මහා භීෂණයක්‌ අත ළග..

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0
මහා භීෂණයක්‌ අත ළග..


සුන්නි වහාබ්වාදීන් නිසා මනුෂ්‍ය ලෝකය තෙවැනි මහා ලෝක යුද්ධයක්‌ අබියසට පැමිණ ඇත. මෙය සැබවින්ම ලොමු දැහැගන්වන කථාවකි. ලෝක යුද්ධයක්‌ ඇති වන්නේ කෙසේදැයි යමකු විමසිය හැක. සිරියාවේ කොබානි නගරය අයි.එස්‌.අයි.එස්‌. ත්‍රස්‌තයන් අතට පත්වූවහොත් ඔවුන් තුර්කිය හරහා බටහිර යුරෝපයට ඇතුළුවීමේ සම්භාවිතාව ඉතා වැඩි බව ත්‍රස්‌ත විශ්ලේෂකයෝ පවසති. අබුබකර් බැග්ඩැඩිගේ කණ්‌ඩායමට අවශ්‍ය වන්නේ ප්‍රංශයට, ජර්මනියට, බ්‍රිතාන්‍යයට පහරදීමටය. ඔවුන් බටහිර යුරෝපයට ඇතුළු වන්නේ සරණාගතයන් ලෙස වෙස්‌වලාගෙනය. තුර්කියේ දේශසීමාවන් හරහා ගමන් කිරීමට අපහසු නැත. සිරියාවේ සටන් කිරීමට පැමිණි විදේශ ජිහාඩ් සාමාජිකයන් තම ගමන් මාරරගය සලසා ගත්තේද තුර්කිය හරහා ගොසිණි. බ්‍රිතාන්‍යයේ හිටපු විදේශ අමාත්‍ය කිට්‌ හොබෙල් ප්‍රකාශ කරන්නේ තුර්කිය අයි.එස්‌.අයි.එස්‌. සාමාජිකයන් මර්දනයට ක්‍රියා නොකළහොත් බටහිර යුරෝපයම බලවත් අනතුරුදායක තැනකට පත්වන බවය.

මෙතෙක්‌ තුර්කිය අයි.එස්‌.අයි.එස්‌. සාමාජිකයන් මර්දනය කිරීමට පියවර ගෙන නැත. ඔවුන් එරෙහි වන්නේ ජිහාඩ් සාමාජිකයන්ට වඩා කුර්දිවරුන්ටය. කොබානි නගරයේ සමහර තැන්වල අයි.එස්‌.අයි.එස්‌. කොඩි ඔසවා ඇත. එහෙත් තුර්කි හමුදා යුද ටැංකි දේශසීමාවේ නවතා ඇත. කිසිම පහරදීමක්‌ සිදුවන්නේ නැත. තුර්කියේ ප්‍රශ්නය අයි.එස්‌.අයි.එස්‌. වරුන් නොව කුර්දි ජනතාවය. තුර්කියේ වෙනම කලාපයක්‌ ඉල්ලා කුර්දිවරුන් සටන් කරන්නේ දශක ගණනාවක සිටය. එනිසා මුස්‌ලිම් අන්තවාදීන් විසින් කුර්දිවරුන්ට පහරදීම ගැන තුර්කිය රහසේ සතුටු වේ. තුර්කිය සුන්නි වහාබ්වාදයට රහසේ ආශිර්වාද කිරීම මගින් බටහිර යුරෝපය බලවත් අනාරක්‍ෂිත තත්ත්වයකට ඇදවැටී තිබේ.

අයි.එස්‌.අයි.එස්‌. සංවිධානය තුර්කි දේශසීමාව අසලට පැමිණීම ගැන ප්‍රකාශයක්‌ නිකුත් කරන දකුණු වේල්සයේ පොලිස්‌ කොමසාරිස්‌ සිමොන් වෙස්‌ටන් සඳහන් කරන්නේ ඇත්තටම මේ උදා වී ඇත්තේ තෙවැනි ලෝක යුද්ධය බවය. අයි.එස්‌.අයි.එස්‌. නායක අබුබකර් ඉකුත් ජූලි මාසයේදී විශේෂ ප්‍රකාශයක්‌ නිකුත් කරමින් සඳහන් කළේ තමන් රෝම නගරයට පහරදී අල්ලා ගන්නා බවය. යුරෝපා ක්‍රිස්‌තියානි ශිෂ්ටාචාරයේ වැදගත්ම නගරයක්‌ වන්නේ රෝමයයි. මේ ප්‍රකාශය නැවත වරක්‌ තහවුරු වූයේ මේ වහාබ්වාදීන් නිකුත් කරන ඉංග්‍රීසි සඟරාවේ නව කලාපය අනුවය. මේ සඟරාවේ නාමය වන්නේ Dabig වේ. ඩබීක්‌ යනු සිරියාවේ නගරයකි. 1516 දී මෙම නගරය ඔටොමාන්වරු අතට පත්විය. මල්මුක්‌වරු පරාජය කර මේ නගරය දිනාගැනීමෙන් පසු අවසන් ඉස්‌ලාමික රාජ්‍ය ප්‍රකාශයට පත්කරන ලද්දේ මේ නගරය ප්‍රධාන කරගෙනය. මෙම ඉංග්‍රීසි සඟරාවේ මුල් පිටේ ඡායාරූපය කුමක්‌ද? එය වතිකානුවේ ශාන්ත පීතර චතුරශ්‍රය මැද පිහිටි ඊජිප්තු ශිලා ස්‌ථම්භයේ ඉස්‌ලාමික රාජ්‍යයේ කොඩිය ඔසවා ඇති ආකාරය නිරූපණය කරන්නකි. මෙය නිර්මාණයක්‌ වුවද සුන්නි සටන්කාමීන්ගේ අවසන් අරමුණ වන්නේ වතිකානුවද මුස්‌ලිම් රාජ්‍යයට එක්‌කිරීම බව ඉතා හොඳින් ප්‍රකාශ කර ඇත. මෙය ලොව පුරා වෙසෙන බිලියන 1.2 ක කතෝලිකයින්ගේ හද පාරන්නකි. එමෙන්ම කෝපයක්‌ද ඇතිකරවන්නකි. ක්‍රිස්‌තියානි - මුස්‌ලිම් ගැටුම ඇති කිරීම අත්‍යවශ්‍ය වී ඇත්තේ මේ ත්‍රස්‌තනායක අබුබකර්ටය. මෙම සඟරාවේ ප්‍රධාන ලිපිය වන්නේ 'The Failed Crusade" යන ලිපිය විසින් ප්‍රකාශ කරන්නේ කුමක්‌ද? කතෝලිකයන්ට හා ක්‍රිස්‌තියානින්ට පහරදෙන ලෙසය. ඇත්තෙන්ම අයි.එස්‌.අයි.එස්‌. සංවිධානය ඉරාකයේ හෙසුලි නගරයේ ක්‍රිස්‌තියානි පල්ලි විනාශකරමින් එම ආගමිකයන් ඝාතනය කරමින් සැහැසි අන්දමින් කටයුතු කළ ආකාරය අපට මතකය. ඇමරිකානු හමුදා විසින් අගෝස්‌තු 08 වැනිදා සිට ඉරාකයට ගුවන් ප්‍රහාර දීම ආරම්භ කළේද ක්‍රිස්‌තියානින්ට වන හිරිහැර සමස්‌ත බටහිර ලෝකයම කම්පාවට පත්කළ නිසාය.

ඩබීක්‌ සඟරාවේ අයි.එස්‌.අයි.එස්‌. සංවිධානයේ ප්‍රකාශක මොහොමඩ් අල් අද්නාතිගේ ප්‍රකාශයක්‌ අඩංගුවේ. එහි සඳහන් වන්නේ කුමක්‌ද? අපි නුඹලාගේ රෝම නගරය ආක්‍රමණය කරනවා. නුඹලාගේ කුරුස කඩා බිඳ දමනවා. නුඹලාගේ ස්‌ත්‍රීන් ලිංගික වහලුන් බවට පත්කරනවා. ඒ සඳහා අල්ලාහ් දෙවියන්ගේ අනුමැතිය ලැබෙනව. ඇත්තටම රෝමය ආක්‍රමණයට අපිට කාලය ඉතිරි නොවුණහොත් අපි දරුවන් හෝ මුණුපුරන් හෝ මේ කාර්යය අනිවාර්යයෙන් කරනවා. එවිට නුඹලාගේ දරුවන් අපි වහලුන් ලෙස ගෙන විකුණා දමනවා' යෑයි ප්‍රකාශ කර ඇත. මෙය සමස්‌ත යුරෝපා ශිෂ්ටාචාරයටම තර්ජනයකි. මොවුන් ශිෂ්ට සමාජය නැවත වහල් යුගයට ගෙනයැමට උත්සාහ කරන බව පෙනී යයි. එනිසාම ශිෂ්ටත්වය රැකගැනීම වෙනුවෙන් තෙවැනි ලෝක යුද්ධය ඇරඹෙනු ඇත.

සෑම මුස්‌ලිම්වරයකුම නිවසින් එළියට විත් මිථ්‍යාදෘෂ්ඨිකයින් මරා දැමිය යුතු බවත් මේ සමඟ රෝම නගරයේ ඉස්‌ලාමික රාජ්‍යයේ කොඩිය එසවෙන තෙක්‌ම නතර නොකළ යුතු බවත් එම සඟරාවේ සඳහන් වේ. අයි.එස්‌.අයි.එස්‌. නායකයා රාමසාන් වෙනුවෙන් නිකුත් කළ පණිවුඩයේ රෝමය අල්ලා ගන්නා බව පැවසීමත් සමඟම වතිකානයට ප්‍රහාරයක්‌ එල්ල වෙතැයි

මහා භීෂණයක්‌

කටකතා පැතුරුණද ඒ ප්‍රකාශ බෙනඩික්‌ පාප්තුමා විසින් ප්‍රතික්‍ෂේප කෙරුණි. කවරක්‌ නමුත් ඩාබීක්‌ සඟරාව අනුව නම් වතිකානුවද ත්‍රස්‌ත ඉලක්‌කයක්‌ බවට පත්ව ඇති බව පැහැදිලිය. බටහිර ලෝකය මේ තර්ජනයට මුහුණදීමට සූදානම් විය යුතුය.

කොබානි නගරය ඇද වැටුණහොත් සමස්‌ත යුරෝපයම අනතුරට ලක්‌වන නිසා ඇමරිකානු ගුවන් ප්‍රහාර දැඩිකර ඇත. ජනපති බැරක්‌ ඔබාමා ප්‍රකාශ කර ඇත්තේ කොබානි නගරයේ තත්ත්වය පිළිබඳව තමන් දැඩි අවධානයෙන් සිටින බවයි. ඇමරිකානු ගුවන් හමුදාව පැය 24 ක්‌ ඇතුළත කොබානි නගරය තුළ හා එයින් පිටත අයි.එස්‌.අයි.එස්‌. ඉලක්‌ක වෙත ගුවන් ප්‍රහාර 39 ක්‌ එල්ල කර ඇත. මේ නිසාම කුර්දි හමුදාවන්ට යම් වාසිදායක තත්ත්වයක්‌ නිර්මාණය වී ඇති බව ඉකුත් බ්‍රහස්‌පතින්දා දිනයේ ඇමරිකානු මාධ්‍ය වාර්තා කර තිබිණි. ඉරාකයේ හා සිරියාවේ සුන්නි වහාබ්වාදීන්ට එරෙහිව සිදුකරන ඇමරිකානු මෙහෙයුම නම් කර ඇත්තේ ''Operation Inherent Resolve' වශයෙනි. ඇමරිකානු හමුදා ඉරාකයේ හා සිරියාවේ ත්‍රස්‌ත ඉලකක්‌ වෙත ප්‍රහාර එල්ල කිරීම ශීඝ්‍ර කිරීමත් සමඟ අබුබකර් අලි බැග්ඩැඩිගේ ත්‍රස්‌ත කණ්‌ඩායමට ලැබෙන ආදායමද අඩු වී ඇත. මීට පෙර ඔවුනගේ දිනක ආදායම ඩොලර් මිලියන තුනක්‌ විය. පාන් බේකරිවල සිට තෙල් ආකර දක්‌වාම දැවැන්ත ආදායම් මාර්ග රැසක හිමිකරුවෝ මොවුන් විය. ලොව ධනවත්ම ත්‍රස්‌තවාදී සංවිධානයද වන්නේ මෙයයි. මීට පෙර මොවුන් දිනකට තෙල් බැරල් හැත්තෑදහසක්‌ නිපදවූ නමුත් ගුවන් ප්‍රහාර නිසා එය විසිදහස දක්‌වා අඩු වී ඇත. මේ තෙල් විකුණා දැමුනේ තුර්කි ව්‍යාපාරිකයින් හරහාය.

කොබානි නගරය ආරක්‍ෂා කිරීමට කුර්දි සටන්කරුවන් දැවැන්ත උත්සාහයක්‌ දරද්දී තුර්කි දේශසීමාවේ පිහිටි කුර්දි සටන්කාමීන්ගේ ඉලක්‌ක වෙත තුර්කි ගුවන් හමුදාව ප්‍රහාර එල්ල කිරීම බටහිර රටවල මෙන්ම ඇමරිකාවේද දැඩි දොaෂදර්ශනයට හේතු වී ඇත. අප ඉහතින් සඳහන් කළ ආකාරයට තුර්කිය වඩා බියවන්නේ කුර්දි සටන්කාමීන්ට මිස මුස්‌ලිම් ජිහාඩ් සටන්කරුවන්ට නොවේ. එනිසා තුර්කියේ අයි.එස්‌.අයි.එස්‌. හිතවාදීත්වය බටහිර ලෝකයට බරපතළ ප්‍රශ්නයක්‌ වී තිබේ. එනිසාම තුර්කි දේශසීමාව අසලට සුන්නි වහාබ්වාදී සටන්කරුවන්ට පිවිසීමට ඉඩ නොදීමට මරාගෙන මැරෙන සටනක්‌ සිදුවෙමින් පවතී. එය තුන්වැනි ලෝක යුද්ධය පිළිබඳ තීරණාත්මකව බලපෑම් එල්ල කරන සටනකි. අපි ඒ දෙස බලා සිටිමු.

චතුර පමුණුව

http://www.divaina.com/2014/10/19/forign.html
 
  • Like
Reactions: Fox Mulder89

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මාද්ය කාරයො ලියන තරම් දෙයක් ඔතන නැ බන්. තලෙයිබාන් එකේ උනුත් මුන්ට විරුද්දයි. ISIS උන් දරුනු වැඩියි කියලා ඔසාමා බින්ලාඩෙන් ගේ සැට් එකත් සෙට් මුන් එක්ක අවුල. සෞදි, එමිරේට්ස් ඔසි වගේ රටවලුත් මුන්ට ඇටැක් කරනවා. ලොකු කේස් එකක් ඔතන නැ. උන්ට ෆයිටර් ජෙට් තියනවා කියලත් සමහරු කියනවා. ඒත් මේ යුද්දේ අරමුන isis මර්දනය නම් නෙමෙයි, එහෙමනම් මේක මෙලහට ඉවරයි. මේක තවත් ඉරාක් ඇෆ්ගන් සීන් එකක්. ඇදෙයි තව සැහෙන කාලයක්.
 

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,156
    12,143
    113
    Ohio, USA
    මාද්ය කාරයො ලියන තරම් දෙයක් ඔතන නැ බන්. තලෙයිබාන් එකේ උනුත් මුන්ට විරුද්දයි. ISIS උන් දරුනු වැඩියි කියලා ඔසාමා බින්ලාඩෙන් ගේ සැට් එකත් සෙට් මුන් එක්ක අවුල. සෞදි, එමිරේට්ස් ඔසි වගේ රටවලුත් මුන්ට ඇටැක් කරනවා. ලොකු කේස් එකක් ඔතන නැ. උන්ට ෆයිටර් ජෙට් තියනවා කියලත් සමහරු කියනවා. ඒත් මේ යුද්දේ අරමුන isis මර්දනය නම් නෙමෙයි, එහෙමනම් මේක මෙලහට ඉවරයි. මේක තවත් ඉරාක් ඇෆ්ගන් සීන් එකක්. ඇදෙයි තව සැහෙන කාලයක්.

    එක මචන් යුදෙව්වන්ගේම වැඩක්. ඇමෙරිකාව ISIS ඒකට ෆුල් සප් එක දෙනවා. ඊයෙත් මම දක්ක PressTV News එකක් කොබනි වලට ඇමෙරිකන් ප්ලේන් වලින් ISIS එකට වෙපන්ස් සප්ලයි කරන එක අතටම අහුවෙලා... මේක දන්න එකා දන්නවා.. කලු කොඩි, "අල්ලහු අක්බර්" කියන ඒවා තනිකර ඉස්ලාමයේ නාමයෙන් වැඩේ කරන්න පාවිච්චි කරන්නේ. හොඳම ජෝක් ගොඩක් ඒකේ තියෙනවා...

    වැඩිය ඕනේ නෑ... ඉස්ලාම් ආගමේ හැම එකාම වගේ පලස්තීනය බලෙන් අල්ලගෙන ඉන්න ඊශ්‍රාඉලයට විරුද්ධව ඉඳලත්, ISIS එක වචනයක්, කටක්, රොකට් එකක් තිය ඩප්පියක් වත් ඊශ්‍රාඉලයට ගහන්නේ නෑ.. නමුත් ක්‍රිස්තියානි රටවල් අල්ලගන්න මහා ලොකුවට කතාකරන්නේ මුන්.. ඒකෙන්ම පේනවා මුන් කවුද කියලා.දැනට මුන් මරන්න පුලුවන් තරමක් මරල තියෙන්නෙත්, ගහන්න පුලුවන් තරමක් ගහල තියෙන්නෙත් මුස්ලිම් රටවල්වලටයි 99% විතර මුස්ලිම් අයටයි විතරයි.