මහාචාර්යවරයකුගේ මතකයක්

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කතාවනම් සුපිරියි...
    හැබැයි පෞද්ගලික ජීවිතේත් මෙහෙම නම්..
    මම නම් අහල තියන්නෙ ගංගානාත් දිසානායක මහත්තය පට්ට බඩු කාරයෙක් කියලා...
    :P

    වඩා වැදගත් පුද්ගලයා කවුද යන්න නොව, ඔහු කියන්නේ කුමක්ද යන්නයි.
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ගංගානාත් දිසානායක ලියපු එකක් ද ?
    ඔව් මචං ,
    මහාචාර්ය ගංගානාත් දිසානායකගේ ජිවිත කතාවේ , පොඩි කොටසක් .
    අපේ ජිවිත වලටත් වැදගත් වෙයි කියල හිතල බෙදා ගත්තේ . ! :)
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    පිටකොටුව මැනිං මාකට් එක ළඟ කළුපාට දියවෙච්ච පරණ කුඩ කබලකට මුවා වෙලා බිම වාඩි වෙලා, කරපිංච විකුණන අම්මා, මට ඉගෙන ගන්න වියදං කරල තියෙනවා. අදටත් තව කාට හරි වියදං කරනව. ගුණසිංහපුර හන්දියෙන් සැර දාල හරෝන 138 බස් එකේ ඉස්සරහ දොර පොල්ලෙ එල්ලිලා "මාරගම... මාරගම" කියලා කෑගහන කොන්දොස්තරත් මට ඉගෙන ගන්න වියදං කරල තියෙනවා. මගේ කන්තෝරු කාමරේ පිහදාන්න එන විමලා මට ඉගෙන ගන්න වියදං කරලා තියෙනවා. අව්වේ වැස්සේ බස්වල තෙරපි තෙරපී පාර තොටේ දාඩිය පෙර පෙරා යන එන වැඩ කරන දෙනෝදාහක් ගෑනු මිනිස්සු මට ඉගෙන ගන්න වියදම් කරලා තියෙනවා. මේ හැමෝම තමන්ට කවදාවත් වරමක් නැති තමන්ගෙ දරුවන්ටත් නොලැබුණ, උපදින්න ඉන්න දරුවන්ටත් ලැබෙයිද කියලා දන්නෙ නැතුව තව කාට කාට හරි ඉගෙන ගන්න අදටත් වියදං කරනවා.

    සිරාවටම හිතට වදිනවා.rep +

    ඔව් මචං ,
    බොහොම ස්තුති මචන් .
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    පැණි වලලු එකේ කතාවක් මහාචර්ය ගන්ගානත් මහතාගේ මතක නැද්ද බන්.


    ඔව් මචං ,
    මහාචාර්ය ගංගානාත් දිසානායකගේ ජිවිත කතාවේ , පොඩි කොටසක් .
    අපේ ජිවිත වලටත් වැදගත් වෙයි කියල හිතල බෙදා ගත්තේ .
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ගංගානාත් දිසානායක මහත්තයගේ වැඩසටහනක් යනවා හැමදාම සෙනසුරාදා රාත්‍රී 7 ඉඳන් 9 වෙනකන් වී fm එකේ. ඒක නියම වැඩසටහනක් අර නිවේදිකා ගෑණි හුරතල් වෙවී දඟලන එක විතරයි අවුල.

    ලංකාව ගොඩ ගන්න බෑ බං සුදුස්සාට සුදුසු තැන ලැබෙනකන්. ඒ වගේම හොර තක්කඩි පාර්ලිමේන්තුවට යවන එක ලංකාවේ ඉන්න මෝඩ ‍රැල නවත්තනකන්.

    සම්පුර්ණ ඇත්ත මචං .
    මිනිස්සුන්ගේ අදහස් පවා වේගයෙන් වෙනස්වෙන්න ඕනේ .
    නැතුව අපේ රට ගොදදන්න අමාරුයි .
    :no::no:
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    අම්මගේ මූනෙ තියෙන සතුට. අප්පච්චි මොකුත් නොකියා හිටියට අප්පච්චිත් ඉන්නෙ සතුටින් බව මම දන්නවා. අවුරුදු පහළවක් ඉගෙන ගත්තු එකේ ප්‍රතිඵලේ. ඒත් අම්මයි අප්පච්චියි සතුටු වෙන්නේ අවුරුදු පහළවක් වියදම් කරපු සල්ලි අපතේ ගියේ නෑ කියල නෙවෙයි. මගේ කොල්ලා උඩින්ම විභාගේ පාස් ය කියල. මටනං එච්චර සතුටක් නෑ. මාස ගානක් ගත්තු ආතල් තව ටික දාසකින් කුඩු. අයෙ පලයන්කෝ පන්ති.

    උදේ තුනට ඇහැරෙන්නෝනේ පන්ති යන්න. මොන කරදරයක්ද. අම්ම ඔළුවත් පීරනව. මට තාම නිදිමත. මේ යක්කු ඉස්කෝලේ පටන් ගන්නත් කලිම්ම පන්ති කරන්න පටන් ගන්නෙ අහවල් මගුලකටද? "මේ ඉත්තෑ කූරු පිරන්න නම්.." කියාගෙන අම්ම නැගිටිනව.

    ටිකකින් නැගිටලා ගේ ඇතුළට යන අම්ම, රුපියල් එක්දාස් පන්සීයක් ම ගෙනල්ල දෙනව. ක්ලාස් එකට රුපියල් එක්දාස් දෙසීයයි. බස්සෙකට සීයයි. ඉතුරු දෙසීය දෙන්නේ බැඳලා දෙන බත් එක මදි වෙයි කියලද කොහෙද. ඒක වේල් දෙකකටත් වැඩි බව කියන්නයැ අම්මට.

    ක්ලාස් ඇරුණම කුරුල්ලා වගේ ගෙදර දුවගෙන ඇවිල්ල මං වාඩි වුණා කොම ගාව. ගෙදර නැති දවසට නොටිෆිකේෂන් 99+ වෙන්නම පිරිලා. සෙට් එක මම නැතුව ඔන්ලයින් හේලෝ ගහලා. මොන මගුලක් ද. කිල්ස් පන්සීයක් අරගෙන දාන්න ඕනෙ ස්ක්‍රීන් ශොටක් ගහල එෆ් බී. උන්ගේ මූණු දෙක වෙලා යන්න. ආර් පී ජී එකක් අරගෙන තියාගෙන තියාගෙන යන අතරේ "අද මොනාද පුතේ ඉගැන්නුවෙ?" කියල අම්ම අහනව ඇහුණත් මම නෑහුනා වගේ හිටිය.

    අවුරුද්දක් ගියා දන්නේ වත් නෑ මම. මට ගානකුත් නෑ. අම්මල කොළඹට සල්ලි යවල පිසික්ස් පොත් ගෙන්නපුව බෑග් පිටිම්ම තියෙනව. ඒව අල්ලලා බලන්නවත් උවමනාවක් දැනුණේ නෑ. ඔය විදිහට අවුරුදු දෙකම ගියා.

    අම්මගේ මූනෙ තියෙන්නේ දුකක් ද අනුකම්පාවක් ද කියල මට තේරෙන්නේ නෑ. අප්පච්චි මොකුත් නොකියා හිටියට අප්පච්චිත් ඉන්නෙ දුකින් බව මම දන්නවා. අද උසස් පෙළ රිසාල්ට් ඇවිල්ලා. ඒ දුක අවුරුදු දෙකක් වියදම් කරපු සල්ලි අපරාදෙ කියල දැනෙන දුකක් නෙවේ. මගෙ කොල්ල විබාගෙ පේල් කියල හිතුනම දැනෙන දුකක්.

    අම්ම මගේ ඔළුව පීරනව. ක්ලාස් යන්න සල්ලි දෙනකොට මම අම්මගේ මූණ බැලුව. මීට අවුරුදු දෙකකට කලින් දැක්ක අම්මගෙ මූනෙයි මේ මූනෙයි වෙනසකට තියෙන්නෙ රැළි දෙක තුනක වෙනසක්.

    ක්ලාස් ඇරුණම කුරුල්ලා වගේ ගෙදර දුවගෙන ඇවිල්ල මං වාඩි වුණා කොම ගාව. එළකිරියේ මහාචාර්යවරයෙකුගේ මතකයන් දාලා. මහාචාර්යවරුන්ට විතරක් නෙවෙයි අපි හැමෝටමත් මතකයන් තියෙනවා කියල මට හිතුණා.


    උබ මේ දාපු කතාවත් හිතට වදිනවා බං .
    ජිවිතේ කියන්නේ ඕකට තමයි .

    මේ ලෝකේ වෙනස්වෙන දේවල් අතර වෙනස්නොවෙන දේවල් තමයි මචන් ඔය කිව්වා වගේ දෙමාපියන්ගේ ආදරය , කරුණාව , දයාව හා බැදීම .
    අපේ ජිවිත වලටත් වැදගත් වෙයි කියල හිතල බෙදා ගත්තේ . ! :)

    බොහොම ස්තුති මචන් .