පළවෙනි බස් එක නුවරින් පාන්දර 4.45 ට එනවා. (නුවර - පේරාදෙණිය -මාවනැල්ල - කෑගල්ල - ගලිගමුව - අවිස්සාවේල්ල - පුවක්පිටිය - හයිලෙවල් පාර - මහරගම) යටිනුවර ඩිපෝවේ CTB බස් එකක්. උදේ 8.00 - 8.30 වගේ වෙනකොට මහරගමට එන්න පුඵවන්. අවුරුදු 3කට විතර කලින් ආවේ. දැන් නම් වේලාව වෙනස් වෙලාද දන්නේ නෑ. තව වලපනේ ඩිපෝවෙන් CTB බස් එකක් එනවා. ඒක නම් පාන්දර 2ට හරි 3ට හරි නුවරින් පිටත් වෙනවා කියලා කිව්වා හරියටම දන්නේ නෑ.
EMINƎM;24035488 said:නිට්ටබුව මිරිස්වත්ත කිරිබත්ගොඩ කොටුව හයිලෙවල් එකේ නුගේගොඩ හරහා මහරගමට යන එකකුත් තියෙනව නේද බං?
5.25ට එකක් යනවා උදේ ආයේ 6.25ටත් උදේ එකක් යනවා. අනිත් වෙලාවල් දන්නේ නම් නෑ
5,25 idan payen payata wage thiynw mthk htyt.ita klin nm mathaka na. panadurin 17 kandu first turn ude 4 mathaka htyt. maharagamin galle rd ekata hri nugegodata hri giyanam eka allaganna plwn.ehema naththn avissawellata giyama emb rathnapura idan kandy bus enw pandarata
17 පානදුර පාරෙන් ගියොත් නම් සොරිම තමා.. මොකද කියනවා නම් පැය 5 ක් විතර ඔය බස් කාරයෝ ගාටනවා. CTB නම් අවුලක් නෑ. පැය 3 - 3 1/2 විතර කාලෙකින් නුවර - මහරගම යන්න නම් අවිස්සාවේල්ල හරහා යන බස් එකේ යන එක තමයි හොදම විදිය. නැත්නම් කඩවතට ඇවිත් Highway බස් එකක යන එකත් අවුලක් නෑ. එහෙමත් නැත්නම් ඇඹිලිපිටිය - නුවර හරි රත්නපුර - නුවර හරි බස් එකක අවිස්සාවේල්ලට ඇවිත් එතනින් දුර බස් එකක මහරගමට එන එකත් අවුලක් නෑ කාලය ගතවීම අඩුම කරගන්න ඒ පාරවල් භාවිතා කරන්න. නැතිව කොටුව / නුගේගොඩ පැත්තේ රවුම් ගහලා අනවශ්‍ය මාර්ග තදබදයන් වලට මූණ දීලා නිකන් රස්තියාදු වෙන්න සිදු වෙයි.