මහා මංගල සූත්‍රය
මහා මංගල සූත්‍රය
පෙර දඹදිව වැසියන් අතර මංගල යනු කිමෙක් දැයි යන ප්‍රශ්නයක් මතුවිය. ඒ පිළිබඳව එකිනෙකා විවිධ අදහස් දැරූ අතර සමහරෙක් ඇසට පෙෙනන දේ මංගල යයි කීහ. ” දිට්ඨ මංගලික" යන නමින් හැඳින්වුණු මොවුහු ඇසට පෙනෙන හොඳ දෙය මංගල ලෙසත් නරක දෙය අවමංගල ලෙසත් පිළිගත්හ.
තවත් සමහරෙක් කණට ඇසෙන දේ මංගල යයි කීහ. ඔවුන් හැඳින්වූයේ “සුත මංගලිකයන්’යනුවෙනි. ඔවුන්ගේ පිළිගැනීම වූයේ කණට ඇසෙන මිහිරි දේ මංගල බවත් අමිහිරි දේ අවමංගල බවත්ය.
ඇතැමෙක් ශරීරයට දැනෙන ස්පර්ශය මංගලයයි කීහ. "මුත මංගලිකයන්" මින් හැඳින්වුනු ඔවූහූ ශරීරයට දැනෙන සැපදායක ස්පර්ශය මංගල බවත් කටුක ස්පර්ශය අවමංගල බවත් පිළිගත් හ.
මසේ මිනිස්සු තුන් කොටසකට බෙදී තම තමන් ගත් මතය සත්‍යය යයි ඔප්පු කිරීමට දිගු කලක් මුළුල්ලේ විවාද කළහ. එහෙත් දිනූ පක්ෂයක් නැත. මිනිසුන් අතර ඇති වූ මෙම මංගල කෝලාහලය පසුව දෙවියන් අතරද පැතිරිණි. ඔවුන්ගෙන් බඹලොව වැසි බ්‍රහ්මයන් අතරද එය පැතිරී ගියේය. සියල්ලෝම කොටස් තුනකට බෙදී වාද කරති. එහෙත් දිනන්නෙක් නැත.
මෙම පැනයට විසඳුම් සොයන්නට කල්පනා කළ ශක්‍ර දේවේන්ද්‍රයා එක්තරා දෙවියෙකු කැඳවා සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ සිටි බුදුරජාණන් වහන්සේ වෙත ඔහු යැව්වේ පැනයට නියම විසඳුම ලබා ගැනීම සඳහාය.
සැණෙකින් තව්තිසා දෙව්ලොවින් අතුරුදහන් වූ ඒ දිව්‍ය පුත්‍රයා සැවැත් නුවර දෙව්රම් වෙහෙරට සම්ප්‍රාප්ත වූයේය. මධ්‍යම රාත්‍රියෙහි ඉතා සිත්කළු ශරීර වර්ණයෙන් මුළු ජේතවනාරාමයම බබළවමින් පැමිණි හෙතෙම බුදුරදුන් වෙත ගොස් වැඳ එකත් පසෙක සිට ‘බහුදේවා මනුස්සාච මංගලානි අචින්තයුං’ආදී ගාථාවෙන් මංගල ප්රශ්නය විචාලේය. බුදුරජාණන් වහන්සේ ඊට පිළිතුරු වශයෙන් මංගල කරුණු තිස් අටක් අඩංගු මහාමංගල සූත්‍රය දේශනා කළ සේක.
මහා මංගල සූත්‍රය සහ භාවය
"ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ අථඛෝ අඤ්ඤතරා දේවතා අභික්කන්තාය රත්තියා අභික්කන්ත වන්නා කේවලකප්පං ජේතවනං ඕහාසෙත්වා යේන භගවා තේනුපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසී ඒකමන්තං ඨීසා ඛෝසා දේවතා භගවන්තං ගාථාය අජ්ඣහාසී"
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් හූ අනේපිඬු සිටුහුගේ ආරාමයේ වැඩ වසන සේක. එකළ එක් දිව්‍ය පුත්‍රයෙක් රාත්‍රියෙහි පෙරමයම ඉක්ම ගිය විට සිත්කළු ශරීර වර්ණයෙන් මුළු ජේතවනාරාමයම බබුළුවා බුදුරදුන් යම් තැනක වැඩ සිටි සෙක්ද, එතැනට පැමිණියේය. එසේ පැමිණ බුදුරදුන් වැඳ එකත්පස්ව සිටියේ ය. එසේ සිටි දිව්‍ය පුත්‍රයා බුදුරදුන්ට ගාථාවකින් මෙසේ සැළකලේය.
බහුදේවා මනුද්දාච - මංගලානි අචින්තයුං
ආකඬ්ඛමානා සොත්ථානං - බ්‍රෑහි මංගල මුත්තමං
යහපත කැමති වන බොහෝ දෙවියෝත්, මිනිස්සුත් මංගල කරුණු ගැන සිතූහ. ඒ උතුම් මංගල කරුණු ගැන දේශකා කරන සේක්වා.
(1) අසේවනාච බාලානං (2) පණ්ඩිතානංච සේවනා
(3) පූජාව පූජ නීයානං - ඒතං මංගල මුත්තමං
(1) අසත්පුරුෂ බාලයන් ඇසුරු නොකීරිමද, (2) සත් පුරුෂ පඬිවරුන් ඇසුරු කිරීමද, (3) පිදිය යුත්තන් පිදීමද, ( යන මේ කරුනු තුන ) උතුම් මංගලයන්ය.
(4) පතිරූප දේස වාසෝච - (5) පුබ්බේච කත පුඤ්ඤතා
(6) අත්ත සම්මා පණීදිච - ඒතං මංගල මුත්තමං
(4) සුදුසු දේශයක විසීම ද, (5) පෙර කරන ලද පින් ඇති බවද, (6) සිත මනා කොට පිහිටුවා ගැනීම ද, (යන මේ කරුනු තුන) උතුම් මංගලයන්ය.
(7) බාහුසච්චංච (8) සිප්පංච (9) විනයෝච (10) සුසික්ඛිතෝ
(11) සුභාසිතාච යාවාචා - ඒතං මංගල මුත්තමං
(7) බොහෝ ඇසූ පිරූ තැන් ඇති බවද (8) ශිල්ප දැනීම ද (9) නීති ගරුක බවද (10) යහපත් කටයුතු වල හික්මීමද (11) යහපත් වචන කතා කිරීමද (යන මේ කරුනු පහ) උතුම් මංගලයන්ය.
(12) මාතා පිතූ උපට්ඨානං (13) පුත්ත දාරස්ස සංගහෝ (14) අනාකුලාච කම්මන්තා - ඒතං මංගල මුත්තමං
(12) මවුපියන්ට උපත්ථාන කිරීම ද, (13) අඹුදරුවන්ට සැලකීමද, (14) නිරවුල් කර්මාන්ත වල යෙදීම ද, (යන මේ කරුනු තුන ) උතුම් මංගලයන්ය.
(15) දානංච (16) ධම්ම චරියා ච (17) ඤාතකානාංච සංගහෝ (18) අනවජ්ජානි කම්මානි - ඒතං මංගල මුත්තමං
(15) දන් දීම ද, (16) දැහැමි ජීවිතයක් ගත කිරීම ද, (17) නෑයන්ට සංග්‍රහ කිරීම ද, (18) ප්රාණගාතාදී කයෙන් සිදුවන අකුසලතාවයන්ගෙන් වැලකීම වැනි නිවැරදි ක්‍රියා ද, (යන මේ කරුනු හතර ) උතුම් මංගලයන්ය.
(19) ආරති විරති පාපා (20) මජ්ජපානා ච සඤ්ඤමෝ
(21) අප්පමාදෝ ච ධම්මේසූ - ඒතං මංගල මුත්තමං
(19) පවෙහි නොඇළීම හා ඉන් වෙන්වීම ද (20) මත් පැනින් වැළකීම ද (21) පමා නොවී කුසල් කිරීම ද, (යන මේ කරුනු තුන) උතුම් මංගලයන්ය.
(22) ගාරවෝ ච (23) නිවාතෝ ච (24) සන්තුට්ඨි ච (25) කතඤ්ඤුතා
(26) කාෙල්න ධම්ම සවණං - ඒතං මංගල මුත්තමං
(22) ගරු කිරීම ද (23) යටහත් පැවැත්ම ද (24) ලද පමණින් සතුටු වීම ද (25) කළගුන දන්නා බව ද (26) සුදුසු කාලයෙහි යහපත් දේ ඇසීම ද (යන මේ කරුනු පහ) උතුම් මංගලයන්ය.
(27) ඛන්තී ච (28) සෝව චස්සතා(29) සමණානං ච දස්සනං (30) කාලේන ධම්ම සාක්ච්ඡා - ඒතං මංගල මුත්තමං
(27) ඉවසීම ද (28) කීකරු බව ද (29) භික්ෂූන් වහන්සේ දැකීම ද (30) සුදුසු කාලයෙහි ධර්ම සාකච්ඡා කිරීම ද (යන මේ කරුණු හතර) උතුම් මංගලයන් ය.
(31) තපෝච (32) බ්‍රහ්ම චරියං ච (33) අරිය සච්චාන දස්සනං (34) නිබ්බාණ සච්ඡිකිරියාච - ඒතං මංගල මුත්තමං
(31) තපස ද (32) උතුම් හැසීරීම ද (33) ආර්ය සත්‍යයන් නුවණින් දැකීම ද (34) නිවන් අවබෝධ කිරීම ද (යන මේ කරුණු හතර) උතුම් මංගලයන් ය.
(35) ඵුට්ඨස්ස ලෝක ධම්මේහි - චිත්තං යස්සන කම්පති (36) අසෝකං (37) විරජං (38) ඛේමං - ඒතං මංගල මුත්තමං
(35) අටලෝ දහමෙහි සිත් කම්පා නොවීම ද (36) ශෝක නැති බව ද (37) කෙලෙස් දූවිලි නැති බව ද (38) බිය නැති බව ද (යන මේ කරුණු හතර) උතුම් මංගලයන් ය.
ඒතාදිසානි කත්වාන - සබ්බත්ථ මපරාජිතා
සබ්බත්ථ සොත්ථං ගච්ඡන්ති - තං සේතං මංගල මුත්තමං
මෙබඳු මංගල කරුණු සම්පූර්ණ කොට සියළු කෙලෙසුන්ට නොපැර දී සියළු තැන් හී දී සැපතට යෙති. මේ කරුණු (තිස් අට) උතුම් මංගල නම් වේ.
උපුටාගැනීම
http://www.dahamsayura.com/index.php?option=com_content&view=article&id=264&Itemid=280