සුබදායක කාලයක් උදා වෙනවා කියන අන්නවකිය
    1959 එත් එක ඒ විදිහටම සිද්ද වුනා
    Mokakda une ?