මහරගම පිළිකා රෝහලේ ලියුකේමියා දරුවන් බිල

මහරගම පිළිකා රෝහලේ ලියුකේමියා දරුවන් බිල

11993284_1018981651487251_3808221861867589090_n.jpg

මහරගම පිළිකා රෝහලේ ලියුකේමියා දරුවන් බිලිගත්
මහා ඖෂධ වංචාව

මහරගම පිළිකා රෝහලේ මහා පරිමාණ ඖෂධ වංචාවක්‌ පිළිබඳ තොරතුරු හෙළිවූයේ දැනට වසර දෙක තුනකට පෙරය. එවකට සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළේ වර්තමාන ජනාධිපතිතුමායි. එම වංචාව පිළිබඳ එවකට නොයෙක්‌ පරීක්‌ෂණ සිදුවුවත් ඊට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනුනේ නව ජනාධිපතිතුමාගේ පත්වීමත් සමඟය. පිළිකා රෝහලේ රුපියල් ලක්‌ෂ දහයකට අධික ඖෂධ වංචාව පිළිබඳ කිසිදු මාධ්‍යයක්‌ තුළින් හෙළි නොවුණු එහි 'ඇතුළත කතාව'යි මේ. මහා ජාතික අපරාධයක තොරතුරු මුල්වරට හෙළිකරමින් දිවයින ඉරිදා සංග්‍රහය සමග සාකච්ඡාවකට එක්‌වූ මහරගම පිළිකා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‌ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා පිළිකා රෝහලේ ලියුකේමියා රෝගය වැළඳුනු කුඩා දරුවන්ගේ ජීවිත බිලිගනිමින් ඖෂධ ජාවාරම් කරුවකු ඇතුළු පිරිසක්‌ සිදුකළ ඒ අධම වංචාව දැන් නවත්වා ඇතත් ඒ වංචාව මෙහෙයවූ අදෘෂ්‍යමාන හස්‌තය තවමත් පිළිකා රෝහල තුළ ක්‍රියාත්මක වන බවද පවසයි.

මෙම රෝහලේ සිදුවූ මහාපරිමාණ ඖෂධ වංචාව සම්බන්ධයෙන් පසුගියදා කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ ඖෂධ වංචාව කොහොමද සිදුවුණේ?

මේ රෝහලේ ප්‍රතිකාර ලබන ළමයින් විශේෂයෙන් ලියුකේමියා රෝගය වැළඳුණු ළමයින්ට ලබාදුන් ප්‍රතිකාරවලින් බලාපොරොත්තු වූ සුවය නොලැබීම පිළිබඳ පසුගිය කාලයේ අපි නිරීක්‌ෂණය කළා. කුඩා දරුවන් අපි නොසිතූවිරූ ලෙස මෙම රෝගයෙන් මියයන්නට පටන්ගත්තා. මේ නිසාම එම දරුවන්ට ලබාදෙන ඖෂධවල ගුණාත්මක භාවය පිළිබඳ සොයා බලන්නැයි අපි වෛද්‍ය සැපයීම් අංශයටත් දැන්නුවා. මේ අතරතුර එනම් 2013 වසරේ අගෝස්‌තු මාසයේ එක්‌තරා දිනයකදී ඖෂධවේදිනියක්‌ ලියුකේමියා රෝගය වැළඳුණු ළමයින්ට ලබාදෙන ඔන්කැස්‌පර් ඖෂධ වයල් හතරක්‌ ගෙනැවිත් මට කිව්වා සර් අපට ලැබුණු මේ බෙහෙත්වල අපේම සීල් එක තියෙන මේ බෙහෙත් වයල් හතර තිබුණා කියල. එම සීල් එකේ පී. එෆ්. එම්. සී. අයි. යනුවෙන් මුද්‍රණය වී තිබුණා. එහි අදහස ප්‍රසිඩන්ටල් ෆන්ඩ් නැෂනල් කැන්සර් ඉන්ස්‌ටිටියුට්‌ යන්නයි. ඒ පිළිබඳ ඇයගෙන් ලිත ප්‍රකාශයක්‌ ලබාගත් මම එම බෙහෙත් වෑල්ව් හතර සීල් තැබුවා. ඉන්පසු මේ සිදුවීම ලිපියකින් මම වෛද්‍ය සැපයුම් අංශයට දැන්නුවා. අපේම බෙහෙත් වගයක්‌ නැවතත් අපිටම මිලදී ගැනීමට සිදුවී ඇති බව එම ලිපියෙන් මම ඔවුන්ට දැන්නුවා. මේ සිදුවීම පසුපස කිසියම් සමාගමක්‌ සිදුකරන විශාල වංචාවක්‌ තිබිය හැකි බවත් මා දැන්නුවා.

මේ බෙහෙත් වයල් හතරේ මිල කොපමණද?

එක වයලයක්‌ රුපියල් ලක්‌ෂ දෙක හමාරක්‌ වෙනවා. ඒ අනුව එතැන රුපියල් ලක්‌ෂ 10 ක බෙහෙත්.

කොහොමද මේ වංචාව සිදුවෙලා තිබෙන්නේ?

මේ රෝහලේ බෙහෙත් කළවම් කරන ඖෂධවේදීන් කිහිපදෙනෙක්‌ ලියුකේමියා රෝගය වැළඳුණු ළමයින්ට දෙන බෙහෙත් වෙනුවට ඒ ළමයින්ට සේලයින් වතුර දීලා ඒ බෙහෙත් විකුණනවා. මේක කාලයක්‌ තිස්‌සේ සංවිධානාත්මකව සිදුවූ වැඩක්‌. වර්තමාන ජනාධිපතිතුමා සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කරන කාලයේ මම එතුමාට මුලින්ම මේ මහා අපරාධය ගැන දැන්නුවා.

ඒ පිළිබඳ එතුමා ඒ දිනවල සිදුකළ පරීක්‌ෂණයේදී එකම බෙහෙත් කිහිපවරක්‌ රෝහලට මිලදී ගැනීමට සිදුවී ඇති බව හෙළිවුණා. ඒ පරීක්‌ෂණයට අනුව මෙම රෝහලේ ඖෂධ කළවම් කරන අංශයේ පුද්ගලයින් පස්‌දෙනෙකුගේ වැඩ තහනම් කළා. නව ජනාධිපතිතුමා මේ මහා ඖෂධ වංචාව පිළිබඳ සිදුකරන පරීක්‌ෂණ කඩිනම් කළා. ඒ අනුව පසුගියදා එම ඖෂධය ගෙන්නුවා යෑයි කියන සමාගමේ හිමිකරු ලෙස පෙනී සිටින පුද්ගලයාවත් මෙම රෝහලේ වැඩතහනමට ලක්‌වූ පුද්ගලයින් පස්‌දෙනාගෙන් දෙදෙනකුත් පසුගියදා රහස්‌ පොලිසියෙන් අත්අඩංගුවට ගත්තා.

මෙබඳු වංචාවක්‌ සිදුවන බව ඔබ දැනගත් පසු එය නතරකිරීම සඳහා ඔබ කිසියම් පියවරක්‌ ගත්තේ නැද්ද?

රෝහල තුළ වෙනස්‌කම් කිහිපයක්‌ සිදු කොට එවන් වංචාවක්‌ යළි සිදුකළ නොහැකි පරිදි ආරක්‌ෂක පියවර ගණනාවක්‌ ගත්තා. එබඳු වංචාවක්‌ මේ රෝහල තුළ දැන් සිදුවීමට ඉඩක්‌ නෑ. මම මේ ගැන කටයුතු කරන විට මේ ඖෂධ ගෙන්වූ සමාගමේ පුද්ගලයින් මා හමුවී ඔවුන් මෙම රෝහලට මෙම ඖෂධය තෑගි කරන බව පවසා ඒ පිළිබඳ මගෙන් ලිපියක්‌ ඉල්ලා සිටියා. ඔවුන් ඉල්ලා සිටියේ එම ඖෂධ වයල හතර ඔවුන් මෙම රෝහලට පරිත්‍යාග කළ බවට මගෙන් ලිපියක්‌. එය මා තරයේ ප්‍රතික්‌ෂේප කළා. එම ලිපිය වෙනුවෙන් ඔවුන් මට ඕනෑම මුදලක්‌ ගෙවීමට ද සූදානම් වුණා.

මෙම රෝහලට ලැබෙන පරිත්‍යාග බාරගෙන එබඳු ලිපියක්‌ නිකුත් කිරීමට බලය තිබෙන්නේ අධ්‍යක්‌ෂකටත් නියෝජ්‍ය අධ්‍යක්‌ෂකටත් පමණයි. මොවුන් ඉල්ලා සිටින මේ ලිපිය ගැන මම ඒ මොහොතේම එවකට වැඩබලන අධ්‍යක්‌ෂව සිටි කණිෂ්ක කරුණාරත්න මහතාට දුරකථනයෙන් දැනුම් දුන්නා. ඖෂධ හොරා දැන් පරිත්‍යාගශීලියකු ලෙස පෙනී සිටීමට උත්සාහ දරන බවත් කිසිදු ලිපියක්‌ ඔවුන්ට ලබා නොදෙන ලෙසත් අවංක නිලධාරියකු වන ඒ මහතාට මම දැනුම් දුන්නා. මේ වංචාව පිළිබඳ පරීක්‌ෂණ කඩිනම් වූ පසු මේ පිළිබඳ බොහෝ දෙනෙකුගෙන් කටඋත්තර ලබාගත්තා. නමුත් මේ පිළිබඳ මට දැනෙන පුදුමය නම් ඒ කිසිදු විමර්ශකයෙක්‌ මේ මහා ඖෂධ වංචාව අල්ලා දුන් මගෙන් කිසිවක්‌ නොවිමසීමයි. රහස්‌ පොලිසිය හිටපු වැඩබලන අධ්‍යක්‌ෂ කණිෂ්ක කරුණාරත්න මහතාගෙන් කටඋත්තරයක්‌ සටහන් කරගෙන තිබුණා.

මේ පිළිබඳ ඇයි ඔබෙන් විමසීමක්‌ නොකළේ?

2013 මේ මහා වංචාව මම හෙළි කළ පසු මේ ආයතනය තුළ මට විශාල අසාධාරණකම් සිදුවුණා. පසුගිය ජනවාරි මස ආණ්‌ඩුව වෙනස්‌ වූ පසු වැඩබලන අධ්‍යක්‌ෂ ඉවත්වුණා. වැඩබලන අධ්‍යක්‌ෂවරයා ලෙස පත්කළ යුතුව තිබුණේ නියෝජ්‍ය අධ්‍යක්‌ෂවරයා හැටියට කටයුතු කරන මම. එම තනතුරට මා පත් නොකර වෙනත් පුද්ගලයකු පත්කරන්නට අදෘෂ්‍යමාන හස්‌තයක්‌ ක්‍රියාත්මක වුණා. පසුගියදා රෝහල් අධ්‍යක්‌ෂවරුන් පත්කිරීමේ සම්මුඛ පරීක්‌ෂණයේදී ජ්‍යෙෂ්ඨත්වයෙන් වැඩි අයට දුර පළාත්වල රෝහල් ලබාදී තිබෙනවා. ඒ අනුව මම කෑගල්ල මහ රෝහලේ අධ්‍යක්‌ෂ ලෙස පත්කර තිබෙනවා.

ඖෂධ වංචාව මේ රෝහල තුළ දැන් ක්‍රියාත්මක නොවෙතත් ඒ මහා ඖෂධ වංචාව පිටුපස සිටින අදෘෂ්‍යමාන හස්‌තය තවමත් මේ තුළ ක්‍රියාත්මක බව මේ සිදුවීමෙන් පැහැදිලියි. ඔවුනට අවශ්‍ය වී තිබෙන්නේ මේ රෝහලෙන් මා ඉවත් කිරීමටයි. අහිංසක කුඩා දරුවන්ගේ ජීවිත බිලිගනිමින් සිදුකළ මේ මහා ඖෂධ වංචාව පිළිබඳ පරීක්‌ෂණ කඩිනම් කරමින් එම වංචාව නතර කිරීමට පියවර ගත් වර්තමාන ජනාධිපති තුමාටත් වර්තමාන සෞඛ්‍ය ඇමැතිතුමාට සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ ජනරාල් පාලිත මහීපාල මහතාටත් නොදැනෙන ලෙස මේ ඖෂධ ජාවාරම මෙහෙයවන පුද්ගලයෙක්‌ හෝ පුද්ගල කණ්‌ඩායමක්‌ සිටිනවා. ඔවුන්ට තිබෙන බාධාව මමයි. ඖෂධ සමාගම්කරුවන්ට අවශ්‍ය ලෙස මේ ආයතනය තුළ කටයුතු කරන්නට මම ඉඩදුන්නේ නෑ. ඔවුන්ගේ පැමිණීම සතියකට දින දෙකක්‌ ලෙස මම සීමාකළා. ඔවුන්ගේ ඉල්ලීම මත සතියකට දින 3 ක්‌ ඔවුන්ට පැමිණීමට ඉඩ දුන්නා. ඔවුන්ට පැමිණිය හැක්‌කේ දිවා ආහාර වේලාවෙ පමණක්‌ බවට මම නීති පැනෙව්වා. එය ටික කලක්‌ ක්‍රියාත්මක වුවත් කිසියම් බලවේගයක්‌ විසින් එය වෙනස්‌ කළා. ටෙන්ඩර් දැමීමේ මුවාවෙන් ඖෂධ සමාගම්කරුවන් රෝහල තුළට ආවා. ඖෂධ මාµsයාව මේ රෝහල තුළ තදින් ක්‍රියාත්මක වෙනවා. ලියුකේමියා රෝගයට ලබාදෙන මෙම ඖෂධය වංචා කළ සමාගම තහනම් කළ පසුත් මේ රෝහල තුළ ඔවුන් අවුරුදු උත්සවයක්‌ පැවැත්වුවා. තහනම් කළ ඖෂධ සමාගමකට රෝහල තුළට පැමිණෙන්නට අවසර ලැබුණෙ කොහොමද? ඔවුන් ඖෂධ වංචනිකයන් නොව මෙම රෝහලට ආධාර උපකාර කරන පරිත්‍යාගශීලීන් පිරිසක්‌ බව හැඟවෙන පරිදි ඔවුන්ගේ විශාල ප්‍රමාණයෙන් බැනර් රෝහල තුළ ප්‍රදර්ශනය කරමින් එලෙස උත්සව පවත්වන්නට ඉඩ ලැබුණේ කොහොමද? ඖෂධ සමාගම් මේ රෝහලේ ඇතැම් නිලධාරීනට නොයෙක්‌ වරදාන දෙමින් ඖෂධ වංචාවන් සිදුකිරීමට දරන උත්සාහය වළක්‌වන්නට නම් මෙබඳු කරුණු පිළිබඳ පූර්ණ විමර්ශනයක්‌ සිදුකිරීම අත්‍යාවශ්‍යයි. පිළිකා රෝහල මේ රටේ සුවිශේෂ රෝහලක්‌. ඇතැම් පිළිකා රෝග සඳහා ඉතාමත් මිල අධික ඖෂධ ලබාදීමට සිදුවෙනවා. සමහර ඖෂධවල මිල රුපියල් ලක්‌ෂ පහටත් වැඩියි. ඖෂධ ජාවාරම්කරුවන් නිලධාරීන් මිලදී ගැනීමට ඕනෑම මුදලක්‌ වියදම් කිරීමට සූදානම් වන්නේද ඒ නිසයි. මේ ජාවාරම්කරුවන්ට, වංචනිකයින්ට ඉඩ දුන්නොත් ඊට වන්දි ගෙවන්නේ මේ රෝහලෙන් ප්‍රතිකාර ලබන රටපුරා සිටින අහිංසක රෝගීන්. සෞඛ්‍ය බලධාරීන් කටයුතු කළ යුත්තේ ඒ මහා පාපයට ලක්‌ නොවීමටයි.

සාකච්ඡා කළේ
පාලිත සේනානායක
 
  • Like
Reactions: ruchira55

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
මේ කාරණේ ඇත්ත. දැන් සාමානයෙන් පිළිකා රෝගයක් සැදුන බටහිර රටවල අය සහ අපේ අයගේ වෙනස බලන්න. ඒ රටවල අය ප්‍රතිකාර අරං බොහෝ දුරට සමානය ජිවිතයක් ගතකරමින් ස්භාවිකව මිය යන වයස තෙක් ඉන්නවා.

අපේ රටේ එහෙම නෙමේ.

ඒකට හේතුව තමයි මේ වගේ සමහර බෙහෙත් වර්ග අපේ රෝගීන්ට නොලැබීම. රජයෙන් මුදල් ලබා දෙනවා, ඖෂධ ගෙන්නලා දෙනවා. හැබැයි රෝහලේදී මේක ලැබෙන්නේ නෑ.

මම අදුරන කෙනෙක්ට පිළිකා රෝගයක් සැදිලා මෙතනට යන්න උන බෙහෙත් ගන්න. ඔහුටත් එහෙම තමයි උනේ. ඔහු පසුව ඔහුට අවශ්‍ය බෙහෙත් විදෙස් රටකින් ගෙන්නා ගෙන, ඒවත් අරං තමයි මහරගම පිළිකා රෝහලට ගියේ කිමෝ එහෙම ගන්න දවසට.

අනික ඉතිං අපේ රට ගොඩක් දුප්පත් රටක්නි. පිළිකා රෝගය සැදුන හැමෝටම මිල අධික ඖෂධදෙන්නත් බෑ. ඒ කියන්නේ මේ ලෙඩේ හැදුන අවුරුදු 75 ක විතර කෙනෙක්ට මිල අධික බෙහෙතක් දෙනවට වඩා, ඒක කුඩා ළමයෙක්ට දෙන එක හොදයි.

Last edited:

ela
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,009
    40,921
    113
    ලියුකේමියාවලටද කියලා දන්නෙ නෑ. දෙන කීමෝ කොලිටි ඒවා නෙවේ නිසා ලෙඩ්ඩුන්ට අමාරු වෙනව, සමහරු මැරෙනව කියලා දන්න කෙනෙක් කිව්වා.
     
    • Like
    Reactions: virajkavn
    ලියුකේමියාවලටද කියලා දන්නෙ නෑ. දෙන කීමෝ කොලිටි ඒවා නෙවේ නිසා ලෙඩ්ඩුන්ට අමාරු වෙනව, සමහරු මැරෙනව කියලා දන්න කෙනෙක් කිව්වා.

    :baffled:
     
    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    apa rata oya bahat hadanna puluwan nada??? ai hadanna natta?? :confused:

    sinhala wadakamin pitarata inna apa vidnacayann anna kiyala wada patan gatto ratat loku sawawak wai nada??

    හෙණම ගහපන්.

    apa rata oya bahat hadanna puluwan nada??? ai hadanna natta?? :confused:

    sinhala wadakamin pitarata inna apa vidnacayann anna kiyala wada patan gatto ratat loku sawawak wai nada??

    දන්නේ නැහැ බන්

    ඇදන් පුටු වල හපන විකන හුරතල් වෙන මකුනෝය. තැන් තැන්වල හිස උකුනන් හූරන අගනෝය. තෙරපෙන මිරිකෙන සෙනග පෝලිම්‍ ය. ඒවා අතර දුවමින් කෑ ගහන බැනවදින ඇටෙන්ඩන්වරුය. කලින් දවසේ පටන් පැමින හවස් වෙන තුරු බෙහෙත් ගන්න බලා සිටින රෝගීන් ය. මෙහි කාලය අසීමිතව දිගුය. ආන්ඩුවෙ ඉස්පිරිතාලෙක දැනෙන්නේ පුදුමාකාර සුවපත් හැගීමක් ය. - Chinthana D
     
    • Like
    Reactions: asylum

    rusiyanuwa

    Active member
  • පාලන මිලට ඖෂධ දෙනවා කියලා රුපියල් 20 බෙහෙතට රුපියල් 12 පාලන මිල දැම්මම රුපියල් 5ට ගෙන්නපු බෙහෙත රු-12 ට විකුණනවා. කොම්පැනිය ගොඩ යනවා. 20ට බෙහෙත් දුන්න කොම්පැනිය අඩු මිලට බෙහෙත් ගෙන්නන බැරි නිසා බෙහෙත් ගෙන්නන එක නවත්තනවා. අන්තිමට ප්‍රමිතිය නැති බෙහෙත් ගෙන්නන අය පාලන මිලට බෙහෙත් දීලා ලාබ ලබනවා.
    බෙහෙතෙ මිලත් එක්ක ඒවායේ තත්වයත් වෙනස් වෙන බව නොදන්න සාමාන්‍ය ජනතාව පෝස්ටර් දිහා බලාන සාප කරනවා වැඩි මිලට බෙහෙත් ගෙන්නපු කොම්පැනි වලට.
     
    මේ අපරාධය කළ එවුන්ට හෙන ගහන්න ඕන

    පාලන මිලට ඖෂධ දෙනවා කියලා රුපියල් 20 බෙහෙතට රුපියල් 12 පාලන මිල දැම්මම රුපියල් 5ට ගෙන්නපු බෙහෙත රු-12 ට විකුණනවා. කොම්පැනිය ගොඩ යනවා. 20ට බෙහෙත් දුන්න කොම්පැනිය අඩු මිලට බෙහෙත් ගෙන්නන බැරි නිසා බෙහෙත් ගෙන්නන එක නවත්තනවා. අන්තිමට ප්‍රමිතිය නැති බෙහෙත් ගෙන්නන අය පාලන මිලට බෙහෙත් දීලා ලාබ ලබනවා.
    බෙහෙතෙ මිලත් එක්ක ඒවායේ තත්වයත් වෙනස් වෙන බව නොදන්න සාමාන්‍ය ජනතාව පෝස්ටර් දිහා බලාන සාප කරනවා වැඩි මිලට බෙහෙත් ගෙන්නපු කොම්පැනි වලට.
    :yes::yes::yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලියුකේමියාවලටද කියලා දන්නෙ නෑ. දෙන කීමෝ කොලිටි ඒවා නෙවේ නිසා ලෙඩ්ඩුන්ට අමාරු වෙනව, සමහරු මැරෙනව කියලා දන්න කෙනෙක් කිව්වා.

    මහරගම වැඩකරන නර්ස් කෙනෙක් ඉන්නව ළමා වාට්ටුවෙ. එකපාරක් ආපු බෙහෙත් ලොට් එකකට නර්ස්ලටත් ඇලර්ගික් රියැක්ශන් වගේ ආව කියල අහන්න ලැබුන. බෙහෙත් විදපු අයට කොහොම වුනාද කියල කියන්න ඕනෙ නෑනෙ. බෙහෙත් ගෙන්නන්නෙ එක එකාට කුට්ටිය ලැබෙන විදියට මොනව කොහොම චෙක් කරල ගෙන්නනවද කියල කවුරුවත් දන්නෙ නෑ. මෙහෙන් දෙන්නෙ අන්තිම ලෝ කොලිටි එකේ බෙහෙත්. බෙහෙත් ගන්න අයට සෑහෙන්න සයිඩ් ඉෆෙට්ස් එනව. මිනිස්සු කරන්න දෙයක් නැතිකමට ඒව බොනව. බෙහෙත් දෙන ඩොක්ටර්ස්ලම කියනව මේක ගන්නෙ නැතුව පිටින් ගන්න පුලුවන් නම් අරගෙන බොන්න කියල.

    මචන් ඈත පැතිවල මිනිස්සු ඊට කලින් දවසෙ රෑ ඇවිල්ල බිම නිදාගෙන ඉඳල බෙහෙත් අරගෙන ඊලඟ දවසෙ බස් එකේ නැගල ගෙදර යන්නෙ. මහ බලු රටක් මේක.ඔය ගැන දන්න නිසයි කිව්වෙ. :(
     
    :sorry::angry:

    bump..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,378
    30,193
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ළමයින්ට බෙහෙත් වෙනුවට සේලයින් හගපු උත්තිගේ පුතාලගේ වැඩ තහනම් කරලා විතරක් ඇතිද??? මිනීමැරුම් යටතේ නඩු පවරලා එල්ලන්න එපැයි....... ෆකේ රටක් ඕයි මේක.......:angry::angry:

    ළමයි නැතිවුන උන් නඩුදාපල්ලා
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕක අද ඊයේ ඉදල නෙමේ ඉස්සර ඉදලම වෙනවා. ලොක්කොන්ට කොච්චර කිව්වත් වැඩක් නෑ. උනුත් ඕවට සම්බන්ධයි. ලෙඩ්ඩුන්ට දෙන ඉන්ජෙක්ෂන් එනකොට සමහර වෙලාවට ලෙඩා මැරිලත් ඉවරයි. කයිය නම් තියෙනවා පරාජිතයාගේ. අහිංසක ලෙඩ්ඩු බිල්ලට දීල තියෙන්නේ. උන් සිංගප්පුරු යනවා. අවට පදිංචි අය දන්නවා පිලිකා රෝහලට එන මිනිස්සුන්ගේ දුක. ලෙඩා වගේම පවුලේ මිනිස්සුත් පුදුම දුකක් විදින්නේ. පිලිකා ලෙඩ්ඩුන්ගේ බෙහෙත් වලට විදින උන්ට යන්න අපායක් වෙනම හදන්න වෙන්නේ.:angry:
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ළමයින්ට බෙහෙත් වෙනුවට සේලයින් හගපු උත්තිගේ පුතාලගේ වැඩ තහනම් කරලා විතරක් ඇතිද??? මිනීමැරුම් යටතේ නඩු පවරලා එල්ලන්න එපැයි....... ෆකේ රටක් ඕයි මේක.......:angry::angry:

    ළමයි නැතිවුන උන් නඩුදාපල්ලා

    True. Murderers. Media mona huttak karanawada mewa hoyanne netuwa neda? Jaraa naatya prnna penna innawa.