මහළු මවුපියන් රැක බලාගැනීමේ සේවාවක්?

Jbhasura

Junior member
  • Apr 21, 2018
    68
    6
    8
    මහළු මවුපියන් රැක බලාගැනීමේ සේවාවක්?

    ගෙදර පිරිස රැකියාවට පිටත්ව සිටින කාලය අතරතුර නිවසට පැමිණ මහළු මවුපියන් රැක බලාගන්නා සේවාවන් ලංකාවේ තියෙනවද?

    මහළු නිවාස නෙමෙයි. තමන්ගේ නිවසටම පැමිණ ඒ මහළු මවුපියන්ගේ වැඩ කටයුතු සොයා බලා කරලා දෙන ආයතනයක් ගැනයි මේ අහන්නේ.

    එහෙම ආයතන තියෙනවද? ඒ වගේ සේවාවක් ලබාගන්න කොපමණ වියදමක් යනවද?

    දැනට ඔබ රැකියාවට පිටත් වූ පසු මහළු මවිපියන් රැකබලාගැනීමට මොන වගේ පියවරද අරන් තියෙන්නේ කියලත් කියන්න පුළුවන්නම් ලොකු උදව්වක්.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    උබ ඉන්න පැත්තෙන්ම කවුරු හරි කෙනෙක්ට දවසට ගානක් කතා කරගෙන කරගන්න බලන්න. එහෙම නැත්නම් ගම් පලාතකට ගිහින් හොයාගෙන ගෙදර නැවතිලා වැඩ කරන්න පුළුවන් කෙනෙක්ව හොයා ගන්න. ආයතන වල ඉන්නෙ පට්ට හොරු බන්. අද එන කෙනා නෙවේ හෙට එවන්නෙ. එහෙම උනාම සල්ලි වියදම් උනාට කිසි බොන්ඩ් එකක් හැදෙන්නෙ නෑ. සල්ලි වලින් හැමදේම කරගන්න බෑ. හිතවත්කම තියෙන්න ඕනේ.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ගෙදර පිරිස රැකියාවට පිටත්ව සිටින කාලය අතරතුර නිවසට පැමිණ මහළු මවුපියන් රැක බලාගන්නා සේවාවන් ලංකාවේ තියෙනවද?

    මහළු නිවාස නෙමෙයි. තමන්ගේ නිවසටම පැමිණ ඒ මහළු මවුපියන්ගේ වැඩ කටයුතු සොයා බලා කරලා දෙන ආයතනයක් ගැනයි මේ අහන්නේ.

    එහෙම ආයතන තියෙනවද? ඒ වගේ සේවාවක් ලබාගන්න කොපමණ වියදමක් යනවද?

    දැනට ඔබ රැකියාවට පිටත් වූ පසු මහළු මවිපියන් රැකබලාගැනීමට මොන වගේ පියවරද අරන් තියෙන්නේ කියලත් කියන්න පුළුවන්නම් ලොකු උදව්වක්.

    මෙහෙම තැනක් මහරගම පැත්තේ තියෙනවා. නම්බර් එකක් සෙට් උනොත් දාන්නම්.