මහමළුවේ මල් ජාවාරම......
[අපේ ඓතිහාසික පුදබිම් බාහිර බලවේග වලින් රැකගන්නවා මෙන්ම එම පුදබිම් තුලම ලගිමින් එහි පූජනීයත්වය කෙලෙසා මුදල් ගරන කාල බහිරවයන් ද ඒ තුලින් පන්නා දැමිය යුතුය]
අනුරධපුර ජයශ්‍රී මහ බෝ සමිදු වැදපුදා ගන්න ඔබ අතරින් බහුතරයක් දෙනා ගිහින් ඇති.නමුදු මේ පවසන්නට යන්නේ එහි සුක්‍ෂමව සිදුවන ජාවාරමක් පිලිබදය.ඔබ ජයශ්‍රීමහ බෝ සමිදු වැද පුදා ගැනීමට පුජාකිරීමට ගෙනෙනු ලබන මල් භාර හාර සදහා ගෙනෙන පොල්පැල සහ අනෙකුත් පුජාභාන්ඩ නැවත නැවත් කිහිප සැරයක් අලවිවන බව දන්නේද?
ඔබ මල් පුදා බැතිසිතින් වන්දනමාන කිරීමට පැමිනෙන මෙහි භක්‌තියාදරව මල් පුජාසනමත තබා මිනිත්තු කිහිපයකදී කුනු රැගෙනයන භාජනවල දැමිම හදකම්පා කරවන සුලුය.මෙහිදි බැතිමතාගේ භක්‌තිය දෙපිටින් යන ලෙස යම්කිසි සන්විධානාත්මක කණ්‌ඩායමක් විසින් මෙම ක්‍රියාවේ නිරතවේ.මල ආසන මත තැබු සියලු මල් සහ පුජාභාන්ඩ කිසිදු ගරු සරුවක් නොමැතිව රැගෙන යන මොවුන් මේවා යම්කිසි ස්‌ථානයකදී නැවතත් වර්ගීකරනය කරනු ලැබේ.මෙහිදී පුජා භාන්ඩ වෙන වෙනමත් මල් වෙන වෙනමත් නැවත සකස් කොට පෙර කී මල් කඩවලටම යැවෙනු ලැබේ..කිහිප වරක් එකම මල පුජාවීම බැතිමතුන් කිසිසේත්ම නොසිතන දෙයක්...නමුත් නොපෙනෙන සත්‍ය මෙයයි...
එමෙන්ම මෙම ක්‍රියාවලීන් නැසුකන්ව බලාසිටින බලධාරීන් අන්ධයන් ලෙස සිටීම ඛේදජනකයි.
පුජාසන මත මල් තැබීමට තරම් ඉඩ නොමැතිනම් විසදුමක් ලෙස මෙලෙස කල හැක.
* පුජාසන වැඩි කිරීම
* මල් ඉවත් කරන අවස්‌ථාවේ මිනිත්තු කිහිපයකට උඩමලුව වසා තැබිය හැක
* එසේත් නොමැති නම් මල් පුජාකිරීමට වෙනත් ස්‌ථානයක් සකස්‌කිරීම
ආදී ක්‍රියාමාර්ඝ ගත හැක.කෙසේ නමුත් එලිපිට සිදුවන මෙම ජාවාරම මෙහෙයවන පුද්ගලයින් නම් සැබැ බොදුනුවන් නොවේ. මේ ජාවාරම දෙස නැසුකන්ව සිටින බලධාරීන් පිලිබදව සියලු බෞද්ධයින් තුල ඇත්තේද පිලිකුලකි.ඔබ අනුරපුර මහ මලුවට යන්වා නම් මේ පිලිබදව සැලකිලිමත් වන්න..මේ දැයට කිරුල ප්‍රදර්ශනය පැවැත්වෙන කාල සීමාව තුල ඉතා විශාල ජනකායක් අනුරපුරයට රැස්‌වෙන බව නොරහසක්.එසේම සියලු බෞද්ධයින් උඩමලුවේ ජයසිරිමා හාමුදුරුවන් වැදපුදා ගැනීමට පැමිනෙන බවද අප දනිමු. එය එසේ නම් මේ නොමනා ක්‍රියාව අප වැලැක්‌විය යුතුය...නො එසේ නම් තවත් බොදුනුවන් මේ ක්‍රියාව සදහා අප්‍රසාධය පලකරනු නියතයි.මෙවැනි අත්තනෝමතික ක්‍රියාවන් මේ වැනි උතුම් පුන්‍ය භූමියක් තුල සිදුවීමට ඉඩදීම එම ස්ථානයේ ගෞරවයට කිසි සේත්ම සුදුසු නොවේ. එමෙන්ම මේ සිදුවීම් අනුරපුරයට පමණක් අදාල නැත මේ බොහෝ සුප්‍රසිද්ධ පුදබිම් තුලදී ද සිදුවන ක්‍රියාවකි. මෙවැනි සිද්ධීන් දුටු තැන ඊට එරෙහි වන්න. අදාල බලධාරීන් දැනුවත් කරන්න.