මහපාරට බරක් නොවන ක්‍රම

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ ගැන නම් කියලා වැඩක් නැහැ..
    ඩබල් ලයින් තියෙද්දි දකුණු පැත්තෙ ලයින් එකේ තියාගෙන කොටනවා ඉස්සරහ පාර ෆුල් ක්ලියර් තියෙද්දි,
    වමෙන් ඉස්සර කරොත් සමහර පොලිස් කාරයො ලියනවා,
    කොච්චර හෝන් ගැහුවත්, හෙඩ් ලයිට් ගැහුවත් උන් යන්නේ උන්ට ඕන ස්පීඩ් එකේ..
    මහ කාලකන්නි ඉන්නේ, ආසාවට වාහන ගන්නවා ඩ්‍රයිව් කරගන්නවත් බැහැ..

    පොලීසිය නැති තැන වමෙන් ඉස්සර කලා.අරූගේ මූන ගාවින් දකුණට ඇල්ලුවා.පොඩි බ්‍රේක් පාරක් ගහලා ඇදලා යන්න ඕනි.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අන්න ඒකයි අපිත් කියන්නෙ.. මේ ත්‍රෙඩ් එකෙත් ඉන්නව එහෙම කට්ටිය. :dull:

    පොලීසිය නැති තැන වමෙන් ඉස්සර කලා.අරූගේ මූන ගාවින් දකුණට ඇල්ලුවා.පොඩි බ්‍රේක් පාරක් ගහලා ඇදලා යන්න ඕනි.


    මමත් ඕක කරනවා, යන වැඩේ ලොකු හදිස්සියක් නැත්නම් ඉස්සර කරලා අරූටත් වඩා හෙමින් යනවා උගේ ඉස්සරහින්, සමහර බයික් කාරයොත් මැද යන්නේ, සයිඩ් කන්නඩිය ගෑවෙන්න නොගෑවෙන්න ඇල්ලුවම ක්ෂනිකව අයින් වෙන්නේ..
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    oya tika athi ban.. oita wada kiyanna ona na :)

    70 ට ම යන්නෝන නෑ ඉතිං තමන්ට 70 ට යන්න බැරිනං. ඒත් 70 ට යන්න පුළුවන් මිනිස්සුන්ට ඇණයක් වෙන්නෙ නැතුව වමට කරගෙන යන්න ඕන. :yes:

    "වේගයෙන් යන වාහන වලට අවහිරයක් නොවීමෙන් සැමගේ වේලාව ඉතිරි වේවි." :)

    පාරේ උපරිම වේග සීමාවට වඩා අඩු ඕනම වේගයකින් යන්න පුලුවන්.හැබැයි උපරිම වේග සීමාව 70 පාරක දකුණු පැත්තේ ලේන් එකේ 40 ට යන එක අවුල් නේද.මේ කියලා තියෙන්නේ ඒක ගැන.පාරේ යන උන් තමන් යන්න ඕනේ මොන ලේන් එකේද කියලා දන්නේ නෑ.එක්කෝ දැනගත්තත් ආත්මාර්ථකාමී කමට හෝ ගොන් කමට යන්නෙම දකුණු පැත්තේ ලේන් එකේ

    ---------------------------

    ගොඩක් අය ගත්තේ [4.] මම නොකිඋවෙත් [4.].

    අනිවාර්යෙන්ම 60-70 ට යන්න ඕන කරන/overtake කරන අයට තමයි ඒ අදාළ පාරේ දකුණේ යන්න ඕන. කලබලයක් නැති හැමෝම වමෙන් යන්න ඕන. ඒක හරි. නමුත් එක නෙවේ නේ මේ [1.] න් කියන්නේ?

    මම [7.] කියලා දාල කිවුවේත් ඒක ගැන නෙවේ.

    මේ පොස්ට් එකේ [4.] ඇරෙන්න අනිත් ඔකොගෙන්ම කියන්නේ පාරේ රේස් යන උන්ට පාර තියලා අනිත් උන්ට පාරට බදු ගෙවල බස් වල යන්න කියලා.

    ඔයිට වඩා මේ ගැන කතා කරන්න මට ඕන නෑ බන් එපා වෙනවා...
     

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    Ubata colombo driving experiance ekak na neh.. Kaiwaruwen penawa...


    වේගෙන් ගිහිල්ලා ඇනගෙන කකුල් කඩාගත්ත එවුන් බලපන්..ඊට පස්සෙ කතා කරපන්….තොපි වගේ වේගේ ගැන විතරක් හිතන උන් නිසා කොයිතරම් අනතුරු වෙනවද?
    වේගේ එක්ක බලන කොට අපිටනම් ජිවිතේ වටිනවා..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    වේගෙන් ගිහිල්ලා ඇනගෙන කකුල් කඩාගත්ත එවුන් බලපන්..ඊට පස්සෙ කතා කරපන්….තොපි වගේ වේගේ ගැන විතරක් හිතන උන් නිසා කොයිතරම් අනතුරු වෙනවද?
    වේගේ එක්ක බලන කොට අපිටනම් ජිවිතේ වටිනවා..

    ස්පීඩ් ලිමිට් එකක් දාල තියෙන්නෙ සේෆ්ටි මාජින් එකක් තියල... ඔය කියන විදිහට රටේම ස්පීඩ් ලිමිට් එක 40 කළා නම් ලංකාවෙ වාහන ඇනගෙන කකුල් කඩාගන්න උන් නැතිවෙන්න එපැයි. එතකොට කියයි අපි නම් 40kmph ස්පීඩ් ලිමිට් එක තියෙන පාරේ 10kmph යන්නේ වේගේ එක්ක බලන කොට ජිවිතේ වටින නිසා කියලා :yes:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    අනේ රත්තරනේ හෙමින් පලයන් වාහනේ සයිඩ් කරගන, පාරේ අයිනට.නැත්තන් උබනිසා හැමෝම මහමග පෙරහැරේ.යන එකාට යන්න දීපන් "අපි අයින්වෙලා හෙමින් යමු පුතී" :yes::P:cool:

    කවුද යකෝ මන් හිමින් යනවා කීවේ?
    මන් සාමාන‍ය වේගෙන් යද්දී මොකෙක් හරි කුලප්පු වෙච්ච එකෙක් ඇවිත් හෝන් එකක් ගැහුවොත් ඉක්මනට පාරෙන් අයින් කරන් ඌට යන්න ඉඩ දෙනවා.
    ඊට පස්සේ ඉදිරිය පැහැදිලි වෙලාවක ස්පීඩ් කරලා අරූව පාස් කරනවා ඌට හිතාගන්නත් බැරි වේගෙන්.
    ඒක වෙනම ආතල එකක්
    :D:D:D

    අනික මන් වෙන හිමින් යන වාහනයක් පස්සේ යද්දී (තනි ඉරක්, ඉරි දෙකක්, කහ ඉරක් වගේ තෑනක ඉස්සර කරන්න බැරි නිසා) යද්දිත් මොකෙක් හරි ඇවිත් හෝන් කරාම අනේ මන් ඉක්මනට ඉඩ දෙනවා ඌට මාව ඉස්සර කරන්න. ඊට පස්සේ ඌට හෝන් ගහනවා එක දිගට එපා වෙනන්ක්න්ම. ඇයි යකෝ මට හෝන් ගැහුවේ මාව ඉස්සර කරන් යන්න ඕනි නිසනේ. ඉතින් මාත් ගහනවා ඌ මට කලින් යන වාහනේ ඉස්සර කරනකන්.
    ඒකත් පට්ටම ආතල් මට:D:D:D
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    කවුද යකෝ මන් හිමින් යනවා කීවේ?
    මන් සාමාන‍ය වේගෙන් යද්දී මොකෙක් හරි කුලප්පු වෙච්ච එකෙක් ඇවිත් හෝන් එකක් ගැහුවොත් ඉක්මනට පාරෙන් අයින් කරන් ඌට යන්න ඉඩ දෙනවා.
    ඊට පස්සේ ඉදිරිය පැහැදිලි වෙලාවක ස්පීඩ් කරලා අරූව පාස් කරනවා ඌට හිතාගන්නත් බැරි වේගෙන්.
    ඒක වෙනම ආතල එකක්
    :D:D:D

    අනික මන් වෙන හිමින් යන වාහනයක් පස්සේ යද්දී (තනි ඉරක්, ඉරි දෙකක්, කහ ඉරක් වගේ තෑනක ඉස්සර කරන්න බැරි නිසා) යද්දිත් මොකෙක් හරි ඇවිත් හෝන් කරාම අනේ මන් ඉක්මනට ඉඩ දෙනවා ඌට මාව ඉස්සර කරන්න. ඊට පස්සේ ඌට හෝන් ගහනවා එක දිගට එපා වෙනන්ක්න්ම. ඇයි යකෝ මට හෝන් ගැහුවේ මාව ඉස්සර කරන් යන්න ඕනි නිසනේ. ඉතින් මාත් ගහනවා ඌ මට කලින් යන වාහනේ ඉස්සර කරනකන්.
    ඒකත් පට්ටම ආතල් මට:D:D:D
    මමත් කරනවා ඔය වැඩේම. ඉස්සරහ බ්ලොක් කියල පෙනී පෙනී පස්සෙන් ඉඳන් හෝන් ගහනවා . කන් කරච්චලේ
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    හයිවේ එකේ කතාවනම් හරි මචන්. බට්, අනිත් පාරවල් වල මනුස්සයෙක්ට තමන්ට රිස්ක් එකක් නැති වේගයෙන් යන්න නිදහස තියෙනව. 70 කියන්නෙ යන්න පුලුවන් උපරිම වේගය මිසක් 70ට යන්න කියන එක නෙමෙයි. හැබයි හෙමින් යනවනම් තමන්ගෙ ලේන් එකේ යන අතරම වේගෙන් යන අයටත් හෝන් එකක් ගහපුවම සිග්නල් දාල ඉඩ ඉල්ලුවම ඉඩ දෙන එක යුතුකමක්. වේගෙන් යන එක ලොකු දෙයක් නෙමේ මචන්. ඒත් ඊට වඩා වටිනව යන්න තියෙන ගමන ටිකක් කලින් පිටත් වෙලා හිත සැහැල්ලුවෙන් පරිස්සමට යන එක.
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    කවුද යකෝ මන් හිමින් යනවා කීවේ?
    මන් සාමාන‍ය වේගෙන් යද්දී මොකෙක් හරි කුලප්පු වෙච්ච එකෙක් ඇවිත් හෝන් එකක් ගැහුවොත් ඉක්මනට පාරෙන් අයින් කරන් ඌට යන්න ඉඩ දෙනවා.
    ඊට පස්සේ ඉදිරිය පැහැදිලි වෙලාවක ස්පීඩ් කරලා අරූව පාස් කරනවා ඌට හිතාගන්නත් බැරි වේගෙන්.
    ඒක වෙනම ආතල එකක්
    :D:D:D

    අනික මන් වෙන හිමින් යන වාහනයක් පස්සේ යද්දී (තනි ඉරක්, ඉරි දෙකක්, කහ ඉරක් වගේ තෑනක ඉස්සර කරන්න බැරි නිසා) යද්දිත් මොකෙක් හරි ඇවිත් හෝන් කරාම අනේ මන් ඉක්මනට ඉඩ දෙනවා ඌට මාව ඉස්සර කරන්න. ඊට පස්සේ ඌට හෝන් ගහනවා එක දිගට එපා වෙනන්ක්න්ම. ඇයි යකෝ මට හෝන් ගැහුවේ මාව ඉස්සර කරන් යන්න ඕනි නිසනේ. ඉතින් මාත් ගහනවා ඌ මට කලින් යන වාහනේ ඉස්සර කරනකන්.
    ඒකත් පට්ටම ආතල් මට:D:D:D

    මාත් ඔය වැඩේ ඉස්සර කලා. ඒත් ඔය ආතල් එක ගන්න වෙලාවට ටිකක් බලපන්කො. අපි නිකන් බොරුවට කලබලේට අරූ පස්සෙන යනව. ඌ යන්නෙ ඇත්තටම හදිස්සියකට වෙන්න ඇති. ඒත් අපි නිකන් මෝඩ ආතල් එකකට අනවශ්‍ය රිස්ක් එකක් ගන්නව. තාමත් ඔය වැඩේ මගෙ අතිනුත් වෙනව. :baffled::baffled:

     

    temp_life

    Banned
  • Jan 5, 2019
    104
    13
    18
    200% එකඟයි මචන්,
    සිකුරාදා හවසට කොලඹ -නුවර පාරේ මෙහෙම අය ගොඩක් ඉන්නවා
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    ඔයාට සිංහල කියවගන්න තේරෙනවද? මේ thread එකේ තියෙන්නේ හයිවේ ගැන විතරද? මං කිවුවේ හයිවේ ගැනද? මන් කිවුවේ මොකද්ද කියලා වත් තේරෙනවද?

    ඔයා කවදා හරි ලංකාවේ පාරක වහනයක් එලවලා තියනවද?

    ලයිසන් ගන්නකොට පාරේ යන විදිහ, වාහනේ බර/කාලගුණය වේගය එක්ක බලපාන හැටි වගේ ගොඩක් දේවල් උගන්නනවා. ලයිසන් තියනවා නං ඒක ගත්තේ සල්ලි දීලා ද?

    70km/h පාරේ ගහලා තිබ්බ පලියට 70 යන්නේ මෝඩයෙක් ද?

    "70km/h" කියන එකේ තේරුම දනන්වද? එකේ කියන්නේ 70 ටම යන්න කියලාද? "70km/h" පාරේ 40 ට යන්න බැරිද? 20ට යන්න බැරිද?
    50 ට යන එකාගේ පස්සේ ඉඳන් හෝන් එකේ ඉඳගෙන පාරේ යන උන්ට වාතයක් වෙනවද?

    ඕක තමයි හලෝ කියන්නේ හරියට ඉගනගෙන ලයිසන් ගන්න කියලා. ඕගොල්ලෝ වගේ මිනිස්සු නිසා තමයි මේ අනිත් මිනිස්සුන්ටත් පාරක යන්න බැරි වෙලා තියෙන්නේ.

    දැන් මට කියන්නේ 70 ට යන්න පුළුවන්/බැරි සියලු අවස්ථා විස්තර කරන්න කියලද? අපිත් 100 ට වැඩියෙන් යන වෙලාවල් තියනවා. හැබැයි අපි දන්නවා 100 ට යන්න ඕන වෙලාව 40 ට යන්න ඕන වෙලාව.

    හයිවේ තියෙන්නේ 100 නං යන්න ඕන 100ට තමයි. මන් කිවුවද නෑ කියලා?.

    මොකද්ද කියන්නේ?

    "50 ට යන එකාගේ පස්සේ ඉඳන් හෝන් එකේ ඉඳගෙන පාරේ යන උන්ට වාතයක් වෙනවද?"

    එහෙනං ඒ පනහට යන එකා දැනගන්න ඕන පාර මැද ලොටන්නැතුව අයිනකට දාගෙම යන්න
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    200% එකඟයි මචන්,
    සිකුරාදා හවසට කොලඹ -නුවර පාරේ මෙහෙම අය ගොඩක් ඉන්නවා


    :angry::angry: කියල වැඩක් නෑ.. නුවර පාරේ යනවා කියන්නේ ඉතින් යන වාහනේ නවත්තල, ළඟ කඩේය ගිහිල්ල තේ එකක් බිල එන්න පුලුවන්. මට එපා ම උන දවසක් එදා.. ඉස්සරහට ගිහිල්ල බලද්දී ඇති දේකුත් නෑ. නමුත් පට්ට දිග වාහන පෝලිමේ
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මහපාරට බරක් නොවන ක්‍රම

    1. ඔබත් වේග සීමාවට ගමන් කිරීමට නොහැකි රියදුරෙක් ද? 70km/h පාරේ 40ට ලොටන කෙනෙක්ද? අප සියලු දෙනාගේ පහසුව සදහා වාහනය විකුනා දමා බස් එකෙ යන්න.
    2. ඔබත් වාහනය පිකප් කිරීමට පැය එකහමාරක් ගන්නා ගොලුබෙල්ලෙක් ද? කොල එලිය වැටුන වෙලාවේ සිට 40ට ගැනීමට ඔබටත් පැයක් අවශ්‍ය ද? අප සියලු දෙනාගේ පහසුව සදහා වාහනය විකුනා දමා බස් එකෙ යන්න.
    3. ඔබත් ඇක්සලරේට්රයේ පලමු මිලිමීටර් දෙක පමනක් භවිතා කරන බයගුලු රියදුරෙක්ද? අප සියලු දෙනාගේ පහසුව සදහා වාහනය විකුනා දමා බස් එකෙ යන්න.
    4. ඔබත් හයිවේ එකෙ 60ට හුරතල් වෙන කෙනෙක්ද? බිලියන ගානක් වියදම් කොට හයිවේ හදන්නේ ඔබේ නවතම මෝටර් රතයේ හුරතල් වීමට නොවන බව ඔබ නොදන්නේද? 100km/h පාරක 60ට යන ඔබ, 160ට යන මෝඩයෙක් තරමටම පාරේ අනිත් රියදුරන්ට අනතුරක් බව ඔබ දන්නවාද? 60ට ගමන් කරමින් 60ට යන තව වාහනයක් ඉස්සර කිරීමට අදිවේගී මන්තීරුවට දමන විට නීත්‍යානුකූලව 100ට යන සියලු දෙනාට ඔබ පිටුපසින් වේගය අඩු කොට අවදානමට පත් වීමට සිදු වෙන බව ඔබ දන්නවද ? 100ට ගමන් කිරීමට නොහැකිනම් කරුනාකර අදිවේගයට ඇතුල් නොවන්න.
    5. ඔබ ත්‍රී වීල් රියදුරෙක් නම් ඔබගේ වාහනයේ සිමාවන් අදුරගන්න. වේගයෙන් යන වාහන වලට අවහිරයක් නොවීමෙන් සැමගේ වේලාව ඉතිරි වේවි.
    6. fuel economy ගැන හිතමින් 40ට පාගන ඔබ වාහනය විකුනා බස් එකේ යන්න . ගොඩක් ලාබයි. කොහොමත් 40ට තෙල් කරන්නේ නැත. තෙල් කිරීම හොදම 50-80 සීමාවේදී ය.

    පාරේ නීත්‍යානුකූලව වේග සීමාවට ගමන් කිරීමේදී හරක් නිසා බ්‍රේක් කර එපා වූ රියදුරෙකුගේ කාරුනික ආයාචනයකි

    අනුන්ගේ ප්‍රස්න බොරුවට තමනගේ කරගෙන වද වෙන්න එපා බං! අපිට අනුන්ව හදන්න බෑ හොදම දේ අපිට පරක්කු වෙනවා නම් අපි විනාඩි 10ක් පහලොවක් කලින් ගෙදරින් පිටත් වෙන එක !
    හදිස්සි වෙලාවක් කියන්නේ කවුරු හරි හොස්පිටල් ගෙනියන වෙලාවක් නම් ඉතින් කරන්න දෙයක් නෑ අපිට වෙනස් කරන්න පුළුවන් දේ ගැන විතරක් වොරි වෙන්න


     
  • Apr 7, 2012
    286
    9
    48
    Gerald , have you ever been to a orthopaedic ward????
    Unless go and have a chat with orthopaedic patients,,,


    If you still don't change your mind go to neurotrauma unit,and have chat with relatives of patients... because most of the time patients unable to talk