මහාකාල උපාසක ගුටි කා මැරුම් කෑමට හේතුව

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    ꧁━━━━━━ •⊰🛞⊱• ━━━━━━꧂
    මහාකාල උපාසක ගුටි කා
    මැරුම් කෑමට හේතුව
    ꧁━━━━━━ •⊰🛞⊱• ━━━━━━꧂

    මොහු බණ අසා සෝවාන් වූ උපාසකතුමෙකි. දිනක් රාත්‍රී බණ ඇසීමට දෙව්රමට ගොස් බණ අසා උදෑසන දෙව්රම් වෙහෙර පොකුණකින් මුහුණ සෝදමින් සිටියේ ය. රෑ ගෙයක් බිඳ වස්තුව පැහැරගත් සොරුන්, ගේ හිමියන් ලුහු බඳිනා කල මහාකාල උපාසක ඉදිරියේ බඩු දමා පැන ගියහ. පසුපස පන්නා ආ ගේ හිමියෝ ඒ භාණ්ඩ දැක “නුඹ ගෙවල් බිඳිමින් බණ අසන්නෙකුසේ හැසිරෙනු දැ යි ” කියමින් හොඳටම පහරදි මරා දැමූ හ.

    භික්ෂූන් මෙය දැක නිවැරදි මිනිසාට පහර කා මිය යාමට වීම ගැන කම්පා වී බුදු සමිඳුට සැල කළහ. තථාගතයන් වහන්සේගෙන් මෙසේ වීමට හේතුව වදාළ සේක.

    මොහු පෙර ආත්මයක දී එක් ස්ත්‍රියක් කෙරෙහි ප්‍රේමයෙන් ඇලී ඇය හිමිකර ගැනීමට, ඇගේ නිරපරාද වූ ස්වාමියාට බොරු වරදක් පමුණුවා මැරුවේ ය. අකුසල කර්මය මතු වී මේ දිවියේ මෙසේ දුක් විඳ මැරෙන්නට වූයේ යැ යි වදාළ සේක.

    (ධම්මපද අට්ඨ කථා -517 පිට)

    https://pitaka.lk/books/karma-vipaka/7-27.html

    අකුසල් බලවත් වෙලා විපාක වාරය එද්දි හේතුඵලව ඊට අදාළ පරිසරය සැකසී, අතීත හේතු සකස් වී ඇති ආකාරයට විපාක දෙන ආකාරය නුවණින් විමසා බලන්න. මාර්ගඵල ලබා සිටියත් අදාළ හේතුවලට ඵලය සකස් වන ආකාරය බලන්න. කුසල විපාක වගේම අකුසල් විපාකත් හේතුඵලවම සැකසිලා අවසන් වෙන ආකාරය...
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,474
    36,424
    113
    මැදමහනුවර
    මොහු පෙර ආත්මයක දී එක් ස්ත්‍රියක් කෙරෙහි ප්‍රේමයෙන් ඇලී ඇය හිමිකර ගැනීමට, ඇගේ නිරපරාද වූ ස්වාමියාට බොරු වරදක් පමුණුවා මැරුවේ ය.
    මහ වේසබල්ලෙක්
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,954
    11,399
    113
    මොහු පෙර ආත්මයක දී එක් ස්ත්‍රියක් කෙරෙහි ප්‍රේමයෙන් ඇලී ඇය හිමිකර ගැනීමට, ඇගේ නිරපරාද වූ ස්වාමියාට බොරු වරදක් පමුණුවා මැරුවේ ය. අකුසල කර්මය මතු වී මේ දිවියේ මෙසේ දුක් විඳ මැරෙන්නට වූයේ යැ යි වදාළ සේක
    Blah blah blah