මහරජු දෙවියන්ගෙනුත් මුදල් ගරයි

shonax

Member
Oct 7, 2009
824
33
0
මහරජු දෙවියන්ගෙනුත් මුදල් ගරයි

මහරජු දෙවියන්ගෙනුත් මුදල් ගරයි

devale.gif
සිය මැතිවරණ කටයුතු වෙනුවෙන් දිවයිනේ පිහිටි සෑම දේවාලයකින්ම රුපියල් 50,000 බැගින් ලබා දෙන ලෙස රජයේ ඉහළ නිලධාරියෙනු විසින් නියෝග කර ඇත. මේ වෙනුවෙන් කිසිදු ලිඛිත ලියවිල්ලක් ලබා නොදෙන බවත්, අනිවාර්යයෙන්ම මෙම මුදල රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මැතිවරණ කටයුතු වෙනුවෙන් ලබා දියයුතු බවත් මෙම නිලධාරියා අදාල නියෝගය සිදු කරන අවස්ථාවේදී වැඩිදුරටත් පවසා ඇත.


පසුගිය කාලයේදී රාජ්‍ය අංශයේ සෑම සම්පතක්ම සිය මැතිවරණය‍ වෙනුවෙන් භාවිත කරන රාජපක්ෂ ජනාධිපතිවරයා තවමත් අරලියගහ මන්දිරයේ සිටිමින් එහි විදුලිය, ජලය, ගොඩනැගිලි ආදී සියලු රාජ්‍ය සම්පත් සිය මැතිවරණය‍ වෙනුවෙන් භාවිත කරමින් සිටී. තත්ත්වය මෙසේ තිබියදී දිවයිනේ පිහිටි ප්‍රමුඛ පෙළේ සෑම දේවාලයකින්ම මේ ආකාරයෙන් මුදල් ගැනීම පිළිබඳව දිවයිනේ සුප්‍රසිද්ධ දේවාලයක කපුමහතෙකු අප සමඟ පැවසුවේ ජනතාවගේ සාක්කුවට විදින රාජපක්ෂ මහතා දැන් දෙවියන්‍ගේ පසුම්බියටත් අත තැබීමට පටන් ගෙන ඇති බවයි.
 

xcorect

Well-known member
  • Apr 17, 2007
    7,883
    86
    48
    pus kana salli wadagath dekata gattata kamak na
    nattanm owa okkoma gasa kanne dewale kapuwone