මහානුභාව සම්පන්න ගාථා (ජීවිතය ජය ගැනීමට)

Freeway90

Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama
    rathnamali.jpg
     

    DonnieBrasco

    Member
    May 7, 2012
    480
    135
    0
    Austria
    ජය පිරිත

    නිර්මල වූ සුවාසුදහසක් ධර්මස්කන්ධය අතුරින් ධර්ම කොටස්ද ලැබිය හැකි ආධ්‍යාත්මික සංවර්ධනයේ යම් යම් අභිඤ්ඤාවන් තුළින් ද ශ්‍රාවකයාට සෙත සැලසෙන ලෙස දේශනයේ සඳහන් වේ. සීල සමාධි, ප්‍රඥා යන ත්‍රිවිධ ශික්‍ෂාවන්ගේ (සීල, සමාධි, පඤ්ඤා නුභාවේන) ආනුභාවයද බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආනුභාවය ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ (අට්ඨංගික මග්ගානුභාවේන) අනුහසින්ද අෂ්ඨ සමාපත්ති හා අභිඤ්ඤාවන්ගේ ආනුභාවයෙන් හා තේජසින් සැමට යහපත සැලසේවා යන්න මෙහිදී ආශිංසනය කෙරේ
    වර්තමාන පිරිත් පොත් වහන්සේ තුළ අන්තර්ගත අතිරේක සූත්‍ර අතර ජය පරිත ප්‍රමුඛතම දේශනාවකි. සියලු රෝගයන්ට මෙන්ම යක්ෂ භූත මෙන්ම ග්‍රහදෝෂයන්ගෙන් මිදීම සඳහා මෙම දේශනය බෞද්ධ ජනතාව අතර අතිශයින්ම ජනපි‍්‍රය වේ. (සෙත් පැතීම සඳහා බහුලව මෙම දේශනාව සෙත්පිරිත් සඳහා ලාංකේය ජනතාව යොදා ගැනීමට මහත් කැමැත්තක් දක්වනු ලබන්නේ එහි අඩංගු සත්‍යක්‍රියාවේ බලය පිළිබඳ ඇති අචල විශ්වාසය නිසාවෙනි.

    සෞභාග්‍ය ළඟාකරවන මහත් ධෛර්යෙන් හා මහා ප්‍රඥාවෙන් අනූන ඍධිමත් හා මහා ගුණස්කන්ධයන්යෙන් පිරි බුදුරදුන්ගේ ගුණයන් ශරීර ලක්‍ෂණ,අචල ධර්මය, පාරමී ධර්ම, ත්‍රිපිටකය, සමාපත්ති,අභිඤ්ඤා,ආර්ය අෂ්ඨාංගික මාර්ගය, සිව්බඹ විහරණ ,ෂඩ්වර්ණ බුද්ධ රශ්මිමාලාව, ත්‍රිවිධ ශික්ෂා (සීල , සමාධි, ප්‍රඥා) ආදි උත්තම සංකේත හා ගුණස්කන්ධයත් නිර්මල ධර්මය මෙන්ම අහස පොළොව, තටාක, ගංගා, මහසමුදුර ආදි සාර භාර වස්තුන්ගේ ආනුභාවය කරණ කොට යහපතක් සෙතක් ධනලාභ, වාසනාව, සැප බලය හා ආයුෂ, වර්ණ සම්පත්,භෝගවර්ධනය කීර්තිය මෙන්ම සියවසකට වැඩි කාලයක් ආයුෂ ජීවසිද්ධිය ලැබේවා (භෝගං වුද්ධීච යසවා සතවස්සාච ආයූච ජීවසිද්ධි භවන්තුතේ) යන්න දේශනාව අවසානයේ ආශිංසනය කෙරේ.
    බුදුගුණ හා බෝධිසත්ව ගුණයන්ගෙන් ආරම්භවන පිරිත අවසන් වන්නේ මෛත්‍රිය කරුණාව පුරුදු කරමිනි. එනම් දුක්, රෝග භය,වෛර සෝක කරදර සමනය වේවා. (දුක්ඛරෝගභයා වේරා සෝකා සබ්බේ උපද්දවා)
    බුදුරදුන්ගේ දෙතිස්මහා පුරිස ලක්ඛණයන්ගේ (දේවත්තිංස මහාපුරිස ලක්ඛණ) අනුහසින් අසූවක් වු අග්‍රව්‍යඤ්ජන (අසීත්‍යනුඛ්‍යඤ්ජන) ලක්‍ෂණයන්ගේ අනුහසින්. සවනක් ගණ බුද්ධරශ්මියේ (ඡබ්බණ්ණරංස්‍යානුභාවේන) ආනුභාවයෙන් කේතුමාලා නුභාවයෙන් මෙන්ම දසපාරමිතා උපපාරමිතා පරමත්ථානුභාවයෙන් සෙත ශාන්තිය උදාවේවා යි සත්‍යක්‍රියාව සිදුකරයි.
    නිර්මල වූ සුවාසුදහසක් ධර්මස්කන්ධය අතුරින් ධර්ම කොටස්ද ලැබිය හැකි ආධ්‍යාත්මික සංවර්ධනයේ යම් යම් අභිඤ්ඤාවන් තුළින් ද ශ්‍රාවකයාට සෙත සැලසෙන ලෙස දේශනයේ සඳහන් වේ. සීල සමාධි, ප්‍රඥා යන ත්‍රිවිධ ශික්‍ෂාවන්ගේ (සීල, සමාධි, පඤ්ඤා නුභාවේන) ආනුභාවයද බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආනුභාවය ආර්යඅෂ්ඨාංගික මාර්ගයේ (අට්ඨංගික මග්ගානුභාවේන) අනුහසින්ද අෂ්ඨ සමාපත්ති හා අභිඤ්ඤාවන්ගේ ආනුභාවයෙන් හා තේජසින් සැමට යහපත සැලසේවා යන්න මෙහිදී ආශිංසනය කෙරේ.
    මව්පියන් තුළ මෙන්ම මහා බ්‍රහ්මයා සතු උතුම් ගුණ හතරක් දේශනාවේ සඳහන් අතර ජයපිරිත් දේශනය තුළද එය ඇතුලත්ව ඇති අතර මෙහිදී එය සත්‍ය ක්‍රියාවක් බවට පත්වී ඇත. (මෙත්තා, කරුණා, මුදිතා උපෙක්ඛානුභාවේන) මෙම ගුණයන් නිසා ඔබගේ (තුය්හං) සියලු රෝග (සබ්බ රෝග) ශෝකයන් (සෝක) උපද්‍රවයන් (උපද්දව) දුක් දොම්නස් නැතිවේවා සියලු පැතුම් ඉටුවේවා දීර්ඝායුෂ (දීඝායුකෝ හෝතු) වේවා යන මෙහි ප්‍රාර්ථනයයි.

    අහස, පර්වත,වනබිම් තටාක ගංගා මහමුහුදට අධිගෘහිත සියලු සම්‍යක්දෘෂ්ඨික (යහපත කැමති) දෙවියෝ ඔබෙ රැකවරණය සලසත්වා. අතීත අනාගත වර්තමාන යන තුන්කාලයට අයත් ආර්ය සංඝයාගේ අනුහසින් ත්‍රිපිටකයේ (සූත්‍ර, විනය,අභිධර්ම) අනූන සිතින් සියලු රෝග උපද්‍රව දුරුවෙත්වා, භය අනතුරු, කරදර අසුභ නිමිති සිත්වේදනා ගෙන දෙනදේ දුරින් දුරුවේවායි මෙයින් ප්‍රාර්ථනා කරයි.සියලු කාලයේම ආයුසින්, ධනයෙන්, බලයෙන්, වර්ණයෙන් හා සැපයෙන් වර්ධනය වේවා (ආයු වඩ්ඪකෝ ධන වඩ්ඪකෝ වණ්ණ වඩ්ඪකෝ ) වශයෙන් සර්ව සුබසිද්ධිය ප්‍රාර්ථනා කරයි.
    ලෞකික ජීවිතයේ අදෘශ්‍යමාන යම් අයහපත් බලවේගයකින් මිනිසාට හානි පැමිණෙන්නේ නම් ඉන්මිදීමට මෙය මහත් (ශක්තියක් වනු ඇත.
    මෛත්‍රිය , කරුණාව,සපිරි සත්‍යවචන නැවත නැවත දේශනා කරවා ගැනීමත් එය අධිෂ්ඨානයක් හැටියට සිදු කිරීමත් ආදි පිරිත හා සබැදි ක්‍රියා මුල් බුදු දහමට එකඟ වූ කාරණා සමූහයකි. බුද්ධ කාලයේ පවා ඇතැම් සූත්‍ර දේශනා ශ්‍රාවක භාෂිතයන්ය. බුදුරදුන් මාතෘකාව පමණක් තබා ගිය පසු සැරියුත් ආදි තෙරවරු දේශනා කළ සූත්‍රයවද ඇත.ඇතැම් සූත්‍ර දේශනා ශ්‍රාවකයන් වහන්සේලා විසින් දේශනාකර බුදුරදුන්ගේ අනුමැතිය ලබාගත් සූත්‍ර ඇති අතර දෙවියන් විසින් බුදුරදුන් හමුවේ දේශනා කර උන්වහන්සේ අනුමතකර නැවත දේශනා කළ සූත්‍රද පිරිත් පොත්වහන්සේ තුළ පවා දක්නට ඇත. ආටානාටිය සූත්‍ර දෙක එවැන්නකි.
    සෙත් ශාන්තිය බෞද්ධ දර්ශනය නොව නත් සාමාන්‍ය ජනතාව උදෙසා එය අනවශ්‍ය වූවක් නොවේ. විශාලා මහනුවරදී ඒ සදාචාර පූර්වෝපදේශකත්වය බුදුරදුන් පැනවූ බව ශාසන ඉතිහාසයෙහි සඳහන් වේ. මෙම දේශනය තුළින් නියමඵල ලැබීමට නම් එය ප්‍රතිපත්ති ගරුකව සිදු කිරීම ඉතා යහපත් වන අතර සාහසික ක්‍රියාවන්ගෙන් ජය ලැබීමට මෙම දේශනය යොදා ගැනීම ඵල රහිතය. ධාර්මික ක්‍රියාවන්ගෙන් හා සිතුම්පැතුම් සඵල කර ගැනීමට එකපැත්තකි මෙය. බුද්ධ මන්ත්‍රයකි. නොවරදින පිළිවතකි. ධර්මයට අනුව ජීවත්වන ලොකු කුඩා සෑම කෙනෙකුටම මෙයින් යහපත් සැලසීම නොවැලැක්විය හැකි අතර හදි හූනියම් අණවින, කොඩිවින ආදි ක්‍රියාවන්ගෙන් පවා අතුරු ආන්තරා සිදුවීම මෙම දේශනාව තුළින් වැලැකේ. ලෞකික මන්ත්‍රවලට කළ නොහැකි බොහෝ දේ මෙම නික්ලේෂී ගුණයෙන් යුත් ජයපිරිත නමැති සත්‍යවචනයට කළ හැකිය.

    තෙරුවන් සරණයි !!