මහාආර්යවංශදේශනාව

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    මහාආර්යවංශදේශනාව

    මිහිකත සනසවමින්
    මහපොළොව මත ඇවිද ගිය
    ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලාගේ වංශ කතාව....

    *** මහා ආර්යවංශ දේශනාව ***
    එදවස, තුන් ලොවක් සඳහම් හිරු කිරණින් ඒකාලෝක කල අපගේ ශාස්තෘ වූ සම්බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ දී අරියවංශ නමින් දේශනාවක් සිදු කොට වදාළා.ඒ සූත්‍රය ශ්‍රවණය කළ භික්ෂූන් වහන්සේලා 40,000 අරහත්වයට පැමිණ වදාළා.

    එමෙන්ම සිරිලක කසාවතින් බැබලුණු අනුරාධපුර යුගයේ දී ද මෙම උතුම් දේශනාව රැය පහන් වන තුරු උත්සවශ්‍රීයෙන් දේශනා කල බව සඳහන්ය.බැලූ බැල්මට මෙය භික්ෂූන් වහන්සේලාගේ දිවි පැවැත්මට අයත් කරුණු ඇතුළත් වූවක් ලෙස පෙනුනද අතීතයේ වැඩ සිටි මහ රහත් උතුමන් වහන්සේලා මෙය ගිහි උපාසක උපාසිකා පිරිසට ද් ශ්‍රාවක සඟ රුවන පිළිබඳව පැහැදීම ඇතිවන ලෙසින් දස කතාවම ඉස්මතු කරමින් දේශනා කර ඇත.

    එක් පිණ්ඩපාතික තෙර නමක් ආර්යවංශ ධර්මය ඇසීමට ගොස් සිටියදී පය සර්පයකු විසින් දෂ්ඨ කලත් එය ඉවසමින් රැය පහන් වන තුරු දේශනාව ඇසූ බවද, එක් උපාසිකාවක් පස් යොදුනක් පා ගමනින්ම ගොස් ආර්යවංශ දේශනාව ඇසූ බවද, අනුරාධපුරයේ සිට රුහුණේ මාගම දක්වා අති දීර්ඝ මග පා ගමනින්ම ගොස් ආර්යවංශ දේශනාව ඇසූ ගිහි පැවිදි පිරිස් ගැනද අටුවාවන්හි සඳහන්ය.

    එතරම් අසිරිමත් සිදුවීම් රාශියකට පසුබිම් වූ ආර්යන් වහන්සේලාගේ ගුණ කදම්බය රැදුණු සූත්‍රය රැයක් පහන් වන තුරුම අසන්නට ලැබෙනවානම්....
    මෙදවස රාගයෙන් මුසපත්ව ද්වේශයෙන් දැවී ගිය අසරණ සිත් සතන් ඒ සඟ ගුණ බලයෙන් නිවා සනසාලිය හැකිනම්.... ඒ ඔබ මනුෂ්‍යයෙක් විදිහට ලබන මහා වාසනාවක් නෙවෙයිද...
    කෙළවරක් නොමැතිව ආපු සසරේ ඉතාම දුර්ලභව ලැබෙන අගනාම අවස්ථාවකි මෙය......

    එදවස බොහෝ දෙන සදහටම සසර දුකින් එතෙර කරවු ඒ දහම් පද එකින් එක යලි යලිත් විඩාබර සවන්පත් අතරට මුසු කරන්නට කාලයයි.එසේනම් ඒ වටිනා අවස්ථාව මගහැර නොගෙන ඒ බුදු සමිඳුන් ජීවමාන කරවන ඒ මිහිරි සද්ධර්මය අසා,දහම තුලින් සග රුවන දැකගන්න.....

    මෙත් සිතින් කරනා මේ පුන්‍යවන්ත ඇරයුම සතුටු සිතින් පිලිගෙන පින් කැමැත්තෝ සැදෑහ සිතින් පැමිනෙත්වා...